Dec 31, 2011

ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට ඔරිමජිනල් වීඩියෝ



එදා මෙදා තුර විභාග ප්‍රථිපල වැරදීම හේතුවෙන් අපහසුතාවයට හා ඉච්ඡා භංගත්වයට පත් සියළු ලෝකවාසී සිසුන්ගේ මානසික ආතතිය දුරු කරලනු වස් හෘද්‍යාංගමව පුදනු ලබන වීඩියෝ ව්‍යායාමයයි මේ...
Share:

Dec 27, 2011

ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට

අනේ වචනයක් හරි කතා කරන්න පවන් ....ප්ලීස්?
ඔයාට මට වඩා හැම අතින්ම හොඳ ග(ර්)ල් කෙනෙක් ලැබෙයි
අපිට අපිවවත් අයිති නෑ පවන්







____________________________________________________________________________
ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට
අපේ දුක හැමදාම බන්දුලට අමතකද?
බිඳදමා මගෙ හීනේ..
ඇයිද ඔබ ෆන් ගන්නේ
මට දෙන්න බුදු මාමේ
ප්‍රතිඵලය පෙර වාගේ.........

නෑ පවන් කිසිම දෙයක් කිසිම දවසක අමතක වෙන්නේ නෑ

                                                  රෑ දිවා නිදි මරා පොත මතම දැඟලිල්ල..
                                                  බිඳදමා කුඩුවෙලා උඹට නෑ තේරෙන්නේ..
                                                  ඇද්ද තෝ කරගත්ත, අහනවා පොත් මාගේ..
                                                  මට දෙන්න බුදු මාමේ
                                                  ප්‍රතිඵලය පෙර වාගේ..........

                    - මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ අනුර...
                               හැහ්..මම?
                    - මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ SB...
                               අඩෝව් ..කවුද යකෝව් මේ මම?
                    - මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ ම් ම්ම්..ආ..ම්
                                කවුද? කවුද?
                     - කන්නන්ගර

ලංකාවෙ දෙදහසට, තුන්දහට දිස්ත්‍රික්කේ
බලනවා ,බලනවා එකම එකමයි එන්නේ.
ජාමිතිය අප්සැට්ලු, කියනවා සුදු බණ්ඩේ...
මට දෙන්න බුදු මාමේ
ප්‍රතිඵලය පෙර වාගේ.........


අපේ ආදර කතාවට නමක් නැද්ද පවන්?....

මොකෝ නැත්තෙ? "ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය" 
උඹෙයි මගෙයි ආදරේ වගේ තමා දවසින් දවස වලපල්ලට.
මම මේ රැවුල ගිනිඅරන් ඉන්නකොට මේකිත් එනවා පෙට්‍රල් ගහන්න..$%^%&%^$^&*


Share:

Dec 25, 2011

ආච්චිට කැම්පස් එක ගැන කියාදීමට සොඳුරු උත්සාහයක් !!



"ඩග්...ඩග්.... ඩග්" මම තුන්වරක් දොරට ගසා අඩි දෙකක් ආපස්සට ගියේ සුළු මොහොතකින් දොරෙන් එළියට එන ආච්චිගේ "චුම්බන වර්ෂාවෙන්" අඩුවෙන් තෙමීමටය.ඈ ඒ තරමටම මට ආදරේය.  මේ ආච්චි බැලීමට එන්නේ අවුරුදු පහකට පසු නිසා ඒ වැස්ස ගිගුරුම් සහිත වීමටද ඉඩ ඇත.දොර ඇරුණි.මහළු මුහුණක් මතු විය.ඒ ආච්චිය.මම විනීත ආකාරයෙන් සිනහ වීමි
"අදනං පොල් කඩන්නෙ නෑ. එච්චර ගෙඩි නෑ ...පාඩුයි"
දොර වැසුණි.."හැහ් ..පොල්?"

