දේශමාමකත්වය ,ජාත්‍යාලය උත්සන්න වී ,තාපාංකයද පනින සේ උණුසුම් වූ ඇඟේ සිංහල ලේ පයින්ට් දහය ගොජ ගොජ ගා නටන මෙවැනි යුගයක ,අතපය අකුලාගෙන සිටීම නොහොබිනා බැවින් "වල්මත්" [1] ;තරුණ සමාජය වශයෙන් අපිද අවුරුදු උත්සවයක් සංවිධානය කළෙමු. ආරම්භයේදී සිංහල ලේ නැටූ ඇඟේ, මාළු නටන්නට ගත්තේ අයවැය වාර්තාවේ "අය" ශීර්ෂය රූල් දෙකක් වී , "වැය" ශීර්ෂයට තවත් ඇක්සයිස් පොතක් මිළදී ගන්නට වූ තැනය. වෙනත් පිරිස් මෙහිදී පසුබා යා හැකි නමුත් "වල්මත්" තරුණ සමාජය එසේ නොවේ වල්මත් අපේ පිහිටට ආවේ අහවල් ඇමතිතුමාය.එතුමානන්ගේ ශ්‍රී හෘදය වස්තුවෙන් පැන නැගී ශ්‍රී මුඛයෙන් පිටවූ පොරොන්දු ප්‍රකාරව අය ශීර්ෂය ඉහළ නැංවින.දැනට මාල ,මුදු උකස් තැබීමෙන් සහ ජනතා මුදල්වලින් රෝල ගැටගසගන්නා ලෙසට උපදෙස් දුන් එතුමාණෝ ,චෙක් පතක් ඉක්මනින් ලබා දෙන බව පැවසූහ. "වල්මත් අවුරුදු උළෙල" "වල්මත් අහවල් ඇමතිතුමා අවුරුදු උළෙල" යනුවෙන් වෙනස් විය වැය ශීර්ෂය ඉහළ නැංවිම සඳහා, ඇමතිතුමා ඉස්පොන්සර් වූ බව ප්‍රදේශ වාසීන්ට දන්වනු පිණිස ගැසූ කටවුට් 76 සහ පෝස්ටර් 5425 දරුණු ලෙස බලපෑවේය.පෝස්ටරයේ තිබ