පෙරවදන

සිංහල භාෂාවේ වැඩිය පේන්න නැති වචනයක් වන ,"අනීවාරතේ" යනු "නිකරුණේ" යන තේරුම දෙන වචනයකි හා හා පුරා පටන් ගත් මංගල බ්ලොගයට අනීවාරතේ  නමක් යොදා ගැනීම මගේ මානසික තත්වය හොඳාකාරව හෙළිකරන සාධකයක් බවට ඔබ සළකනු ඇත .නමුත් මෙම බ්ලොගයට තේරුමක් ඇති නමක් සෙවීම අනීවාරතේ කාලය නාස්ති වෙන වැඩකි .ඒ මක් නිසාද යත් මගේ හිතේ පහළවූ සහ පහළවීමට නියමිත නොයෙකුත් දේ මෙහි ඉවක් බවක් පාලනයක් නැතිව පළ වීමට ඉඩ ඇති හෙයිනි .ඒවායින් බොහොමයක් තේරුමක් නැති නොහොත් "අනීවාරතේ" දේවල් වන බව පැවසීමට අනාගතවක්තෘවරයෙන් වුවමනා නැත .
… කෙසේ වුවද ඔබත් කලු වලාවක් දුටු කල එහි රිදී රේඛා සොයන ආකාරයේ පුද්ගලයෙක්නම් ,අනීවාරතේ පහළ වූ අදහස් ගොන්නෙන් යමක් උකහා ගැනීමට ඔබ උත්සහ දරනු ඇත. නමුත් ඒ සඳහා කිසිදු වගකීමක් මා විසින් නොදරන බවද සිතෙහි තබා ගැනීම වටී ......
එච්චරයි