මම නැවතත් දොරට ගැසුවෙමි.දොර ඇරුණි.
"මං එකසැරයක් කිවුවනෙ පො...."
"ආච්චි මේ මම උක්කුං පුතා"
"බොලේ උක්කුං ....දැක්ක කල් ..හප්පොච්චේ...යන්තන් මතක් වෙලා...එන්ට ගෙට... අඳුරන්ටත් බෑ නෙවැ..හොඳටෝම ඇදිල පැදිල ගිහිං..දැන් ඉතින් මොකෑ කරන්නේ..පස් පාරක්ද කොහෙදෑ විබාගේ ගත්ත නේද"
"දෙපාරයි ආච්චි ..යාන්තං කැම්පස් එහෙකට හේත්තු උනා..දැං ඉංජිනීරිං කරන්නේ"
"ආ...බොහෝම හොඳයි..රස්තියාදු නොගහ හොඳට ඉගෙනගෙන හොඳ දොස්තර මහත්තයෙක් වෙන්ට ඕනෙ"
"නැහ් ආච්චි..ඉංජිනී...."
ඒක නෙවේ පුතේ දැන් කවුද ඔය විස්ස විද්යාලෙ ප්‍රින්සිබල්?"
"එහෙම කවුරුත් නෑ ආච්චි..'"
"හැහ්..එතකොට කවුදෑ ඒක පාලනේ කොරන්නේ"
"කැම්පස් එකේ ඉන්න කට්ටිය ඇරුනාම ගොඩක් අය ඉන්නව පාලනය කරන්න"
"එහෙම නැතුව පුලුවනියැ නේද?"
"ඒකනේ...ඒකනෙවේ ආච්චි කෝ ෂෙල්ටන් අයියා?"ෂෙල්ටන් මගේ මස්සිනාය
"හැහ්....සෙල්ටන් මතක් කරන්ට එපා..දැං හිරේ, ආයෙත් එකෙක් මැරුවනේ..අතපය තියාන ඉන්ට බැරි හැටි"
"කුඩුත් වික්කා නේ කාලයක්"
"හ්ම්ම් ..... පවට පින දෙන්ට බෑනෙ ..අනේ උඹේත් හැටි ..ගෙදරම හැදිච්චි එකානේ..අම්මලත් බයේ ඇත්තෙ උඹව තනියෙං ඔය වෙනිං තැංවල නතර කරලා"
"නෑ පිස්සුද ආච්චි එහේ ආරක්ෂාව හොඳයි..දැන් කැම්පස් එක බලාගන්නේ ආමි එකෙන්"
"ඒ මොකෑ මයෙ පුතේ?දැං කොටි ඉන්න එකක්යැ උන් ටික පාර්ලිමේන්තු යන්ට එපෑ?"
ආදරය හා වෛරය අතර ඇත්තේ කෙස් ගහක දුරකි.මට ආවේ කේන්තියකි.
"නැතුව ආච්චි? වෙන කවුද කැම්පස් එකේ කීර්තිය ආරක්ෂා කරන්නේ?... වැඩිය ඔනේ නෑ.මේ ළඟදිත් සින්දුවක් කිය කිය හිටපු එකෙක් අල්ලන් ගියා
"මොකක්ද පුතේ කිවුවේ?"
"හන්තානේ කඳු මුදුන සිසාරා....එහෙම තැන් තැන්වල ඕන ඕන විදියට ඇවිදින්න පුලුවන්යැ.. කුමණ්ත්‍රණයක්නේ ...කැම්පස් එකටනෙ අපකීර්තිය"
"ම්හු ම්හු..සත්ත සත්ත..."
"තව එකෙක්ගෙත් පන්ති තහනම් කරා...තුන් හතර දෙනෙක් එක බත් පිගානක් කාලා..විලි ලැජ්ජයිනෙ ආච්චි"
"අහ් ඒ විතරක්යැ...මේ ළඟදිත් අපේ ඈයෝ සාමකාමී විදියට රැස්වුනා සාකච්ඡාවකට...කට්ටියටම සොට් එක හම්බවුනා"
"කිරි අප්පොච්චියේ ඒ මොකද?"
ආයෙත් කේන්තිය
"ඇයි ..ආච්චියේ..තනිකරම රාජ්‍ය විරෝධී කුමණ්ත්‍රණයක්නේ...ව්‍යවස්තාවට පටහැනිනේ......පිළිකුල් සහගතයි"
ආච්චිගේ ඇරුණු කට තුළට රිංගීමට තැත් කළ මැස්සා එළවමින් මම තවත් කතා කළෙමි
"ගහගන්නේ නැතුව සාමකාමීව සාකච්චා කරන එක වැරදි දෙයක් කියලා පාර්ලිමේන්තුවේ පවා  2/3න් සම්මත වෙලා තියෙන්නෙ... ඊටත් අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා ඒක් ඒගොල්ලොම ඔප්පුත් කරා ..එහෙවු එකේ පාර්ලිමේන්තුව යටතේ තිබෙන ආයතනයක පිරිසක් වශයෙන් අපේ හැසිරීම නින්දිතයි....කැම්පස් එකටත් අපකීර්තියක්!!
ආච්චි බර කල්පනාවකය.
"මටත් අපේ සෙල්ටන් මතක් උනා..ඌත් ඔය නන්නත්තාරේ නොයා,නරක එවුං එක්ක බජනෙට නොගිහිං හිටියනම් හොඳ මිනිහෙක්නෙ ..හිරේ විලංගුවෙ වැටෙනවයැ?දැන් ,
ඕන තැනක යන්න නෑ
කාටවත් කතා කරන්ටවත් නෑ
ඕන දෙයක් කන්ටත් බෑ
කැමති දෙයක් කරන්ටත් නෑ
කිසිම නිදහසක් නෑ..
.ඒක නෙවේ බං උක්කුං පුතේ.........
එක්වරම ටිකවෙලාවකට ආච්චිගේ කටහඩ නතර විය.
මටත් මේ දැනුයි මතක් උනේ පුතේ
"ඒ මොකක්ද ආච්චියේ?"මට ආවේ මහත් කුතුහලයකි
"උඹගෙයි අපේ සෙල්ටන්ගෙයි වැඩි වෙනසක් නෑනෙ බං උක්කුං පුතේ?"


