"බොහොම බලගතුයි.දක්ශ වගේම හොඳ පෙනුමක් තියෙන වාසනාවන්ත තරුණයෙක්" "ඔව් ඔව් සහතික ඇත්ත.ඔය කිවුවෙ බලාගෙන හිටියා වගේ...වෙන මොනවද ඉතින් පේන්නෙ? " කාලෙකට පස්සෙ හරි හමන් දේකට සල්ලි වියදම් කරා කියන සන්තෝශයෙන් ඇඟත් අරක් ගත් පරිවාර ග්‍රහයොත් වෙලිලා ගියා. "දැන් මහත්තයෝ මේකනෙ.මහත්තයාගේ සෙනසුරු මහ දසාව ගෙවී ගෙවී, හතේ ඉන්න කුජය ටික ටික බැල්ම දානවා.එතකොට ශනි දෝශ කාරිය සැර බාල වෙලා ගිහින් බරහස්පති තමා ඉස්සරහට ඉන්නෙ දැන් ඔය ටෙක්නිකල් ඩීටේල්ස් අපිට මොකෝ? ඔය කියන ග්‍රහයො එහාට මෙහාට අවලමේ ගිහින් අපිට වෙන දේනෙ දැනගන්න ඕනෙ. "හා හා හරි හරි ඉතින් එහෙම උනාම මොකෝ වෙන්නෙ?.සෙනසුරානම් අනිවාරෙන්ම අතක් පයක් කඩනවලු නෙහ්?" "අ අ..හම් හම්...ඇක්සිඩැන්ට් එකක් හරි .,අසනීපයක් හරි ආවොත් තමා" ඒකත් හරි ඉතින් අතක් පයක් කැඩෙන්න ඇක්සිඩන්ට් එකක් වෙන්න එපායැ..ඉතින් දැන් ඕක මේ යකාම කියන්න ඕනෙද "ඒක නේන්නන්..දැන් ඕක වළකන්න මොකෝ? මැණික් මුද්දක් දාන්න වෙයිද? බෝධි පූජා?" "ඔව්වොව්..ඒවා නරක නෑ.හැබැයි ඉතින් හොඳම දේ වැඩිය අනතුරුදායක වැඩවල නොයෙදෙන එක