Oct 12, 2020

හව් කැන් අයි හෙල්ප් යූ?


"ඔව් මහත්මයා මොකක්ද තිබෙන ගැටළුව?...ඔ..ඔව.ඔව්..

ගිණුම පරීක්ෂා කරන තෙක් මදක් රැදී සිටින්න පුලුවන්ද?

‌බොහොම ස්තූතියි....ඩින්ටි ටිටි ටිටි .ටිටිටිට් ඩින්ටි ටිටිටි ඩෙන්කුටු කුටු කුටු...

"මහත්මයා ඔබේ සේවාදායකයාගේ ගිණුමේ ශේෂය ඉතා අඩු අගයක් තියෙන්නෙ.පසුගිය අවුරුද්දටම කිසිම තැන්පත් කිරීමක් කරලා නෑ...ඉතින් මේ මොහොතේ ඔය ඉල්ලීම ඉටු කළ නොහැකියි.ඔව්? ඔව්? මොකක්ද?

‌මෙහෙමයි..අවුරුදු ගානකට කලින් කරපු තැන්පතුනම් දැන් කල් ඉකුත් වෙලා. ඒවා මෙහෙ බෙදාහැරලත් ඉවරයි. අනික රුපියල් දෙකකට ලෝයල්ටි පොයින්ට්ස් 10ක් දුන්නෙ අවුරුදු ගානකට කලින්. දැන් අවම වශයෙන් රුපියල් දහයක්වත් ඕනෙ. අනික ඔබේ සේවාදායකය ඉල්ලන දේ දෙන්න ලෝයල්ටි පොයින්ට්ස් දහයෙන් බෑ. කරුණාකර තේරුම් ගන්න. හරි..හරි..

අපි ඔය ඉල්ලිම වෙනුවෙන් අපි කොච්චර මහන්සි වෙන්න ඕනෙද? දැන් ඔය කියන විදියට ඔබේ සේවාදායකයාට අවශ්‍ය අපේ සමූහ ව්‍යාපාරයේ තරගකාරී ආයතනයකට කරපු සබ්ස්ක්‍රිප්ශන් එකක් අවලංගු කරන්නනෙ මහත්මයා. ඉතින් අපි සාමානයයෙන් එයාලත් එක්ක නෙගෝශියේට් කරන්න ඕනෙ අපේ සේල්ස් රෙෆ්ලා හරහා. ඒකට ගොඩක් වියදම් යනවා.

හරි මහත්මයා. ටිකක් මාව තේරුම් ගන්න උත්සහ කරන්නකො...ඔබතුමන්ලාට අපි ඇරෙන්නෙ වෙන විකල්පයක් නෑ. මොකද මේ ව්‍යාපාරය ශත වර්ෂ ගානක් තිස්සෙ කරගෙන එන්නෙ. නව්‍යකරනය තුළින් එන නව හදුන්වාදීම් සමගින් , අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවට සමගින් අපිට සමකළ හැක්... ඔව්.. ඔ.... මහත්.. කරුණාක..ර්.

මේ ඕයි කපුවො! ඔව් ඔව් තෝ තමා හොර කපුව. ඔන්න ඔය යකාට කියනවා කවුරුහරි ගෙට කොඩිවිනයක් කරල නම් ඒක කරපු එකා එක්කම විසදගන්න කියලා. අපිට බෑ කොඩිවින කපන්න කියලා ඩෙවිල්ස් එන්ටප්‍ර‍යිසස් එක ඉස්සරහ චාටර් වෙන්න ක්‍රෙඩිට් තුන හතරකට. ඇයි යකෝ හිගන්නෙක්ට රුපියල් දෙකක් දීල ලෝයල්ටි පොයින්ට්ස් ඉල්ලන්නෙ මේක ජේ. ආර්ගෙ කාලෙද ඕයි? අනික ඔය යකාට කියනවා ඉස්සෙල්ල හොද පළතුරු ටිකක්වත් අරන් එන්න කියලා. කුණු වෙච්ච උස්සන් එන්නෙ. ඇයි යකෝ! අපිටත් කැහිල්ලට ආවනෙ කෝල් සෙන්ටර් එකේ වැඩ කරන්න. දමල ගහල යනව කොයි වෙලේ හරි. ටොප් මැනේජ්මන්ට් ඉන්න දෙයියන්ට රත් වෙන්නත් එක්ක!

තව මතුරනව. කට් කරනව ඕයි ඕක!

Share:

3 comments: