Feb 6, 2013

දෙපස වැනේ ගත්තු යතුරු පැදිය මගේ...


ගොසින් පයින්
කර ලීසින්
ගත් බයිකය
වේ මසුරන්


දෙහි ගෙඩි හා
මිරිස් කරල්
එහි අමුණා
දුම් අල්ලා


දෙවරක් වැඳ
ගෙන එළියට
පණ ගන්වා
එය පදවා

ටික වේලාවකට පසු


බයිකය ගොර ගොර ශබ්දය නිපැදිය
මවිතය මා හද පෙළමින් පැතිරීය
දෙපසට වැනෙමින් මවමින් කම්පන
යා යුතු මග නොව වෙනතක හැරවෙත

මතක් නොවුනු තැන සදනා අයුරක්
බයිකය නවතා තබලා එතැනම
අසුනක් පනවා අසබඩ ගස යට
වඩමා ආවෙමි මිකැනික් සකිසඳ

පුරවර දස්කම් පාමින සැමතැන
තෙදබල එඩි පා ඇන්ජින් පණගෙන
සක්වල ගල තෙක් නංවන කිතුගොස
මිකැනික් සකිසඳ පිළිගමි තුටියෙන
මිකැනික් සකිසඳ පිළිගමි තුටියෙන

දැහැනට සමවැදි මිකැනික් තෙම එහි
වතුරින් කිරි ටික වෙන් කරනා සොඳ
හංසය විලසට පිරිපුන් නුවනින්
බයිකය සකැසී,ප්‍රශ්නය විමසී


නැණැස විවර වී බයිකය පිළිබඳ
අසනෙමි පැනයක් පතමින් අවසර
සබඳ ගැටය මා ,පවසව පිළිතුර
පංචස්කන්දයෙ ඔබගේ,බර කිම?


මා ප්‍රිය ගුණ ඇති මිකැනික් පඬිතුම
කොතෙකුත් කෑවද ගුණයක් නොම දෙන
උසටම සරිලන බර මා සතු නොව
සතරක් සැට වෙයි, එය වේ පිළිතුර


ප්‍රීතී ප්‍රීතී හැන්සම් ගැට පුත
ඇත මෙහි පිළිතුර මාගේ දිව අග
බයිකය සොඳ ලෙස පාරේ යැවුමට
ඔබගේ සිරුරේ බර මදි ඇත


මෙලෙසින් මාවත පැද ගියහොත් මා
අනතුරු සිදුවෙයි ,ලැබදේ මරබිය
පිරිපුන් දැනුමැති මිකැනික් පඬිතුම
කුමක්ද බයිකය හසුරන පිළිවෙල?


බර අඩු වී නම් ඒකට පිළියම
බර මෙහි වැඩි කොට පැදවීමයි පුත
පනසට නොම වැඩි බරකුත් පිටුපස
ඇති විට බයිකය නොම දේ කම්පන






නැත නැත ගැට පුත නොම සිත එලෙසින
පණ නැති දෑ නොම දේ හරි පිළිතුර
විස්සට නොම අඩු විසි පහකට අඩු
සුදු පැහැ සම ඇති පණ ඇති විය යුත








නෙදකින් ගැට පුත නුඹ වේ සංකර
කෙලෙසද කොල්ලෙක් ආවේ මනසට
මුතුවන් දත් ඇති දිග කෙහෙරැල් ඇති
අඟනුන් කොපමණ වේදෝ මිහිතල


එනමුත් පඬිතුම මට මෙය පවසව
කෙලෙසද අඟනක් වන්නේ පිළිතුර?


නුඹගේ දිවි මග කැළඹී ඇති වෙද
එහෙයින් කම්පන ඇත යන මාවත
වළකා ඒ සැම සරි මඟ දක්වන
කෙනෙකුන් පසුපස හිඳුමෙන් වේ සැප !!


බයිකයේ ඇතිවන කම්පන හා අනවශ්‍ය විස්ථාපනවලට විසඳුමක් වශයෙන් බයිකයේ බර වැඩි කිරීම සඳහා පිටුපස තබාගෙන යාමට පෙර සඳහන් සුදුසුකම් ඇත්තියක් වුවමනා කර තිබේ.....


 images-cabservicesgampaha.blogspot.com ,www.stormfront.org




Posted under ගිනිබෝල (කෙල්ලේ උඹ ගැන ) and වින්දනීය ගැට පද
scroll up for more 






Share:

33 comments:

  1. අනේ බං සහෝ... මේ විජ්ජාවල් නං මට තේරෙන්නේ නැ ඕං.. ඒත් උඹ දන්න දේ බොහොම ලස්සනට කියලා තියනවා.

    ReplyDelete
    Replies
    1. තුති මල් ඔබ හට නලීන් සොහොයුර
      නුඹ කියනායුරු විජ්ජා මගෙ නැත

      ජයවේවා !

      Delete
  2. අති විශිෂ්ඨයි බන්.. අති විශිෂ්ඨයි...උඹනම් සැබෑම දක්ෂයෙක්...

    ඉක්මනින්ම ඔය පතනා බර ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. සෙන්නා සකිසඳ ඔබ හට කිවයුතු
      දෙයක් තිබේ මට සිහිවෙන නිරතුරු
      කොමෙන්ටුවක් ඔබෙ ලැබුනම පළමුව
      කිරි ඉතිරෙයි බං අම්මප දිගටම

      ජයවේවා !

