සමකාසන්නයේ රටකට පාත් වේයැයි කාළගුණෙන් උපකල්පන කර තිබූ උල්කාපාත වැස්ස අපේ බෝඩිමේ වහලයටම කඩාපාත්වීම , බෝඩිම්වාසී අප තිදෙනාම ප්ර කම්පනයට පත් කරවන සුළු කාරණාවක් විය . කැම්පස් එකේ සාමකාමී උද්ගෝෂනයකදී මෙන් තිදෙනාටම කිසිඳු හානියක් සිදු නොවූවත් , 2024 දි බෑන් වීමට තිබූ ඇස්බැස්ටෝස් වහළය 2017 දීම බෑන් වීම හේතුකොටගෙන අපද මේ බෝඩිමෙන් බෑන් වීමේ සාදාරණ අවදානමක් මතුවිය . " මොකක්ද බන් ඒ උනේ ?" ඒ ඇක්මන් ය ඇසෙන ඇසෙන හැම ප්ර ශ්නයකටම උත්තර දීමට අනිත් අය බැඳී නොමැති බැවින් , මමත් ජුවානිසුත්, ඇක්මන්ගේ වදන් නොතකා ගෙතුළ පරීක්ෂා කිරීම ආරම්භ කළෙමු. ඒ උල්කාපාත වැස්සක් නොව පොදයක් පමණක් බව මම නිගමනය කළේ කුඩා කුඩා පාෂාණ කැබලි දැකීමත් සමඟය . එහෙත් ඇඳ යට තිබී හමුවූ ටෙනිස් බෝලයක් තරමේ නීල පීත වර්ණයෙන් බබළන ගෝලාකාර වස්තුව දෙස නෙත් සිත් සහ කට ඇදී ගියේ අපේ ළමා මානසිකත්වය නිසා නොව , මාස දෙක තුනක හිඟ බෝඩින් පීස් මෙන්ම නියතයෙන්ම කරපිට වැටෙන වහළයේ අලාබයද කවර් කිරීමට බෝඩිමේ ඇන්ට