Jun 18, 2011

ආයෙමත් හෝම්ස් (හතර )-බේකර් වීදියෙන් ආමර් වීදියට !

මෙය නම් සුළුවෙන් තැකිය නොහැකි නින්දාවකි."වොට්සන් ?නිකන්ම නිකන් නෙවෙයි, දොස්තර වොට්සන්!!"
මෙතෙක් පන්තිය තුළ මා ගොඩ නඟාගෙන උන් නොකැළැල් අභිමානය "ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය මෙන් " සිඳී යන බව මට කීවේ බොරු නොකියන හොඳ මිතුරෙකි ."ආගන්තුකයෙක් " හා කතා බස් කිරීමේ විපාක හොඳ හැටි විඳිනා මම , එක් වරක් නොව සිය වරක් ඇඟේ හැපී වැටුණද කොටින්ම අතක් පයක් කඩාගත්තද  නැවත පවිත්‍ර හෝම්ස් දෙස නොබැලීමට ඉටා ගතිමි.
කෙසේ කුමක් කීවද ඇත්ත වශයෙන්ම මේ ෂර්ලොක් හෝම්ස් කියන හාදයා ගැන මගේ හිතේ ඇතිවී තිබුනේ දැඩි කුතුහලයකි.වාසනාවට හෝ අවාසනාවට ෂර්ලොක් හෝම්ස් කතාවක් කියවීමට තරම් එම කුතුහලය මා ඉදිරියටම "දැක්කුවේය".අනෙක් වාසනාවන්ත හෝ අවාසනාවන්ත සිද්ධිය වූයේ මා එයට ඇළුම් කිරීමයි!!.පවිත්‍රගේ "අනුකාරක රංගනය " හොඳින් පැහැදිලි විය.මගේ අලුත් නාමකරණයට හේතුවත් හොඳින්ම පැහැදිලි විය.පැහැදිලි නොවූ එකම දේ පවිත්‍රගේ  හිතේ හෝම්ස්ට ඇති ආදරයයි.

දෛවයේ කුරිරු සරදම (අංක දෙක )
මම කොළඹ අතරමං වීමි.!!කුමන මොහොතක කෙසේ වූවාදැයි නොදැන,එක්වරම නන්නාදුනන පෙදෙසක තනිවූ බව පැවසීම, ලැජ්ජාව හොඳහැටි අදුරන මට උඩ බලාගෙන කෙළ ගසාගැනීමක් වුවත්, පාඨකයාට ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කළ යුතු නිසා (ස්වාධීන රූපවාහිනියේ මෙන් ) මෙසේ ලියමි/ටයිප් කරමි.
ලවු කරන්න උත්සහ කරමින් සිට හදිසියේම වියෝ වූ ෆෝන් එකේ බට්ටිට සාප කරමින්,පසුම්බියේ දඩ කොළ,බස් ටිකට් මැද රුපියල් දහයක් හෝ සොයාගැනීමට වෙර දරා අසාර්ථක වූ තැන "අඳුරන "දේව දූතයෙක් හෝ මුණ ගැසේවීය යන බලාපොරොත්තුවෙන් මම පදික වේදිකාවේ ඔබ මොබ ඇවිද්දෙමි
කතාවේ ඉතිරි කොටස ඔබ මේ වන විටත් අනුමාන කර ඇති බව මම දනිමි .

අනුමාන අංක 1-පාරේ වැටී තිබෙන රුපියල් 100ක් දැකීම.
අනුමාන අංක 2-ලවු නැති බට්ටියක් හමුවීම.
අනුමාන අංක 3-ඇහැරීම.