(චරිත මනඃකල්පිතය..මේ මගේ ආච්චිද නොවේ..ආච්චි කාගේ උනත් කියපු කතාවනම් ඇත්තය )

Share:

Dec 21, 2011

සඳ නැඟුම (හඳට යන පළමු ලාංකිකයා )




ක්‍රිකට් ග්‍රවුන්ඩ්, හාබර් ,අධිවේගෙ හරී
වැඩ වැඩිවී සැමගේ ඇත පර්ස් පිරී
දියුණුව රටේ, පිපෙන්නෙ අද වාගෙ පොරී
ජෙලස් පිරී ඇමෙරිකාව යයි පිපිරී

පිපිරී පැලී මැරී යාවි, උන් දැනගත්තොත්
හඳට යවන්නත් යන බව අපේ පුතෙක්








"සඳ කමිටුවට" අපගේ ජය ජයම වේ
පිටරටකත් මීටින් ගමු බයි ද වේ

සල්ලි උන්ගෙ, ලෝකෙ වටේ ටුවර් යමූ
ප්‍රොජෙක්ට් එකට හොඳම නමක් දාල ඉමු

අපෝ මචන් ඕකත් මහ කජ්ජක්ද
"මිහින් චන්ද්‍රා" නම දාගමු දුක් නොවිඳ

අඩේ මචන් මිනිස්සු හිතයිද දන්නේ නෑ අඩු ගානට හඳට යන්න තියෙන ප්ලේන් එකක් කියල?
එක අතකට චන්ද්‍රිකාගෙ නම මේකට ගාවන එකත් සදාචාරයට පටහැනියි නේද?

ආවයි අදහසක් මේ  දැන් මට  හොඳම
ඕකට ගැලපෙන්නෙ හැඩටම "සඳ නැඟුම"

නමම නෙවෙයි මෙතනට දැන් වැදගත්ම
අමාරු දේ තාක්ෂණේ ගොඩනැගුම

හිකිස් මචෝ පස්සෙ බලමු තාක්ෂණේ
කාවද දැන් හඳට මුලින් බස්සන්නේ?

