මම sms එකක් යැවීමටවත් සත 5ක් නැති
දුරකතනය සාක්කුවෙන් එළියට ගත්තෙමි.දැන් එහි බට්ටි කරදර නොකරන නිසා වෙලාව බලා
ගැනීමට බාධාවක් නැත.හත්තිලවුවය ! 11.30
"හරියටම 10.30 ට විනාඩියක්
අඩුවෙනුත් නෙවේ ,වැඩියෙනුත් නෙවේ " එවේලේම සිහියට
නැඟුනු දොස්තර වීරක්කොඩිගේ මධුර ස්වරයෙන් කර්ණ ශංඛය කිළිපොලා ගියේය
ඔව්.මම මගේ ව්‍යාපෘතියට "බකප්
" එකක් ලබාගැනීම සඳහා දොස්තර වීරක්කොඩි මුණගැසීමට දැරූ දෙවන උත්සාහය සාර්ථක
විය .
(සටහන : මෙම කතාව උපන්තේකට කියවා නැති
පිරිස අතරේ ඔබත් සිටීනම් ,මේ වනවිටත් ක්ලෝස් බටනය ක්ලික් කිරීමට ඔබ සිත
පහදාගෙන සිටිනවා විය හැක .එසේ කිරීම ඔබට හොඳය.නැත්නම් පරණ එපිසෝඩ් 6ම කියවීමට
සිදුවේ )
උදේ පාන්දරම දොස්තර මහතාගේ ගෘහස්ත
දුරකථනයට (මනුස්ස බාසාවෙන්, ලෑන්ඩ් ෆෝන් එකට ) කරදර
කළෙමි."අනිත් පැත්තෙන් ඇසුනු සිංහල හාෂාවේ ජනප්‍රියම වචනය වන "හලෝ"
එකට වෙලාවේ හැටියට උපරිම සම්පත් පරිභෝජනය කරමින් හොඳම ප්‍රශ්නයක් ඇසීමි
"සර් ,සර් දැන් ගෙදරද ඉන්නේ ?"
පිළිතුරක් නැත ..
"නිශ්ශබ්දතාවය යනු හොඳම කෑගැසීම
" බව කවුද හාදයෙක් කියනවා මට ඇසී තිබේ .මම ඒ කෑගැසීමට හේතු සෙවුවෙමි,මතක් විය
කිසිදිනෙක ගෙදර තිබෙන ලෑන්ඩ් ෆෝන් එකකට
කතා කර ගෙදරද ඉන්නේ කියා අහන්න එපා !!
මනුස්සයන්ගේ වැරදි වලට සමාව දෙන දේව
ගණයේ දොස්තර මහතා නිසා ලොකු ප්‍රශ්නයක් ඇති නොකරගෙන 10.30 අපගේ කතාබහ සඳහා වෙන්කර
ගතිමි.නමුත් සැබෑ ප්‍රශ්නය මතුවී ඇත්තේ දැන්ය.පැයක ප්‍රමාදයෙන් පසුතැවිලි නොවී
නියම සිංහල ගති පහළ වීම නිසා ඇති වූ ගර්වයෙන් පපුව පුම්බාගෙන වට පිට බලමින් සීනුව
නාද කළෙමි.තුන් වරක් නාද කළද පිළිතුරක් නොවීම නිසාත් ,සාමාන්‍ය සමාජ සිරිත් (මැනස් ) අනුව තුන් පාරකට වඩා ගෙදරක සීනුව නාද
කිරීම හොඳ නැති නිසාත් ,මම තව වරක් සීනුව කෑගැස්සුවෙමි
දඩා....ස් ..නෑ... එහෙම සද්දයක් නොවේ
.කිසිම සද්දයක් නැතුව දොර ඇරිණ.එක්වරම මෛත්‍රීය කැටිවුනු බැල්මක් හෙළාගෙන මා
ඉදිරියේ පෙනී සිටියේ දොස්තර වීරක්කොඩි..........ද?මම ප්‍රියමනාපයයි මට පමණක් සිතෙන බැල්මක් නිර්මාණය කරගෙන කුමක්
කියන්නදැයි ලතැවී බලාසිටියෙමි.
