Feb 4, 2013

පොල් අතු බත් කඩේ, COLOMBO 7


වරිච්චි බිත්ති..
පොල් අතු වහලය....
මහ පාරටත් පේන කළු ගැහිච්ච මේසය
මහ නගරයක උසට උසේ ඇදෙන තරු පහේ ගොඩනැගිලි ගොඩක් මැද මේ,

"පොල් අතු බත් කඩයයි"

බෝඩ් කෑල්ලක ගසා නොතිබ්බත් ඒ යනෙන උන් කඩය හැඳින්නූ නමයි.."මෙලෝ ගුණයක්" නැති ඇඟේ තෙල පමණක් ගොඩ ගහන බටහිර පන්නයට ගිය කෑම ඇති වූ කල්හී බොහෝ මහත්වරු,නෝනාවරු පොල් අතු බත් කඩේ හොයාගෙන ආහ.කඩේ ඇතුළේදී සිදුවන්නේ හොඳ හුවමාරුවකි.හොඳ ආගන්තුක සත්කාරයක් සමඟ රසවත් කෑම වේලකට---> සුළු මුදලක්


උදේ වේල හා දවල් වේල පමණක් පිළිගැන්නූවද ,අතුරු සිදුරු නැති වෙන තරමට නොවුවත් ,බොහෝ අවස්ථාවල කඩයේ කිහිප දෙනෙක් හෝ සිටියහ.ඉස්තරම් පන්නයට ටයි කෝට් දමාගෙන පොල් අතු හෙවිළි කළ වහලයක් යට කුඩා බංකුවලට වී ආහාර බුදින ඈයින් මවන තරමක් අමුතු රූපයේ කොටස්කාරයෙක් වීම පිණිස මමද එක් දිනක් පොල් අතු බත් කඩයට ගොඩවීමි.ඒ වෙනස් ආකාරයක "භෝජන අද්දැකීමක්" උදෙසා මිස බඩගින්න නිසාම නොවේය.
ඇතුළද තරමක් අඳුරුය.ඇස් අඳුරට හුරු වූ කල්හී නෙත ගැටුණ පළමු මිනිසුන් දෙදෙනාට මම සුහදශීලී සිනහවක් පෑවෙමි.එතෙක් තොරතෝංචියක් නැතිව කියවමින් උන් ඒ අතුරින් එකෙක් මා හා සිනාසෙනු පිණිස ඉතා සුළු වේලාවකට පමණක් කතාව නැවැත්වීය.නැවත ඇරඹීය.

"දැන් බලනවා දැන් මේ රෙදි විස්සක් තිහක් පොරෝගෙන සුද්ද ගෙනල්ල අතෑරපු කෑම කකා උදේ ඉඳන් හවස් වෙනකල් අපි විඳින දුක.තමුසෙ ඔට්ටුවක් දාන්න කැමතිද?ටවුන් වලට ඉන්න ඕන එකෙක්ගෙන් අහල බලනවා ,ගමකට ගිහිල්ලා ඇළක දොළක නාලා කොස් ,බතල ,මංඤොක්කා ඔය ගෙඩි ජාතියක් කාලා ගහක් හෙවණට වෙලා පොඩ්ඩක් ඇල වෙලා ඉන්න කැමතිද කියලා? ඔන්න මම ඔට්ටුව දිනුම්..උන් කියනවා "ඔව් ඔව් නැතුව නැතුව" කියලා.හැබැයි ඕකුන් එකෙක්වත් යනවද? නෑ ඕයි නෑ..අපිව මේ නගරෙට තියලා ගැට ගහල ඉවරයි..ගැටේ ලිහාගන්න දඟලලා තවත් ඒක හිර කරගෙන"


එතෙක් හූමිටි තබමින් උන් අනෙකාද කතාවට සම්බන්ද වූයේ උත්තරයක් ලබා දීම පිණිස නොව සුළු දෙයක් හෝ නොපවසා සිටීම නොහොබී යයි සිතුණු නිස විය යුතුය.