නැත.මට පවිත්‍ර හෝම්ස් මුණගැසින!!.සියළු තරහ මරහ අමතක වී සැබෑ මිත්‍රත්වය ඉස්මතු විය. මා ගුණමකුවෙකුයයි  යයි නොසිතුවාට ඔබට ස්තූතියි.සුළු මොහොතකින් "නව දේව දූතයාගේ" දේව වදන් මට ඇසෙන්නට විය.
"හා පුදුමාකාර හමුවීමක්.මිත්‍රයා මොකද මෙහෙ කරන්නේ?"
" මමද? මම මේ ....මම...ටවුන් හෝල් යනවා.මේ ළඟ පාත නේද?මට හොඳට මතකයි මේ හරියේ තමා"
"ටවුන් හෝල්?...හහ් හහ් හහ් මිත්‍රයා ඔබ හරි විනෝදකාමියෙක්නෙ?මේ ආමර් වීදිය.ටවුන් හෝල් මේ ආසන්නයෙවත් නෑ "
පොඩි අතපසු වීමක් වුනු බව සැබෑය."නමුත් උන්නු හැටියට මළා මදෑ!! "
"ඉතින් ඔබ ..නැහ් ඔබ නෙවේ ඔයා මොකද මෙහෙ කරන්නෙ?"
"මම ඉන්නේ ආමර් වීදියේ .මෙහෙ බේකර් වීදියක් නෑනේ මිත්‍රයා "ඔහු දෙවන වරටත් දත් ප්‍රදර්ශනය කළේය.
මට පවිත්‍රගේ "පෙම්වතාගේ "වාසස්ථානය සිහි විය. 221B බේකර් වීදිය,ලන්ඩන්.!!

"221B අංකයක් හෙවුවා .හමුවුනේ නෑ "
ඉන්පසු ටික වෙලාවක් ඔහු මා නිරීක්ෂණයට භාජනය කළේය.මට අනතුරක සේයාවක් දැණින.ඔහු මදහසක් පෑවේය.
"මට කියන්න මිත්‍රයා ඇත්ත.ටවුන් හෝල් යන මුවාවෙන් මෙතනට වෙලා ඉන්නේ අහම්බකින් නම් නොවේ "
මට පළමු වතාවට ඔහුගේ "නිරීක්ෂණ හා පරීක්ෂණ " ගැන පැහැදීමක් ඇතිවිය.
"හ්ම් කොහොමද එහෙම කියන්නේ? "සාම්ප්‍රදායික ප්‍රශ්නය!!.
"මම මෙතනට එන විට ඔබ කවුරුන් හෝ බලාපොරොත්තුවෙන් වටපිට බලමිනුයි සිටියේ.ඔබට මුනගැසීමට අතිශයින්ම වුවමනා කෙනෙක්.
"හ්ම්"
"ඔබ වරින් වර ජංගම දුරකථනය දෙස බැලුවා ඔහුගෙන් හෝ ඇයගෙන් පණිවිඩයක් ලැබේවි කියා.මට සීයට සීයක් විශ්වාසයි ඒ කාන්තාවක් කියන එකනම්."නැවතත් මඳහසක්
"හ්ම්"
"ඔබට ඇයව නිරන්තරයෙන්ම සිහිපත් වෙනවා.ඇගේ ඡායාරූපයක් තිබුනා ඔබේ පසුම්බියේ .නමුත් දැන් එතන නෑ.ඔබ එය සොයා බැරිම තැන ශෝකයෙන් වටපිට බලනවා"
"හ්ම්"
`````````````````````````````````````````````````````````````````ඉවරයි!! .."හ්ම් හ්ම් " නොකියා කමෙන්ට් එකක් දාලාම යන්න
Share:

3 comments:

  1. දොස්තර වොට්සන් කට පියන් උන්නේ ඇයි.?
    කියන්න එපැයි "අනේ හෝම්ස්., උඹ දන්න බම්බුවක්." කියලා..

    :-)

    කමක් නෑ කතාව මල් හතයි..ඔහොම යන්..ඔහොම යන්

    ReplyDelete
  2. එල එල ..ඒක වෙන්නේ ආයෙමත් හෝම්ස් (පහ ) දී නෙ .

    ReplyDelete
  3. පාඨකයාට ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කළ යුතු නිසා (ස්වාධීන රූපවාහිනියේ මෙන්)........
    -------------------------------
    තව ෙකාච්චර වැදගත් පුවත් තිබ්බත් ඉතින් වැඩකට නැති ඒවා තමයි ඒයාලා කියවන්ෙන්...
    -වොට්සනුත් ඒෙහමද???-

    ReplyDelete