Skip to main content

පේරාදෙණියේ පුදුම අට ( අණ්ඩ කඩා ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙනි )

මාතෘකාවෙන්, අණ්ඩ කඩා ගැනීම හේතුවෙන් උත්පාදනය වූ ප්‍රීතියක් ගැන කියවුනද එය ඒ ආකාර "ප්‍රීතියක්" නොවේයයි සිතෙන්නේ ,කැඩී ගිය අණ්ඩ ඈඳී තිබුණු මහා පුරුෂ ශරීරය සිහි වන විටදීය.නුහුරු නුපුරුදු "පුරුෂ ශරීර වර්ණනාව"  කිරීමට දරන ප්‍රයත්නයක් නොවේ මෙය.
හුදෙක් ,අණ්ඩ ගැලවී යාමත් සමඟ වෙන්වූ (හෝ ඈත් වූ ) මතකයන්,හැඟීම් සම්පිණ්ඩනය කොට දැක්වීමට උත්සහ කිරීමකි

ඔව්
මෙතෙක් පේරාදෙණියේ අණ්ඩග්‍රැජුවේට් (undergraduate) ව හුන් අපි අණ්ඩ කඩා ගත්තෙමු

එතරම් වැදගත් නැති "අණ්ඩ කඩා ගැනීමේ මෙහෙයුම" (විභාග,කුප්පි,ctrl+c,ctrl+v) ගැන විස්තර පසෙක තිබියදී අපි අණ්ඩ තිබුණු කාලය සිහි කරමින් පෙර ගිය මංමාවත්වල ඇවිද යමු.දැඩි ග්‍රීස්ම කාලයෙහි වුව හමන සීත සුළං සිහි කැඳවමු/විඳිමු.අවුරුදු ගණනක සිට අණ්ඩ තිබුණ උන් මෙන්ම කඩා ගත් උන් දෙසද උපේක්ෂාවෙන් බලා ඉන්නා ගොඩනැගිලි ,ගල් කණු, ගහ කොළ ,පඩි පෙල් සිහි කැඳවමු/නරඹමු.




කොටුව ස්ටේෂන් එකේ වේදිකාවේ එහා කොනේ සිට මෙහා කොන තෙක් ඇවිද "ෆ්‍රේෂ් පිට" එළියට ආවද ,ඇවිදීමෙන් පසුව එවැනි "ෆ්‍රේෂ්" එකක් ලබා ගැත නොහැකි තරමටම "ඒ කොන" සහ "මේ කොන" ඉතා දුරින් පිහිටන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුදුම අටෙන් එකක් වන ඉංජිනේරු පීඨයේ කොරිඩෝව  තරණයෙන් පසු, නැතිව ගිය "ෆ්‍රෙශ්" එක ලබා ගැනීම උදෙසා අක්බාර් පිරිමි නේවාසිකාගාරයට පියනගමු.
ඒ රුපියල් තුනකට ඕනෑවටත් වඩා වටින (ළඟදී ගනන් වැඩි වන්නට ඇත ) ප්ලේන්ටියක් වෙනුවෙන් හෝ රුපියල් හතකට ලැබෙන ,කැන්ටිමේ ටෙන්ඩරය මාරුවන කාලයට විශ්වකර්මයකින්  චොක්ලට් කුඩු ,වැනිලා පවා වැටෙන ටී එකක් වෙනුවෙනි.
ඔටුවන් නොහොත් ජීවන සහකාරියක් නැති අහිංසක තරුණ ජීවිත සැඳෑ යාමයේ පාරේ යන දැරිවියන් දෙස බලමින් රත් කරන "ඔටු බංකු" පහු කරමින් අපි දෙවන පුදුමය කරා ඇදෙමු.මේ අර එක්දාස් නවසිය හැට ගනන්වල අනලා,අතුරලා ,හොඳට වේලපු කොන්ක්‍රීට් තලපය.
අක්බාර් පාලම



