Jul 29, 2012

අනේ මේකට like එකක්... අනේ පිලීස්.....අහ් ඇයි මේකටත්


ඉන්නා ඇත්තො මෙහි අම්මට ආදරේ 
ලයික් දමා මෙය ටග් ගා ෂෙයා කෙරේ 
එහෙම නොකර මාරු උනොත් හීන් සැරේ
මයෙ පුතාගෙ පපුවට දැන් පවම පිරේ



බොලිවුඩ් පුරේ ඉන්නා කැතරිනා කයිෆ්
අල්ල කපාගෙන අද දාරයට නයිෆ්
පේජ් එකට ගොස්  අපගේ "අනේ ලයිෆ්"
සුවය පතනු එක්වී දැන් යුව(ර්) සෙල්ෆ් 



යවන අපේ පෝස්ට් හරිම කිරියේටිව්
ලස්ස ගනන් ලයික් ඒක නිසයි බොලව්
මේක දැකල දරාගන්න බැරුව රිලව්
විරිත්තුවට අපේ පේජ් එකයි වාව්

අයියෝ පව් බඩගින්නේ මේ පැට්ටා 
අහක බලාගෙන ඉන්නට බෑ අපටා
සැදැහැ සිතින් ලයික් එකක් දැන්ම කොටා
බේරනොගත්තොත් දරුවට තමයි "හුටා"


අනේ මටත් LIKE එකක්




Share:

41 comments:

  1. නියමෙටම නියමයි :)

    ReplyDelete
  2. දෙකක් නෙවෙයි හතරක් කියන්න ඕන දෙයක් ෆේස් බුක් ඉඳගෙන ලයික් හිඟාකනවා .අම්මපා මුන්ට පිස්සු
    http://nonimiahasa.blogspot.com/2012/06/facebook.html
    මම ලියපු එකක්

    ReplyDelete
  3. කියලා වැඩක් නෑ කොලුවෝ. මුන්ට පිස්සු. මං ඊයෙද කොහෙද දැක්කා එකෙක් අනිත් උන්ගේ ඒවා හොරකන් කරනවා කියල අනිකගේ හිත රිදිලා අඬලා දාලා තිබුනා. මගෙ පපුව හෝස් ගාලා ගියා ඕයි. පේස්බුක් නැත්තම් ලංකාවට මොනා වෙයිද කියල හිතාගන්ඩ බෑ. සකර්බර්ග් උන්නැහැ නිවන් දකින්ඩ ඕනා මේ කොරපු වැඩේට නම්.

    ReplyDelete
  4. අනේ මටත් LIKE එකක්

    එළටම ලියලා.. :) බුකියට ලොග් උනාම 90%ක්ම නිව්ස්ෆීඩ් එකේ දකින්ට තියෙන්නේ ලයික් & ෂෙයාර් වලින්.සමහර ඒවාගේ දෙන්නෙක් දාලා මෙය හොදනම් ලයික්.අනිත් එකා හොදනම් ඒක ෂෙයාර්

    ReplyDelete
  5. මටත් පෙන්වන්න බැරි දෙයක් මේ ලයික් කරන්න කියල බල කරන එක.

    ReplyDelete
  6. ෆේස්බුක් වනාහී මායාවකි..

    ReplyDelete
  7. මටත් පේන්න බැහැ බං මේ පේජ් කාරයෝ.

    අනික උන් බ්ලොග්කරුවන්ගේ පෝස්ට් උස්සලා පොරවල් වෙනවා !

    ReplyDelete
  8. මමනම් මූණු පොතේ වැඩිය ගැවසෙන්නෙ නෑ. Notification ඇවිත් කරදර කරනකොට, ගියා, බැලුවා, හැකි ඉක්මනින් ආපහු ආවා.
    henryblogwalker the Dude

    ReplyDelete
  9. වැඩක් නෑ බං මුන් ගැනනම් කතා කරලා මම දැක්කා මේ ලඟදි ඔය පේජ් දෙකක් අතර මරාගනත් තියෙනවා... අනික ගොඩක් එව්වගේ දාන්නෙත් තමන්ගේ නිර්මාණ නම් කමක් නෑ කොහෙන් හරි උස්සලා දාලා ලයික් හිඟා කනවා...

    ReplyDelete
  10. අප්පේ මේ පේජ් වැහි වැහැලා බං!බල්ලෝ බත් කන්නෙත් නෑ ඒවා දැක්කහම!

    ReplyDelete
  11. බුකියේ ලයික් හික්ස්

    ReplyDelete
  12. ඇයි තව යන්නෙ දෙන්නෙක්ව දාලා මෙයාට කැමති නම් ලයික් කරන්න. අනිත් කෙනාට කැමති නම් ශෙයාර් කරන්න කියලා.

    ReplyDelete
  13. බුකියේ දැන් ලයික් වලට ගෙන ගේම.. කවුරු හරි ලියපු එකක් කොපි කරගෙන ලයික් ඉල්ලනවා මදිවට දැන්.. පේජ් දෙකක් (ජීවිතය සුන්දරයි & පේස්බුක් චැට් ) ලයික් වලට මරාගන්නවාත් දැක්ක ඊයේ පෙරේදා දවසක..

    ReplyDelete
  14. හරි අපූරු නිර්මානේ..කතාව ඇත්තම ඇත්ත..:)

    ReplyDelete
  15. ඇත්ත. මිනිස් ජීවිත like වලට ව්කුනන් කන සමාජයක්නේ මේක.

