Feb 13, 2013

මයි නේම් ඊස් "ශ්‍රී ලංකන්",අයි හැව් අ ෂෝර්ට් ට(ර්)ම් මෙමරි ලොස් | My name is Sri Lankan ,I have a short term memory loss


නම?

නම "ශ්‍රී ලාංකිකයා" කෙටියෙන්  "ලාංකිකයා"


ඉන්නෙ?

ලංකාවේ

අහල පුරුදු රටක් නම් නෙවේ

ඔව්, මහිතෙ ලෝකෙන් සීයට හැත්තෑ පහක්වත් ඇති ලංකාව ගැන නොදන්න..හැබැයි මේක දැනගන්න වටින රටක්.ලෝකෙ කිසිම රටකට නොදෙවෙනි ස්වාභාවික සම්පත් තියෙන,ස්වාභාවික අනතුරු බොහෝම අඩු ,ගොඩක් සුන්දර රටක්.කෙටි හැඳින්වීමක් විදියට මට දෙන්න පුලුවන් ඔය කාරණා ටික


ඒ කියන්නේ ඕනම මිනිහෙක්ට ජීවත්වෙන්න ,අඩුම ගානෙ ඇවිල්ල යන්න හරි වටින රටක්?

අනිවාර්යයෙන්ම..ඒ අතින් අපි හරි වාසනාවන්තයි..ඉපදිච්ච දවසෙ ඉඳලම ඉන්නෙ මේ මහ පොළොවෙ...
(ඩිං ඩිං) 
සමාවෙන්න ඕනෙ මැසේජ් එකක් ආවා....නිවුස් ඇලර්ට් එකක් ..නෙද්දකින් මේ පාර ඒ ලෙවල් රිසාල්ට්ස් වරද්දලා කියන්නේ..ඒක කමක් නෑ කියමුකෝ මේ ඇමතිය කියන කාලකන්නි කතා...හෙණ ගහනවා මුන්ට .මිනිස්සුන්ගෙ සල්ලි වලින්ම කාල බීලා තෙල වැඩිවෙලා රට කන අපතයෝ....


ඒ කියන්නේ කොච්චර හොඳ රටක් උනත් ප්‍රශ්න නැතුවාම නෙවේ?

මොකක්ද ඒ කතාව ? මට තේරුන් නෑ

මං කිවුවෙ ඔයාගේ රට ලංකාව

ඔව් මම ලංකාවේ තමා..ඒත් ඔයා කවුද? අපි කතා කළාද ?

නැතුව 

වෙන්ඩ බෑ

කතා කළා නේන්නම් ..අපි කතා කළේ ඔයාගෙ රට ගැනයි වැඩිපුරම

ඔව් මම ලංකාවේ..මහිතෙ ලෝකෙන් සීයට හැත්තෑ පහක්වත් ඇති ලංකාව ගැන නොදන්න..හැබැයි මේක දැනගන්න වටින රටක්.ලෝකෙ කිසිම රටකට නොදෙවෙනි ස්වාභාවික සම්පත් තියෙන,ස්වාභාවික අනතුරු බොහෝම අඩු ,ගොඩක් සුන්දර රටක්.කෙටි හැඳින්වීමක් විදියට මට දෙන්න පුලුවන් ඔය කාරණා ටික


රටේ පාලනය එහෙම?

එහෙම කියන්න තරම් විශේෂයක් නෑ ඉතින්..හොඳකුත් නෑ..නරකකුත් නෑ..මේ ළඟදි විවෘත කළානේ හයිවේ එක..දැන් ඉතින් අපේ ගමනුත් උඩින් තමා...කාර් බාර්..කාර් බාර්




(ඩිං ඩිං) 
සමාවෙන්න ඕනෙ මැසේජ් එකක් ආවා....නිවුස් ඇලර්ට් එකක්
ඔය ඉතින් හොඳක් කිවුව විතරයි..බලන්ඩකෝ බලතල තියෙන ලොකු ලොකු හාල්පාරුවෝ ඕනම කුපාඩි වැඩක් කරලා රාජ්‍ය ආරක්ෂාව යටතේ ඉන්නවා..පොඩි මිනිහට තමා හැම ගූ බාල්දියක්ම..කාලකන්නි...මේව ගැන කතා කරන්න ගිහිල්ලා රිදෙන්න අපේ කටවල්...රත්වෙන්නෙ අපේ ලේ


ඒ කියන්නේ කොච්චර හොඳ රටක් උනත් ප්‍රශ්න නැතුවාම නෙවේ?

