May 17, 2011

ආයෙමත් හෝම්ස්(එක )--ඔහු

( මේක සමහර විට කෙටි කතාවක් වගේ එකක් විදියට සළකන්න පුලුවන් වෙයි.නැත්නම් තවත් අනීවාරතේ වැඩක්.)
 දවසේ වීරයා බවට පත්වී සිටියේ ඔහුය. කිසිවෙකු එතෙක් මෙතෙක් දැක නැති තාලයේ අමුතුම චරිතයකි.කා සමඟවත් කතා බහක් නැත.වටපිටද නොබලයි.එක්කෝ අහසත් පොළවත් ගැට ගැසීමට හැකි ක්‍රම විශ්ලේෂනය කරමිනි.නැතිනම් යහනාවක් බවට පෙරළාගන්නා පුටුවේ දිගා වී කකුල් දෙකම පොළොවට සමාන්තර කර බවුන් වඩමිනි. මෙවැනි අසාහය චරිතයකට පණ පොවන්නේ වෙන කවරෙකුවත් නොව අප සමඟ එක පාසලේ එක පන්තියක "ඉගෙනීමට " පැමිණි අලුත්ම සාමාජිකයාය. 
            ඔහු සිහින්ය,උසය.තට්ටය පෙනෙන නොපෙනෙන දුරට කැපූ කොණ්ඩයකි.පෙනුම ෂාරුක්ටවත්,බේකම්ටවත් අඩුම ගානේ මර්වින් සිල්වාටවත් සමාන කිරීමට උත්සහ කොට නැත.ඇත්තේ  ලංකාවේ පළමු තේ පැළය හිටවූ යුගයේ පුද්ගලයෙකුගේ පෙනුමය,විලාසිතාය.කොටින්ම කියතොත් ඔහු වෙන කවරෙකුවත් නොව ඔහුමය.
           ප්‍රසිද්ධ නමක් නැති  ඔහුට, "ඔහු" යන සර්ව නාම පදයෙන් ආමන්ත්‍රණය කිරීම අපේ පන්තියේ සිටි අයට ටික දවසකින් එපා වූ සේම ,මෙම "කතාවේ""රචකයා" වන මටද දැන් එය එපා වී ඇත. ප්‍රශ්නයට පිළියමක් වශයෙන් අලුත් නාමකරණයක් යෝජනා විය. "හෝම්ස් "....කිසිම අර්ථයක් ,සාරයක් නැති නමකි (අනීවාරතේ නමකි).ඉංග්‍රීසියෙන් "හෝම්" යන වචනයෙන් "ගෙයක් "ගැන කියවෙන වගත් "හෝම්ස්" යනු එහි බහු වචනය බවත් පැවසීමට ශබ්ද කෝෂයක් පෙරළීමට අවශ්‍ය නැත.
         නමුත් මගේ මිතුරන්ගේ මතය වුයේ වෙනමම එකකි.එක්දහස් අටසිය ගණන්වල "හෝම්ස් "නමින් රහස් පරීක්ෂකයෙක් සිටියේලු !.ඇත්තටම නොසිටියේලු.එය මන:කල්පිත චරිතයකි."ඔහුගේ "පෙනුමත් හැසිරීමත් හෝම්ස්ට සමානලු ..ලු....ලු....ලු...   
      ටීක දිනකින් "හෝම්ස්"ගේ ඇත්ත නම හෙළිදරවු විය.එවිට ඇත්ත නමත්,කලින් නමත් එකතු වී අලුත්ම නාමකරණයක් යෝජනා විය."පවිත්‍ර හෝම්ස්"!!.ගැමි ව්‍යවහාරයේ එළ හරකාත් මී හරකාත් එකතු වෙනවාය කියන්නේ මෙවැනි දේටය."පවිත්‍ර හෝම්ස්? ".බැංකුවක නිවාස ණයක්?
 