    ReplyDelete
  16. Hasitha කියූ වදන් ශක්තියකි .
    ස්තූතියි නැවත එන්න..

    ReplyDelete
  17. ඇත්ත තමා මතන් අවතාර් .
    ඔබ ලියූ එකත් බැලුවෙමි

    ස්තූතියි නැවත එන්න

    ReplyDelete
  18. අම්මාපල්ලා ඒකනම් ඇත්ත eranda සහෝ.නිකාආආන් හිත රිද්දෝගන්නවා පේජ්කාරයෝ

    ReplyDelete
  19. @ඉෂාන් ඔව් මචෝ දැකලම තිත්ත වෙලා දැන්නම්.මුන්ට මොනවා හම්බවෙනවටද මන්දා මේ විගඩං
    ස්තූතියි නැවත එන්න

    ReplyDelete
  20. ඔව් අසරණයෝ ත්‍රස්තවාදියෝ වගේ මුන්

    ReplyDelete
  21. බ්ලොග් ලියන්න ආපු කාලේ මීට මස හයකට විතර උඩදී දැක්ක "බලෙන් ෂෙයාර් කරවගනීම" ගැන පොස්ට් එකක්. හරියටම මතක නෑ කවුද කියල.

    ඇත්තටම මටත් ඔය බලෙන් ෂෙයාර් ලයික් කරවිල්ල පේන්ඩ බෑ අප්පා. මේ කවි ටිකනම් පට්ටටම ලියලා එලිසමේත් රැකිලා තියෙන්නේ. එල එල

    ReplyDelete
  22. @සෙන්නා තොපත් ඒ මායාවේ ගොදුරක්ද? නැත්නම් හොදය

    ReplyDelete
  23. @sAm (සෑම්)හිකිශ් උබටනම් මේ ගැන ඉතින් හොද අත්දැකීම් තියෙනවා නොවැ

    ReplyDelete
  24. @dude අන්න නියම බුද්දිමත් මිනිස්සු එහෙම ඉන්න තිබ්බනම් කොච්චර දෙයක්ද ඇහ්

    ReplyDelete
  25. @කනියා අන්න කතාව මචෝ ....කොහෙන් හරි උස්සගන්න එකක් දාලා කොපි රයිට්ස් කිය කියා දගලනවත් එක්ක .

    ReplyDelete
  26. .@ නාඩියා නාඩිරත්න හ හ අලුත් පැසන් එකක්නෙ බොලන්

    ReplyDelete
  27. @Raj හිකිස් තමා බන් ලයික් එකක් ගන්න දාන ගැට

    ReplyDelete
  28. @පිණිබිඳු... ඔව් ඔව් ඒක තමා අනිත් විකාරේ :ඩී

    ReplyDelete
  29. @ චමී4යූ~chami4u-- ඔව් මචන් හෙන නිර්මාණ කාරයෝ වගේ..කොහෙන් හර් උස්සපු ඒවා දාගෙන

    ReplyDelete
  30. @ හිරුහිමාවී තුති ..ඇත්ත කතානම් කොහොමත් ලස්සනයි තමා

    ReplyDelete
  31. සමහර ලයික් දාන්න ශෙයාර් කරන්න තියෙන දේවල් නම් සැබෑවටම මට නම් ප්‍රයෝජනවත් වෙනවා.. නමුත් ඔබ කියන කතාව ඇත්ත තමයි.

    ReplyDelete
  32. හික්ස්... සමහර ඒවා තියෙනවා "මේක ශෙයර් කලාම එයාලගේ ගිණුමට සත ගාණක් බැර වෙනවා කියලා කියන ඒවාත්.. සත්තකින්ම පිස්සු..

    ReplyDelete
  33. @Manoj Priyankara ඔව්නෙ මචෝ..කාටවත් ලැබෙන දේකුත් නෑ

    ReplyDelete
  34. @ පැතුම් [සිතුම් පැතුම්] ස්තූතියි මචන්..ම්ම්ම් එහෙම එකක් දැකලනම් නෑ.ආපහු හම්බුනොත් අපිටත් කියමු ඉතින් :D

    ReplyDelete
  35. @Weni ඔව් වෙනි අයියා.වැදගත් දේවල් තියෙනව තමා.ඒත් ඒවා බලෙන් මාර්කැට් කරවන හැටිනෙ නින්දිත

    ReplyDelete
  36. @Red Riding Hood ඒකනේ..වැඩේ තියෙන්නෙ ඕවා බලලා ඇඳගන්න අයත් ඉන්න එකනෙහ්

    ReplyDelete
  37. LIKE :P
    නියමයි,මේක SHARE කොරලා අයියට මාරියක් දෙන්ඩ වටින්වා
    මට නම් දැන් බුකිය තිත්ත වෙලා
    හැම එකාම මොකක් හරි විකාරයක් දාල එකට ලයික් 1000-2000ක් ගන්ඩ පිස්සු කෙලිනවා
    නංගි ලස්සනයි නම් LIKE කරන්ටලු අක්ක ලස්සන නම් COMMENT කරන්ටලු,කාලේ කන්ට කියාපු වැඩේ!!!

    ReplyDelete
  38. @Alex වැඩේ තියෙන්නෙ කොල්ලෝ..ඕක දැන දැනත් ගිහිල්ලා බුකියටම බෙල්ල තියන එකනෙ.
    ජයවේවා!

    ReplyDelete