තනියම
එද්දි අතු පාරක රෑක මං
රථයක්
හිටල ඇන්ජිම, දමනවා දුං
අඩියක්
විතර බොනැට් එකට වෙලා ළං
කෙරුවේ
මොකාදැයි බැලුවා මෙය ඩ්‍රයිවිං
ඩ්‍රැයිවර් හොඳයි එකම අවුල ඩ්‍රේස් එකය (සුදු සාරියක් )
දෙවෙනි
අවුල දැක්කේ ටිකකට පසුය (ළමයෙක් )
ළමයා
දෙන්ට හැදුවොත් දෙන උත්තරය (ඔයා ළමයා අල්ලගන්න,මම රෙද්ද හදන්නම් )
මතක්
කරන් කෙලින් කළා පුරුෂ කය
අනේ
හලෝ ගත් කාරය අලුතින්ම
අප්සැට්
වෙලා නැවතී මං එක තැනම
බිය
නොම සොඳුර ඇන්ජිම හතරක් පහර (4 ස්ට්‍රොක්)
සදනෙමි,
දෙන්න බොනැට්ටුවේ ලොක් යතුර
සෝ
සුවීට් අය්යෝ.. මොකක්ද ඒ පහර හතරෙ කතාව?ගෑනු අපි දන්නේ ඉතින් එක පහරක් ගැන විතරනෙ..(සරාගී සිනාවක් පාමින් )
මුල්ම
පහර වෙන්නේ "Intake"ය
ඊටපස්සේ
ඇත්තේ "Compression"ය
"Power"
ඉවර වුනු පසු “Exhaust” ය
අක්ක
දැනන් උන්නේ පළවෙනි එකය
ලාස්ට්
එකත් මට අමතක වෙලා වගේ
අපොයි
කියන කතා, නැතුව විලිසංගේ
අයියෝ
නෑ එහෙම තමයි ඇන්ජිමක්
වැඩ
කරන්නෙ ඇත්තේ පියවර හතරක්
මෙහෙමනේ
සීන් එක ඇන්ජින් එකේ පිස්ටන් උඩ පහළ යන්න පවර් එක ගන්නේ සිලින්ඩර් සෙට් එක ඇතුළෙ ඩීසල් මික්ස්චර් එකක් පත්තු කරල.
අනේ
සුවීට්...කවියෙන්ම කියන්නකෝඕඕඕඕ..
වාතය
සමඟ ඩීසල් යන මිස්චරය
සිලින්ඩරය
ඇතුලට දැන් ගෙන ඒය
ඔහොම
වෙද්දි පිස්ටන් එක යට යාය
"ඉන්ටෙක්'
කියා කීවේ මං මේකටය
හානේඑ..ඒ .ඒ ..ඒ
යට
ගිය ඒව ආපහු උඩ ආ යුතුය (ලජ්ජාශීලී සිනා )
පිස්ටන්
උඩට එයි, ඩීසල් තෙරපේය
ගානට
තදවෙලා වෙලාව ළංවේය
පත්තු
කරනු නැත්තං පසුතැවේය
හිකි
හිකි ..හ්ම් හ්ම් හ්ම්..
පත්තු
කරල ඩීසල් ,ලොකු අකුණකින් (sparking)
ආයෙත්
යවයි පහළට ,උඩ ආ පිස්ටන්
පුදුම
සැරයි අක්කේ බොරු නෙවේ බන්
රෝද
හතර කැරකෙයි මේ දෙන බලයෙන්
ම්
ම් ම් ගොඩක් සැරයි වගේ තමා..
වෙන
දේ උනා දැන් ඩීසල් පත්තු වෙලා
ඒවෑ ප්‍රතිපලත් ඇත ඇතුළේ එකතු වෙලා
පිස්ටන්
ආයෙමත් ගොහිල්ල ඉහළ බලා
ඉතුරු
උන ටිකත් එළියට තල්ලු කළා
ආආආආ
ඒ මොනවද ඒ?
කාබන්ඩයොක්සයිඩ්
එහෙමනෙ..ඒවා අන්තිම පහරෙදි එළියට යවනවා....ඊට පස්සේ යනවා සයිලන්සරය ඇතුලෙන්..දිගටම එළියට.
පිස්ටන් වලට සැට් වී ඇති දඟරකඳ
කැරකෙයි නිතර පිස්ටන් වල පහස විඳ
ෆ්ලයි වීලයද , ගියර් වීල් ගොඩක් මැද
යන මේ ගමන අවසන කැරකේ රෝද
මල්ලිනම් පුදුම වැඩකාරයෙක් ..කතාවෙන් කතාවෙන් ඇන්ජිමත් හැදුව නේද?
සුළු දෙයක්නෙ...ස්ටාට් කරල බලන්නකෝ එක පාරක්
අහ්...මේ බබාත් එක්ක බෑ පොඩ්ඩක් තියාගන්නවද තරහ නැතුව?
සුළු දෙයක්නෙ...
ඇස් වහක් කටවහක් නැත ඇන්ජිම ස්ටාර්ට් විය..ක්ලච් ගියර් බොක්ස් පමණක් නොව ඇක්සලරේටරේද වැඩය.බ්රේක් වැඩ කරනවාද දන්නේ නැත,ඒක බලාගන්නට මෝහිනී අක්කා බ්රේක් ගැහුවේ නැත.මා ළඟ තනි වූ පොඩි එකා දත් කැකුළු පා කින්ඩි සිනාවක් දමා ඔයිල් පාරක් ලීක් කරන ලදී.
"අනීවාරතේ" විධායක සභා රැස්වීමේදී ගන්නා ලද තීරණයකට අනුව හුදෙක් අනීවාරතේ අන් අයට මඩ නොගසා සියළු සත්වයන්ගේ හිත සුව සහ පහන් සංවේගය උදෙසා අරඹන ලද්දා වූ "අනීවාරතාවිජානන" ලිපි සරණියේ පළමුවැන්න මෙසේ මහත් වූ අභිමානයෙන් ඔබ හමුවේ දිග හරින ලදී.අනීවාරතාභිවෘද්ධිය (අනීවාරතේ අභිවෘද්ධිය ) උදෙසා ඔබගේ ප්‍රතිචාර තබනු.
දැන් මට තනියෙන් කාර් එකක් ගලවල සුද්දකරලා නැවත හයිකරන්න පුළුවන්.වදකරයිද දන්නේ නැහැ.
ReplyDeleteනැතිකලට මෝහිනී අක්ක උනත් මොකෝ!නැද්ද!
ReplyDeleteපට්ටම නිර්මාණයක් කොළුවෝ...
ReplyDeleteසිරාය.. මෝහිනි අක්කාට සුභ පතමි !
ReplyDeleteවැඩේ පට්ටය ... :D +++
ReplyDeleteමෙයින් ලැබෙන පණිවිඩය ... මෝහිනී අක්කා පාවිච්චි කරනුයේ ඩීසල් කාරයකි... ලොල්
එළස් යැ.... කොන්සෙප්ට් එකම මරැය!
ReplyDeleteඅදයි මේපැත්තට ආවේ...
ReplyDeleteගොඩක්ම වෙනස් විදියෙ රටාවක්...ඇත්තටම කියවන්න ආසයි.....:)
මෝහිනී අක්කගේ බබාව දැන් බලාගන්නෙ ඔබතුමාද? :පී
ReplyDelete