Skip to main content

Posts

Showing posts from April, 2017

ආච්චිට මාර්ග නීති කියාදිමට සොඳුරු උත්සාහයක්!

හුදෙක් ගිමන් නිවීමේ පරම අදිටනින් ආච්ච්ගේ ගෙදරට පතනය වුවත් , ඒ වෙනුවට ආච්චිගෙන් ලැබෙන්නේ  "එළුවාට කොස් කොළ සෙවීම","කොස් කොළ සොයාගත් පසු එළුවා සෙවීම", ගමේ අහළ පහළ පොඩි උන් ඉදිරියේ "නිසි අනාගතයක් නැතිවීමේ" ආදිනව පෙන්වා දීමට ඈ භාවිතා කරන උදාහරණය බවට පත්වීම යනාදී අනේකවිධ රාජකාරිය. එදින සිදුවූයේ ආච්චිත් සමඟ කඩේ යෑමටය.අවුරුදු දෙක තුනකට පෙර රුපියල් පන්දහසක් ගෙන කඩේ ගියහොත් ගැනීමට සිදුවන බඩු මුට්ටු තොගය ගෙන ඒමට විඳිය යුතු දහ දුක් කන්දරාව දැන් විඳිය යුතු නැති හෙයින්, සැනසුම් සුසුමක් හෙලමින් එළියට පැමිණි ආච්චි මටද ප්‍රේමණීය බැල්මක් හෙලුවාය. "ගනින් උක්කුං පුතේ ඉක්කූටරේ" මම ඉස්කූටරයේ තෙල් බෙහෙත් බලා ගරාජයෙන් පිටතට ගත් කල එහි පිටුපසින් නැගුන ආච්චි ඉතිපිසෝ ගාථාව තුන්වරක් කියා,ඇස් දන් දීමේ සහතිකය පෙට්ටගමේ ඇති බවට සීයාට රිමයින්ඩර් කොට රතන සූත්‍රය සඤ්ජායනය ආරම්භ කළාය. ඉනික්බිති සරුසාර ක්‍රෝටන් වගාව නසන කොළ කන දළඹුවන්,ගොයම් මැස්සන් මර්දනය කරනු පිනිස ක්‍රෝටන්  වගාව මතින් ධාවනය වූ ඉස්කූටරය, මගේ ලිඛිත අවසරයකින් තොරව සියා විසින් වත්තේ සිටුවන ලදැයි උපකල්