"අපිට ආපහු හැරෙන්න බෑ මචන්"

"ඔව් අපිට හැරෙන්න බෑ.අපි ඇරෙන්න අනිත් ටික හරවන්න පුලුවන්නෙ..දැන් බලන්වා මේ කඩේ..අපිට ගමට යන්න බෑ..ඒ නිසා ගම ගෙනාවා නගරෙට.මේ අයිසෙ ගමේ තියෙන බත් කඩයක් කෙලින්ම කොපි පේස්ට් කරලනෙ.පොඩ්ඩක් ඔළුව හරවලා බලනවකො හයි පයි කාරයෝ කීයක් ඇවිත් කිසි ලැජ්ජාවක් නැතුව කන හැටි.මේක පටන් ගත්ත එකා මොකෙක් උනත් හෙණ මොළකාරයෙක්.ඌ දන්නවා විකුණන්න ඕන ජාතිය මිනිස්සුන්ට."සිංහල ගැමි කම" ඕයි සිංහල ගැමි කම..මේවා තමා මාකට් වෙන්න ඕනෙ.."


මෙවිටම මේ දේශකයා හා ශ්‍රාවකයා ළඟට පැමිණියේ තරමක් මහළු කාන්තාවකි.ඈගේ එක අතක හොදි වළඳකි.අනෙක් අතේ පොල් කටු හැන්දකි..

"මහත්තයො,තව කරෝල ටිකක් දාන්නෙයි?" ඈ ඇසුවේ දේශකයාගෙනි

"දාන්න දාන්න අම්මෙ" දේශකයාගේ වචනවලට මද සිනහ නැංවූ ඇය නැවත ඇතුළට ගියේ

"මම විජහට එන්නම් මහත්තයෝ" කියා මටද පවසමිනි.

"බලනවා කෑම බෙදන්න උනත් දාලා තියෙන්න .මේ කොහෙන් හරි හොයා ගත්ත ප්‍රොපෙසනල් වේටර් කොලු ගැටයෙක්ද? නෑ අන්න මාකටින්..අනික බුෆේ දාලද? නෑ බෙදලා ළඟටම ගෙනත් දෙනවා ..මේ ගැමි කම දැනෙන්නෙ..මාත් එකයි කට පුරා අම්මා කිවුවෙ ,මටත් මතක් උනා ගම"

කතාව මදකට නතර විය.දෙදෙනාම නැවද ගිජු ලෙස බුදින්නට වූහ.ඒ අතර මගේ රසවත් කෑම පිඟානද ලැබිණ..
ටිකකින් "මාකටින් මැනේජර්" හා ඔහුගේ සගයා පිටව ගියහ.


ඔවුන්ගෙන් මුදල් ලබා බත් අම්මා ඉන්පසු මා ළඟටද පැමිණියාය.

"තව මොනවහරි ඕනෙද මහත්තයා?"

"අනේ ඇති ,මේ වැඩිත් එක්ක" මම සුහදශීලී ලෙස සිනාසීමි.
මට තවදුරටත් කතා කිරීමට සිත් පහළ විය.

"මේ කඩේ කාගෙද?"

"අපේ මහත්තෙයෝ.මායි අපේ මනුස්සයයි."

"නෑ මං ඇහුවෙ අයිතිකාරයෝ...මේක හැදුව අය...අයිතිකාරයෝ"

"අපිම තමයි..ඉඩමනම් අපේ නෙවේ මහත්තයෝ.කාගෙද දන්නෙත් නෑ .කවදහරි අයිතිකාරයෙක් ආව දවසක් අපි එළියෙ"

මගේ නළලේ රැලි මාලාවක් නිපදවෙන්න ඇත.