ඔව් ඔව් ඒකෙක් හොයනා එක අමාරුයි
වැඩ දන්නා හැඩම පොරක් ඕනමයි

හරි හරි වැඩ කිඩ දන්න කවුරුහරි හොයමු.මුලින් රාජපක්ෂ කියන කෑල්ල ගෑවෙන එකෙක් හොයමු..නැතිමනං ඉතින් කරන්න දෙයක් නෑ වෙන එකෙක් ගමු

යස් ඒක ඩෙෆා තමයි ඉන් ද ප්‍රොජෙක්ට්
කොහෙන්ද අපි උඩ යවන්නෙ හදපු රොකට්?

-හම්බන්තොට?
-යාපනෙ?
-කැළණිය?
-කවුද ඩෝ කැළණිය කිවුවේ?හරි කමක් නෑ කොච්චර ඉඩමක් ඕනෙද සුද්ද කරල?
-දැන් මම කියන්නේ තාක්ෂණේ....
-ඔව් ඔව් තාක්ෂණේ...ඒක මෙහෙ නෑ..මෙහෙ විස්ස විද්යාල කියල එව තියෙන්නෙ ..හරක්නෙ ඉන්නෙ..ඕක තමා කියන්නේ ප්‍රයිවෙට් කැම්පස් දාන්න ඕනෙ තාක්ෂණේ ගේන්න...දැන් ඔය කැම්පස් ආවාම.........
-ඔව් ඔව්
-යා යා....
-හරි හරි ..දැන් රොකට් එක හදන එක සිම්පල්නෙ....ඕක ගැන ජනතාවට කියන්න බැනර්,කටවුට් ටික මොකද කරන්නේ?
-හප්පච්චියේ ඒකත් අමතක වෙනවා මේ තාක්ෂණයක් අල්ලල....
-රොකට් එකක් හදනව කියන්නේ ලේසි වැඩක් නෙවේ ..ඒකට කැප වෙච්ච කණ්ඩායමක් ඉන්න ඕන..
-ඇයි ඕයි මේ අපි ඉන්නේ......
-නෑ මං කිවුවෙ ඉංජිනේරුවො,ගණිතඥයො,විද්‍යාඥයො.....
-මොන මගුලක්ද ඕයි කියවන්නෙ..
-මේක බොහොම ඉවසිල්ලෙන් ,වගේම වගකීමේන් කළයුතු .........
-අයිසෙ ඔය දොර අරිනව..මේ යකා දානව එළියට...@$#%^*)(*()*&&%$@#&^&(
-පුදුම කරදරයක්නෙ,,පාඩුවෙ වැඩක් කරන්නත් නෑ..
-හරි හරි ....මම කියන්න හිටියෙ අපි ඔක්කොම යං ඇමෙරිකාවෙ..ගිහින් මේක ගැන පූර්ණ විස්ලේසනයක්
-ජයවේවා....
-එළ .......................
Share:

Dec 15, 2011

ටයිටැනික් ගිලුණේ නැත්නම් ........







ජැක් රෝස් සමඟ යම්කිසි සංහිඳියාවකට එළඹී ඇති බව ආරංචි වූ කල්හී කැල්ගේ දෑස් කඳුලු ගෑස් පාරක් කෑ පරිද්දෙන් ඇවුලුම් දෙන්නට විය.දෙකන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙන් ඝෝෂා සහිත විය.
එකල්හී මේ මානවකයා කළේ කුමක්ද?
රෝස්ට තෑගි දී තුබුණු වටිනා දියමන්ති මාලය තමාගේ සුවච කීකරු ගෝලයා ලවුජෝයි ලවා හොරෙන්ම ජැකාගේ සාක්කුවට රිංගවා බොරු හොරකමකට ගොදුරු කරවීමයි..
අහෝ අහෝ..කොන්ද කෙලින් ඇති වීර ධීර මහෝත්තම පුරුසයෙක් ලෙස කේශර සිංහ නාද නංවා අසාධාරනයට හිස නැවූ ජැක්ව නැවේ පහළ තට්ටුවේ පයිප්පයකට තබා ගැටගසන ලදී.



(කතාවේ හැටියට මේ වනවිට නැවට සුවිප් එක ඇදී තිබිය යුතුය.දැන් එහෙම නැත )

දැන් එතැන් සිට


කැල් වල් හිනාවක් දාගෙන පැමිණේ.

