Skip to main content

Posts

Showing posts from September, 2017

බ්ලූ වේල් (Blue Whale) කෙළියෙහි යෙදුනෙමි..

ඒ බල්ලෙක් චූ කිරීමටවත් එළියට නොබසින තරමේ භයානක රාත්‍රියකි ! සියුම් ඉඳිකටු තුඩු ලක්ෂ ගනනක් සම පසාරු කර යන තරමේ සීතලකින් පරිසරය වෙලමින් හමායන සුළංරැල් වලින් සපිරුණු, හදවතේ ලේ පොම්ප වන ශබ්දය පවා ඇසෙන තරමට නිශ්ශබ්ද, ලෝකාවසාන භයංකරත්වය දනවන රාත්‍රියකි. මම එතෙක් අසමින් හුන්, අලුතින් ආ සිංහල සිංදුවක් පෙස්බුක් එකේ පෝස්ට් කර නිදන්නට සැරසුනේ කළ හැකි අන් කිසිවක් නොවූ හෙයිනි. එහෙත් ඊට බාධා කරමින් ආ වට්සප් ඇමතුමකි.වට්සප් කෙසේ වුවත් දුරකතන ඇමතුමක් හෝ ලැබීම ලොකු දෙයක් නිසා මම දෙවරක් නොසිතාම "හලෝ" කීවෙමි. "Do You Want To Play The Game?" "ඇහ් ? බබ් බ..මොන?" මම ඉංග්‍රීසි නොදන්නා වගක් හැඟෙවුවෙමි. "ඔබට සෙල්ලම් කිරීමට අවශ්‍යද? " එහා පැත්තේ එකා දමනය වී සිංහල මීඩියම් ගියේය. "සෙ සෙල්ලම්? හා" මේ මහ රෑ කවුද යකෝ සෙල්ලම් කරන්න අහන්නේ "ඔබ ෆේස්බුක් එකේ නිල් තල්මසෙක්ගේ රූපයක් පළකර තිබුනා.ඒයින් අප දැනගත්තා ඔබට ක්‍රීඩා කිරීමට අවශ්‍ය බව.එසේම ඔබ ඉතා අධික මානසික පීඩාවකින් සිටින බවත් අපට වැටහුණා" "ඇහ්..ආ ආ ඒ අපි මිර