Oct 31, 2012

ආච්චිට වෙඩින්(ග්) ගැන කියා දීමට සොඳුරු උත්සාහයක්!


"හලෝ ආච්චි"
"උක්කුං පුතේ,අනිද්දාට මුකුත් වැඩක් නෑ නේද? අපේ දර්පණා කෙල්ලගේ මගුල් ගේ "
"එක පාරකුත් කොටහළු උනා නේද දෙදාස් පහේ?බලන්නකො ආච්චි සිද්ද වෙන දේවල් නේහ්?මම මේ ළඟදි සයිට් එහෙක දැක්කා එන්ග්ලෑන්ඩ් වලද කොහ්..."
"නෑ පුතේ දර්පණා කෙල්ල බඳිනවා"
මට ඉක්මන් ප්‍රතිචාරයක් දැක්වීමට වුවමනා විය
"දිගු දෑස් දුටුවාම " වීඩියෝවේ "පවන්" මෙන් බිම දන ගසාගෙන අත් දෙකත් ඉදිරියට යොමුකර කට ඇද කොට "දර්පණාආආආආආ" යනුවෙන් කෑ ගසා, දෑසින් ගලන කඳුලු ගංගාවෙන් කාමරය යට කර දමා එහිම ගිලී ජීවිතාරක්ෂක භටයන් පැමිණෙන තෙක් මේස කකුළක එල්ලී සිටීමට සිත්විය.
නැත,එවිට දුරකතනය බිම වැටේ.සෙකන්ඩ් හෑන්ඩ් වුවත්, ගත්තේ ගිය සුමානේය.
ඉක්මන් තීරණ ගැනීම මූල්‍යමය අර්බුදයකට සහ ප්‍රාග්ධන අගයෙහි අවපාතයකට හේතු වේ.මම එක දිගටම කොණ්ඩය රැවුල වවා ,මූණ නොසෝදා සිටීමට තීරණය කළෙමි.එය ලාබය.
මම මේස ලාච්චුව ඇර ඒ තුළ ලොවට හොරා සුරැකිව ගබඩා කොට තිබූ දර්පණාගේ කපු ලේන්සුව ගෙන ඒ මතින් නික්මෙන්නා වූ ,ලොවක් සනහන,නළවන ,කිසිදින, කිසිවිට නොවියැකෙන උත්තරීතර ප්‍රේමයේ ආනන්දනීය සුසුම් ආඝ්‍රාහනය කිරීමට සූදානම් වුවත් ,හොටු ගඳ ඉස්සර වූ හෙයින් හැබෑ ප්‍රේමයට සුවඳක් නැතැයි සිතා සැනසුනෙමි.
නමුදු ඈ අන්සතු වී හමාරය.ඇගේ මුහුණ,ඒ මත තැවරුණු සිනහව ....ඇගේ ලේන්සුව, ඒ මත තැවරුණු හොටු දැන් මගේ නොවේ.සැබෑ ප්‍රේමවන්තයා යනු පරිත්‍යාගශීලියෙකි. මඟුල් ගෙදරට දිවි හිමියෙන් උපකාර කොට, වැඩි මනාපයෙන් පාර්ලිමේන්තු යැවූ මන්ත්‍රීවරයෙක් දෙස තුටු කඳුළු හෙළමින් බලා සිටින ඡන්ද දායකයෙක් මෙන්, කොහෙවත් යන හාල්පාරුවෙක්ගේ අතේ එල්ලී යන දර්පණා  දෙස බලා සිටීමට මට සිත්විය.වහා ආච්චිගේ ගෙදරට යා යුතුය.කොහොමටත් තවමත් රස්සාවක් නැති හෙයින් සැබෑ ප්‍රේමවන්තයා කෙසේ වෙතත් බයක් සැකක් නැතුව වේල් හත අටක් කෑ හැකිය.
නවීන පහසුකම්වලින් හෙබි සියළු අංගෝපාංග සහිත පොෂ් වෙඩින් එකකට කෙරෙන්නා වූ සූදානමක් දැක එහි අසිරියෙන් මත්වීමට සූදානමින් ගිය මට වෙරි වූයේ "ජය මංගලානී" යනුවෙන් කොටා තිබුණු ගොක් කොළ තොරණ දුටු විටය.ලංකාවේ මගුල් ගෙවල් සියල්ල හොටෙල් වලම ගත යුතු වගට ආණ්ඩුවෙන් චක්‍රලේඛයක් ගෙනාවත්, එය ඉරා දමා කොළ පොට්ටනියක් සාදා එයින්ම ගෙදර තිබෙන බඩු මුට්ටු පිසදා ,වෙඩින් එක ගෙදරම ගන්නා ජාතියේ උත්තම ගනයේ කාන්තාවක් වුවද, ගේ ඉදිරිපිටම ගොක් කොළ තොරණක් ගැසීමට අනුබල දී ඒ සඳහා පිරිස් සංවිධානයෙන් ආච්චි කළ ඇත්තේ මහත් වූ පාපකර්මයකි.