කැල්

හිකිස් (:P) මචන් වෙච්ච වැඩේ හරි පදිරී
ජැකා හොරා යයි දස අත යයි  පැතිරී
බැන්දත් හීන කරගන්නට ඈ බාරි
රෝස් මගේමයි තෝ දැනගනින් හරි

ජැක්     

ටින්ට් පාට කෙහෙ රැල් රොද කැරලි දමා
සැම අත සොඳින් හිත් කලඹන  බැලුම් යොමා
හිටියත්  ඇගේ අත ගන්නට දනිහ නමා
හිපාටුවෝ ඈ තොට නොව මටම තමා

කැල්     

පල ඩෝ යන්ඩ උඹ දියමන්ති හොරා
රෙද්දක් ඇඳන් යන්ඩද දැන් රෝස් කරා?

ජැක්     

උඹේ ප්ලෑන මම දන්නවා  කුජීත
සිඳලනු බැරිය ලවු එක අපෙ ප්‍රණීත

කැල් පිටවී යයි..ටිකකින් රෝස්ගේ මව පැමිණේ.

රෝස්ගේ මව

ඉන්නේ දුම්බරයි මහ කළු

ඌව් ෂිට් ෂිට්.......

කළු ගල් තලා......
ඌව් මා ගෝඩ්

කවි ඕන් නැහ්....
දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ.මම මේකව දැක්ක ගමන් කිවුවා මේ නං මහ නොසන්ඩාල කුඩුකේඩු ඉලංදාරියෙක්ය,අපේ රෝසුත් ඉතින් නාහෙට අහන්නේ නෑනේ.අනේහ් මන්දන්නෑ මොනවා කරගත්තද කියලා..ඒකිගෙ මූණේත් දැලි ගාගෙන අපේ මුණෙත් ගාලා.මොකක් හරි නස්පැත්තියක් කරගෙනනම් කපල දානව මුහුදෙ

ජැක්      

බොලං නැන්දේ ඔබ සිතු දේ හරිම නැත
 මගෙ පණයි හිතයි ගතයි රෝස් මත

රෝස්ගේ මව

හික්..හිතනම් කමක් නෑ..ගත තමයි මට හැක..උඹ ඒ පාර කවියෙන් මාව මට්ටු කරන්නද? බලාපන්කො මේ නැව ගරාජ් එකට දැම්ම...නෑ නෑ.... වරායට ගියාට පස්සෙ වෙන දේ

රෝස්ගේ මව පිටවේ.ලවුජෝයි පැමිණේ

ජැක්               

පවුල් කඩන වින කරනා පවුකාර
කටු ඉඹුලේ විස කටුමයි තොට බාර

ලවුජෝයි        

කුරුළු කූඩු කඩන්න මට නැත  ඕනා
කළ යුතු වේය හැම දේ මම බොස් කියනා
දෙයක් තිබේ බං මම හොඳහැටි දන්නා
රෝස් "සිරා"  උඹ අත්හැර ඈ නොයනා


ලවුජෝයි එතන සිටියදීම රෝස් පැමිණේ

රෝස්

මා මෑණියගේ බස් සත්තයි නොමැත සැකේ
තොප පිළිකුල්ය මාහට දැන් චිකේ චිකේ
දියමන්තියට විදි චිත්‍රය අඳින ටිකේ
විදින දෙයක් වෙන දැක්කේ නැතිද ජැකේ?

රෝස් පිටවී යයි.ලවුජෝයි ජෝයිෆුල් මුහුණකින් ජැක් දෙසම බලා සිටී.

ලවුජෝයි   

මාර වැඩේ නේද ජැක් උනේ?

ජැක්     

ලව්ජෝ මචෝ ලව්  එක නෑ කිසිම ජෝයි
වරායකට ගියොතින් මට කෙළිල තියෙයි
ඊට කලින් නැව ගිලුනත් එකක් ඕයි
නැව ගිලුනත්.........

