Dec 15, 2011

ටයිටැනික් ගිලුණේ නැත්නම් ........







ජැක් රෝස් සමඟ යම්කිසි සංහිඳියාවකට එළඹී ඇති බව ආරංචි වූ කල්හී කැල්ගේ දෑස් කඳුලු ගෑස් පාරක් කෑ පරිද්දෙන් ඇවුලුම් දෙන්නට විය.දෙකන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙන් ඝෝෂා සහිත විය.
එකල්හී මේ මානවකයා කළේ කුමක්ද?
රෝස්ට තෑගි දී තුබුණු වටිනා දියමන්ති මාලය තමාගේ සුවච කීකරු ගෝලයා ලවුජෝයි ලවා හොරෙන්ම ජැකාගේ සාක්කුවට රිංගවා බොරු හොරකමකට ගොදුරු කරවීමයි..
අහෝ අහෝ..කොන්ද කෙලින් ඇති වීර ධීර මහෝත්තම පුරුසයෙක් ලෙස කේශර සිංහ නාද නංවා අසාධාරනයට හිස නැවූ ජැක්ව නැවේ පහළ තට්ටුවේ පයිප්පයකට තබා ගැටගසන ලදී.



(කතාවේ හැටියට මේ වනවිට නැවට සුවිප් එක ඇදී තිබිය යුතුය.දැන් එහෙම නැත )

දැන් එතැන් සිට


කැල් වල් හිනාවක් දාගෙන පැමිණේ.

කැල්

හිකිස් (:P) මචන් වෙච්ච වැඩේ හරි පදිරී
ජැකා හොරා යයි දස අත යයි  පැතිරී
බැන්දත් හීන කරගන්නට ඈ බාරි
රෝස් මගේමයි තෝ දැනගනින් හරි

ජැක්     

ටින්ට් පාට කෙහෙ රැල් රොද කැරලි දමා
සැම අත සොඳින් හිත් කලඹන  බැලුම් යොමා
හිටියත්  ඇගේ අත ගන්නට දනිහ නමා
හිපාටුවෝ ඈ තොට නොව මටම තමා

කැල්     

පල ඩෝ යන්ඩ උඹ දියමන්ති හොරා
රෙද්දක් ඇඳන් යන්ඩද දැන් රෝස් කරා?

ජැක්     

උඹේ ප්ලෑන මම දන්නවා  කුජීත
සිඳලනු බැරිය ලවු එක අපෙ ප්‍රණීත

කැල් පිටවී යයි..ටිකකින් රෝස්ගේ මව පැමිණේ.

රෝස්ගේ මව

ඉන්නේ දුම්බරයි මහ කළු

ඌව් ෂිට් ෂිට්.......

කළු ගල් තලා......
ඌව් මා ගෝඩ්

කවි ඕන් නැහ්....
දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ.මම මේකව දැක්ක ගමන් කිවුවා මේ නං මහ නොසන්ඩාල කුඩුකේඩු ඉලංදාරියෙක්ය,අපේ රෝසුත් ඉතින් නාහෙට අහන්නේ නෑනේ.අනේහ් මන්දන්නෑ මොනවා කරගත්තද කියලා..ඒකිගෙ මූණේත් දැලි ගාගෙන අපේ මුණෙත් ගාලා.මොකක් හරි නස්පැත්තියක් කරගෙනනම් කපල දානව මුහුදෙ

ජැක්      

බොලං නැන්දේ ඔබ සිතු දේ හරිම නැත
 මගෙ පණයි හිතයි ගතයි රෝස් මත

රෝස්ගේ මව

හික්..හිතනම් කමක් නෑ..ගත තමයි මට හැක..උඹ ඒ පාර කවියෙන් මාව මට්ටු කරන්නද? බලාපන්කො මේ නැව ගරාජ් එකට දැම්ම...නෑ නෑ.... වරායට ගියාට පස්සෙ වෙන දේ

