Sep 15, 2012

මකර තොරණේ සිට බුදු ගේ දක්වා වැටී ඇති වින්දනීය මාර්ගය (වින්දනීය මාර්ග අංක දෙක )





කෙස් ගස් පැහෙන විට අතරින් පතර
හර අඩු වෙලා පව් ගිණුමේ වැඩියි බැර
සුවඳ කුරු මල් සමඟින් පහන් තිර
අරගෙන ගියෙමි අස්සෙන් තොරණේ මකර

සැදැහැති මුදලාලි උන් කඩයේ පෙට්ටි
අඹ දඹ කෙසෙල් අන්නාසිත් ලොකු කුට්ටි
අහුරා එකට සකසා පළතුරු වට්ටි
දුටුවෙමි බුදුන් වැඳුමට විකුණනා හැටි

එක කකුළකට කළු පැහැ ඩොට් ඩොට් බාටා
අනිත් කකුළෙ ඇත කැන්වස් නිල් පාටා
මව් ගුණ හොරුගෙ සිහිකර හෙමිහිට ගාටා
ආවේ ළඟට එළවළු විකුණන ඇන්ටා

උඩින් ඇවිත් බ්‍රේක් ගැසූ වාහනයේ
දොරක් ඇරී කොල්ලන් රොත්තකි දැමුයේ
සල්ලි සිඟන හැටි උන් ටික නැරඹූයේ
ලේකම්තුමයි ගරු, යාචක සංගමයේ

පෙනුනත් දුරට ගසකැයි මින් පෙර නුදුටූ
බෝ ගස හැඳින ගත් විට ඇති විය සතුටූ
දූවිලි වැදෙන හින්දා බෝ කොළ  දැවටූ
රෙදි ගොඩ දුටිමි රූපද ඇති නයි ,කපුටු

"ඒ" (A) නම් හිමිගෙ ඉල්ලීමක් ඉටු කරදී
"බී "(B)නම් ඇමති දුන් අවසර පරිදි
"සී"(C) නම් මැතිදු ප්‍රතිපාදන ලබා දී
"ඩී"(D) නම් තුමා විත් මුල්ගල යට කර දී
"ඊ"(E)_______________________
"එෆ්"(F)________________________
:
:
:
"වයි "(Y)  නම් තුමා කළ සැළසුම්  පරිදි
"එඒ" (AA) රජුන් සඟරුවනට  බැතින් පිදී   (ඉසෙඩ් Z  නැත )
පඩි තුන හතර බැස්සා පින් ලබා දිදී

ඉන්පසු ගියේ දාගැබ ඇති පෙදෙස කරා
මල් රොන් උරයි එහි මුල්ලක සිටි බඹරා
කෙල්ලෝ ගොඩක් මලසුන ළඟ මුකුළු කරා
කොල්ලෝ ඉඳිති පැත්තක මානන් කැමරා

සොඳ පුත් රුවන මැතිඳුගෙ කළ කිරිමේල (criminal)
කරඬුව හිසින් ගෙනයයි මවමින් සීල
කැපුවත් ඇඟිලි කලකදි අංගුලිමාල
" මහණ උනා" කිව්වා පොලිසියෙ රාළ

බුදුගේ සමිඳු ළඟ සරාගි රැගුම් නගා
සිටියේ තුනකි ඒ තන්හා රතී රගා
මාර දියණි ලෙස හිටියත් දෙමින් නිගා
මේ මදුසිකයි,චම්පා සමඟින් ගංගා

සෙමින් ඇවිත් ආවාසේ නැවැත්තුව
මූණත් පෙනෙන සේ ඔපවත් පැජරෝව
තුළින් බැස්ස බොඩි ගාඩ්ල වට කෙරුව
ලොකු හිමි දුටිමි සැල් පෝනය කන ගාව


බස් රථයක පිටිපස්සේ දොරේ සිට ඉස්සරහ දොර දක්වා වැටී ඇති වින්දනීය මාර්ගය (වින්දනීය මාර්ග අංක එක )








Share:

10 comments:

  1. හික්..ගැටයා මේ පාරත් වින්දනීය මාර්ගයක් ගැන ලියලා තියෙන්නේ...
    නියමයි..

    මූණත් පෙනෙන සේ ඔපවත් පැජරෝව
    තුළින් බැස්ස බොඩි ගාඩ්ල වට කෙරුව
    ලොකු හිමි දුටිමි සැල් පෝනය කන ගාව

    මේ කවිය කියෙව්වම මතකෙට ආවේ දන්නා කියන පන්සලක හාමුදුරු නමක්ව...

    ReplyDelete
    Replies
    1. මට මතක් වුනේ මීට කලින් උක්ත පෙදෙසකම ධාතු පෙන්නපු පන්සලේ _____

      ඇති බං. මම දැන් බයයි !

      Delete
    2. හික් ගොඩක් අයට ඔය වගේ අත්දැකීම්නම් තියෙනවා මචෝ
      ජය හේ

      Delete
  2. මේක උපරිමයි බං..

    z එකට මොකැ වුනේ ?

    ReplyDelete
    Replies
    1. Z එකට තාම නඩු බන්!

      Delete
    2. ඔව් ඔව් Z ගාවගන්නවත් හොඳ නෑ..
      තෑන්කූ කිවුවා

      Delete
  3. කොච්චර දැනගත්තත් අපිත් සාදු කියා කියා ඒ මර්ගේම යනවනේ!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ..සාදු සාදු..

      Delete
  4. කිරිමේල වෙනුවට ක්‍රිමිනේල කියල දාපන්

    ReplyDelete
    Replies
    1. අඩේ නාම පද සහ නාම විශේෂණ නේද?

      Delete