මොකක්ද ඒ කතාව ? මට තේරුන් නෑ

මං කිවුවෙ ඔයාගේ රට ලංකාව

ඔව් මම ලංකාවේ තමා..ඒත් ඔයා කවුද? අපි කතා කළාද ?

නැතුව 

වෙන්ඩ බෑ

කතා කළා නේන්නම් ..අපි කතා කළේ ඔයාගෙ රට ගැනයි වැඩිපුරම

ඔව් මම ලංකාවේ..මහිතෙ ලෝකෙන් සීයට හැත්තෑ පහක්වත් ඇති ලංකාව ගැන නොදන්න..හැබැයි මේක දැනගන්න වටින රටක්.ලෝකෙ කිසිම රටකට නොදෙවෙනි ස්වාභාවික සම්පත් තියෙන,ස්වාභාවික අනතුරු බොහෝම අඩු ,ගොඩක් සුන්දර රටක්.කෙටි හැඳින්වීමක් විදියට මට දෙන්න පුලුවන් ඔය කාරණා ටික


කොහොමද රට යන අත ?

ම්ම්ම්ම් කියන්න තරම් වැරැද්දක් නෑ ඉතින්..ඒක නෙවේ අර බලනවකො ටී.වී එක
අප්පට සිරි අපේ කොල්ලො ටොස් එක අරන්..දැන් ඉතින් ග්‍රවුන්ඩ් එකේ පැළක් අටෝගෙන නෙලන්නයි තියෙන්නෙ..කවුද අර ෆස්ට් බැට් එන්නේ?
(ඩිං ඩිං) 
සමාවෙන්න ඕනෙ මැසේජ් එකක් ආවා....නිවුස් ඇලර්ට් එකක්
දැන් තමා හිතෙන්නේ මොන කරුමෙකට මේ රටේ ඉපදුනාද කියලා..ඇයි ඕයි..මෙහෙම රට අගාධෙට යනවා බල බල අපි ජීවත් වෙලා වැඩක් තියෙනවද මං කියන්නේ? එක්කො ඕකුන් එක්ක හැප්පිලා නහින්න ඕනෙ..නැත්නම් මේක දාලා යන දීපංකරයක යන්න ඕනෙ


ඒ කියන්නේ කොච්චර හොඳ රටක් උනත් ප්‍රශ්න නැතුවාම නෙවේ?

මොකක්ද ඒ කතාව ? මට තේරුන් නෑ

මං කිවුවෙ ඔයාගේ රට ලංකාව

ඔව් මම ලංකාවේ තමා..ඒත් ඔයා කවුද? අපි කතා කළාද ?

නැතුව 

වෙන්ඩ බෑ

කතා කළා නේන්නම් ..අපි කතා කළේ ඔයාගෙ රට ගැනයි වැඩිපුරම

ඔව් මම ලංකාවේ..මහිතෙ ලෝකෙන් සීයට හැත්තෑ පහක්වත් ඇති ලංකාව ගැන නොදන්න..හැබ
ආආහ් අම්මට හුඩු පුදනකොටම කාපි යකා කිවුවලු..ෆස්ට් බෝලෙටම වැනුවා නේද හයක් !!



මයි නේම් ඊස් "ශ්‍රී ලංකන්",අයි හැව් අ ෂෝර්ට් ට(ර්)ම් මෙමරි ලොස්


නෝට්:
මේ අනීවාරතකරණයේ පනස්වැන්නයි.
පෝස්ටු පනහක් පුරාවටම ළඟින් උන් ඔබ සැමට මගේ ශීර්ෂ ප්‍රණාමය


Share:

54 comments:

  1. ඇත්ත.. ලංකාවෙ මිනිස්සුන‍්ට දවස් දෙකක් යනකොට සේරම අමතකයි තමයි...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ
      අනුවර්තනනය
      අනීවාරතේට සාදරයෙන් පිළිගන්නවා
      ජයවේවා !

      Delete
  2. ආයෙත් සුපිරියි ඕයි... තමුසෙනම් මහම මහ එල ඩයල් එකක්..

    හැබැයි ඕක පරණ තියරියක්...පිරබාහරන් උන්දැ හොයාගත්තෙ මට මතක විදිහට..

    ReplyDelete
    Replies
    1. උන්නැහැ කිව්වෙ සතියක මතකයක් ගැන නොවැ

      Delete
    2. නැහැ බොලව්
      මට මතක විදියට සති දෙකක්
      හැබැයි ඊටත් වඩා අඩුයිනම් තමා
      ස්තූතියි
      ජයවේවා

      Delete
  3. එල . ඔය තියෙන්නේ සුපිරියටම . ලංකාවේ මිනිස්සුන්ගේ ගති පැවතුම් ගැන.