         මේ නමට ඔහුගේ (හෝම්ස්,පවිත්‍ර හෝම්ස් ...)ප්‍රතිචාර කෙබඳුදැයි බැලීමට අපි පරීක්ෂණයක් සැළසුම් කළෙමු.පරීක්ෂණයෙන් ලැබුනේ කිසිසේත්ම අපේක්ෂා නොකළ ආකාරයේ ප්‍රථිපලය.ඇපල් ගෙඩියක් බිම වැටෙනවා දුටු නිවුටන් සිතූ මනස්ගාත විශ්වාස කළ හැකිය.අකුණු ගසන වෙලාවක සරුංගල් යැවූ ඔහු (නම මතක නැත ) කිවූ දේ විශ්වාස කළ හැකිය.නමුත් මොහු ? .හෝම්ස් යන නම කන් බෙරය ස්පර්ශ කළ මොහොතේම "පවිත්‍ර හෝම්ස් " ගැහැණු ළමයෙක් වැඩිවියට එළඹෙන්නාක් මෙන් විකසිත විය. දෑස පොපියන්නට විය.කම්මුල් රතු විය.අපි පළමු වතාවට ඔහුගේ දත් දෙපළ දුටුවෙමු!!.

                 මතු සම්බන්ධයි (නමුත් දෙවන කොටස ගැන වැඩි බලාපොරොත්තුවක් නැත )
                       (සැ.යු ,ලංකාවේ පළමු තේ පැළය සිටවූයේ 1867 දීය )
Share:

11 comments:

  1. එළම කිරි කොල්ලා... ඔහොම යං! මම ඒත් හිත හිත හිටියෙ උඹ blog ලියන්න ගත්තොත් කොහොමට හිටියිද කියලා... එළම කිරි ඩූඩ්!!!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි අක්බෝ ..ඔහොම යං ඔහොම යං නේ ?

    ReplyDelete
  3. මටනම් ඉතින් තාම කිසිම අයිඩියා එකක් නෑ වෙන්නෙ මොකද්ද කියල ;) කතාවෙ ඉතිරි කොටස ඉක්මනත දීපන් කොල්ලො

    ReplyDelete
  4. අඩෝ පට්ටනෙ බන්...මේ ටිකෙ ගෙදරද ඉන්නේ..
    මමත් ඔයාගේ ජාතියෙම වැඩක් පටන් ගත්තා......
    2600 බුද්ධ ජයන්තිය වෙනුවෙන්

    පස්සේ හෙමිහිට බලන්නකො..
    mennamagelokaya.blogspot.com

    ReplyDelete
  5. @agentx :අදහසට ගොඩක් ස්තූතියි කොල්ලෝ ..ඉක්මනට "දෙක" දාන්න ට්‍රයි කරන්නම් .වැඩිය කල් යන එකක් නෑ ......

    ReplyDelete
  6. @priyanka :අඩේ තෑන්කූ මචං .ගෙදර තමා බන් නිර්ධය අන්දමින් අපේ විභාග කපා දැමුවා ..උඹනම් "අනීවාරතේ " වැඩක නෙවේ වගේ ..2600 බුද්ධ ජයන්තිය මරු මරු ...ඔහොම යං !!

    ReplyDelete
  7. මචo කතාවෙ plot එක දෙන්න බැරිද ? මට මේකෙ අගක් මුලක් තේරෙන්නෙ නැ... :(

    ReplyDelete
  8. @vimukthi ප්ලොට් එක කිවුවෙ බං ?

    ReplyDelete
  9. දැන්නෙ කොල්ලො මට කතාව තේරෙන්නේ... :D
    එලම කිරි, දිගටම ලියපං....(වැරදුනා, ටයිප් කරල එන්ටර් කරපං)
    අපිත් connection 1ක තියෙනකං කොමෙන්ට් කරන්නං...
    (p.s. හැබැයි මචෝ වැඩේ ආතර් කොනන් ඩයල් ට අහුවෙන දෙන්ඩ එපා, බුද්ධිමය දේපල නුසුදුස්සන් අතට පත්කිරීමේ වරදට උඹව දායි ඇතුලට)

    ReplyDelete
  10. ඇට් ෂේන් ඩී :අඩේ තෑන්කු මචං කමෙන්ට් එකට .ගොඩක් අගය කරනවා .ආතර් කොනන් ඩයල් එක සිංහල දන්නෙ නැතුව ඇති මම හිතන්නෙ :ඩී .
    …ප.ලි :shane D කිවුවාමනම් කවුද කියලා තේරෙන්නේ නෑ .ඒත් මම දන්න කවුරුහරි වෙන්න ඇතිනේ ?:පී

    ReplyDelete
  11. අඩෝ ... කෝ මේකෙ 5 .....

    ReplyDelete