Nov 7, 2013

දූෂණ නසන විරුවා

විඳිමින විටමින ඩී හිරු රශ්මිය
ඇවිදින කල කකියයි පා යුග්මය
හෝනය දී බ්‍රේකය ගැසු කාරය
රියදුරු තෙම කී "මම දෙමි ලිෆ්ටය"



හිඳගෙන මත ඉදිරිය සුව සීටය
සිරකොට සකසනු ලැබුවෙමි බෙල්ටය
තුති පුද වේ දෑතට පදවන රිය
කී කල හේ තෙම කී "මයි ප්ලෙෂරය'


නුඹ ගුණ මා මෙහි අගයමි පුතණුව
බෙල්ටය දමමින, නීතිද ගරුකව
බෝ දෙන වසනා මේ කල ලක්දිව
නිතින නීතියට ගෙන දෙති පරිභව

ඒ පිළිගත් කල සළමින මා හිස
රියදුරු තෙම කියවයි ලෙස "බස බස"
නීතිය කඩනා උන් හට දී   කස
දෙකකුල් පලලා තබනෙමි ලුණු ඉස

බලනුව පුතණුව පෙර තුන් සක් රිය
කපමින මාවත මැද ඉරි යුග්මය
සිත්සේ හරවා යන සැටි හැඩලය
තුන් සක් රියමැයි මාවත කරුමය

නුඹ බස ඇත්තකි මැතිඳුණි රියදුරු
තුන් සක රඟදෙනු දුටුකල නිරතුරු
සිහිවෙත වැස්සට සැරිසරනා මෙරු
මේ ලෙස ගි..........

පුතණුව මෙරු මෙන් නොව මේ පල් හොරු
මැඳැඟිලි එසැවේ මාගේ අත සුරු

පුත,
ලොව තුළැ කිතු ගොස රැව් පිළිරැව්
කරමින, රැක දියුණෙහි සිරිදෙව්
හුන් රටකට,යන කල පිළිකෙව්
සිහි කරමින වැළපෙන අපි පව් !

දුටුවෙද පුතණුව ,උළෙලට චෝගම්
සැමතෙහි සැමවිට සරුවට වියදම්
එනමුදු චිත්තය පෙළනා සොවනම්
දැකුමයි නිරිඳුන් රඟනා කෝලම්

ගජ ගොඩනැගිලි මාවත් බෝ එක්සප්‍රස 
නැඟුනද සොඳින ලක් දිවයින කොනෙහි දස
කොමිෂන ලෙසින නිරිඳුන් ගත් ධනය රැස
නොදනිමු පුතුනි අපි ගත් ණය ගෙවනු මිස

ගසක සරුව වැඩෙනා පිළලයක් මෙන
සිහසුන පටන් පහළට සරු ලෙස ගලන
දූෂන දාම, නැසුමට පෙර අප දෙරණ
පුතුණි එදිරි වී ගෙනයමු ජන සටන

රියදුරු මැතිඳ තුළ නැගෙනා ආවේගය
හිසේ පටන් දෙපය දෙසට විසිරේය
දකුණත පැඩලයද මඳ මඳ පෑගේය
ආවේගයද වේගෙද වැඩිවේ රථය

මාවත ඉදිරියෙහි හුන් මැතිඳාන පොලිස්
විසිලය පිඹිනු ලැබු කල්හී හඬින උස්
නැවතින රථය යහතින හඬ නගා "ක්‍රාස්"

පොලිස් තෙමේ විමසී "කෝ ඔබ ලයිසන්?"

පින්වත් මැතිඳ මාගේ ලයිසනයද
ඉන්සුව රන්සයද මා ලඟ නොමැත අද
කමා වෙලා......

රියදුරු මැතිද මට නැගෙනා පැනයකී
යකෝ ලයිසන් නැතුවද මාව මෙච්චර වෙලා දාගෙන ආවෙ?


බැල්මක් හෙලූ මා වෙත නොම රුස්සනා
රියදුරු තෙමේ රථයෙන් බැස නික්මෙනා
කසු කසු හඬින ගනුදෙනුවද සිදු කෙරෙනා
"දූෂණ නසන විරුවා" දූෂණය වෙනා




අනීවාරතේ ජන සංගණනයට එකතු වෙන්න.ඔබේ සහයෝගය ඉතා ඉහළින් අගය කෙරේ.





ඕන රෙද්දක ඕන රෙද්දක් ලියාගන්න.යන්න www.owntshirt.com

Share:

8 comments:

  1. කන්න ඕන උනාම මොකක්ද එක කරගන්නවයි කියන්නේ ඒක තමා..

    ReplyDelete
    Replies
    1. එහෙම නොකර පණ ගැටගහගන්නෙ කොහොමද
      නේද?
      ජයවේවා !

      Delete
  2. පංකාදුයි මලේ උඹගේ කවි ටිකනම්
    ගියේ කාගේ රථයේ දැයි මම නොදනිම්
    බෙල්ට් නොදා යන්නට උඹ ආසම නම්
    එවනට හැකිය ගෙදරට සුදු වෑනේ නම්

    ReplyDelete
    Replies
    1. හෙහෙ
      සුදු වෑන් නම් ගොඩක් කන ගාවින් ගිහින් තියෙනවා
      නවත්තලා නෑනෙ එකක්වත්
      දන්න එකක් තියෙනවනම් එවන්නකො
      ජයවේවා !

      Delete
  3. දැන් හැම දේකම තත්වේ ඔහොම තමයි බං..

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා බන්
      පොර ටෝක් දෙන ඕන තරම් ඉන්නවා
      උන්ගෙ හැටි තමා මේ

      ජයවේවා !

      Delete
  4. මරු කවි ටික

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩී.ටී.ඇස්
      ජයවේවා !

      Delete