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ මචෝ
      කියනවනම් කියන්න බැරියැ
      ලියනවනම් ලියන්න බැරියැ
      බ්ලොග් පිරෙන්න
      ජයවේවා !

      Delete
  4. ගජිනි ෆිල්ම් එකේ කොපියක් වගේ

    හිකිස් !

    ReplyDelete
    Replies
    1. අම්මපා... හැබැයි ඇත්තම ඇත්ත... හි හි

      Delete
    2. ගජිනි කියන හාදයගෙ පොඩ්ඩක් හරි ගන්න දෙයක් තිබ්බ බන්
      ඒත් මේ "ලාංකිකයා" කියන හාදයා?

      ජයවේවා !

      Delete
  5. Replies
    1. ස්තූතියි පහන්
      අනීවාරතේට සාදරයෙන් පිළිගන්නවා
      ජයවේවා !

      Delete
  6. මරු මචං! කාලෙකට පස්සෙ කියවපු උපහාසෙ සුපිරියටම ගාවපු එකක්. අපි දන්නෙ ඉතිං එකම දේ රිපීට් කරන්නනෙ. දන්න කාලෙ ඉඳන් රටේ ඉතිහාසෙයි සවුන්දර්යෙයි පට්ට ගගහ ආතල් එකේ ඉන්න ට්‍රයි කරන අතරෙ හොරු ටිකක් රට කන බව දැනගෙනත් දන්නෙ නෑ වගේ ඉන්න එක තමයි දැන් අපේ ඉට්ටැයිල් එක.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මචෝ
      අද කරපු දේවල් වෙච්ච දේවල් හෙට මතක නෑ
      අද හොඳ එකා හෙට නරකයි
      අද නරක එකා හෙට හොඳයි
      අනීවාරතේට සාදරයෙන් පිළිගන්නවා
      ජයවේවා !

      Delete
  7. කොටි ලොක්කා නෙව ඕක මුලින්ම කිව්වෙ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මටත් මතකයි ලාවට
      මිනිහගේ කටින් ඇහුවෙ නැතිඋනාට කවුදෝ කියලා දුන්නා
      අනීවාරතේට සාදරයෙන් පිළිගන්නවා
      ජයවේවා !

      Delete
  8. Replies
    1. ස්තූති වේවා මුචලින්ද (නයි අරිනවද බන් ලොකු? )
      අනීවාරතේට සාදරයෙන් පිළිගන්නවා
      ජයවේවා !

      Delete
  9. 50යි නේ... සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ටෑංකෝ හිරූ
      හැබෑට පනහට කියන්නේ මොන ජුබිලි කියලද?

      Delete
  10. පට්ට....

    ෆිෆ්ටියට කොන්ග්‍රැට්ස්....!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන්
      ජයවේවා
      දිගටම එව

      Delete
  11. Replies
    1. ස්තූතියි නලින් අයියා
      හැමදාම ඇවිත් කියන කතා හයියක්
      ඉස්සරහටත් ලැබේවි කියලා හිතෙනවා
      ජයවේවා !

      Delete
  12. පට්ට....

    ෆිෆ්ටියට කොන්ග්‍රැට්ස්....!!!

    ReplyDelete
    Replies
    1. ඔයා ඇයි මාතලන්ගේ කමෙන්ට් එක කොපි කලේ .

      Delete
    2. ස්තූතියි මාතලන් (නෑ silentsahan )
      ජයවේවා
      දිගටම එව

      Delete
  13. මරු බං මරු...මරේ මරු....ෂෝට් ටයිම් මෙමරි ලොස් එක පට්ටෙට ගලපලා බං....මේ රටේ ඉස්සරහට ජීවත් වෙන්න නම් ෂෝට් ටයිම් නෙමෙයි, ලෝන්ග් ටයිම් මෙමරි ලොස් එකක් ඕනේ වෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුමා
      ඔව් නේද මචෝ
      එක අතකට මෙමරි ලොස් එකේ අවුලකුත් නෑ
      කොහොමහරි මේ රටේ ජීවත් වෙන්න එපායැ ඉතින්

      ජයවේවා !

      Delete
  14. 50 සුභ ඔඅතුන් 50 වතාවක් අනිවාරතයේ ඇවිල්ල හැරිලා ගියා.

    ReplyDelete
    Replies
    1. අඩී........
      මුල් දවස්වල ඉඳන්ම හිටියා නේද මචෝ
      ගොඩාක් සන්තෝසයි බන් ඒ වගේම පිං
      හැරිලා ගියේ නිකනුත් නෙවේනෙ කොමෙන්ට් එකක් කාරිය ඇදල ඇරලානෙ
      ජයවේවා !!

