Jun 23, 2012

බස් රථයක පිටිපස්සේ දොරේ සිට ඉස්සරහ දොර දක්වා වැටී ඇති වින්දනීය මාර්ගය















මහතුන් ඔතන ඉන්නා හිටගෙන එකට
මට පවු නොදී යනවද තව ඉදිරියට
''මහතුන්'' කියා ඇමතුව හින්දා අපට
ගියා මිසක් අපි බය නෑ කොන්දාට


පළමුවන මාර්ග බාධකය


වීල් අටේ ට්‍රක් රතයක් වාගෙ වැටී
ළඟින් හිටන් ඔරවන් උන් පොස් ඇන්ටී
ඉඩ දෙන්නට කැමති වෙච්චි එකත් වටී
ඒත් එයට හරස් උනා පෙදෙස   කටී*


* කටී ප්‍රදේශය n. breech , bum     
Source : http://lenadic.com/dictionary.php


අතරතුරේ ෂී ෆීලින් (ග්) ගිල්ටී
ගැහුවා ඇගේ කරට උඩින් මම බල්ටී
ලෑන්ඩ් කරපු තැන උන් මිනිහා චූටී
බෙරිහන් දෙයි දුරකතනය සමඟ ගැටී


දෙවෙනි මාර්ග බාධකය


යකා මගේ ඇවිස්සෙන්න එයි අයිසේ
දුන්නෙ කුඩේ යවන්ඩ දුකටයි  වැස්සේ
ඒක ගෙනත් නොදුන්නොතින් අද දවසේ
නරක මිනිහ කියන්නෙපා මට පස්සේ


මෙතන ඉතින් කිවුවොත්   ඇක්ස්කූස් මී
නරක වචන වැස්සක් විත් යාවි තෙමී
හොඳම වැඩේ හැටියට දැන් අටට නැමී
ෂේප් එකේ මම මෙතනින් මාරු වෙමී


තුන්වැනි හා සිවුවැනි මාර්ග බාධක


පිඹුවෙක් විලස මැද පොල්ලේ වෙළෙමින්
එකෙක් දුටිමි උන් එතැනම බමන මතින්
පිඹුරට එහා පැත්තෙන් හිටියේ ටාසන්
පැණි හළ හළා පෙම් කෙළිමින් සමඟ ජේන්




ඉඳගෙන උන්නු පාසල් දැරිවියො අසලින්
හිටගෙන හිටියෙ බඩදරු අම්මෙකි සැපයෙන්
සර්කස් පෙන්නමින් මිනිහෙක් තනි කකුලෙන්
ඉන්නේ මොකද කියලා බැලුවෙමි පුදුමෙන්


වින්දනීය විරාමය


අධි වේගයෙන් වාහන පදිමින් අමරේ
පැච් නැති උනත් මාරු කරයි එහි ටයරේ
මෙකී නොකී ආත බූත හැම අතරේ
කෙල්ලෙක් මලක් කඩමින් එකතැන  ඇඹරේ


















වන්දනීය විරාමය
බස් රතයේ ඈත පෙනෙන දෙවු  තොරණ
නිවි නිවි දිලෙන ගැටි රිසිසේ නරඹමින
පතමින් එක සිතින් පිවිතුරු වූ නිවන
දොහොත් මුදුන් දෙයි ආච්චි බැති  සිතින


ප්‍රේමණීය විරාමය සහ කඳුලු කරාමය


වෙහෙරහේන විහාරයේ උඩ මළුව
පෙන්නන්නටම රියදුරු තැන තැත් දැරුව
ලියුමක් අරන් පත්තර පිටුවක එතුව
කියවයි ඇහෙන්නට දුක ඉවසනු බැරුව


කටු කෑ නමුත් ඉස්සරහට ආ සතුටින්
මාවත බැලු විට දුටුවෙමි නුහුරු දසුන්
බහින තැනත් පහුකර දැන් බසය ගොයින්
දැන්වත් ඉතින් බැහැලා පල ආයෙ පයින්




චාරිකාවට සහය දුන් බස් රථයේ රියදුරු දෑතට දෙවි පිහිට ලැබීමට නියමිත වුවත් හෝල්ට් එකත් පහුකට එක්කන් යෑම නිසා එය ලැබෙන්නේ නැත.
දහඩිය මුගුරු වගුරවමින් නොපිරිහෙළා ,අකුරට සිය සේවය අකුරට ඉටු කළ කොන්දොස්තට මැතිතුමාට *^&^$&*^()_&*&^$^&^)(O

30 comments:

  1. පට්ට කවි ටික නොවැ :D

    ReplyDelete
  2. aye ithin loweth na, lowi gaheth na. pastaaaaaaaaaaaa...............

