xmlns:fb='http://www.facebook.com/2008/fbml'> අනීවාරතේ: මගේ නිවන මට දුන්නේ මූණුපොතයි

Nov 9, 2011

මගේ නිවන මට දුන්නේ මූණුපොතයි

වැවයි දාගැබයි තව පංසලයි             ගමයි
මොනිටර් කී බෝඩ් එක්කල         මූෂිකයයි
ෆොටෝ ටැගයි ස්ටේටස් සමඟ         චැටුයි
මගේ නිවන මට දුන්නේ           මූණුපොතයි
                                                   

ආදර ගඟේ  පැද හබලක් නැති                 පාරූ
"ලොවෙත් " කෙල්ලො චැට් එකේදි       කයිවාරූ
දැකලත් නැති එවුං සැට් කර එකතු            කෙරූ
  "මාක් සූකර්" කවුද උඹනං              මරේ මරූ

                                                  

 
                                              















ඇඟ පත තලා වැඩ කෙරුවට වාගෙ         කඩී
තේරුමක්ම නෑ, බෝරින්(ග්) ෆීල්ඩ්        පැඩී
වෙන වියදමට ලාබය හෙම බොහොම     වැඩී
මඩේ නොලැග වගා කොරමු         "බාන් බඩී "
     



                                                     



කැවුම් මූණ ගැන සංකා ඇති        නොකොට
 මූණුපොතේ ගිණුමක් ගෙන මේ         ලෙසට
 
                                               















කෙරුවානම් රික්වෙස්ට් එක                 පබවතිට
ජය සිරි මංගලම් අපෙ කුස                       රජතුමට 


ඉවසාගෙන ඉඳන් අයියල සෙට් එකේ      රැවුම්
චිත්‍රා  කුමරි කෙරුවා ගාමිණිට             ඇළුම්
අහපං, ගාමිණී නොගොසින් ගෙට       එක්ටැම්
මූණු පොතෙන් චැට් කළ හැකි ඕන        තරම්





 











සමාවෙන්න ඕන අනීවාරතේ බ්ලොග පැත්තකට දාල තිබ්බට..ඕං දැන් ආයේ පටන් ගත්තා.

4 අනීවාරතේ මෙතන කරක් ගැසීමේ කේන්තිය පිරිමහගන්න ..:

රහස් පරික්ෂකයා said...

හිහි හි ..... මරි කවි ටික.....
සකරයා ගහන පදෙට නටපන්කො ඉතින්...

මධුරංග said...

නියමයි ගැටයා මල්ලි කවි ටික. ගින්දර බං. කියවලා පන යන්න හිනා උනා. මේක තමා මගේ පලවෙනිම පැමිණිම. දිගටම එන්නම්. දිගටම ලියන්න මල්ලි.

ජය....

Amith said...

නියමයි මල්ලි ... හැබැයි ෂර්ලොක් හොම්ස් නම් ඕනෙමයි ...

sAm (සෑම්) said...

ඇති යන්තම් පටන් අරන් ආයෙත්...