පේරාදෙණියේ අණ්ඩ සහිත ජීවිතවල සුන්දර මෙන්ම විශාල පරිච්ඡේද ගනනාවකට පසුතල නිර්මාණයෙන් සමහර විට තිර රචනයෙන් අධ්‍යක්ෂණයෙන් පවා දායක වෙන 
අක්බාර් පාලම.
ගඟ මැදට ආධාරකයක් නොමැතිව ඉඳි කිරීමෙන් දක්වා ඇති ඉංජිනේරු ශිල්පීමය දස්කම් හොඳින් ආඝ්‍රාහණය කිරීමට නම් පිරිසක් එකතු වී උඩ පැන ,ඒ රිද්මයට පාලමද උඩ පනිනා අයුරු විඳිය යුතුය.අඟල් ගානක විස්ථාපනයක් සිදුවුකළද පාලම තිර ලෙස විරාජමානව මහවැල ගඟ හරහා ලැග ඉන්නේ අවුරුදු ගනනාවකට පෙර සිටි අණ්ඩයන් (අණ්ඩ ඇත්තවුන් කෙටියෙන්) මෙන්ම මතු පරම්පරාවේ අණ්ඩයන්ද ආරක්ෂිතව ගඟෙන් එගොඩ කළ යුතු බැවිනි.
වේග සීමාව පැයට කිලෝමීටර් 15ක් පමණ වන හෙයින් පැයට කිලෝමීටර් 50ක 60ක පමණ වේගයෙන් ඇඳෙන යතුරු පැදි ටයරවල පහස විඳීමට බියක් නොමැති නම් මේ පාලමේ නිදාගැනීමේ සුන්දර අත්දැකීමට ගොදුරු වීමටද හැකියාව ඇත.හොඳම කාලය උදාවන්නේ මැදියමින් පසුය.සුරා මත දරා ගැනීමට නොහැකි වීම පාලමේ නිදාගැනීමට එක් හේතුවක් වුවද ඒ සඳහා හේතු අවශ්‍යම නැත.

පාලම තරණය අවසන් වනවාත් සමඟම දකුණු පස පහළින් මහවැලි ගඟට සමාන්තරව පෙනෙන්නේ එල්.එල් ය.නොහොත් ආදරවන්තයන්ගේ මාවතය.සිංහලයේ නාම පදයක් අගට "ගේ" යෙදීමෙන් අයිතිය හැඟවීමක් සිදු කරන වග හොඳාකාරව දන්නා අපි මෙම මාවත ආදරවන්තයන්ගේ බූදලයක් විය හැකි වගට අනුමානයක් කරමු.ඒ අනුමානය හරියටම හරි යයි කියමින් ජෝඩු ඒ මාවත දිගේ ගමන් කරන්නේ මහවැලි ගඟේ රැල්ල පාගනු පිණිසය.වෙන කිසිවකට නොවේ.නමුත් ඒ අසලම සිටින නොමගට ගිය උස ගහ මේ ඡායාරූපයේ පෙනෙන ආකාරයට එල්.එල් එක දෙසට නැවී ඇත්තේ ඒ ගසේ ඇති වනචරකම නිසා බව ජනප්‍රවාද වල සඳහන් වේ.කෙසේ වුවද එල්.එල් පුදුම අටෙන් එකක් නොවේ.එල්.එල් පුදුම අටේ ලැයිස්තුවට ඇතුල් කරන තුරු විශ්ව විද්‍යයාලීය බහුතර ඔටු ප්‍රජාව කටබලියාගෙන සිටියේ නම්, "ඒ බලා සිටීම" දහ වැනි පුදුමය විය යුතුය.



ලැයිස්තුවේ ඊළඟ පුදුමය මුණ ගැසෙන්නේ අක්බාර් පාලම අවසන් වූ විගසමය.ස්වයං සම්බාධක පනවා ගැනීමෙන් "එච් ගස"(H tree) යයි ව්‍යවහාර කරන විශාල කඩොලාන ශාකයයි ඒ.මුහුඳු මට්ටමේ සිට වඩාත්ම උඩින් පිහිටි විශාලම කඩොලාන ශාකය බව කියැවෙන මෙය හා බැඳී ඇති ජනප්‍රවාදවලට අනුව මේ ගස යට ජෝඩු හතකට එකිනෙකාට නොපෙනී සිටිය හැකි ය.එය සත්‍යයක්දැයි හරියටම නොදන්නේ හතට ගැනීමට නොහැකි නිසා නොව ගස දෙස බැලිය නොහැකි නිසාය.