    ReplyDelete
  3. ඇත්තම ඇත්ත ෆට්ට කවී ටික

    ReplyDelete
  4. අර ටයර් ඒක මාරු කරලා ඉවර උනාද බහින්න කලින් ?
    "අමරේ" ජැක්සන් අන්තනීලගේ නෑයෝ වෙන්න ඇති ..

    ReplyDelete
  5. අඩෝ හෙමීට ඉස්සරහට ගියාට Ticket ගත්තෙ නෑ නේද...?
    එල එල.... පට්ටම..!!

    ReplyDelete
  6. අතරතුරේ ෂී ෆීලින් (ග්) ගිල්ටී
    නියමෙට රයිම් වෙන්න අරන් තියෙනවා වරහනකුත් දාලා :)
    අර කුඩේ කේස් එක මට පොඩ්ඩක් අවුල්. අනතුරු හැඟවීමක් එක්ක දීලා තියෙන්නෙ වයිෆ් නෙවෙයිද? එහෙමනම් නරක ගෑණො කියන්නෙපා මට පස්සෙ නෙවෙයිද?
    කොහොම වුනත් පට්ට කවි ටික ගැටයා.
    henryblogwalker the Dude

    ReplyDelete
  7. උඩගෙදර & Hasitha
    දෙන්නට තුති ආවාට සහ කිවුවාට

    ReplyDelete
  8. @ sAm (සෑම්)
    හයියෝ සල්ලි ,ටිකට්,බස්,එට්සෙට්‍රා

    ReplyDelete
  9. @ ET
    බස් එකෙත් නෑ ද? තෑන්කූ කිවුවා පරා බ්‍රෝ

    ReplyDelete
  10. බෝම ස්තූතියි කිව්වා සචිත්ටත්

    ReplyDelete
  11. රොබියො ඒක නම මාරු කරලා ඉවර වෙන ටයර් එකක් නෙවේ බන්

    ReplyDelete
  12. බස්වල යන ඉබ්බෝ තමා බැබුනෝ ..තෑන්කූ කිවුවා

    ReplyDelete
  13. @Dude
    බොහොම ස්තූතියි අදහස් ටිකට,
    මෙහෙමයි ඒ කුඩේ කතාව කියන්නේ අර ගෑනි නෙවේ.ඊට පස්සේ ඉන්න ''චූටි '' මිනිහා..
    දෙවෙනි මාර්ග බාධකය

    ReplyDelete
  14. හික් හික් එලනේ ,., ඇත්තමයි බන් බස් එක ඔය විදියමයි ,.,., මොකෝ බන් ජැක් සීන් එක විස්ත්‍ර නොකරේ :D

    ReplyDelete
  15. අසරණයා
    සංසාරේ හැටි අසරයො..අයියෝ තමා.තුති ආවට

    ReplyDelete
  16. සුදු මහත්තයා
    තෑන්කූ සුදූ? දැන් උඹ කියන්නේ ඒ උපකරණය ගැන මේකෙ විස්තර කරල නෑ කියලද?

    ReplyDelete
  17. පට්ට කවි ටික ..

    ReplyDelete
  18. රහකරමින් කියැවුවෙමි කවිපද මං

    සිහිවූයේ බස් රථයේ ගියපු ගමං

    අම්මපා මතක්වී කොන්දගේ කෙනෙහෙලි කං

    හිතත නැගුන මුත්.... පද ගිලගත්තේමි මං *&^#$

    ReplyDelete
  19. නියම කවි ටික යාළු ...:)

    ReplyDelete
  20. chami4u
    ආවාට,කීවාට තුති සහෝ

    ReplyDelete
  21. Raj
    උඹේ කොමෙන්ටුවට ගෙතුනු කවිපද
    යසයි රජෝ තුටුකරවයි මාගෙ හද

    ReplyDelete
  22. හිරුහිමාවී
    තුති වේවා යෙහෙළි

    ReplyDelete
  23. වින්දනීය ගැට පද.....

    ReplyDelete
  24. සා..එල එල...!!! :) :)
    බලනකොට බස් එක කියන්නේ සොමි ලෝකයක්නේ..

    ReplyDelete
  25. වේදනා විඳ ලියන වින්දනීය පද.ස්තූතියි ආවාට KUTUS

    ReplyDelete
  26. සොමියට එහා ගිය දෙයකුත් තිබේ චතුරංග කසුන්.හොඳින් බැලූ විට පෙනේ.
    තුති!!

    ReplyDelete
  27. නියමයි බං කවි වලට ආසා නැති උනත් මේ සෙට් එකට නම් පට්ට ලයික්.

    ReplyDelete

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Laundry Detergent Coupons