"හලෝ ආච්චි" "උක්කුං පුතේ,අනිද්දාට මුකුත් වැඩක් නෑ නේද? අපේ දර්පණා කෙල්ලගේ මගුල් ගේ " "එක පාරකුත් කොටහළු උනා නේද දෙදාස් පහේ?බලන්නකො ආච්චි සිද්ද වෙන දේවල් නේහ්?මම මේ ළඟදි සයිට් එහෙක දැක්කා එන්ග්ලෑන්ඩ් වලද කොහ්..." "නෑ පුතේ දර්පණා කෙල්ල බඳිනවා" මට ඉක්මන් ප්‍රතිචාරයක් දැක්වීමට වුවමනා විය "දිගු දෑස් දුටුවාම " වීඩියෝවේ "පවන්" මෙන් බිම දන ගසාගෙන අත් දෙකත් ඉදිරියට යොමුකර කට ඇද කොට "දර්පණාආආආආආ" යනුවෙන් කෑ ගසා, දෑසින් ගලන කඳුලු ගංගාවෙන් කාමරය යට කර දමා එහිම ගිලී ජීවිතාරක්ෂක භටයන් පැමිණෙන තෙක් මේස කකුළක එල්ලී සිටීමට සිත්විය. නැත,එවිට දුරකතනය බිම වැටේ.සෙකන්ඩ් හෑන්ඩ් වුවත්, ගත්තේ ගිය සුමානේය. ඉක්මන් තීරණ ගැනීම මූල්‍යමය අර්බුදයකට සහ ප්‍රාග්ධන අගයෙහි අවපාතයකට හේතු වේ.මම එක දිගටම කොණ්ඩය රැවුල වවා ,මූණ නොසෝදා සිටීමට තීරණය කළෙමි.එය ලාබය. මම මේස ලාච්චුව ඇර ඒ තුළ ලොවට හොරා සුරැකිව ගබඩා කොට තිබූ දර්පණාගේ කපු ලේන්සුව ගෙන ඒ මතින් නික්මෙන්නා වූ ,ලොවක් සනහන,නළවන ,කිසිදින, කිසිවිට නොවියැකෙන උත්තරීතර ප්‍රේමයේ ආනන්දනීය සුසුම් ආඝ්‍ර