      Delete
  15. සිරාම සිරා...

    50ට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නමස්කාර රජාට
      සුබ වේවා
      රාජ සම්පත් ලැබේවා (බොට කොහොමත් තියෙනවනෙ )
      ජයවේවා !

      Delete
  16. උඹේ පොස්ට් නම් පස්ට. 50 ට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ
      වෙල්කම් ටු අනීවාරතේ

      ජයවේවා !!

      Delete
  17. සින්නො ජුන්නො උනාට මේ blog එක නැත්නම් අපි අඳුනන්නෙත් නෑ මලයා. මේ ටික කාලෙට මගේම මල්ලියෙක් උනාටත් මම ලියන කියන දේට උපදෙස් දුන්නාටත් පිං. අනිවාරතේ ලියන ඔය පෝස්ටුවලටත් පනහට දෙ සිය විස්සක් ආයුබෝ වේවා.
    (දිලිනි අක්කා)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි අක්කා
      ඔව් ඒක ඇත්ත
      බ්ලොග් එක දැක්ක දවසේ ඉදලාම දීපු ප්‍රතිචාරවලට දිරිගැන්වීම් වලට තුති
      ඉස්සරහටත් ඒවා බලාපොරොත්තු වෙනවා

      ජයවේවා !

      Delete
  18. ප්‍රබාකරන් කරය කිව්වේ මචන් සිංහලයගැන.ඒ අපිට කරපු බලුවැඩ ටික කාලෙකින් අමටක කරන නිසා.එත් ඌ හොද ගැන දැනගෙන හිටියේ නැතිනිසා සිංහලයා කළ හොද අමතක නොකරන බව දන්නේ නැ.එත් දැන් ඒ හොද ගතිත් අපෙන් නැතිවේගෙන යනවා(බලන් ගියහම දැන් ගොඩක් එව්වෝ පිළිගන්න කැමැති ප්‍රබාකරන් ගොය්යගේ කතාවනේ.අනේ මන්ද )

    ReplyDelete
    Replies
    1. 50ට සුබපැතුන් දිගටම ලියන්න ශක්තිය ලැබේවා!

      Delete
    2. කවුරු කිවුවත් ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා කියලයි මටත් හිතුනෙනම්...හොඳ විතරක් නෙවේ එච්චර කල් කරපු නරකත් අමතක වෙනවනේ කැරට් අලයක් පෙන්නුවට පස්සෙ

      Delete
    3. ස්තූති ඩී.ටී.ඇස්
      දිගටම එයි කියලත් බලාපොරොත්තු වෙනවා
      ජයවේවා !!

      Delete
    4. අනිවාර්යයෙන් එනවා.ගැටපද ටිකනන් කියල වැඩක් නැ.සුපිරි

      Delete
    5. ස්තූතියි මචන්
      ලොකු හයියක්
      ජයවේවා !!

      Delete
  19. ඔන්න ඕක තමයි අපේ ප්‍රශ්නේ. මයි නේම් ඉස් ශ්‍රී ලංකා. ඊයේ වෙච්චි දේවල් අද මතක නෑ. මේ වගේ වටින රටක ඉපදෙන්ඩ අපි පින් කරලා තියෙන්ඩ ඕනා වගේම මේ වගේ ජාතියක් ඉපදෙන්ඩ රට පව් කරල තියනවා. :( මට මතක නෑ ඕයි..............

    ReplyDelete
    Replies
    1. අඩෝ, පනස් වෙනි කොමෙන්ටුව මගේ ගානේ. බලපන්කො ඒකෙත් හැටි.

      Delete
    2. ඈ මොකක්ද ?
      කොමෙන්ට් පනහක්?
      මීට කලින් 49ක් තිබ්බද?
      මට මතක නෑනෙ :)

      හික්..ඔව් ඔව් මේක කොමෙන්ට් 50 පන්නපු පළමු පෝස්ට් එක වශයෙන් ඉතිහාසගත වෙනවා

      ජයවේවා !!

      Delete
  20. මේක ලියන්නේ අර ගැටයා කියන හාදයා නේ? මට මතක නෑනේ.

    එතකොට අනිවාරතේ ලියන්නේ කවුද? හයියෝ.. මට මුකුත් මතක නෑනේ. ;)

    50 වෙනි පෝස්ටුවට සුබ පැතුම් ගැටයා!

    ReplyDelete
    Replies
    1. ආඅහ් ඔය මතුවෙන්නෙ හැංගිච්ච රෝගවල ලක්ෂන
      අඩේ එහෙම අපිව අමතක කරන්න එපා බන්

      ජයවේවා
      රෝග නිවාරණය වේවා !

      Delete