Sep 5, 2017

බ්ලූ වේල් (Blue Whale) කෙළියෙහි යෙදුනෙමි..



ඒ බල්ලෙක් චූ කිරීමටවත් එළියට නොබසින තරමේ භයානක රාත්‍රියකි !

සියුම් ඉඳිකටු තුඩු ලක්ෂ ගනනක් සම පසාරු කර යන තරමේ සීතලකින් පරිසරය වෙලමින් හමායන සුළංරැල් වලින් සපිරුණු, හදවතේ ලේ පොම්ප වන ශබ්දය පවා ඇසෙන තරමට නිශ්ශබ්ද, ලෝකාවසාන භයංකරත්වය දනවන රාත්‍රියකි.

මම එතෙක් අසමින් හුන්, අලුතින් ආ සිංහල සිංදුවක් පෙස්බුක් එකේ පෝස්ට් කර නිදන්නට සැරසුනේ කළ හැකි අන් කිසිවක් නොවූ හෙයිනි.
එහෙත් ඊට බාධා කරමින් ආ වට්සප් ඇමතුමකි.වට්සප් කෙසේ වුවත් දුරකතන ඇමතුමක් හෝ ලැබීම ලොකු දෙයක් නිසා මම දෙවරක් නොසිතාම "හලෝ" කීවෙමි.

"Do You Want To Play The Game?"

"ඇහ් ? බබ් බ..මොන?" මම ඉංග්‍රීසි නොදන්නා වගක් හැඟෙවුවෙමි.

"ඔබට සෙල්ලම් කිරීමට අවශ්‍යද? " එහා පැත්තේ එකා දමනය වී සිංහල මීඩියම් ගියේය.

"සෙ සෙල්ලම්? හා"
මේ මහ රෑ කවුද යකෝ සෙල්ලම් කරන්න අහන්නේ

"ඔබ ෆේස්බුක් එකේ නිල් තල්මසෙක්ගේ රූපයක් පළකර තිබුනා.ඒයින් අප දැනගත්තා ඔබට ක්‍රීඩා කිරීමට අවශ්‍ය බව.එසේම ඔබ ඉතා අධික මානසික පීඩාවකින් සිටින බවත් අපට වැටහුණා"

"ඇහ්..ආ ආ ඒ අපි මිරිස්සෙ ගියා නිල් තල්මස්සු බලන්න.ඒ උන්ගෙ ෆොටෝ එකක්..... කොහොමද මානසික පීඩා කියන්නේ?

"ඔබ පහුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි වල පළකර තිබුන දේවල් වලින්"

"ආආආ ඒ මේ ලංකාවේ අලුතෙන් එන සිංදුවල ලිරික්ස්"

"එසේ නම් පෙනී යන්නේ ඔබට මේ ක්‍රීඩාව කිරීමට අවශ්‍ය නැති බ...."

"නෑ නෑ ඕනෙ.කීයක් දෙනවද? "

"කීයක්වත් නැහැ. මෙය ඉතා රහසිගතයි.. නම බ්ලූ..."

"හා හා හා අයියෝ හා බ්ලූ !"

"නැහැ මේක බ්ලූ වේල්.මේකෙදි ආපසු හැරීමක් නෑ.අපි ඔබට ක්‍රියාකාරකම් 50ක් දෙනවා. ඒවා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අපට ඡායාරූපයක් එවිය යුතුයි.මෙහි පනස් වැනි ක්‍රියාකාරමේදී තමයි ඔබ දිවි නසා ගන්නේ "

(අනීවාරතේ පාඨක ඔබ දැන් හෙණ කොන්පියුස්නම් කරුණාකර මෙම වීඩීයෝව නරඹා පැමිණෙන්න )

ක්‍රියාකාරකම් යනු පසෙහි සංඝටක සෙවීම, නිල් ලිට්මස් පරීක්ෂාව, ද්‍රවවල ඝනත්ව සෙවීම වැනි ඒවා බව ප්‍රඥාවෙන් සහ විඥානයෙන් අවබෝධ කරගත් මම "හා" කීමටත් පෙර කනෙක්සන් එක ඩිස්කනෙක්ට් විය.