ලවුජෝයි

තෝ මුහුඳේ, ඒකි ගොඩට යනව ඕයි

ජැක් 

ඔව් ඕයි !
Share:

Dec 1, 2011

වත්තට ගොස් මලක් කැඩීමේ සිට මලක් කඩා වත්තට යාම දක්වා!!


ඒ කාලේ 

වත්තට යන්නම් -මලක් කඩන්නම්
අම්මට දෙන්නම්-දීල වදින්නම්
පොත් ටික ගන්නම්-පාසල් යන්නම්
අකුරු ලියන්නම්-ජයක් ලබන්නම්

දැන්


පාසල් යන්නම්- අකුරු ලියන්නම්



ජයක් ලබන්නම්-මලක් කඩන්නම්


පොත් ටික ගන්නම්-වත්තට යන්නම්

අම්මට දෙන්නම්-දීල වදින්නම් !!

Share:

Nov 13, 2011

උසාවියේ ඊළඟ දවස (ලංකාණ්ඩුව මූණුපොත නඩු භාන්ඩයක් බවට පිළිගත් පසු )


මෙන්න උසාවියේ දෙවෙනි දවස.ඉස්සෙල්ලා මුලින් උනේ මොකෑ කියල බලන එක හොඳ නිසා මෙතනට ගිහින් එන්න.
පැමිණිල්ලේ නීතීංඥයා

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ
කරුමයකටද මං ලෝය(ර්) කෙනෙක් උනේ
ඉඩං කඩං පවුල් ප්‍රශ්න තොග  ගණනේ 
බේරනු බෑ මගෙ ඩොන්ගල් එක ස්ලෝනේ

නඩුකාරයා

නවතාලා දැන් ඔය මල  ඇඬියාව
පෙන්නනු හොදයි දැන් ඔබලගෙ කෙරුවාව

පැමිණිල්ලේ නීතීංඥයා

මූණුපොත වගේ උන්  පීටර්,   අගුණවතී
වලිවල පැටලිලා දැන් විරසක වීල ඇති
මූණ ඤොරොක්, පොතෙනුත් දැන් පිටු කැඩෙති
කාටර් තමා වයිරස් එක සැම  දනිති


නඩුකාරයා

සැකය නොහොබි මෙලෙසින් ඔබ අනිවරතේ
නරක කලදි හොඳ එකවුන්ට් ෆේක් වෙතේ
සල්ලි මිටි ගනන් ලෝයර්ලට මාරු වෙතේ
පූල් ගසන්නත් හිඟා කන්න වෙයි මහිතේ


විත්තියේ නීතීංඥයා

අගුණවතී,කාටර්  මගෙ  දායකයෝ
ප්‍රශ්නය හොඳින් විසදන්නට සිත් ඇතියෝ
දරඳඩු පීටරය හා මොකවත් බැරියෝ
එඩිට් කරල ස්ටේටස් බලාපියෝ

පැමිණිල්ලේ නීතීංඥයා

ආහා  ඔබත් දැන් සයිලන්ස් වෙනව හොඳයි
කාටර් ගැන කීමට මට කරුණු ගොඩයි
තිබේ සාක්කිත් ජී.බී (GB) විසි හතරයි
මෙන්න එකක් ඇස් ඇරලා බලනු හොඳයි


පීටර් (පැමිණිලිකරු )
අඩේ මචං ඇයි මගෙ හදවත බින්දේ
අඟුණවතී වෙනුවෙන් මම දුක් වින්දේ

කාටර්  (විත්තිකරු 1 )
උඹේ දුකට ඉස්සෙල්ලා බං පීටර්
අගුණවතී ඉදිරිපිටදි මම  චාටර්

අගුණවතී (විත්තිකරු  2)

(අගුණවතී හැඩීමට පටන් ගනී.උසාවියේ නිශ්චල දේපළ  චංචල වේ)

ඉහි ඉහි පීටර් ඔයාට  ඉස්සෙල්ලා
කාටර් හිටිය මාගේ සුර අත පතලා 

(පීටර්ගේ සන්සුන් බව බිඳේ .කවි අමතක වේ )
ඉතින් යෝදියේ මාව බැන්දටත් පස්සෙද ඕක කියන්නේ?

