Nov 1, 2012

දර්පණා විවාහෝත්සව ප්‍රතිජනන ව්‍යාපෘතිය (ආච්චිට වෙඩින්(ග්) ගැන කියා දීමට සොඳුරු උත්සාහයක්! 2)



ආච්චිට වෙඩින්(ග්) ගැන කියා දීමට සොඳුරු උත්සාහයක්! හා සම්බන්ධයි




ආච්චිගේ කැමත්ත ටෙලිපති ක්‍රමයෙන් විකාශය විය.
අසීරු අභියෝගයක් වුවද බාරගැනීමට කිසිඳු චකිතයක් ඇති නොවූයේ සිත ඇත්නම් පත කුඩා නැති වග සිහිපත් වීමත් සමගය."පත"යනු "විශාල ,ලොකු" යන වචන වෙනුවට සාමාන්‍ය ව්‍යවහාරයේදී පෘතග්ජනයන් යොදා ගන්නා වචනයයි.එය කිසිසේත්ම කුඩා නැත.

මම "විවාහෝත්සව ප්‍රතිජනන ව්‍යාපෘතිය" වෙඩින් කාඩ් වලින් පටන් ගතිමි.දැනටමත් පරිවාර ජනයාට ඒවා යවා ඇති වග සැළවූ කල්හී මම එයින් එක් නියැඳියක් ගෙන විශ්ලේෂනය කර බැලුවෙමි.අහවලාගේ සහ අහවලීගේ දොණියන්දෑ වන..........සිංහල අකුරු දුටු මට නැවත ඔක්කාරය සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතුවිය.පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරය මෙන් වෙඩින් කාඩ් එකත් කලින් පිටවී ඇති වගට රාවයක් යවා නව කාඩ් එකක් මුද්‍රණය කිරීමට අණ කළෙමි.ඉංග්‍රීසි නොදන්න නිසා නොව, දාඩිය මුගුරු හෙළමින් වෙබ් අඩවි වල ලියන සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයක් නොළද හාදයන් වෙනුවෙන්, කාඩ් එකෙහි මුද්‍රණය කරන පාඨය වෙබ් අඩවියකින් සම්පේෂණය කළද ,ඉංග්‍රීසියෙන් පමණක් ලිවීම අවුරුදු දෙදහස් පන්සීයක ඉතිහාසය නැමැති කෞතුකාගාරයේ කඩු සොරකමක් යයි පවසමින් ආච්චි ඇතිකළ ගාලගෝට්ටිය සමනය කිරීමේ අරමුණින් ඉතා පහසුවෙන් එය සිංහලයටද හැරවීමි.



After some years of savings and sacrifices, we have finally gathered enough money to celebrate our wedding like we always wanted: a big party and many guests. We count on you being with us, along with your gift,of course.
love you all to honor us with your presence and to be witnesses to our union.



අවුරුදු ගණනාවක ඉතිරි කිරීමේ ගිණුම් සහ බිලි පූජා වලින් පසු අපි  කැමති ආකාරයට, හැමදාම විවාහ වීමට ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් ගොඩ ගැසුවෙමු.ලොකු සාදයක් හා අනුමාන කිරීම් රැසක්.ඔබ  තෑගි සමඟ තනියම සිටීදැයි දැන ගැනීමට අපට පාඨමාලාවක් තිබේ.
අපගේ වර්තමාන වෘත්තීය සමිතියට ගෞරවනීය සාක්කිකරුවන් ලෙස පැමිණෙන ඔබට අපි ආදරෙයි !

ලැජ්ජාව අඩකින් පමණ අඩුවී ඇත.දැන් "හුටට්ටන්ට" බෑන් චූන් කණ්ඩායම පිටුවහල් කොට ඩී.ජේ සංස්කෘතික බීජ මගුල් ගෙදර මත රෝපණය කළ යුතුය.කිරට උයපු කීරමින්,පොළොස් මාලුව,පිපිඤ්ඤා සලාද,බටු මෝජු වෙනුවට නව ආහාර ප්‍රතිපත්තියක් බිම් මට්ටමේ සිට ස්ථාපනය කළ යුතුය.තට්ටු අටේ කේක් එකක් , කැරට් විසි හතරේ පෝරුවක් ,අමුත්තන්ට ගැවසීමට රෙදි හට් 5ක් ,ගෙදර සිට කිලෝමීටර් දෙකක් එක දිගට දැමීමට සිංහ කොඩි ,බෞද්ධ කොඩි,බස්නාහිර පළාත් සබා කොඩි යනාදිය එකතු වූ කල්හී ලිස්ට් එක දික් වන්නට විය.ගෙදර තිබුණු ඇන්ටික් බඩු වෙනුවට අලුත් ගෘහ භාණ්ඩ කුළියට ගෙනාවෙමි.කෙසේ වුවද හනිමුන් සඳහා මග කැඩෙන ,පිට පොත්ත හොඳ කාරයක් අඩු ගානට ගැනීමට සියලු පාර්ශවයන් පොළඹවා ගත්තෙමි.ජෝඩුව යහතින් හනිමූන් යනවා බලාසිටීමට මට බැරිය.

මම දර්පණා සිටින පළාතකවත් නොයන්නට තීරණය කළෙමි.සමහර විට ඈ මා දුටුවහොත් මේ කරගන්නට යන මඟුල ගැන පසුතැවිල්ලක් ඇති වනු ඇත.හැඬූ කඳුලින් පෝරුවට නගිනු ඇත.මනමාල පාර්ශවය වෙන එකක් හිතනු ඇත.මඟුල කෙළවනු ඇති අතර ඒ පව මගේ කර පිටට වැටෙනු ඇත.කෙසේ වුවද ඇය ප්‍රශස්ත මට්ටමින් එදින පෙනී සිටිනු දැකීමට කැමත්තෙන් මම නම ගිය බියුටි කචල් ආයතනයක්ම ගෙන්නුවෙමි.රෑ තිස්සේම රන්දෙනිගල සටනේදී මෙන් ආයුධ ගැටෙන හඬවල් ඇගේ කාමරය තුළින් ඇසෙන්නට විය.දර්පණාගේ නියපොතු උගුල්ලා,රෝම කූප සමතලා කොට මුහුණේ කටාරම් කොටා , රෙදි මදින්න තිබුණ ඉස්තිරික්කයෙන් කොණ්ඩේ රැළි ඉවත් කළ වග විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට ලැබිණ.

"අනිද්දා" හිතුවාටත් වඩා කලින් උදාවිය.මඟුල් ගෙදර නේක නේක සිරියාවන්ගෙන් බබලන්නට විය.ආරම්භයේ සිටම ඡායාරූප ශිල්පියාගේ හැකියාවන් කාගෙත් සිත් ගන්නා ලදී.හෙතෙම "හොඳ ඈන්ගල්" සොයනු වස් කලිසම උඩට නවාගෙන පොල් ගහකට නැග්ගේය.තලගොයෙක් මෙන් බිම බඩගෑවේය.ජෝඩුව තුන් පාරක් පෝරුවට නංවා දෙපාරක් මුදු පැළැන්දවූයේ කපු මහතාගේ විධායක බලතල අහෝසි කරවමිනි.ජය මංගල ගාථා කීවේ ජෝඩුව කැන්දන් එනවිට වඩිග පටුන(නැටුමේ නම හරියටම දන්නේ නැත.කුලියට ගෙන්නූවේ මිල්ක්වෝර්ම්ස් නර්ථනාගාරයෙනි )  නැටීමටද සිටි කන්‍යාවියන්ය.ඉන් එකියක් වයර් එකේ ධන  රින මාරු වී ළමා සාරිය පිටින් වඩිග පටුන නැටුවාය,වඩිග පටුන කොස්ටියුම් එකෙන්ම පෝරුව ළඟ හිටගත්තාය.
    ජෝඩුව පෝරුවෙන් බැස්සීමෙන් පසු සමූහ ඡායාරූප වලට පෙනී සිටියහ.සෙකන්ඩ් මනමාලියන් සහ මනමාලයන් ජොඩු 4 සහ මල් කුමාර කුමාරියන් ජෝඩු පහ ඒකරේඛීයව සිටුවීමට සාලයේ ඉඩ මදි වීම නිසා අමුතුම කෝනයකට පිරිස සැකසීමට කැමරා මෑන්ට සිදුවිය.හොඳ ප්‍රොපෙසනල් පොරක් ගැනීම නිසා වැඩේ හොඳට ගිය අතර අන්තිමේ මනාල ජොඩුව , සෙකන්ඩ් මනමාලයෙක් සහ මල් කුමාරියකින් රීප්ලේස් වී තිබිණි
තට්ටු අටේ කේක් ගෙඩිය ලාස් වේගාස් වල වාසනාව උරගා බැලීමේ යන්තරයක් මෙන් විය.ජැක්පොට් එක ඇදුනු සමහරු "කේක්" කෑහ.සමහරු රිජිෆෝම් කෑහ.ඉතුරු  අය කේක් එකට ලයික් එකක් දමා ෂෙයා(ර්) කළහ.
කෑම පෝලිමට වේගයෙන්ම දිව ගියේ ෂෙයා(ර්) කළ උදවියයි.බත් තොග සීමිත වූ බැවින් ඉක්මනින්ම අවසන් විය.ප්‍රමාද වීමේ ආදිනව පෙන්වා දෙනු පිණිස සිලින්ඩරාකාර ජටා පැළඳ සිටි කෝකියන් විසින් අමුතුම ආකාරයේ කෑම ලබා දුන්හ.සීයා ඔහුට ලැබුනු සලාද කොළ ,බීට් අල අඩුක් කළ පිපිඤ්ඤා ගෙඩිය දෙකට පළා ඇට ටික ගෙනගොස් වත්ත පහළ සිටවූයේය.සමහරු අයිස් වලින් සෑදී ලොකු ඩොල්පිං මාළුවා දෙස පෙරේතකමෙන් බලා සිටියහ.

ඉන්පසු සියල්ලෝම ඩී.ජේ සංගීතයෙන් මුසපත්ව,නසරානීව මද පවනේ සැලෙන්නට වූහ.සියල්ලෝම සතූටිනි.මට මහත් ආඩම්බරයක් දැනුනි.වියදම ටිකක් සැරය,නමුත් වැඩේ හොඳය.මම ආච්චි මුණගැසී අයවැය වාර්තාවක් සැපයීමි.ආච්චි ප්‍රශ්නයක් ඇසුවාය.
"මෙහෙමද පුතේ දැං ලංකාවේ මගුල් කන්නේ?"
"ඔව් ආච්චියේ මේක තමා ක්‍රමේ..ත්‍රේන්ඩ්"
___________________________(හිස්තැනක්) 
( ආච්චි කිවුවේ කුමක්ද? )

Share:

49 comments:

  1. පට්ට මචං අනිත් එකත් ඉක්මනට දාපන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන්
      අනිත් එකක් කියල එකක් නෑනෙ බන්
      ඉවරයි !
      ජයවේවා !

      Delete
  2. ආච්චි කිව්වේ " අනේ උඹයි මායි දන්න ටෙන්ට්..!!"

    නියම කතාව සහෝ. හිනාවෙන්න පුළුවන් වුණා ඉල ඇදෙනකන්ම වගේම.බෞද්ධ කොඩි මොකටැයි දැම්මේ? ගැටයාගේ ගේ ඉස්සරහ සුදු කොඩි දැම්මේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන්
      වෙනසකුත් තියෙන්න එපායැ නැද්ද?
      අපෝ නෑ..අපේ ආච්චි දරුණු නෑ මචෝ දෙපැත්ත කැපෙන කතා කිවුවට

      Delete
  3. එලය. පට්ටය. සිරාය. ටික දවසකින් ආයෙත් ඇඟේ පතේ හිරි ඇර ගත්තෙමි.
    ""තට්ටු අටේ කේක් ගෙඩිය ලාස් වේගාස් වල වාසනාව උරගා බැලීමේ යන්තරයක් මෙන් විය.ජැක්පොට් එක ඇදුනු සමහරු "කේක්" කෑහ.සමහරු රිජිෆෝම් කෑහ.ඉතුරු අය කේක් එකට ලයික් එකක් දමා ෂෙයා(ර්) කළහ.""
    මේවා දැක්කම "පී" වෙනවාය. ඔන්න ඔහොමයි කොල්ලො රටේ තත්වේ. ලියපන් ලියපන්. උබේ අතට සියක් ආයු ලැබේවා. :ඩී

    ReplyDelete
    Replies
    1. ඇගේ පතේ හිරි ඇරගෙන.
      දිගටම මෙහෙ ආවනම් ජිම් එකට ගෙවන ගාන ඉතුරු වෙයි වගේ..
      රටේ තත්තෙ කොයි ඈන්ගල් එකෙන් බැලුවත් "පී" වෙනවා තමාය අයියන්ඩිය !

      Delete
  4. "අපගේ වර්තමාන වෘත්තීය සමිතියට ගෞරවනීය සාක්කිකරුවන් ලෙස පැමිණෙන ඔබට අපි ආදරෙයි!"

    හික් හික්.... අනේ අම්මපා....... එල එල.....

    ReplyDelete
    Replies
    1. හෙහේ කඩ්ඩ සිරාම නේද?
      ස්තූතියි
      ජයවේවා!!

      Delete
  5. //,බස්නාහිර පළාත් සබා කොඩි යනාදිය// සිරාම ආතල්..

    මරු මචං.. මෙච්චර කල් කතා නැතුව හිටපු උබ ලොකු අඩුවක් පිරෙව්වා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම කොඩි තියෙනවා නේද බන්?
      කණාවට වගේ දැම්මේ
      ස්තූතියි
      ජයවේවා !

      Delete
  6. අයෙ වෙන මොනවා කියන්නද ගැටය අයියා සුපිරි එකෙත් හොදම එක.................

    ReplyDelete
    Replies
    1. හෙහේ
      ඔටුවෝ
      ස්තූති එකෙත් හොඳම එක
      ස්තූතියි
      ජයවේවා!

      Delete
  7. සුපිරියි.. කියන්න වදන් නෑ.. දිගටම ලියන්න.. අපේ හරක්ගේ පිස්සු..

    ඔය කැමරා කාරයෝ ළොකු හෝටල්වලින් එලවනවා දැන්. පුදුම වදයක් නේ දෙන්නේ.. අනික දෙවනි මනාලියොයි මනාලයොයි මල් කුමාරයෝයි කුමරියොයි හැට හුටාමාරක ඉන්න නිසා උන් වෙන වෙනම අරන් පස්සේ මර්ජ් කොරන එක කොරන්නේ. අපේ පුතෙක්ගේ ගෲප් පොටෝ එකේ තාත්තා ඇස් වහගෙන ඉන්නේ කියලා. කැමරාකාරයා ආයිත් ගාල්ලේ යන්න බෑ කියලා පුතාගේ ඇස් දෙක දාලා ගෲප් පොටෝ එකට ඔය තියෙන්නේ ආතල් එකට.

    ඒ කාළේ වෙඩින් එකක් ලීඩ් කළේ අෂ්ඨක කියන මෑන්. දැන් කැමරා මෑන්.. මගුල් ජෝඩුව ඌ කියන එක කරන්න ඕන හරක් දෙන්නේක් වගේ.. මළ මගුලක්ම තමයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචන්
      මේ විකාර දැක්කාම අත පය නළියනවා.එතකොට ලියවෙනවා.ලියන එකේ ඉවරෙකුත් නෑ..
      මටත් ඔය වෙඩින්ය කියන ජාතිය අල්ලන්නේම නෑ
      කරුමෙකට හරි කෙල්ලෙක් යාළු වෙලා බඳින්න උනොත් අනිවා පැනල යනවා :)
      ආවාට තුති
      ජයවේවා !

      Delete
  8. මූට කොහොම එනවද මන්දා මේ කතා.. හි හි...

    මරු...

    හැබැයි කේක් වලට අනම් මනම් කියන්නේ පරිස්සමින් පුතෝ.... යන්තම් ගොඩ ආවේ කේක් වල පිහිටෙන්... ඒකේ ගුණේ තියන්න එපැයි... හි හි

    ReplyDelete
    Replies
    1. අනේ ඒකනම් අහන්න එපා මට තේරෙන්නෙත් නැත
      කේක් ගැන ඔච්චර ආදරේ මොකෝ හැබෑටම?

      Delete
  9. නියමයි..
    ආච්චි කියන්න ඇත්තෙ මොකක්ද හැබෑටම :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි
      ම්ම්ම්ම්
      අනේ මන්දා නේද?
      ඕන එකක් හිතාගන්න ඇරලයි තියෙන්නේ :)

      Delete
  10. හික්..මරු බං .. මේ උබ මාසෙකට පොස්ට් තුන හතරක් වත් දාපන් බං...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි
      අනේ මාත් කැමතියි මචෝ
      මේ සියළු අටමගල් මැද කලාමතුරකින් තමා කුජීත අදහසක් ඔළුවට එන්නේ