"ආහ් ..මිත්‍රයා කිවුව වෙලාවටම ආව
නේද ? “
හරි මේ තමා මෑන්ස් !!
"ම් ම් මේ වැස්ස්.." දෙවන
වතාවටත් කෙළවීමට ආසන්න විය.අද දවසටම වැස්සේ නැත. " මේ වැස්ස්සියෙක් පාර හරස්
කරග්....ම් ..ම්"
"හරි හරි ඇතුළට එන්න ."
සැනසුම් සුසුමන් පාවීලා ...මගේ හද මඩලේ නතර විය
"ඇත්තටම මට මේ මොහොතේනම් කතා
කරන්න අමාරුයි.මට පේෂන්ට් කෙනෙක් ඉන්නවා"
ආ දොස්තර මහත්තයගේ දෙමාපියො ඇවිල්ලා
..පේෂන්ට්ය කිවුවේ ..පෞද්ගලික කටයුතු වලට ඇඟිලි ගැසීමට යාම එච්චර හොඳ නැත.
"හරි සර් මම ටිකක් ඉන්නම් එහෙනම්
"
"හොඳයි මෙතනින් වාඩි වෙලා ඉන්න
"යන වාක්‍යය පිටකළද ,ඊලඟ සාම්ප්‍රදායික වාක්‍යය විය යුතු
“මේ ළමයට බොන්න මොනවහරි දෙන්න !!” ....
යන්න ඇහුනේ නැත
කමක් නෑ කමක් නෑ
ඊළඟට ගෙවුනු නීරස පැය බාගය ගැන කියා
ඔබව නැවතත් ක්ලෝස් බටනය ක්ලික් කිරීමේ තත්වයට ඇද දැමීමට මට වුවමනා නැත.එය ඒ තරම්ම
අනීවාරතයකි ..මාළු ටැංකියේ මාළු ටික සහ සෝපාවේ කුෂන් එකේ රතු පාට සිරස් ඉරි ටික
ගැන අවසන් වූ පසු කම්මැලිකමට මම නැඟී සිටියෙමි .
අකීකරු දෙපා මට ඉදිරියටම යන්නට බල
කරන්නට විය .වංගු පල්ලම් පසු කරමින් ගිය ගමන කෙළවර වූයේ දොර අඩවල් කර තිබූ කාමරයක්
ළඟය .මටත් කලින් මගේ ඇස් කාමර ඇතුළට එබුනේ ඇස් වල ඇති වරදක් නිසා නොව මගේ ඇති
වැරැද්දක් නිසාය. එය නිදන කාමරයක් නොවීම නිසා අනීවාරතේ අද සිට ඇඩල්ස් ඔන්ලි කිරීමේ
අවදානමෙන් මිදෙන්නට මට හැකි විය.එය දොස්තර මහතාගේ රෝගීන් පරීක්ෂා කරන කාමරය
විය.මුලින්ම පෙනුනේ දොස්තර මහතාගේ රුවය .බොහෝ වේදනාවක් විඳීමෙන් අනතුරුව රෝගියාගේ
රුවත් අක්ෂිගත කරගැනීමට හැකිවිය...මැදි වයසේ කාන්තාවකි ..ඇය දිගටම කතා කරයි ..
"මොනව කොරල හරි මහත්තයෝ මූට හැදිල
තියෙන පිස්සුව හොඳකරන්න..මෝහනය නැත්නම් මොක හරි කමක්නෑ මට ".....මූට යන
වචනයෙන් පෙනී ගිය අන්දමට තවත් එකෙක් සිටිය යුතුය...මම එබුනෙමි ...තවත් එබුනෙමි..පෙනෙන්නේ
නැත....දොරද මඳක් තල්ලු කළෙමි...බැලීමි ...අමාරුවෙන් බලද්දී දුටිමි...