අපි දැන් අවුරුදු ගානක ඉඳන් මේ ලඟ ඉන්න අපේ පුතාලෑ ගෙදර හිටියෙ..ඒත් ලේලිගෙන් වෙනස්කම් උනා.මටනම් දරාගෙන උන්නැහැකි.ඒත් අපේ මනුස්සයා කුකුල් කේන්ති කාරයා.

එයාගේ කීමටම පුතාගෙ ගෙදර ඉන්දැද්දිත් වැඩට යන කීප දෙනෙක්ටම බත් උයලා දුන්නා.ඒක ඩිංගෙන් ඩිංග වැඩි දියුණු වෙලා තමා මේක අටෝගත්තෙ.දැන් අපි පුතාලෑ ගෙදරත් නෙවේ මෙතන ඉන්නෙ"

ඈ දිගටම කියවාගෙන යයි.

"මේ වගේ අටමගලක් ටවුමක් මැද්දෙම අටෝගත්ත එකටනම් මගේ මනාපයක් නෑ මහත්තයෝ..ඒත් කුලී ගෙවන්නෙ පුළුවන්යැ අපිට හොඳ තැනකට?"








මාකටින්...මාකටින්....මාකටින්....මාකටින්




images-google maps

Share:

28 comments:

  1. මේ පොල් අතු බත් කඩේ නං ඇහැ ගැහිලා නෑ වගේ...බොරැල්ලේ එකද? මං නං දන්නේ හොරගොල්ලේ පොල්අතු බත් කඩේ තමා.

    ReplyDelete
    Replies
    1. හෙවුවට හම්බු වෙන එකක් නැ නලින් අයියා.
      ඔහොම එකක් නෑ මහිතෙ
      මනඃකල්පිත නොවැ
      ජයවේවා !

      ප.ලි.මාත් හොරගොල්ලේ එකට ගොස් ඇත

      Delete
  2. අන්න මාකටින්.. හි හි

    ReplyDelete
    Replies
    1. මාකටින්ග්..
      මාකටින්ග් එව්රිවෙයර් නොවැ
      ජයවේවා හිරුවො :)

      Delete
  3. Replies
    1. හානේ ඇත්තෙයි? :)
      ජයවේවා ජයසිංහ

      Delete
  4. මේකෙන් කිව්ව දේ මට තේරුණා මං හිතන්නේ..:D
    ජය වේවා....!!!!

    ReplyDelete
    Replies
    1. :)
      මාත් එහෙම හිතනවාය
      ජයවේවා !!

      Delete
  5. මා--කටින්..

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. මා කටින් මොකෑ කළේ?

      ජයවේවා සැමියා )

      Delete
  6. ඔය මම කියන්නෙ බොරුද ?

    ඉස්සර මගෙ යාලුවෙක් කළා කඩයක් කෙහෙල් කොලේ කියලා...පස්සෙ ඒක වැහුනා..

    ReplyDelete
    Replies
    1. ඇයි දැන් මොකක්ද උඹ නොකියපු බොරුව?
      කෙහෙල් කොළේ? අඩේ එහෙම පොට් එකක් මතකයි වගේනෙ කොහෙහරි

      ජයවේවා සෙන්නා

      Delete
    2. ඇයි අර බොරලැස්ගමුවෙ තියෙන්නෙ කෙහෙල් කොලේ කඩේ. රත්තනපිටියෙ.

      Delete
    3. දන්නෙ නෑ පිණිබිඳු :(
      එකට වඩා ඒවත් ඇති මහිතෙ නේද?

      Delete
  7. අනිවාරතෙට ආවමද මන්දා.. සිරා කතාව මිනිස්සු හිතන දේට වඩා ඇතුලෙන් මොකක් නමුත් තියෙන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. ආආආන්න ඔය වගේ එකක් කියන්න තමා මාත් තැටමුවෙ සහෝදර ඇලෙක්සැන්ඩර්
      ම්ම්ම් මම හිතන්නෙත් එහෙමයි..පළවෙනි කමෙන්ට් එක තමා
      ස්තූතියි
      ජයවේවා !!

