විඳිමින විටමින ඩී හිරු රශ්මිය
ඇවිදින කල කකියයි පා යුග්මය
හෝනය දී බ්‍රේකය ගැසු කාරය
රියදුරු තෙම කී "මම දෙමි ලිෆ්ටය"
ඇවිදින කල කකියයි පා යුග්මය
හෝනය දී බ්‍රේකය ගැසු කාරය
රියදුරු තෙම කී "මම දෙමි ලිෆ්ටය"
හිඳගෙන මත ඉදිරිය සුව සීටය
සිරකොට සකසනු ලැබුවෙමි බෙල්ටය
තුති පුද වේ දෑතට පදවන රිය
කී කල හේ තෙම කී "මයි ප්ලෙෂරය'
නුඹ ගුණ මා මෙහි අගයමි පුතණුව
බෙල්ටය දමමින, නීතිද ගරුකව
බෝ දෙන වසනා මේ කල ලක්දිව
නිතින නීතියට ගෙන දෙති පරිභව
ඒ පිළිගත් කල සළමින මා හිස
රියදුරු තෙම කියවයි ලෙස "බස බස"
නීතිය කඩනා උන් හට දී කස
දෙකකුල් පලලා තබනෙමි ලුණු ඉස
බලනුව පුතණුව පෙර තුන් සක් රිය
කපමින මාවත මැද ඉරි යුග්මය
සිත්සේ හරවා යන සැටි හැඩලය
තුන් සක් රියමැයි මාවත කරුමය
නුඹ බස ඇත්තකි මැතිඳුණි රියදුරු
තුන් සක රඟදෙනු දුටුකල නිරතුරු
සිහිවෙත වැස්සට සැරිසරනා මෙරු
මේ ලෙස ගි..........
පුතණුව මෙරු මෙන් නොව මේ පල් හොරු
මැඳැඟිලි එසැවේ මාගේ අත සුරු
පුත,
ලොව තුළැ කිතු ගොස රැව් පිළිරැව්
කරමින, රැක දියුණෙහි සිරිදෙව්
හුන් රටකට,යන කල පිළිකෙව්
සිහි කරමින වැළපෙන අපි පව් !
දුටුවෙද පුතණුව ,උළෙලට චෝගම්
සැමතෙහි සැමවිට සරුවට වියදම්
එනමුදු චිත්තය පෙළනා සොවනම්
දැකුමයි නිරිඳුන් රඟනා කෝලම්
ගජ ගොඩනැගිලි මාවත් බෝ එක්සප්‍රස
නැඟුනද සොඳින ලක් දිවයින කොනෙහි දස
කොමිෂන ලෙසින නිරිඳුන් ගත් ධනය රැස
නොදනිමු පුතුනි අපි ගත් ණය ගෙවනු මිස
ගසක සරුව වැඩෙනා පිළලයක් මෙන
සිහසුන පටන් පහළට සරු ලෙස ගලන
දූෂන දාම, නැසුමට පෙර අප දෙරණ
පුතුණි එදිරි වී ගෙනයමු ජන සටන
රියදුරු මැතිඳ තුළ නැගෙනා ආවේගය
හිසේ පටන් දෙපය දෙසට විසිරේය
දකුණත පැඩලයද මඳ මඳ පෑගේය
ආවේගයද වේගෙද වැඩිවේ රථය
මාවත ඉදිරියෙහි හුන් මැතිඳාන පොලිස්
විසිලය පිඹිනු ලැබු කල්හී හඬින උස්
නැවතින රථය යහතින හඬ නගා "ක්‍රාස්"
පොලිස් තෙමේ විමසී "කෝ ඔබ ලයිසන්?"
පින්වත් මැතිඳ මාගේ ලයිසනයද
ඉන්සුව රන්සයද මා ලඟ නොමැත අද
කමා වෙලා......
රියදුරු මැතිද මට නැගෙනා පැනයකී
යකෝ ලයිසන් නැතුවද මාව මෙච්චර වෙලා දාගෙන ආවෙ?
බැල්මක් හෙලූ මා වෙත නොම රුස්සනා
රියදුරු තෙමේ රථයෙන් බැස නික්මෙනා
කසු කසු හඬින ගනුදෙනුවද සිදු කෙරෙනා
"දූෂණ නසන විරුවා" දූෂණය වෙනා
අනීවාරතේ ජන සංගණනයට එකතු වෙන්න.ඔබේ සහයෝගය ඉතා ඉහළින් අගය කෙරේ.
කන්න ඕන උනාම මොකක්ද එක කරගන්නවයි කියන්නේ ඒක තමා..
ReplyDeleteඑහෙම නොකර පණ ගැටගහගන්නෙ කොහොමද
Deleteනේද?
ජයවේවා !
පංකාදුයි මලේ උඹගේ කවි ටිකනම්
ReplyDeleteගියේ කාගේ රථයේ දැයි මම නොදනිම්
බෙල්ට් නොදා යන්නට උඹ ආසම නම්
එවනට හැකිය ගෙදරට සුදු වෑනේ නම්
හෙහෙ
Deleteසුදු වෑන් නම් ගොඩක් කන ගාවින් ගිහින් තියෙනවා
නවත්තලා නෑනෙ එකක්වත්
දන්න එකක් තියෙනවනම් එවන්නකො
ජයවේවා !
දැන් හැම දේකම තත්වේ ඔහොම තමයි බං..
ReplyDeleteඇත්ත තමා බන්
Deleteපොර ටෝක් දෙන ඕන තරම් ඉන්නවා
උන්ගෙ හැටි තමා මේ
ජයවේවා !
මරු කවි ටික
ReplyDeleteස්තූතියි ඩී.ටී.ඇස්
Deleteජයවේවා !