Skip to main content

Posts

Showing posts from June, 2012

බස් රථයක පිටිපස්සේ දොරේ සිට ඉස්සරහ දොර දක්වා

මහතුන් ඔතන ඉන්නා හිටගෙන    එකට මට පවු නොදී යනවද තව            ඉදිරියට ''මහතුන්'' කියා ඇමතුව හින්දා        අපට ගියා මිසක් අපි බය නෑ            කොන්දාට පළමුවන මාර්ග බාධකය වීල් අටේ ට්‍රක් රතයක් වාගෙ වැටී ළඟින් හිටන් ඔරවන් උන් පොස් ඇන්ටී දිවි පරදුවෙන් රකිමින් ඉඩමම කට්ටී ලොප් වී සිටී විතවුට් එනි ඇක්ටිවිටී අතරතුරේ ෂී ෆීලින් (ග්) ගිල්ටී ගැහුවා ඇගේ කරට උඩින් මම බල්ටී ලෑන්ඩ් කරපු තැන උන් මිනිහා චූටී බෙරිහන් දෙයි දුරකතනය සමඟ ගැටී දෙවෙනි මාර්ග බාධකය බ්‍රේක් පාර ගැහුවොත් නොම වෙන්න රොටී ගැහුවා ඇගේ කරට උඩින් මම බල්ටී ලෑන්ඩ් කරපු තැන් උන් මිනිහා ක්‍රිස්ටී බෙරිහන් දෙයි දුරකතනය සමඟ ගැටී මෙතන ඉතින් කිවුවොත්   ඇක්ස්කූස් මී නරක වචන වැස්සක් විත් යාවි තෙමී හොඳම වැඩේ හැටියට දැන් අටට නැමී ෂේප් එකේ මම මෙතනින් මාරු වෙමී තුන්වැනි හා සිවුවැනි මාර්ග බාධක පිඹුවෙක් විලස මැද පොල්ලේ       වෙළෙමින් එකෙක් දුටිමි උන් එතැනම බමන      මතින් පිඹුරට එහා පැත්තෙන් හිටියේ          ටාසන් පැණි හළ හළා පෙම් කෙළිමින් සමඟ ජේන්

ඔබේ ගමටත් ටැලිපෝං ටවර්

සියල්ලෝම වලවල් හතර වටකරගෙන හතර අතේ කැරකෙමින් සිටිති.මුන්ට වගේ වගක් නැත.අමු ගොඩයන් රැළක් වුවද ,උන්වත්  හැටට හැටේ යන ''සංවර්ධන කෝච්චියේ'' ෆුට් බෝඩ් එකේ හෝ එල්ලා යැවීම අප වැනි පුද්ගලයන් සතු යුතුකමක් සේම වගකීමකි.ඒ සඳහා මෙවැනි ප්‍රොජෙක්ට් වැඩි වැඩියෙන් ගංවල ගොඩ ගැහීමත් අනිවාර්යය. තවමත් මේ හාරා ඇති වලවල් හතර ගැන කාහටවත් අදහසක් පහළ වී නැත.ටිකකින් එතනට කැට් වෝක් එකකින් පැමිණියේ අවුරුදු හතළිහක පමණ ගැමි ලියකි..ඇගේ අතේ කළයකි ''අපෝයි මල්ලියෙ.මං හිතුවා මෙලාකට වතුරත් උනලා ඇති කියල හාරපු හෑරිල්ලට'' ''ඒක තමා අගුණවතියෙ මාත් මේ බැලුවෙ..මේ වලවල් වල ගැඹුරනං වතුර ගන්ඩ මදි වෙයි''තවත් වයසක උන්දෑ කෙනෙක් කතාවට පොහොර සහනාධාරය ලබා දෙන ලදී. ''හ්හ්..හ..මේ නං වතුර ගන්ඩ වෙන්ඩ බෑ''කොළු ගැටයෙක් සිය විචක්ෂණ බුද්ධිය මෙහෙයවමින් වලක් වටේ කරකැවී ගොස්, කකුල් දෙක සමචතුරස්‍රාකාර වලේ සම්මුඛ පාද දෙකක් දිගේ තබා කඳ පහත් කළේය ''හරිනේ..මේ කක්කුස්සි ..කක්කුස්සි හතරක්ම තියෙනවා'' පරිවාර ජනයා ඔහුට බන්ධුල ගුණවර්ධන ඇමතිතුමාට මෙන් සළකන්නට වූහ. '&