      Delete
  8. කිරිබත් ගොඩත් පොල්අතු බත් කඩයක් තියනවා , පොල් අතු තමා නැත්තේ

    ReplyDelete
    Replies

    1. අපිත් සැහෙන්න කරක් ගහන ටවුමනෙ.
      ඇයි ටකරංද තියෙන්නේ
      ජයවේවා අටමෝ :)

      Delete
  9. අන්න එහෙමලු මාර්කටීන්. ඇත්තම පොල් අතු බත් කඩයක් තිබ්බොත් මිනිස්සු ඒවිද

    ReplyDelete
    Replies
    1. මාකටින් නේන්නම්..
      පොල් අතු කෙසේ වෙතත් මිනිස්සුන්ට ඕන දේ තියෙනවනම් උන් එයි නේ?
      ජයවේවා ලිහිණි :)

      Delete
  10. නියම පොල් අතු බත් කඩේ තියෙන්නේ හොරගොල්ල සමාධිය කිට්ටුව. මුලින්ම කස්ටමර්ස්ලා උනේ ලොරි ඩය්වර්ලා. පස්සෙ රෙප්ලා. රෙප්ලා, මැනේජර්ලාට කිව්වා. අන්තීමෙදි මැනේජර් ඩිරෙක්ටර්ලට කිව්වා දැන් ලොකු ලොකු අය පවුල් පිටින් යනවා. මෙතන තියෙන ඌරූ මස් එක පස්ට.... පට පට... ෆයිෆ්ටාර් හොටෙල් වල හිටන් ශ්‍රී ලංකන් ඩේ කියලා එකක් තියෙනවා එදාට බුෆේ තියෙන තැන පොල් අතු දෙක තුනක් එල්ලලා කොල්ලොන්ට සුදු බැනියනුයි සරමයි, කෙල්ලන්ට රෙද්ද හැට්ටෙයි අන්දනවා.. සල්ලි තමයි... ගාන සැරයි...

    ReplyDelete
    Replies
    1. ඇයි සිලඹලා දාපු ලූණු සම්බොලෙයි ගෝවා කොල මැල්ලුමයි දෙකත් පස්ටම තමා...

      Delete
    2. මමත් ඒකට දෙපාරක් විතර ගිහින් තියෙනවා මාතලන්..
      කාපුවා නම් මතක නෑ
      බත් කඩේ කිවුවාට කොත්තු අනන් මනන් තමා තිබ්බේ
      හෝටල් කාරයන්ටත් කීයක් හරි හොයාගන්න විදියක් තියෙන්න එපායැ නැද්ද?
      ජයවේවා !

      Delete
    3. සියඹලා දාපු ලූණු සම්බෝලෙ අනේ මන්දා..
      ගෝවා කොළ මැල්ලුම්නම් දනිමි..ගොවා එලය

      Delete
  11. සමහර මිනිස්සු මාර්කටින් ට්‍රික්ස් විදියට දකින දේවල් තවත් සමහරුන්ගේ සාමාන්‍ය ජිවිතේ , මාතර බත් කඩ්නම් දකිනවා ලංකාව පුරාම ....

    ReplyDelete
    Replies
    1. සිරාවටම චමියා
      ඕකෙ අනිත් පැත්තත් වෙනවා හැබැයි
      පට්ට මාකටින් අයිඩියාස් ගොඩක් දැන් මිනිස්සුන්ට නෝමල් නේහ්
      මාතර බත් කඩනම් හඳෙත් තියෙනවනෙ

      ජයවේවා !!

      Delete
  12. කොලම්බු 7 කන්න නම් අපේ පැත්තෙ එන්න...

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තය කිවුවෙ?
      නිකන් දෙනවා වෙන්ඩැ නේද?

      ජයවේවා !

      Delete