Oct 22, 2011

උසාවියේ දවසක් 1 (ලංකාණ්ඩුව මූණුපොත නඩු භාණ්ඩයක් බවට පිළිගත් පසු )

පැමිණිල්ලේ නීතීංඥයා

උතුමාණෙනි මේකයි දැන් සීන්      එක
පවසන්නෙමි හැම දේ මම එකින්   එක

මෙතන ඉන්න අගුණවතී හා          පීටර්
කසාද බැඳ කලක ඉඳන් වෙයි     චාටර්
කාටර් තමා මේ දෙන්නට ඇති   නේබර්
වාසය කළේ දුරකිනි හතරක්        මීටර්

පීටර් නැති අතර කාටර් හෙමි   හෙමිහිට
සැට් වෙනවලු අගුණවතී හා බජනෙ....

විත්තියේ නීතීංඥයා

මයි ඔබ්ජෙක්ෂන් හිය(ර්)      යුවරෝන
අගුණවතිට අපහාසය නැත           ඕන

                                  
නඩුකාරයා

ඔබ්ජෙක්ෂන් ඔබෙ මල්ලට    දාගඤ්ඤ
කතාව එළ දිගටම යං                නීතිංඥ 

(පැමිණිල්ලේ නීතීංඥ කින්ඩි හිනාවක් සබා සම්මත කරයි )

විත්තියේ නීතීංඥයා

ඔහොම කතා මෙතනට ගැළපෙන්නෙ  නැත
සාක්කි දැන් පෙන්නාපන් නොවී           ලත

පැමිණිල්ලේ නීතීංඥයා
 
අහා හහා මාළුව දැන් ඇම                   කෑවා
මෙන්න ලින්ක් එක මේ දැන් මම        එවුවා



දුක් විඳ විඳ කරද්දි පීටර්            ඕටී
ගෙවල් පැත්තෙ කාටරයට රජ  පාටී

කාටර්  (විත්තිකරු 1 )

අහෝ අහෝ මම දැම්මේ නොමැත ලයික්
හැක් කරලා ගිණුම මගේ කවුද     බුවෙක්

පීටර් (පැමිණිලිකරු )

සුවාමිනි අල්ලගත්ත කටින්                මුගේ
හැක් කරාලු අවලම ,ගෑනියට             මගේ

ඇයි බං අගුණෙ මගේ මොනවද     අඩුපාඩූ
හැක් කෙරුමට තරම්, මේ මිනිහා කුඩුකේඩූ

විත්තියේ නීතීංඥයා 

පීටර් මෙතන හැදුවට වෙන්නට          සුදනා
මිනිහගෙ වෝල් එක උඩ මෙහෙමත් තිබුණා 




 අගුණවතී (විත්තිකරු 2 )

කැත්තක් අරං කපනව මං උඹේ      බාව 
ළමයි තුනයි මට ඉන්නේ තොට      දාව

සද්ද නැතුව  හිටියේ හින්දයි           ඕටී
ඉහි ඉහි දෙයියනේ අයි ෆීලින්(ග්) ගිල්ටී

මටයි දරුවොටයි යන කල    දවස
නොහිතා ගිහින් ...ඉහි ඉහි හී......

මෙහෙම ඉඳන් කවි හදන්ට බෑය     මට
යන්නේ කවදාද මවුපියො     දකින්නට
ඉහි ඉහි ..

(අගුණවතී හඬයි.විනිසුරුතුමාද කඳුළු පිසගනු පෙනේ )

කාටර් 

මම දැන ගතිමි ...මම සැක කළෙමි

නඩුකාරයා

ඕඩ ඕඩ ස්ටොප් නවු යුවර්           ෂවුට් 
වෙලාව හරි වෙන්නට දැන් සයින් අවුට්

මෙය විසඳන්න හදලා වන්     කුවෙස්චන්
ජූරියෙ මහතුන්ට යවන්න මූණු පොතෙන්


 ජූරියේ මහත්තුරු ඡන්දය ප්‍රකාශ කිරීමට මෙතනට යන්න .
නඩුවේ ඉතිරි කොටස බලන්න මෙතනින් යන්න
මෙය වාර්තා කිරීමට දුන් ගේමට සැළකීමක් වශයෙන් මොනවහරි කියලම යන්න

Share:

13 comments:

  1. එල එල, කොහෙද බන් මේ උසාවිය තියෙන්නේ?

    ReplyDelete
  2. තෑන්කූ තෑන්කූ ..ඒක තමා මටත් හිතාගන්න බැරි

    ReplyDelete
  3. වා........ව් ක්‍රියේටිව්නෙ අයියා

    ReplyDelete
  4. පට්ට පට පටස්...... සුපිරී...

    ReplyDelete
  5. ඔන්න මචන් කවි සිත මගෙ පහල වුනා
    …කියවන්නට මේ හෑල්ල පැයක් ගියා
    …ඊලග post එකේදි වත් වෙමින් සමා
    …දාපන් මචන් summarize කර ඒක හොදා ..!

    ReplyDelete
  6. මළ කෙලියයි වෙන්නේ මූණු පොත නඩු බාන්ඩයක් උනොත්. බර ගානක් එල්ලුම් ගස් යවලා එකෙක්ට ගෑනු හත අටක් කරලා දීලා තමා නවත්තන්ඩ වෙන්නෙ. අනේ බං ගැටයො, උබටත් එන කුජීත අදහස්. එල එල. ඔහොම යං. මල් හතයි. තරු අටයි. ටොපියයි.

    ReplyDelete
  7. තෑන්කූ තෑන්කූ හැමෝටම ..

    ReplyDelete
  8. @Zeeker
    අඩේ මචන් මාර වැඩේ මට වෙන්නේ
    මොනව උනත් දිග ඒවනෙ ලියවෙන්නේ

    ReplyDelete
  9. කරුමෙට තමයි විකාර ඔය ලියවෙන්නේ
    …කියවන දනන්හටමයි boring වෙන්නේ ...

    ReplyDelete
  10. මොනවද මල්ලී මේ කියන කතා
    කාටර් නෙමෙයි දරුවගේ පිතා

    ReplyDelete
  11. නීතීය ඉතින් දන්නවා නොවැ මාත් ටිකක්
    බලමු මොනවා වෙයිද කියල ඉදිරියටත්..

    නඩුවක් වුනත් කවියෙන් නම් අහන්නේ
    කියවනවා දිගටම අපි බොලන්නේ..

    ReplyDelete
  12. මෙන්න කවි. පට්ට පටස් :P

    ReplyDelete
  13. ලොවෙත් නෑ... පට්ටම පට්ටයි ඈ......

    ReplyDelete