මගේ මතය හරියටම හරි බව වැටහුනේ පළවැනි ටාස්ක් එක මැසේජ් එකකින් ආ පසුය.

"ක්‍රියාකාරකම 1: කොළයක නිල් තල්මහෙකුගේ රූපයක් අඳින්න"

සිම්පල් වැඩේ කර ෆොටෝව යවා කැපිටල් අකුරුවලින් OK කීවෙමි.

"අපිට අවශ්‍ය නිල් තල්මසෙක්. කබරගොයෙක් නොවේ"නිල් තල්මස් රූපයේ තාත්විකත්වයෙන් මත් වූ ලොක්කා ලියා එවුවේය.

මම තවත් එකක් යැවුවෙමි.එය ඇපෲ විය.

"ක්‍රියාකාරකම 2: මහ රාත්‍රියේ හොරර් / භයානක චිත්‍රපටියක් නැරඹීම."

"OK"

"කුමක්ද නැරඹුවේ?"

"ධර්ම යුද්ධය"

"එය හොරර්/භයානක එකක් නොවේ"

"භයානකයිනේ, යුද්ධය කෑල්ලක් තියෙන්නේ. අනික හොර....හොර කොපියක් බැලුවේ"

ලොක්කා නොට් සැටිස්ෆයිඩ් විය.
අන්තිමේ පොර විසින් නම් කරන ලද ලෝකයේ ප්‍රධානතම භයානක චිත්‍රපටි 4ක් බලන්නට සිදු විය.ඒවා බැලීමෙන් හිනාව නවත්තා ගත නොහැකිව "OK"  වල ඉස්පෙලින්ස් පවා වැරදුණි.

ඊළඟ දවසේ භයානක ක්‍රියාකාරකමක් එවා තිබුණි.

"ක්‍රියාකාරකම 3: අප විසින් ඔබට ලබා දෙන නිල් තල්මසෙක් සහිත යකඩ අච්චුව ගිනියම් වන තෙක් රත් කර ඇඟෙහි පච්චයක් සේ ගසා ගැනීම"

අච්චුව ඔවුන් විසින් ලබා දෙන බැවින් මම එය ලැබෙන්නේ කෙසේද, කියා කල්පනා කරමින් දවස් තුනක් ගත කළෙමි.

"පෙනෙන හැටියට ඔබ ඒ අභියෝගය බාර නොගන්නා සේයි"

"ඉතින් අර කොකිස් අච්චුව හම්බුනේ නෑනෙ"

"එය ඔබට මීට දින දෙකකට කලින් එවන ලදී"

" ඒ කොහොමද?"

"ශ්‍රී ලංකා තැපැල්"

"හෙහ්"

"ඇයි?"

"දැන් කොහෙ හරි පෝස් ඔපිස් එකක එකෙක් ඔය කොකිස් අච්චුව ඇඟේ ගහගෙන ඇති"

"හරි එය අවශ්‍ය නැහැ එහෙනම්. ක්‍රියාකාරකම 4: උස ගොඩනැගිල්ලක ඉහළටම නැගීම"

ලංකාවේ උස ගොඩනැගිලි බොහොමයක් තිබුනද ඉහළට නැගීමට ඉන් එකකින්වත් ඉඩක් නොලැබුනි.ඉච්ඡා භංගත්වයට පත්වී ඉබාගාතේ සැරිසරන විට මට ටවුන් හෝල් දෙසින් ජන රැළියක් පෙනුනි.වටේ පිටේ සියල්ලෝම කලබල වී ඇති හෙයින් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මම ලඟම තිබෙන ගොඩනැගිල්ලට නැග්ගෙමි.
පහළ උන් පිරිසේ දැවැන්ත ප්‍රීතී ඝෝෂා සහ උසි ගැන්වීම් මධ්‍යයේ අමාරුවෙන් උඩට නැග්ගද පහළට බැස ගැනීම එතරම් අපහසු නොවූයේ උදව්වට පොලිස් දෙන්නෙක්ද හිටි නිසාය.
සෞඛ්‍යය අමාත්‍යාංශයට අනවසරයෙන් ඇතුල් වී දේපල හානි කිරීමට පහුවදා නඩු පැවරුනත් සියලු චෝදනා වලින් නිදොස් කර නිදහස් කිරීම පිණිස මා කලේ උසාවියේදී කට ඇරීම පමණි.


"ක්‍රියාකාරකම 5:පාලමකට ගොස් එහි මායිමේ හිට ගැනීම"
එම ක්‍රියාකාරකමත් මගේ නිකැළැල් නාමයට කිරිඇල්ලයක් (නාම පදයකි ) එකතු කළ අතර ගඟට කුනු දැමීමට උත්සහා කළැයි ඩෙංගු මර්ධන සතියේදී දඩයක් වැදුනි.

"ක්‍රියාකාරකම 6: මානසික වදයක්,පීඩාවක් හා කළකිරීමක් ඇතිවන තැනක පැය හතරක් ගත කිරීම"

මෙම අභියෝගයේ පළමු ව්‍යායාමය අසාර්ථක වූයේය.මම ඒ බව ලොක්කාට දැන්නුවෙමි.

"කුමක්ද සිදුවූයේ?"

"එතනට යන්න දෙන්නෙ නෑ ලොකු බෝඩ් එකක් තියෙනවා"

"කුමක්ද?"

"පාර්ලිමේන්තු වාහන පමණයි ! කියලා"

"එය නිදහසට කාරණාවක් නොවේ.තව එවැනි තැනක් හොයාගන්න"

එවැනි තැන් අනන්තවත් තිබේ.මට වුවමනා වූයේ හොඳම තැනට යාමටය.ලිස්ට් එක දිග වැඩි බැවින් මම මැසේජ් නොකර දුරකථන ඇමතුමක්ම ගත්තෙමි"

"මෙහෙමයි.ඕනෙනෙම් මට ඉන්දියා ශ්‍රී ලංකා මැච් එකට ගිහින් මැච් එක බලලා එක පාරකුයි.සමහර පෙරේතක්ෂයෝ දැකලා එක පාරකුයි මානසික වදයක් ගන්න පුලුවන්.ඊළඟට දවසේ ඕනෑම වෙලාවක රජයේ කාර්‍ය්ලයකට යෑම,හවස ටීවී එකේ මෙගා නාට්ටි සෙට් එක බැලීම.පන්සලකට ගොස් සියළුම දේ අතැරල දාපු බුදු හාමුදුරුවන්ගෙන් ලෝකෙ නැති දේවල් ඉල්ලනවා බැලීම.බියුටි කචල් සෙන්ටර් එකක ගෑල්ලමයිගේ පෙර, පසු ෆොටෝ බැලීම, ආණ්ඩුවෙ ඉන්න උන්ට කාලකන්නි කියලා බැන බැන උන්ටම ඡන්ද දාන උන් දෙස බැලීම. හක් ගෙඩියට ගිය කල අධ්‍යයනය කිරීම... කීයක්නම් තියෙනවද ලොක්කා?මොකක්ද කරන්න ඕනෙ?"

නොදැනීම ලොක්කා දුරකථනය විසන්ධි කර ඇත.මම තව තවත් ටාස්ක් ලැබී දිවි නහ ගන්නා අවස්ථාව තෙක් බලා සිටියත් දවස් ගානක් පොරගෙන් ප්‍රතිචාරයක් නැති විය.බැරිම තැන මම කතා කළෙමි.ආන්සර් කළ එකාගේ කටහඬ වෙනස්ය.මම මගේ ලොක්කා ගැන විමසුවෙමි.

"ම්ම් එයාද? එයා අපේ ඉන්ටර්න් කෙනෙක්.එයා ඔයාට මැසේජ් එකක් තියලා තිබුනා"

"ඒමොකක්ද?"

