මේ ජීවිතය කියන පාරෙ තියෙන කරදරකාරම දේ, වළවල්වත්,දූවිලිවත්,ඒක මැද්දෙ නිදාගෙන ඉන්න බල්ලොවත් නෙවේ. හදිස්සියෙම අතරමැද හම්බවෙන දෙමංසල්;නැත්නම් තුංමංසල්,සිවුමංසල්..... එක පාරකට හැරිල යන්න ගනිද්දිම තඩි වලවල් රෑනක් තරණය කරන්න උනොත් " ඇයි අනිත් පාරෙ නොගියෙ " කියලා හිතෙන්න ගන්නවා.අනිත් පාර මීට අන්ත ඇතියි කියලා ඇත්තටම කියාගෙන හෝ බොරුවට තමන්වම අන්දගෙන ඉස්සරහට යන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති හින්දම වෙන්න ඕන ජනකාන්ත මුණගැහෙන ගත්ත තීරණය ආපස්සට ඇදලා ගන්න හිත් නොදුන්නෙ. මොකද ජනකාන්ත කියන්නේ ඉනිමගක්. බිත්තිවල බඩගාන්න වහළෙට නගින්න තියෙන ඉනිමගක් නෙවේ. "නයා බෝඩ්" එකේ තියෙන ඉනිමගක්. අහු උනොත් කොටු ගානක් උඩ. කේන්දරේ,සුබ අකුරු එහෙම බලලා නම් ගම් තියන එක, තදින්ම අවිශ්වාස කරන,ගොන්පාට් කරන එකෙක්ව උනත් හොල්ලලා හොල්ලලා ,"අවිශ්වාසෙ" "අයන්න" පොඩ්ඩක් හූරලා දාන්න පුලුවන් ජාතියෙ නමක් තමයි ජනකාන්තට දාල තිබ්බෙ "ජනකාන්ත" ඔය "ජනප්‍රිය" "ප්‍රසිද්ධ" වගේ වචනවලටත් ළඟින් යනවනෙ මේ මනුස්සයව නාඳුනන කෙනෙක් ලංකාවේ ඉන්න අමාරුයි.කවුරුහරි එකෙක්