ටකරං මඩු,ක්‍රේප් කොළ,බැලුං බෝල,බුලත් හෙප්පු,ලී පෝරුව (ඒකෙත් ගොක් කොළ ) ...හැමැතැනම ඇත්තේ පරිහානියේ ලක්ෂණය.මම මහත් චිත්ත සංවේගයට පත්වීමි.මේ මට විරහ ගීත කියවෙන ,නොමල් සිංහල මෙගා නාට්‍යයක එපිසෝඩ් එකක් මෙන් වේදනාකාරී වෙඩින් එකක් බව සැබැවි.නමුදු සාම්ප්‍රදායික රාමුවක සිර වූ ,ගතානුගතිකත්වයේ හණ මිටි කියුබ් ගානට ටිපර් වල පටවා ගෙනයන මෙවැනි මගුලක් මාලක බේබිටවත් අත් දකින්න නොලැබේවායි යන්න මගේ පැතුම විය

නැත.මා තවමත් ප්‍රමාද නැත...වෙඩින් එක අනිද්දාය.ආච්චිව සහ ඇගේ මිණිබිරියව ලෝක අපවාදයෙන් මුදවා ගැනීමේ පරම යුතුකම මගේ හදවතේ නැගි ගිනි දල්ලක් මෙන් නැගී දුම් දමන්නට විය.මම ආච්චි මුණ ගැසීමි.මගේ රූපය ඇගේ ඇස ගැටුණු විට ඇගේ සිතේ ඇතිවන්නට ගිය පුදුමය  නිවා දමමින් මම වහා කතා කළෙමි.
"මොකක්ද ආච්චි මේ රට්ටු හිනස්සන වැඩ කරන්නේ?මේක නිකන් රුක්මණී දේවිගෙ වෙඩින් එක වගේනෙ"
"ඇයි මක් වෙලාද උක්කුං? "
"හරි ආච්චි මට කියන්න කෑම බීම කොහොමද?"
"හහ් මේ අහළ පහළ ඕන තරං ගෑණු උදවිය ඉන්නෙ බං"
"දර්පණාගේ ඇඳුම්"
"හන්දියෙ අජදේව ටේලර්ගෙ ගැනිනෙ හැට්ටෙ මැහුවෙ"
"සිංදු?"
"ආආං ඒකටනම් ඔන්න ඔය කොල්ලො කට්ටියකගේ සංගීතයක් ගෙනත් සෙල්ලම් කරනව කිවුවා..ටිකක් සද්ද නැතුව ඉදින්..මේ පැත්තෙන් හීනියට ඇහෙයි උන් පුරුදු වෙන සද්දෙ"
වෙහෙරහේන හුටන්ටන්ට (ඩ්‍රම්ස්) උඩ මළුවට යන්නම්...කියුයෑං ..කියුයෑං  ( කී බෝඩ් )....පේන පේන...ඩිෂ්ටි ඩිටං
මට ඔක්කාරයක් සමග වමනයක් ගියේය..ආච්චි මගේ පිටට තට්ටු කළාය.
"ආච්චි මෙහෙමනම් හරියන්නේ නෑ..වෙඩින් එකක් කිවුවාම මීට වඩා කික් එකක් තියෙන්න ඕනෙ..ආදරය උතුරා ගලා යන්න ඕනෙ..,ඒවා වීදුරුවල පුරවල වෙල්කම් ඩ්‍රින්ක් දෙන්න ඕනෙ...ඩී.ජේ ම්යුසික් ...ප්‍රණීත ආහාරපාන .කොටින්ම එක පාරක් බැන්ද කෙනෙක්ට ආයෙ ආයෙ බඳින්න හිතෙන්න ඕනෙ"


මතු සම්බන්ධයි !

සෙස්ස  දර්පණා විවාහෝත්සව ප්‍රතිජනන ව්‍යාපෘතිය
Share:

32 comments:

  1. මට බෑ ඕයි. කොහොමද කියනවකො මෙච්චර හිනාවෙනේ.
    ""වෙහෙරහේන හුටන්ටන්ට (ඩ්‍රම්ස්) උඩ මළුවට යන්නම්.......""
    මගේ ඉළ ටික ඔක්කොම ඇදුනා. හෙට උදේට තෙල් බඳින්ඩ උනොත් උඹ වග කියපන්.
    අඩෝ සිරා කියන්නේ, නාට්ටි රස්සාවට බැහැපන් ටැම්පරි හරි. මිනිස්සුන්ගේ ලේ සුද්ද කරල උඹට පින් කොරාගන්ඩ පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඌ නාට්‍ය තමයි බං කරන්නේ..

      Delete
    2. අනේ දැන් උනත් ඒ ඩියුටිය බාර ගන්න කැමතියි ..අපි මෙච්චර නහින්නෙ පින් රැස් කර ගන්නනේ.
      මචෝ චමී4යූ ඔය Eranda Jayasinghe කියන හාදයා එක්ක තමා අපි නාට්ටි කොළේ ඒ කාලේ (ගොඩක් කල් )

      Delete
  2. සිරාවටම පට්ට කතාවක් හලෝ..හිනා කියන්නේ ඉල ඇදෙන්න හිනා.. සුපිරි.! අනිත් කොටසත් ඉක්මනට ලියහන් සහෝ. ජය!