"ලංකාවේ අයට දිවි නහගන්න ඕනෙනම් ටාස්ක් පනහක් කරන්න ඕනෙ නෑ කියලා"

"දැන් කෝ එයා?"

"එයා දිවි නහගත්තා"

_____________________________________________-

මෙය කියවීමෙන් ස්වයං වින්දනයක් ලැබුවේ නම්, අතින් පයින් නොයන නිසා පෝස්ට් එක ලයික් කර සෙයාර් කරන මෙන් ඉල්ලා සිටිමි..

Share:

35 comments:

  1. අන්න එහෙමයි ලන්කාවෙ උන්.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඕයි අපි එක්ක හැප්පෙන්න බෑ

      Delete
  2. හෙහ්..බලු වේල්, මානසික පීඩාව කියන්නේ මොකක්ද කියලා තාම ඉගන ගන්නවා වගේ...

    ReplyDelete
    Replies
    1. ලෝකයාට අපෙන් ඉගෙන ගන්න පුලුවන් දේවල් ගොඩාආආයි

      Delete
    2. සෙන්නා.. තාමත් ඒ ප්‍රොෆයිල් පික් එකමයි නේද? :D

      Delete
  3. පට්ටයි සහෝ..!
    උඩ තට්ටුවකින් පනින්න හදනකොටම මේ පෝස්ට් එක දැකලා නවත්තලා ආයිමත් ගෙදර ආවා.

    ReplyDelete
    Replies
    1. මම උඹේ ජීවිතේ ගලෝගත්තා !

      Delete
  4. අන්න එතනදී තමයි අම්මට සිරි ලංකාවෙ අගේ තේරෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් වෙන රටක හිටියනම් මැරිල මෙලහකට
      වෙල්කම් ටු අනීවාරතේ

      Delete
  5. මේක කියවනවා අහන ඉදල සුද්දෙක් ලංකාවට එන්න ඕනේ කියනවා ඕයි..

    ReplyDelete
    Replies
    1. ඌටනම් මෙහෙ ඇවිල්ලා කෙළවෙනවා

      Delete
  6. menna copy karala
    http://www.readmelk.com/read-28/

    ReplyDelete
    Replies
    1. mchn.... mage anith post balahn.... hamogema copyright deela athi... eth mama me post eke aithi karaya gana danagena hitiye ne... mama post eka gaththu thana dala thibbe uputa ganeemak kyala witharai. so, kra ganna deyak nathi kamata math uputa ganeemaki kiyala damma...

      Delete
    2. ඔව් ප්‍රශ්නය විසඳුනා

      Delete
  7. kalin comment ekata dapu reply eke kiwwa wage mama post eke owner kauda kyala danagena hitiye ne.... ehema dana gena hitiya nm aniwa me post eke link eka danawa.... mama dn update krannm post eka... meke link eka dala

    ReplyDelete
  8. මං මේ අවුරුදු හතරකින් විතර හොයාගෙන ඇවිත් බ්ලොග් පෝස්ට් එකක් කියවලා කමෙන්ට් එකකුත් දාන්නේ මේ පෝස්ට් එක වෙන තැනක දැකලා ලියපු එකා ගැන දැනුණ අප්‍රමාණ පුදුමය හා වාවගන්න බැරි සන්තෝසය නිසාය ..

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක දැක්කාමත් මට වාවන්න බැරි උනාය.තව අවුරුදු හතරක් පැත්තකට වෙලා නොඉඳී කියලා හිතනවා
      වෙල්කම් ටු අනීවාරතේ

      Delete
  9. සංසාරෙ කලකිරෙනවා මිනීහෝ ඕම විහිලු කොරන්ඩෙපා දෙයියා ��

    ReplyDelete
    Replies
    1. හික් මොනවා කරන්නද බන්

      Delete
  10. ඒකනම් පට්ට බ්රෝ...

    ReplyDelete
  11. ara ban dharmaudde hora copya baganna thanak deepan wena mukuth epa

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඇවිදල කරල බලපන්

      Delete