එච් ගස නරඹා ඉදිරියට ඇදෙන ගමනේදී කෙලින්ම දිස්වන වූස් (WUS) පරිශ්‍රයේ ඇති බාබර් සාප්පු,ටේලර් සාප්පු,සමුපාකාර මැද පුදුමයක් හොයා ගත නොහැකි වුවද එස්.බී ඇමතිතුමා විසින් දෙවෙනි වතාවටත් අභිනවයෙන් විවෘත කළ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය,තවත් එක් පුදුමයක් කිරීමේ හැකියාව ඇත්දැයි සොයා බැලිය යුතුය.අවශ්‍යතාවයක් ඇත්නම් වූස් කැන්ටිමෙන් යමක් අනුභව කිරීමේ හැකියාව ඇතත් අපි නොනැවතී ඉදිරියට ඇදෙමු වූස් වල කරා.සමහර දිනවලදී ඔබට ඒ සඳහා බොහෝ පරිස්සම් විය යුත්තේ බිම එලා ඇති තවත් නොවේලී ඇති පෝස්ටර් පයට නොපෑගෙනු පිණිසය.ශිෂ්‍ය ක්‍රියාකාරකම් බොහොමයක මුල මෙතනය.කොනක ඇති කුඩා කාමරයේ දොර විවෘත කොට බැලුවහොත් එහි බිත්ති පුරා ලියා ඇති වාක්‍ය ඛණ්ඩ කියවීමෙන් හීනි ආශ්වාදයක් ලබා ගැනීමටද හැකියාව ඇත.
අඩි හයක් පමණ උස එකෙක්ට කෙලින්මද ඊට කොට එකෙක්ට මදක් ඉස්සීමෙන්ද  තටාකය ,දන්න වචනයෙන් ස්විමිං පූල් එක දර්ශන පථයට හසු කර ගත හැකිය.විශ්ව විද්‍යාල ආරක්ෂකයින් හෝ විනයාරක්ෂකයින් මෙය නොකියවන වගට උපකල්පනය කිරීමෙන් මේ පූල් එකේ මහ රෑට කොල්ලන් ඇඳුම් නැතුව නාන වගට ප්‍රකාශ කළ හැකිය.ඒ ප්‍රකාශය කලේ ආසාවට නොව ඉරිසියාවටය



images
http://www.panoramio.com
https://www.facebook.com/spriyan



Comments

  1. යකෝ මෙකත් හරියට පොඩි රොඩ් ට්‍රිපක් වගේ නෙව...

    ReplyDelete
    Replies
    1. ඔව් මචන්
      තාම ටිකයි
      යා යුතු මඟ දුරයි
      ජයවේවා !

      Delete
  2. අපෙත් ඉන්නවා මේ පාර අවුට් වෙච්ච එකෙක්.. යවන්න ඕනේ ලින්ක් එක.. හි හි....

    ReplyDelete
    Replies
    1. ගෑනු දරුවෙක්ද?
      අනේ කරදර වෙන්න එපා
      කෙනා කියන්නකෝ
      මමම යවන්නම්
      ජයවේවා !

      Delete
  3. ඔක්කොම හරි අයිය එත්. එක හුස්මට කියවන් යන්න හදනකොට "සේස්ස පස්සට" කියල දැක්කම මල පනිනවා නේ... :ඩ පාලම උඩ නිදියන එකේ එකම අව්ල උදේ පාලම උඩින් යන කෙල්ලන්ගේ සද්දෙට ඇහැරෙන එක තමා ඉතින්... (අත්දැකීමක් නෙවි :ඩ)

    ReplyDelete
    Replies
    1. දුක හිතෙනවා යකෝ
      මමනෙ දන්නෙ ලියාගන්න විඳපු දුක
      අහපන්කො
      ලිය ලියා ඉඳිද්දි එහෙම්මම නින්ද ගියා රෑ 12ට වගේ
      ආයෙ වැරදිලා ඇහැරුනා 3 ගානකට..අයෙත් ලිවුවයි කියහංකෝ අර මහ වැස්සෙ
      කමක් නෑ.ජයවේවා !

      Delete
  4. ඔය කියන කඩොලාන ගහ ෆොටෝ එකේ තියෙන ගහ නෙවෙයි. කරුණාකර තව සොයා බලන්න.

    ReplyDelete
    Replies
    1. විශාලම කඩොලාන ශාකය මේකද කියලනම් හරියටම දන්නේ නෑ..ඒකයි "විශාලම කඩොලාන ශාකය බව කියැවෙන" කියලත් දැම්මෙ..ඒත් අපි "එච් ගහ" කියන්නෙ මේක කියලනම් ස්තීරයි.ඉස්සරහින් පේන යකඩ වැට හින්දයි කියන්නෙ
      ස්තූතියි අදහසට
      ජයවේවා !

