Skip to main content

Posts

Showing posts from June, 2018

ආච්ච්ගේ ඇඩ්වටයිසින් එකට අයිසින් දැම්මෙමි !

ආච්චිගේ නිවසේ ඉදිරිපස එල්ල තිබුණු "මී කිරි ඇත" බෝඩ් ලෑල්ල දැකීමෙන් මා චිත්ත සන්තාපයේ වර්ධනය වූ මල පැනීම කෙසේවීද යත් එවෙලේම ඔනරබල්  ආච්චිට එරෙහිව විශ්වාස භංගයත් ගෙන ඒමට මට සිත්විය.මා වැනි මොඩනීකරනය වූ මුණුබුරෙක් පෙර කළ කුසලයකට අනුව ලැබුනද, මෙවැනි වෙළඳ පොළ භාණ්ඩයක් ඇඩ්වටයිස් කිරීම වැනි භාරදූර වැඩකදී මගේ සහය නොපැතීම ඊට හේතුවයි. "ආච්ච්හීඊඊ" මම සිංහ නාද නැගුවෙමි එහා ගෙදර බල්ලා උඩු බිරුවේය "හානේ උක්කුං පුතේ" ආච්චි සිය වැරදි වසා ගැනුම පිණිස ප්ලාස්ටික් සිනාවකින් මුව සරසාගෙන ඉදිරියට ආවාය. "මොකුත් බොමු?" "එපාආහ්..මොකක්ද මේ මී කිරි සීන් එක?  මොනවද මේ ඇඩ්වටයිසින්? මී කිරි ඇත...යැක්" "ආ ඔය අපේ ලියෝං එළදෙනගෙන් ගන්න කිරිනෙ..නිකන් ඉන්න එකේ පොඩි වියාපාරයක් පටන් ගත්ත" "ලියෝං"? "ඔව් ඇයි උඹ දවසක් පෝන් එකේ කවුද ලමිස්සියෙක් දිහා බලන් ඉන්දැද්දි මං ආවාම හංගගෙන  කිව්වෙ නෑ ඒ කෙල්ලෙක් නෙවේය එළදෙනක්ය කියලා..නම ඇහුවාම කිවුවෙ  ලියෝං ද කොහෙද " "සනී ලිය