Dec 31, 2012

"හෙණ ගහන අලුත් අවුරුද්දක් ! " ,ඔබ සැමට



මායාවරුන්ගේ මායාව නිසා කිසිලෙසකවත් එතැයි නොහිතූ වර්ෂ දෙදහස් දහතුන දැන් ගේ දොරකඩය. දොරට තට්ටුව දැමීමට ,
පෙර සීනුව නාද කිරීමට පෙර 
අපි සූදානම් වෙමු

අලුත් ඇඳුම්
බිත්තියට අලුත් කැලැන්ඩරයක්
අලුත් ඩයරියක්

දෙදාස් දහතුන මුණගැසුණු පසු කීමට දුක් ගැනවිලිද බොහොමයකි.ඒ දෙදහස් දොළහ අපට කළ නොපනත්කම්,කරදර,පාඩු ,පාත් කළ හෙණගෙඩි ගැනය.

එවැනි දෑ දෙදහස් දහතුන අපට නොකරාවියයි අපි විශ්වාස කරමු.
අපිව නොහඬවාවියයි,
   හඬන්න සිටින අපේ ඇස්වලට ඇඟිල්ලෙන් නොඅනීවියැයි විශ්වාස කරමු
බලාපොරොත්තු සුන්ව වියළී ගිය හදවත් බිම්වලට අනෝරා වැසි වස්සවාවියයි 

හිනා වියැකී ගිය මූණු කඩදාසිවල හිනාවන් පින්තාරු කරාවියයි අපි විශ්වාස කරමු


හෙණ ගහන අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට

හෙණ ගහන්නේ ඔබට නොවේය.
ඔබගේ ගමන වළකන ප්‍රතිරෝධයන්ටය
ඔබේ සිනාව වළකන කඳුලටය..
කරුණාව වළකන වෛරයටය...
සතුට වළකන වේදනාවන්ටය..


~ගැටයා~











                                                                                                          
Share:

30 comments:

  1. උඹටත් හෙන ගහන අවුරුද්දකට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. එසේම වේවා (දැන් දෙපාරක් සුබ පැතුවා )
      මම හිතන්නේ මුල්ම පැමිණීම නේ?දිගටම එන්න
      ජයවේවා !

      Delete
    2. යකෝ දිගටම එන්න දිගටම ලියන්න එපැයි.
      කොහොමටත් බොටත් "හෙණ ගහන අලුත් අවුරුද්දක් ! "

      Delete
    3. @Amila ඉතින් බුදු අයියෙ
      ලියන්න මුකුත් මතක් වෙන්නෙ නැත්නම් මොකෝ කොරන්නේ :(

      Delete
  2. අප්පට බොල..මරු අවුරුදු පැතුමක්නෙ...

    එහෙනම් ඔයාටත් "හෙණ ගහන අලුත් අවුරුද්දක් ! " වේවා ! :D

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ නේද
      ජයවේවා ලිහිණි

      Delete
  3. හත්තිලවුවයි........මාතෘකාව දැක්කම ඇස් උඩ ගියා....දැන්නේ ඇහැට ලේ ටිකක් ඉනුවේ.......

    ReplyDelete
    Replies
    1. හොකෑස්
      බය උනාද?
      එහෙම අහිතක් හිතාගෙන කීවා නොවේය
      ජයවේවා !

      Delete
  4. අනිවා හෙන ගහන අවුරුද්දක් වේවා හැබැයි මට.

    ReplyDelete
    Replies
    1. ඇයි බන් මිනිස්සු උඹට සාප කරනවද?
      නමෙන් හොයන්න බෑ..නිශාන් කියලා ඇමතිතුමෙක්නම් දන්නේ නෑ.
      හව් එව(ර්)
      ජයවේවා !!!

      Delete
  5. වසන්තයේ පැතුම් මල් පුදින සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මචෝ එසේම වේවා
      ජයෙන් ජයම වේවා !

      Delete
  6. ගැටයාටත් හෙණම හෙණ ගහන අලුත් අවුරුද්දක් වේවා! ඒ අස්සේ හිතේ තියෙන බලාපොරොත්තුත් ඉෂ්ට වේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මචෝ උඹටත්
      ජයෙන් ජයම වේවා !

      Delete
  7. උඹේත්, කරදර වලට හෙණම පතිත වේවා !!! කිරි පැණි ඉතිරෙන එහෙත් මදු මේහය නොසෑදෙන සුබම සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. හෙණ ගහපන්
      වැහි නැති හෙණ ගහපන්
      මදුමේහය? මතක් කරන්න එපා
      ජයෙන් ජයම වේවා !

      Delete
  8. මම දැකපු හොදම අවුරුදු පැතුම....... එහෙනම් මමත් ඒ විදිහටම කියන්නම් ඔබට හෙණ ගහන අලුත් අවුරුද්දක් වේවා !!!!
    ඒ වගේම හැම දෙයක්ම සතුටින් දරාගෙන ඉන්න පුළුවන් තවත් දින 365ක් වෙනුවෙන් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!!!!

    ReplyDelete
    Replies
    1. :)
      හොඳම එකක්ද මන්දා
      මා දැනිච්ච දේ මගේ විදියටයි කිවුවෙ අකී
      ඔයාටත් එසේම වේවා

      Delete
  9. හෙන ගැහුවත් නොවදින අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. අකුණු සන්නායක තියෙනවා බොලන්
      පුලි ප්‍රොටෙක්ටඩ්
      ජයෙන් ජයම වේවා !

      Delete
  10. ඔබටත් හෙන (හතම නම් නෙවෙයි) ගහන අවුරුද්දක් වේවා!

    මායාවරුන්ගේ මායාව කියන යෙදුම නම් ලස්සනයි. ඒත් මචන්, ඒ කතාව වැරදියි. මොකද මායාවරු කවදාවත් කියලා නැහැ 2012.12.21 ලෝක විනාශය වෙනවා කියලා. ඒක අපේ මැටි මෝල් "උගත්තු" සහ "ජනමාදිලිවෙදියෝ" ටිකක් ගොතපු කෙප්පයක්!

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබෑව..මේ නටන විගඩම් දන්නවනම් ඒ මිනිස්සු වලවල්වලින් නැගිටලා එන්නේ
      ස්තූතියි
      පළමු පැමිණීම කියා හිතනවා .දිගටම එන්න
      ජයවේවා!

      Delete
    2. මීට කලින් ඇවිත් බලලා තියෙනවා. සලකුණක් තියන්නේ නැතිව ගියා. (නින්ජා කෙනෙක් වගේ)
      :-D
      දිගටම එන්නම්කෝ! දිගටම ලියන්න. මගේ බ්ලොග් පැත්තෙත් වෙලාවක ඇවිත් බලන්න.
      ජයවේවා!

      Delete
    3. හරියෝ
      චාමර නින්ජා
      ජයවේවා

      Delete
  11. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. ඇස් දෙක පිසදා පිසදා පිසදා බැලුවෙමි..නැවතත් නැවත නැවතත්
      හත්තිලව්වේ කතන්දරකාරයා තමාය..

      ආවාට තුති මගේ පැල්පතට
      ඔබටත් එසේම වේවා
      ජයවේවා !

      Delete
  12. යන යන තැනට හෙන පතිත වේවා!!

    ReplyDelete
    Replies
    1. උඹටත් අප්‍රිකානු අහසින් එසේම වේවා
      ජයවේවා

      Delete
  13. පාලුවට හෙන ගහන අලුත් අවුරුද්දක් වේවා... :)

    ReplyDelete
    Replies
    1. හික්
      බොහොම ස්තූතියි
      ජයවෙවා !

      Delete