    ReplyDelete
    Replies
    1. ඉතා ඉක්මනින් ඊළඟ එපිසෝඩ් එක.දෙකඩ කැඩුවේ දිග වැඩි නිසාය
      ජය වේවා ඉෂාන්

      Delete
  3. හයියෝ... හිනාවෙලා පණ නෑ...

    ReplyDelete
    Replies
    1. ඇඟට පණ එන්න මොනාහරි කන්නවත් වෙයි නේද?
      ජයවේවා

      Delete
  4. හි හි....පට්ට පට පට....


    ජය..

    ReplyDelete
    Replies
    1. තෑන්කු තෑන්කු කු කු
      ජයවේවා බණ්ඩෝ

      Delete
  5. නියමයි මචං ,හැමදාම කියන්න තියෙන දේ තමයි අදත් කියන්න වෙන්නේ ..උබ ලියන විදියනම් සුපිරි..

    ReplyDelete
    Replies
    1. මචෝ හැමදාමත් වගේ දැනුත්
      තුති කියල කියන්න තමා කියන්නේ
      තැන්කූ මචන්
      ජයවේවා

      Delete
  6. Replies
    1. තුති සමඟ "ජය වේවා "
      ප.ලි: " වදන් මල්ලී " මරු නම

      Delete
  7. නියමයි.. ඉක්මනටම ලියන්න ඉතුරු ටිකත්.. බිපෙසි හා මැහි

    ReplyDelete
    Replies
    1. හැකි ඉක්මනින් ඉතුරු ටික මාතලන්
      බිපෙසි නම් හරි කියමුකො මැහි? :ඕ
      ජයවේවා!

      Delete
  8. ලිවිල්ල නම් මරේ මරු ... මේක විතරක් නෙවෙයි.. ඉස්සර ලියල තියන එව්වත් කියවලා හිනා වෙලා පන යනවා...

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ගොඩක් ස්තූතියි ලකී
      ජයවේවා!

      Delete
  9. පට්ටය, ලොල්ය
    ලොලේ ලොල්ය

    ඊළැග කොටසත් දහන්කො එක හුස්මට කියවන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      අනිවා ඉතා ඉක්මනින්
      ජයවේවා !

      Delete
  10. හිනා වෙලා පන යනවා ඕයි........ හොකෑස් හොකෑස් හොකෑස් හොකෑස් හොකෑස්

    ReplyDelete
    Replies
    1. හොකෑස් හොකෑස් හොකෑස් හොකෑස්
      මාර හිනාවක්නෙ :)
      ජයවේවා !

      Delete
  11. උබ හැමදාම ආච්චිට තමා කියල දෙන්නේ නේද :)

    එලල එලලස් !

    ReplyDelete
    Replies
    1. ආච්චිව යහමගට ගන්න එපායැ බන්
      ජයවේවා !

      Delete
  12. ගැටයගෙ ආච්චිට කාරණා කරණා ගන දැන් හොඳ දැනුමක් ඇති නේද ? ඇයි මූ උගන්නන තරමක් උගන්නන්නේ ආච්චිටමනෙ. ආච්චිගෙ රෙද්ද....!

    හිනා වෙලා පණ ගියා ඕයි.. මම හැමදාම කියනවා වගේ උඹ හරිම නිර්මාණශීලියි ගැටයෝ..

    (අපේ පැත්තෙ ගැටයා කියලා පොරක් ඉන්නවා මූණ පුරාම ගැට. අම්බ බෙබේ.. උඹ ඌ නෙමේ නේද... :-) )

    ReplyDelete
    Replies
    1. හෙහේ
      ස්තූති මචෝ
      ආච්චි හොඳට කියන දෙවල් අහන් ඉඳලා කෙළවන්නේ අන්තිමටනෙ
      මූණේ ගැට කතාවේදී නම් සමානකමක් ඇතත් බෙබා කතාව සමඟ පරස්පරවිරෝධීතාවයක් මතුවේ
      "ගැටයා " යන විශ්ව විද්‍යාල සමයේදී ජේශ්ඨෝත්තමයන් විසින් යොදනු ලැබූ කාඩ්පතමැ
      ජයවේවා !

      Delete
  13. පට්ට කතාව මචං.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන් :)
      ජයවේවා !

      Delete
  14. ඔය ආච්චි ළඟ දැන් සොඳුරු කතා ගොඩාක් තියෙනවා නේ.

    ReplyDelete
    Replies
    1. නැතුං නැතුං
      සොඳුරු ආච්චි සහ මුණුබුරා
      ජයවේවා !

      Delete
  15. Budu ammoo..mage penahella ridenawoo..sl awa gaman uba ekka adiyak gahanta set wenawa aniwa defaa..kiyewwata kiyewwe nehe mehema blog ekak..thawa liyapan..tiki saranai..

    ReplyDelete
    Replies
    1. හෙහේ ...අනිවා අනිවා..සෙට් වෙමු මචන්
      හැබැයි අඩි බැරිය ..සොරිය
      ස්තූතියි
      ජයවේවා
      ටිකි සරණයි !

      Delete