Caution: හිනා යන එකක් නොවේ . මං ඉඳන් හිටියෙ එක්දාස් නවසිය හැට ගනන්වල විතර අනලා,අතුරලා ,හොඳට වේලපු කොන්ක්‍රීට් තලපයක් උඩ.තලපෙ කළු පාටට පේන්න මහ රෑ කළුවරත් හේතු වෙන්න ඇති ,ඒත් මේක දවල්ටත් කළු පාටයි. හොඳම කළු නෙවේ..ඒත් කළු පරිසර විපරියාස හින්දා වගේම උඩින් තැන්පත් කරන නානාප්‍රකාරයේ පස්සවල් හින්දයි කළු පාට ලැබෙන්න ඇත්තෙ.මේ නානප්‍රකාර පස්සවල් ලිස්ට් එකේ රිලා පස්සවල් විශේෂයි.උන් කොන්ක්‍රීට් තලපෙ උඩ බෙටි ගහනවා. ඒත් ඒ ලිස්ට් එකේ වැඩිහරියක්ම තියෙන්නෙ අවුරුදු ගානක් තිස්සෙ දුක,සැප,සතුට ,වේදනාව,කෙටියෙන් අටලෝ දහම,බූට්,සයිකෝ,කඳුලු ,කෙළ ,හොටු බෙදාගත්ත කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ පස්සවල්. ඔව් මේ අක්බාර් පාලම පේරාදෙණිය කැම්පස් එකේ..... අක්බාර් පාලම ලයිට් තියෙන වෙලාවක ඒත් මේ මහ රෑ තනිපංගලමේ කොන්ක්‍රීට් තලප කළු කරන්නේ මොන කෙහෙල්මලකටද කියලා මම දන්නෙ නෑ.මොන මඟුලක් බෙදා ගන්නද කියලා මම දන්නේ නෑ..දැනගත්තත් කියන්න බෑ. හැබැයි බලන්න අහන්න දේවල්නම් අනන්තයි පස්ස යටින් ගලනවා ඇහෙන මහවැලි ගඟේ සද්දෙ.. කළු ඡායාවල් විදියට විතරක් පේන හන්තාන කඳුවැටිය