අගුණවතී (විත්තිකරු 2 )

අපේ අම්මලා ඔබ බන්දන්නට  කලියෙන්
කාටර් කරල ඇත රික්වෙස්ට් මූණු පොතෙන්

කරුමේ සොඳින් වැජඹුනි මගෙ ඉහට උඩින්
ක්‍රෙඩිට් නැතුව නෙට් යන්නට බැරුව ගිහින්

පීටර් (පැමිණිලිකරු )

ගෙදර බලේ හින්දා මා බැන්දාට
හිත බැදිලා ඇත්තේ මේ හිවලාට
තවදුරටත්  උඹ ඕනෑ නොමැත මට
කාටරයා එක්කම පලයන් ගමට

කාටර්  (විත්තිකරු 1 )

කුඹුරක් කොටා පූල් ගසා  හරි  හරියේ
චැට් කරමින්ය අප දවසම කල්  ඇරියේ
මූණුපොතෙන් ලවු කෙරුවට හිටි හැටියේ
අගුණවතී උඹටම බාරයි      අයියේ

(පීටර් මූණ පුම්බාගෙන තරයේ විරුද්ධත්වය ප්‍රකාශ කරයි )

විත්තියේ නීතීංඥයා

හප්පච්චියේ පුදුම වැඩේ දැන් වෙන්නේ
දැන් කවුරුන්ද අගුණවතී හා යන්නේ
මට දැන් ඉතිං මනමේ සිහියට එන්නේ
හැබැයි කුමාරිට වැද්දා  උන්නානේ

(ජය පරාජයෙන් තොරව නඩුව කල්යයි.ටික දවසකින් මූණුපොතේ මෙවැනි නිවුස් එකක් පෙනෙන්නට විය )

නෝට්: මේ අනීවාරතයේ අරමුණ උසාවිය හෑල්ලුවට ලක්කිරීම නොව ජීවිතයේ තීරණ ගැනීමේදී මූණුපොත භාවිතා කිරිම කොපමණ සුදුසුද යන්න සිතීමට පෙළඹවීමය
යන්න කලින් මොනවහරි කියලම යන්න .ඒක මට ගොඩක් වටිනවා

Share:

Nov 9, 2011

මගේ නිවන මට දුන්නේ මූණුපොතයි

වැවයි දාගැබයි තව පංසලයි             ගමයි
මොනිටර් කී බෝඩ් එක්කල         මූෂිකයයි
ෆොටෝ ටැගයි ස්ටේටස් සමඟ         චැටුයි
මගේ නිවන මට දුන්නේ           මූණුපොතයි
                                                   

ආදර ගඟේ  පැද හබලක් නැති                 පාරූ
"ලොවෙත් " කෙල්ලො චැට් එකේදි       කයිවාරූ
දැකලත් නැති එවුං සැට් කර එකතු            කෙරූ
  "මාක් සූකර්" කවුද උඹනං              මරේ මරූ

                                                  

 
                                              















ඇඟ පත තලා වැඩ කෙරුවට වාගෙ         කඩී
තේරුමක්ම නෑ, බෝරින්(ග්) ෆීල්ඩ්        පැඩී
වෙන වියදමට ලාබය හෙම බොහොම     වැඩී
මඩේ නොලැග වගා කොරමු         "බාන් බඩී "
     



                                                     



කැවුම් මූණ ගැන සංකා ඇති        නොකොට
 මූණුපොතේ ගිණුමක් ගෙන මේ         ලෙසට
 
                                               















කෙරුවානම් රික්වෙස්ට් එක                 පබවතිට
ජය සිරි මංගලම් අපෙ කුස                       රජතුමට 


ඉවසාගෙන ඉඳන් අයියල සෙට් එකේ      රැවුම්
චිත්‍රා  කුමරි කෙරුවා ගාමිණිට             ඇළුම්
අහපං, ගාමිණී නොගොසින් ගෙට       එක්ටැම්
මූණු පොතෙන් චැට් කළ හැකි ඕන        තරම්





 











සමාවෙන්න ඕන අනීවාරතේ බ්ලොග පැත්තකට දාල තිබ්බට..ඕං දැන් ආයේ පටන් ගත්තා.
Share: