Dec 25, 2011

ආච්චිට කැම්පස් එක ගැන කියාදීමට සොඳුරු උත්සාහයක් !!



"ඩග්...ඩග්.... ඩග්" මම තුන්වරක් දොරට ගසා අඩි දෙකක් ආපස්සට ගියේ සුළු මොහොතකින් දොරෙන් එළියට එන ආච්චිගේ "චුම්බන වර්ෂාවෙන්" අඩුවෙන් තෙමීමටය.ඈ ඒ තරමටම මට ආදරේය.  මේ ආච්චි බැලීමට එන්නේ අවුරුදු පහකට පසු නිසා ඒ වැස්ස ගිගුරුම් සහිත වීමටද ඉඩ ඇත.දොර ඇරුණි.මහළු මුහුණක් මතු විය.ඒ ආච්චිය.මම විනීත ආකාරයෙන් සිනහ වීමි
"අදනං පොල් කඩන්නෙ නෑ. එච්චර ගෙඩි නෑ ...පාඩුයි"
දොර වැසුණි.."හැහ් ..පොල්?"

මම නැවතත් දොරට ගැසුවෙමි.දොර ඇරුණි.
"මං එකසැරයක් කිවුවනෙ පො...."
"ආච්චි මේ මම උක්කුං පුතා"
"බොලේ උක්කුං ....දැක්ක කල් ..හප්පොච්චේ...යන්තන් මතක් වෙලා...එන්ට ගෙට... අඳුරන්ටත් බෑ නෙවැ..හොඳටෝම ඇදිල පැදිල ගිහිං..දැන් ඉතින් මොකෑ කරන්නේ..පස් පාරක්ද කොහෙදෑ විබාගේ ගත්ත නේද"
"දෙපාරයි ආච්චි ..යාන්තං කැම්පස් එහෙකට හේත්තු උනා..දැං ඉංජිනීරිං කරන්නේ"
"ආ...බොහෝම හොඳයි..රස්තියාදු නොගහ හොඳට ඉගෙනගෙන හොඳ දොස්තර මහත්තයෙක් වෙන්ට ඕනෙ"
"නැහ් ආච්චි..ඉංජිනී...."
ඒක නෙවේ පුතේ දැන් කවුද ඔය විස්ස විද්යාලෙ ප්‍රින්සිබල්?"
"එහෙම කවුරුත් නෑ ආච්චි..'"
"හැහ්..එතකොට කවුදෑ ඒක පාලනේ කොරන්නේ"
"කැම්පස් එකේ ඉන්න කට්ටිය ඇරුනාම ගොඩක් අය ඉන්නව පාලනය කරන්න"
"එහෙම නැතුව පුලුවනියැ නේද?"
"ඒකනේ...ඒකනෙවේ ආච්චි කෝ ෂෙල්ටන් අයියා?"ෂෙල්ටන් මගේ මස්සිනාය
"හැහ්....සෙල්ටන් මතක් කරන්ට එපා..දැං හිරේ, ආයෙත් එකෙක් මැරුවනේ..අතපය තියාන ඉන්ට බැරි හැටි"
"කුඩුත් වික්කා නේ කාලයක්"
"හ්ම්ම් ..... පවට පින දෙන්ට බෑනෙ ..අනේ උඹේත් හැටි ..ගෙදරම හැදිච්චි එකානේ..අම්මලත් බයේ ඇත්තෙ උඹව තනියෙං ඔය වෙනිං තැංවල නතර කරලා"
"නෑ පිස්සුද ආච්චි එහේ ආරක්ෂාව හොඳයි..දැන් කැම්පස් එක බලාගන්නේ ආමි එකෙන්"
"ඒ මොකෑ මයෙ පුතේ?දැං කොටි ඉන්න එකක්යැ උන් ටික පාර්ලිමේන්තු යන්ට එපෑ?"
ආදරය හා වෛරය අතර ඇත්තේ කෙස් ගහක දුරකි.මට ආවේ කේන්තියකි.
"නැතුව ආච්චි? වෙන කවුද කැම්පස් එකේ කීර්තිය ආරක්ෂා කරන්නේ?... වැඩිය ඔනේ නෑ.මේ ළඟදිත් සින්දුවක් කිය කිය හිටපු එකෙක් අල්ලන් ගියා
"මොකක්ද පුතේ කිවුවේ?"
"හන්තානේ කඳු මුදුන සිසාරා....එහෙම තැන් තැන්වල ඕන ඕන විදියට ඇවිදින්න පුලුවන්යැ.. කුමණ්ත්‍රණයක්නේ ...කැම්පස් එකටනෙ අපකීර්තිය"
"ම්හු ම්හු..සත්ත සත්ත..."
"තව එකෙක්ගෙත් පන්ති තහනම් කරා...තුන් හතර දෙනෙක් එක බත් පිගානක් කාලා..විලි ලැජ්ජයිනෙ ආච්චි"
"අහ් ඒ විතරක්යැ...මේ ළඟදිත් අපේ ඈයෝ සාමකාමී විදියට රැස්වුනා සාකච්ඡාවකට...කට්ටියටම සොට් එක හම්බවුනා"
"කිරි අප්පොච්චියේ ඒ මොකද?"
ආයෙත් කේන්තිය
"ඇයි ..ආච්චියේ..තනිකරම රාජ්‍ය විරෝධී කුමණ්ත්‍රණයක්නේ...ව්‍යවස්තාවට පටහැනිනේ......පිළිකුල් සහගතයි"
ආච්චිගේ ඇරුණු කට තුළට රිංගීමට තැත් කළ මැස්සා එළවමින් මම තවත් කතා කළෙමි
"ගහගන්නේ නැතුව සාමකාමීව සාකච්චා කරන එක වැරදි දෙයක් කියලා පාර්ලිමේන්තුවේ පවා  2/3න් සම්මත වෙලා තියෙන්නෙ... ඊටත් අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා ඒක් ඒගොල්ලොම ඔප්පුත් කරා ..එහෙවු එකේ පාර්ලිමේන්තුව යටතේ තිබෙන ආයතනයක පිරිසක් වශයෙන් අපේ හැසිරීම නින්දිතයි....කැම්පස් එකටත් අපකීර්තියක්!!
ආච්චි බර කල්පනාවකය.
"මටත් අපේ සෙල්ටන් මතක් උනා..ඌත් ඔය නන්නත්තාරේ නොයා,නරක එවුං එක්ක බජනෙට නොගිහිං හිටියනම් හොඳ මිනිහෙක්නෙ ..හිරේ විලංගුවෙ වැටෙනවයැ?දැන් ,
ඕන තැනක යන්න නෑ
කාටවත් කතා කරන්ටවත් නෑ
ඕන දෙයක් කන්ටත් බෑ
කැමති දෙයක් කරන්ටත් නෑ
කිසිම නිදහසක් නෑ..
.ඒක නෙවේ බං උක්කුං පුතේ.........
එක්වරම ටිකවෙලාවකට ආච්චිගේ කටහඩ නතර විය.
මටත් මේ දැනුයි මතක් උනේ පුතේ
"ඒ මොකක්ද ආච්චියේ?"මට ආවේ මහත් කුතුහලයකි
"උඹගෙයි අපේ සෙල්ටන්ගෙයි වැඩි වෙනසක් නෑනෙ බං උක්කුං පුතේ?"


(චරිත මනඃකල්පිතය..මේ මගේ ආච්චිද නොවේ..ආච්චි කාගේ උනත් කියපු කතාවනම් ඇත්තය )

Share:

18 comments:

  1. හි හි...සිරා කතාව.... ඕකම තමයි අපිට අද වෙලා තියෙන්නේ..

    ReplyDelete
  2. වර්තමාන තත්වය ගැන හොඳ විග්‍රහයක් තියෙනවා සියුම්ව උපහාසය මිශ්‍ර කරලා. මට මේ බ්ලොග් එකට එන්න ලින්ක් එක හම්බ වුනෙ මූණු පොතෙන්. ලියන්න හොඳ දෙවල් අපිත් එන්නම් කියවන්න !

    ReplyDelete
  3. @ගිනි--ස්තූතියි මචෝ අනීවාරතේ ආවාට.හ්ම් හ්ම් ගොඩක් මුණුබුරාලා ඉන්නවා මේං මේ වගේ

    ReplyDelete
  4. @weni බොහෝම ස්තූතියි weniටත්.දිගටම එන්ට අනීවාරතේ...weni?වෙනිවැල් වෙන්ට ඇති?

    ReplyDelete
  5. ඔව් මල්ලි මම වෙනිවැල් තමයි. ඔන්න මගේ බ්ලොග් එකේ ලිස්ට් එකටත් දමා ගත්තා.. එතකොට ඊ ළඟ පෝස්ට් එක මිස් වෙන්නෙ නෑ.. !

    ReplyDelete
  6. නියමයි උක්කුං පුතේ...

    ReplyDelete
  7. @weni හා..ස්තූතියි වෙනිවැල් අයියා..හැබැයි ඊළඟ පෝස්ට් එක කවද්ද කියන එක තමා මටත් හැක

    ReplyDelete
  8. @මන්තරකාරි ස්තූතියි මන්තරකාරිටත් මේ පැත්තේ.. කරක් ගැහුවට කෝ අර කොස්ස?

    ReplyDelete
  9. වෙනද වගේම සිරා විදියට මේ පාරත් උබ වැඩේ දීල තියෙනව නියමෙට.උබගෙ කතා ශෛලියනම් මරු මචන්.දිගටම ලියපන්.මම සාමාන්යයෙන් බ්ලොග් බලන මිනිහෙක් නෙවෙයි.(අකමැත්ත හින්ද නෙවෙයි.වෙලාව අඩුකම හින්දා) ඒත් මම උබගේ කතා ටිකනම් අත අරින් නෑ.සුභ අනාගතයක්

    ReplyDelete
  10. ඉතින් කියන්න දෙයක් නැහැ කලින් ඒවා වගේම ඒල.මචන් අඩුම ගානේ මාසෙකට 6 ක් 7 ක් වත් පොස්ට් දාපන්.

    ReplyDelete
  11. සිරා කතාව මචන්. ඒක නෙමෙයි, හන්තානෙ අධි ආරක්ෂිත කලාපයක් නෙමෙයි නේද?

    ReplyDelete
  12. @Chooty නියමයි මචෝ..උඹලා වගේ අය ඉන්නවනම් ලියන්න බැරියැ Exam පැත්තක දාලා.එළ තමා මචෝ දිගටම වරෙන්

    ReplyDelete
  13. @ අසරණයා --->ස්තූතියි මචෝ..මාසෙකට 6ක් 7ත්..අන්න ඒ කතාවේදීනං මම අසරණයි බං අසරණයෝ

    ReplyDelete
  14. @සමනල් පැටියා >>>අහ් තැන්කූ සමනලයෝ :)..තාම නෑ බං ඉස්සරහට කියන්න බෑ මේ යන විදියට

    ReplyDelete
  15. ගැටයගෙ කතාවට ප්ලැටිනම් කිලෝවක් දෙන්ට වටිනව,,
    නියමයි.
    ගැටයට සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  16. @ දූපත් වැසියා හෙහේ ..කිලෝ එකෙන් ග්‍රෑම් 999ක් ආච්චිට.....කියපු කතාවට....ඔබටත් සුබ නව වසරක් වේවා

    ReplyDelete
  17. Ado getaya..den peya gaanak thissema kiyawanne ube post..elazzz..alazz..choz choz choz..baraaaz baraaazz..!!

    ReplyDelete
  18. නියමයිනේ ..නැහැ මන් කිවේ ඉංජිනියරින් කරලා දොස්තර කෙනෙක් වෙන එක

    ReplyDelete