.ඇහ් පවිත්තරයා??
මට එවේලේ දැනුනු විශ්මය වචනවලට පෙරළීමට
උත්සහ කිරීමෙන් මේ හෑල්ල තවත් දික් වනු ඇත..එම නිසා කෙටියෙන්ම,
මම
මහත් විශ්මයට පත්වීමි
"සමහර විට ඒකෙන්ම මේකෙ සුල මුල
හොයා ගන්න අපට පුළුවන් වේවි " ඒ දොස්තරය
අහා පවිත්තර හෝම්ස් ආදර අන්දරය !!
"ඔහෝ මහත්මයා මෙතන තිබෙන්නේ
ඉතාමත් බරපතල වැරදි වැටහීමක් " ඒ පවිත්‍ර බව අමුතුවෙන් කිව යුතු නැත.
"අනේ මහත්තයෝ බලන් හිටිය හොඳටම
ඇති ,කරන දෙයක් ඉක්මන් කරමු "
දොස්තර මහතා ඉක්මන් විය .ඇස්වලින් ග්‍රහනය
කරගැනීමට තරම් අපහසු දේවල් වේගයෙන් සිදුවිය
...ඔබ නිදි.....සැහැල්ලුයි.....ඔබේ
ශරීරය සැහැල්ලුයි.....මගේ කටහඬ පමණයි ඔබට ඇසෙන්නේ....
දොස්තර මහතා දෝලනය
විය.....කාමරය කැරකෙන්නට විය ..දොර භ්‍රමණය වන්නට විය....වැරදි කෙනා ,එනම් මම මෝහනයට පත්වන්නට විය
අමාරුවෙන් පාලනය වීමි..පවිත්‍රගේ කටහඬ
අවදි වන්නට විය .. ඔහු
මේ ආත්මයේ නොවේ..පෙර ආත්මයකය .. මා
තවම දොර ළඟය .
"පුදුමාකාර කාලගුණයක් බොහොම
සීතලයි ..නිවාඩුවට පිටරටකට නොයෑමේ විපාක දැනුයි අත්විඳින්නේ "පවිත්‍ර
දොඩවන්නට හා දොස්තර මහතා ප්‍රශ්න නගන්නට විය
"මේ මොන අවුරුද්දද?"
"1850 සීත ඍතුව"
"ඔබ ඉන්නේ කොහෙද ?"
"මගේ කාමරයේයි ..අහා..... එක අතකට
සීත දැරිය හැකියි .එය මොළය නොවෙහෙසවීම තරම් කර්කශ නෑ "
"ඔබ මොනවාද කරන්නේ? රැකියාව?"
"අහා මේ වෘත්තියේ යෙදෙන ලෝකයේ
සිටින පළමු සහ එකම පුද්ගලයා මමයි"
"ඔබ පමණයි?"
"එසේය මහත්මයාණෙනි "
"එසේනම් ඔබ කවුද ?"
"මම හෝම්ස් .ෂර්ලොක් හෝම්ස්
..පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් !!!"
"එල" ටම යනව මචෝ............. තව ලියපන්
ReplyDeleteඊළඟ කොටස කවදා විතරද එන්නේ? :)
ReplyDelete@ R2H (Red Riding Hood )
ReplyDeleteම්ම්ම්ම් ඊළඟ නේද? ඊළඟ...ඊළඟ...ළඟදීම කියල කියමුකෝ :)
අනේ ඉතින් මුන්දගේ කට ගැටයා බයිලා කියවන්නේ.......
ReplyDeleteකියවන්නට තමයි යකෝ අපි මෙච්චර දුක් විදින්නේ
ඉක්මනින්ම දාපන් බන් නැත්තන් නම් අපි තැවෙන්නේ
ඒ අස්සේ මේ පිස්සා රන්ජනයෙක් ගැන කියන්නේ