රෝස්ගේ මව පිටවේ.ලවුජෝයි පැමිණේ

ජැක්               

පවුල් කඩන වින කරනා පවුකාර
කටු ඉඹුලේ විස කටුමයි තොට බාර

ලවුජෝයි        

කුරුළු කූඩු කඩන්න මට නැත  ඕනා
කළ යුතු වේය හැම දේ මම බොස් කියනා
දෙයක් තිබේ බං මම හොඳහැටි දන්නා
රෝස් "සිරා"  උඹ අත්හැර ඈ නොයනා


ලවුජෝයි එතන සිටියදීම රෝස් පැමිණේ

රෝස්

මා මෑණියගේ බස් සත්තයි නොමැත සැකේ
තොප පිළිකුල්ය මාහට දැන් චිකේ චිකේ
දියමන්තියට විදි චිත්‍රය අඳින ටිකේ
විදින දෙයක් වෙන දැක්කේ නැතිද ජැකේ?

රෝස් පිටවී යයි.ලවුජෝයි ජෝයිෆුල් මුහුණකින් ජැක් දෙසම බලා සිටී.

ලවුජෝයි   

මාර වැඩේ නේද ජැක් උනේ?

ජැක්     

ලව්ජෝ මචෝ ලව්  එක නෑ කිසිම ජෝයි
වරායකට ගියොතින් මට කෙළිල තියෙයි
ඊට කලින් නැව ගිලුනත් එකක් ඕයි
නැව ගිලුනත්.........

ලවුජෝයි

තෝ මුහුඳේ, ඒකි ගොඩට යනව ඕයි

ජැක් 

ඔව් ඕයි !
Share:

18 comments:

  1. අෆ්ෆට බොල.. මාරයි ඇහ් :D

    ReplyDelete
  2. @ Bunny ෆිස්සු හැදෙයි..අහන්නත් සන්තෝසයි

    ReplyDelete
  3. මොනවහරි කියලම යන්

    ReplyDelete
  4. පට්ට කවි සෙට් එකක්.

    ReplyDelete
  5. පට්ට පහර මචෝ තම්බ්ස් අප්

    ReplyDelete
  6. අඩෝ ආයෙමත් හෝම්ස් අප්ඩේට් කරපන්කෝ

    ReplyDelete
  7. එහෙනම් වෙලාවට නැව ගිලුනෙ නේද.

    ReplyDelete
  8. කවි ටික නං මරු! සිතුවිල්ලත් මරු

    ReplyDelete
  9. @chooty n මධුරංග
    එළ එළ තෑන්කූ දෙන්නටම

    ReplyDelete
  10. @Chooty
    හරි හරි මචෝ ඉතා ඉක්මනින්

    ReplyDelete
  11. උඹ වගේ එකෙක් ඉන්නවද සැමා කියල.. පට්ට කතා ටිකක් තියෙනවා ඔක්කොම කියවන්න ඌනේ
    ජය !!

    ReplyDelete
  12. @පිණිබිඳු: යා යා ඒක ජැකාටත් හොඳයි..අපිටත් හොඳයි

    ReplyDelete
  13. බොහොම ස්තූතියි බුද්ධි ඇන්ඩ් Najath Akram

    ReplyDelete
  14. @අසරණයා : මචෝ මම වගේද මන්ද ඒත් සෑමා නම් දන්නවා..මිනිහයි මායි එක ඉස්කෝලේ එක පන්තියේ....එළ මචෝ දිගටම බලපන්

    ReplyDelete
  15. අඩේ අදයි මේ බ්ලොගේ දැක්කෙ..... පට්ටයි මචෝ පට්ටයි...!

    ReplyDelete
  16. Horaa wuna namuth nathi muth jack kolla......
    Kawa melesa boot ekak gena illa.....
    Kal tath kawada hari dawasaka Jack palla......
    Labenawamai oka paw ban e kolla.....

    ReplyDelete