      Delete
  3. //ප්‍රීතී ප්‍රීතී හැන්සම් ගැට පුත// මාරු කෑල්ල.

    අපි වැටුනෙත් බයිසිකලෙන් මෙන්න මේ දේ තේරුම් ගන්න බැරි වුන නිසා වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. "ප්‍රිතී ප්‍රීතී හැන්සම් ගැට පුත"
      "මාරයි " වන්නේ කිමදැයි පවසමි

      ඒ ඒක ඇත්ත හින්දයි බන්
      ස්තූතියි
      ජයවේවා !

      Delete
  4. සාදා දැන්වීම හොඳ හැටි ගුණ තවරාන...
    දාලා බලං ගැටයො පත්තරයකට...

    ReplyDelete
    Replies
    1. මේකත් ටිකක් හොඳ ඇති නේදෑ අක්කේ?
      ඉස්සරහට කුමක් නමුත් විය හැක්කේ

      Delete
  5. එම සුදුසුකම් සහිත ඇත්තියක් ඉක්මනින් ලැබේවා !

    ReplyDelete
    Replies
    1. තුති පුදනෙමි ඔබට අයියන්ඩියේ වෙනී
      බයිකය දුවයි එතකොට දස අත නොවැනී

      Delete
  6. සිමෙන්ති කොට්ටයක් තියාගන්.... බර ගානට :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අව කැපෙනා කියුම් නොකියව තෝ අඩවි රජා
      පණ ඇති කෙනෙක් හොයනට මගෙ ඇත්තෙ රුජා

      Delete
  7. අනේ හොදා කාට කාට හරි හරියනවනම් .... උබ කොහොම හරි බ්ලොග් එකේ දැන්වීමක් දැම්ම නේද කෙල්ලෙක් අවශ්‍යයි කියලා ...හික්..

    ReplyDelete
    Replies
    1. අනේ මචන් එහෙම දෙයක් නොම කෙරුවේ
      බයිකය අපරාදේ හින්දයි ඒ දේ හෙවුවේ

      Delete
  8. අති විශිෂ්ඨයි මචං...

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වාගේ එන කොමෙන්ටුව
      ඇනෝ දරුව ඔබමයි මම තුති පිදුව

      Delete
  9. ගැටයා අැටයා වුනාම බර මදි තමා බං

    ReplyDelete
    Replies
    1. ඇටයා වගේ ඉන්නේ මම සෑම් මචන්
      මහත් වෙන්න උඹ බිවු කිරි එක කියපන් (කරුණාකරලා )

      Delete
  10. :) :) :)
    දැන්වීමට ඉක්මනටම පිළිතුරු ලැබේවා.......

    ReplyDelete
    Replies
    1. ඇවිදින් මෙහෙට හිනා ගොඩක් අද වස්සා
      කළ පැතුමටම මගෙ අප්සට් එක බැස්සා

      Delete
  11. නොකියමි බොරුවක්
    ගැට පුත නුඹ හට
    කවි පද හත අට
    පට්ටම විය මට

    ReplyDelete
    Replies
    1. ඇවිදින් කියවා
      කියු දේ දැකලා
      හද පිරි සතුටෙන්
      තුති බන් "සිතුමා"

      Delete
  12. හික්ස්
    පස්සෙයි තේරුනේ මොකක්ද කියලා

    ReplyDelete
    Replies
    1. හිකිස් ගෑවෙ මං කියූ දේ වැරදීද?
      අපිත් යමක් කරගත්තොත් බොට ජෙලද?

      Delete
  13. තාම දැන්වීමට උත්තර ආවේ නැද්ද බං? ආවොත් මටත් කියහන්. ;)

    ReplyDelete
    Replies
    1. මට පෙනෙනා අයුරට
      ඉෂානයෝ උඹටත්
      යමක් කරගැන්මට
      හිත් පහළ වී වාගේ (ඈම් අයි කරෙක්ට් ? )

      Delete
  14. Replies
    1. අනේ මචන් ගෙවුව සල්ලි අපරාදේ
      පයින් යන්ඩ බෑ බං රිදෙනව පාදේ

      Delete
  15. හොදා හොදා.. හොයාගනිං කෝ එහෙනං බර හෑල්ලු කොරගන්න බරක්.. හැබැයි ඉතිං ටික දවසක් ගිහිල්ල කියනව හෙම නෙමේ පට්ට බරයි කියලා... හෙහ්...

    ReplyDelete
    Replies
    1. හැබෑව නේ
      ඔය බර කියන ජාතිය එහෙම තමා
      වැඩි උනත් කරදරේ
      අඩු උනත් එහෙමයි (ඒකයි 50ට අඩු කියලා මිකැනික් සකිසඳ කිවුවෙ මහිතෙ )
      සාදරයෙන් පිළිගන්නවා අනීවාරතේට
      ජයවේවා !

      Delete
    2. අඩේ දේශක
      අමතක වෙලානේ මේකට කවියෙන් රිප්ලයි කරන්න :(

      Delete
  16. අගී අගී ඒ අදහස නුඹේ ඉතා
    වඩා දිරිය ගනු මැන යස බරක් ඔතා

    (දිලිනි අක්කා)

    ReplyDelete
    Replies
    1. අදහස මගේ අගනා වූවද අක්කා
      රිප්ලයි තාම නැත, ඇත මා හිත සංකා

      Delete