      Delete
    2. H gaha kiyanne nam okata thama.habay kadolana gaha oka newey. kadolana gaha tiyenne AT ekata poddak ehapaththe kirihala paththata yana podi paarak tiyenne.anna ethana.
      me link eka baluwoth anduraganna puluwan aiya. http://farm3.staticflickr.com/2207/2247484657_fc89c57e12_z.jpg?zz=1

      Delete
    3. any way. valuable post and best of luck..

      Delete
  5. අඩේ උඹ අණ්ඩ කඩා ගත්තද ? සුබපැතුම් කොල්ලෝ !! ඊලඟට රැකියා පෝලිමද ? නැත්නම් උඹලටවත් අඩුම ගානෙ අණ්ඩ කැඩුන ගමන් ජොබක් සෙට් වෙනවද ?

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම අන්ඩ නිල නොලත් විදියට කැඩිලනම් අවුරුද්දක් විතර වෙනවා.කොන්වොකේෂන් තිබ්බෙ ඊයෙ පෙරේදා
      අනේ ඇස්වහක් කටවහක් නෑ දැන් දෙවෙනි ජොබත් කරනවා
      ස්තූතියි මචන්
      ජයවේවා !!

      Delete
    2. එළ එළ එහෙම තමා ඉන්න ඕනා.. ආණ්ඩුවෙන් ජොබ් දෙනකම් බලන් එන්නැතුව, දෑතෙ වීරියෙන් ගොඩ යන්න ඕනා..

      ජයම වේවා !!!!

      Delete
  6. අපේ පන්තියේ හිටපු අසික්කිතම සිස්සයා මේ වගේ තැනක ඉන්න එක ගැන සතුටුයි මචං !

    :ඩී

    ජයම වේවා.

    පලි - තෝ එදා වස්තරේට කරගත්ත දේ කිව්වෙ නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි මචන්
      ජයවේවා
      කවුද ඒ අසික්කිත සිස්සයා?
      ප.ලි : ආහ් ඒක හරි බන්..අම්මා කිවුවෙ නැද්ද උඹට?

      Delete
  7. උබට අක්බාර් පාලම එක්ක මොකක්හරි ගනුදෙනුවක් තියෙනවා වගේ මගේ පුංචි මොලේට හැගෙනවා ,
    ඇත්ත කියපන් ?

    ReplyDelete
    Replies
    1. අක්බාර් පාලම එක්ක අපි හැමෝගෙම ජුන්ඩ ජුන්ඩ සම්බන්ධකම් තියෙනවා බන්
      :)
      ජයවේවා

      Delete
  8. Replies
    1. තෑන්කූ සීකර බ්‍රෝ
      ජයවේවා
      :)

      Delete
  9. අන්ඩ කඩාගත්තට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්
      ජයවේවා
      :)

      Delete
  10. ආයතේ හිතෙන් සරසවිය පැත්තෙ ගියා..ඊළඟ විස්තරෙත් ඉක්මනට ලියන්න..

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්ම රූ
      ඒක එහෙම උනනම් මටත් සතුටක්
      ජයවේවා !

      Delete
  11. මහවැලි තෙරේ බැඳුණු පටු පාලමේ
    තනි වී මදක් ඉඳිමු අපි පාලුවේ

    ඔබෙ මුදු හඩින් ගැයෙන ගීයක් අසා
    සැනසී සුවෙන් ඉඳිමි දෙනුවන් වසා

    ReplyDelete
    Replies
    1. අහා
      කකා ගෙත් මතක ඇවිස්සිලා වගේ :)
      ඔහොම යන්
      ජයවේවා !

      Delete
  12. Replies
    1. අපි නම් තවම අණ්ඩ තියෙන සිස්සයෝ හි හී ☺

      Delete

Post a Comment

Popular posts from this blog

හව් කැන් අයි හෙල්ප් යූ?

