Dec 27, 2011

ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට

අනේ වචනයක් හරි කතා කරන්න පවන් ....ප්ලීස්?
ඔයාට මට වඩා හැම අතින්ම හොඳ ග(ර්)ල් කෙනෙක් ලැබෙයි
අපිට අපිවවත් අයිති නෑ පවන්







____________________________________________________________________________
ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට
අපේ දුක හැමදාම බන්දුලට අමතකද?
බිඳදමා මගෙ හීනේ..
ඇයිද ඔබ ෆන් ගන්නේ
මට දෙන්න බුදු මාමේ
ප්‍රතිඵලය පෙර වාගේ.........

නෑ පවන් කිසිම දෙයක් කිසිම දවසක අමතක වෙන්නේ නෑ

                                                  රෑ දිවා නිදි මරා පොත මතම දැඟලිල්ල..
                                                  බිඳදමා කුඩුවෙලා උඹට නෑ තේරෙන්නේ..
                                                  ඇද්ද තෝ කරගත්ත, අහනවා පොත් මාගේ..
                                                  මට දෙන්න බුදු මාමේ
                                                  ප්‍රතිඵලය පෙර වාගේ..........

                    - මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ අනුර...
                               හැහ්..මම?
                    - මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ SB...
                               අඩෝව් ..කවුද යකෝව් මේ මම?
                    - මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ ම් ම්ම්..ආ..ම්
                                කවුද? කවුද?
                     - කන්නන්ගර

ලංකාවෙ දෙදහසට, තුන්දහට දිස්ත්‍රික්කේ
බලනවා ,බලනවා එකම එකමයි එන්නේ.
ජාමිතිය අප්සැට්ලු, කියනවා සුදු බණ්ඩේ...
මට දෙන්න බුදු මාමේ
ප්‍රතිඵලය පෙර වාගේ.........


අපේ ආදර කතාවට නමක් නැද්ද පවන්?....

මොකෝ නැත්තෙ? "ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය" 
උඹෙයි මගෙයි ආදරේ වගේ තමා දවසින් දවස වලපල්ලට.
මම මේ රැවුල ගිනිඅරන් ඉන්නකොට මේකිත් එනවා පෙට්‍රල් ගහන්න..$%^%&%^$^&*


Share:

12 comments:

  1. "ඔව්ව මහ පව් සිද්ද වෙන වැඩ මහසෙන්,"
    "දරැවො වෙනුවෙන් ජීවිතේට නොකරපුව උනත් කරන්න වෙනව රනේ"

    ගැටයාට හොදම හරිය මිස් වෙලා වගේ... :)
    ජය ශ්‍රී කිව්වා.. !

    ReplyDelete
  2. අනේ මන්ද මචන් මට මහා ආඩම්බර කමක් දැනෙනවා.ලංකාවේ අද්‍යාපනය ගැන සන්තෝසයි !!

    ReplyDelete
  3. සිරාවටම කතා කරල වැඩක් නැත..ඔව්ව කියනවට වැඩිය හොඳයි කට ගලක උලා ගන්න ඒක.
    ඒක නෙවෙයි ගැටය අයියා පෙරේ ඉංජිනේරුවෙක් නේ??
    මම රුහුණු කම්මලේ.. දෙවෙනි වසරේ..

    ReplyDelete
  4. සැමියා දැන් හරි මහිතේ..
    පස්සෙනෙ මතක් උනේ :)

    ReplyDelete
  5. @amila හරිම සෝකයක් තමා.තෑන්කූ මේ පැත්තෙ ආවට

    ReplyDelete
  6. @ අසරණයා ඔව් මචෝ ඒ ආඩම්බරයට මයිල් කෙලින් වෙනවා..මාලු නටනවා

    ReplyDelete
  7. @ගිනි කුරුල්ලා ඒක තමා නොකියා ඉන්නත් බෑ කට කහනවනේ...යා යා මල්ලියා..පේරා කම්මල් කඩේ තමා..ෆයිනල්ස්..අඳුරගන්න ලැබීම සතුටක්

    ReplyDelete
  8. @ සිරිපාල නැතුව නැතුව..ආආආආතල්

    ReplyDelete
  9. තනි ඇහැට නෙවෙයි ඇස් දෙකටම ඇඩෙනවා ඕයි!
    පට්ට.........

    ReplyDelete
  10. hondata liyala thiyenawa

    ReplyDelete