  "ඔව් මහත්මයා මොකක්ද තිබෙන ගැටළුව?...ඔ..ඔව.ඔව්.. ගිණුම පරීක්ෂා කරන තෙක් මදක් රැදී සිටින්න පුලුවන්ද? ‌බොහොම ස්තූතියි....ඩින්ටි ටිටි ටිටි .ටිටිටිට් ඩින්ටි ටිටිටි ඩෙන්කුටු කුටු කුටු... "මහත්මයා ඔබේ සේවාදායකයාගේ ගිණුමේ ශේෂය ඉතා අඩු අගයක් තියෙන්නෙ.පසුගිය අවුරුද්දටම කිසිම තැන්පත් කිරීමක් කරලා නෑ...ඉතින් මේ මොහොතේ ඔය ඉල්ලීම ඉටු කළ නොහැකියි.ඔව්? ඔව්? මොකක්ද? ‌මෙහෙමයි..අවුරුදු ගානකට කලින් කරපු තැන්පතුනම් දැන් කල් ඉකුත් වෙලා. ඒවා මෙහෙ බෙදාහැරලත් ඉවරයි. අනික රුපියල් දෙකකට ලෝයල්ටි පොයින්ට්ස් 10ක් දුන්නෙ අවුරුදු ගානකට කලින්. දැන් අවම වශයෙන් රුපියල් දහයක්වත් ඕනෙ. අනික ඔබේ සේවාදායකය ඉල්ලන දේ දෙන්න ලෝයල්ටි පොයින්ට්ස් දහයෙන් බෑ. කරුණාකර තේරුම් ගන්න. හරි..හරි.. අපි ඔය ඉල්ලිම වෙනුවෙන් අපි කොච්චර මහන්සි වෙන්න ඕනෙද? දැන් ඔය කියන විදියට ඔබේ සේවාදායකයාට අවශ්‍ය අපේ සමූහ ව්‍යාපාරයේ තරගකාරී ආයතනයකට කරපු සබ්ස්ක්‍රිප්ශන් එකක් අවලංගු කරන්නනෙ මහත්මයා. ඉතින් අපි සාමානයයෙන් එයාලත් එක්ක නෙගෝශියේට් කරන්න ඕනෙ අපේ සේල්ස් රෙෆ්ලා හරහා. ඒකට ගොඩක් වියදම් යනවා. හරි මහත්මයා. ටිකක් මාව තේරුම් ගන්න උත්සහ කරන්නකො...ඔබත

රන්ජන් අයියා සමඟ රාත්‍රියක් !

ඒ හිඟන්නෙකි !  නමුත්, මැක්කන්, කිනිතුල්ලන් අනවසර ඉදිකිරීම් කරන වල් බල්ලන් රොත්තක් මැද ජර්මන් සැපට් බල්ලෙක් කැපී පෙනෙන්නේ යම් සේද, අනෙකුත් විවිධාංගීකරණය වූ හිඟන පරිවාර ජනයා අතර ඒ හිඟන්නා බෝල්ඩ් ඇන්ඩ් ඉටලික් වී පෙනෙන්නට විය.මා උපතින්ම උරුම කරගත් විචක්ෂණ බුද්ධිය තුළින් ඔහු දෙස නැවත නැවතත් බැලුවෙමි. උඩින් ඇඳ තිබුණු කඩමාල්ල ඇතුළින්  රාත් ‍ රි කළුවරේත් පෙනෙන හැඩිදැඩි පපුව, ඇත් දළ පාට අත ගොබ. ජොගින් ට්‍රැක් එකකට දැමූ ගලි බවුසරයක් මෙන් මුලු පේමන්ට් එකම හරස් කරගත් සද්දන්ත ශරීරය ! පුහ්! මම ළංවීමි, තව තවත් ළංවීමි.මතක් වෙන්නේ නැත. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තවමත් පිළිගන්නා කුඩාම වටිනාකම ඇති කාසියක් හෝ හිඟන මහතාගේ ටින් බෙලෙක්කයට දැමීමට සූදානම් වුවත්, සමාජයේ වැදගත් රැකියාවක් කරන මගේත් එතුමාගේත් ශරීර දෙක හිත යටින් සන්සන්දනය වීමෙන් ඇතිවූ චිත්ත පීඩාව හා ස්වයං විවේචනය හේතුකොටගෙන නැවතත් යන්නට හැරුනෙමි. "එකෙක්වත් කීයක්වත් දෙන්නේ නෑ.තොට හෙණ ගහනව යකෝව්. ඊළඟට පරණ කවුබෝයි ෆිල්ම් එකක ශබ්ද සමඟ  "ඉයෝව්..ඉයෝව්" එකක් ආවේ කොහෙන්දැයි මම අදටත් දන්නේ නැත. "හුටා