      Delete
  11. මේක සුපිර්යි මචන්, කියලා වැඩක් නෑ. පට්ට අයිඩියා.......අර අන්තිමට ආච්චි කිව්වේ මොකක්ද දන්නේ නෑනේ අප්පා, ඒ කතාවත් මේවගේම පොස්ට් එකකුත් දැම්මොත් මොකෝ ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට සහෝ
      ම්ම්ම්
      මේකනම් මෙතනින් ඉවර කරන්නයි බැලුවේ මචෝ..දිගට අදිනවා කියන්නේ සියළු ජනයාට එපා වෙන වැඩක්

      Delete
  12. කියන්න වචන නෑ සහෝ මරුම කතාව! මාත් එහෙනම් ලයික් එකක් දාල ෂෙයාර් කරන්නම්! :)

    ReplyDelete
    Replies
    1. අනේ පින් සිද්ද වෙනවා ලයික් එකක් දැම්මොත්නම්..බඩ කට පිරෙන වැඩක්.
      ස්තූතියි
      ජයවෙවා !

      Delete
  13. ආච්චි කියන්න ඇත්තේ සොරි ඩොට් කොම් කියලා. පට්ට ආතල් කතාව. අය්යෝ, අපේ මගුල් :-D

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ
      මගුලත් දැන් "මහ මගුලක්" වෙලා
      ස්තූතියි
      ජයවේවා !

      Delete
  14. පට්ට කතාව මචං

    ReplyDelete
    Replies
    1. ස්තූතිය මචන්,ගොඩක් වටිනවා
      ජයවේවා !

      Delete
  15. ආච්චි කිවුවේ අනේ උඹේ බිබික්කම කියාය..

    ReplyDelete
    Replies
    1. මොක උනත කඩ කැඩිච්ච කතාවක්ම වෙන්න ඕනෙ

      Delete
  16. හොඳ ප්‍රහාරයක්...

    ඒත් අපි ඔක්කොම ඔය රැල්ලේ ගොදුරු බන්.. ගැලවෙන්න හරි අමාරුයි.. උඹ පැනලා යනවා කියන්නෙ දැන්නෙ.. කෙල්ලෙක් හම්බෙලා " අයියෝ මෙයා, මොකක්ද අනේ, ජීවිතේටම එක පාරනෙ බඳින්නෙ. ඒක හොඳට කරන්ඩ එපෑයැ" කියපු ගමන් උඹ හාන්සි..

    ReplyDelete
    Replies
    1. ඔව් නේද මචන්..කෙල්ලොත් එළිසෙබෙත් මහ රැජිණියො වගේනෙ..අපි ඒ ඇත්තිගෙ යටත් වැසියො...
      අඩේ එහෙම කියලා බෑ බං
      පැනලා යන්න ඕනෙ

      Delete
  17. පට්ටයි මචන්, නියම ලියවිල්ල.
    උඹට කියන්න පොළොන්නරුවෙ මගෙ මිත්තරයෙකුගේ වෙඩිමකට පිට රටවල් වල කොඩිත් විස්සක් තිහක් දාල තිබ්බනේ, එකෙන් අපි දන්න කොඩිනම් තිබ්බේ කීපයක් විතරයි, ඒ වත් අප්‍රිකන් රටවල් වල.
    බැන්ද වුන් දෙන්නා නම් පොළොන්නරුවෙම දෙන්නෙක් ,
    කොඩි ටික දැක්කම ඒක එක්සත් ජාතින්ගේ සමුළුවක් වගේ තිබ්බේ

    ReplyDelete
    Replies
    1. ඇඇඇඇහ්?
      සිරාම කතාවක්ද?
      එච්චරම පිස්සුත් තියෙනවද මචන්..
      යකඩො මම කොඩි ගැන නිකමට (අතිශයෝක්තිය ) දැම්මේ..බලාගෙන ගියාම ඒකත් එහෙම නෙවේ වගේ....

      Delete
    2. ඇත්ත සිද්දිය බන්, කරුමෙට ඒ දවස් වල කැමරාවක් තිබ්බේ නෑ

      Delete
  18. ලඟදි හොඳ මගුලකට ගිහින් වගේ.... :)

    ReplyDelete
    Replies
    1. අපෝයි නෑ
      මොන මගුලක්වත් නෑ :)
      මේ ජීවන අත්දැකීම්

      Delete
  19. හි හි... පට්ට් පට පට...
    මල මගුලයි.. මෙන්න මගුල් ගෙයක්...



    ජය...

    ReplyDelete
    Replies
    1. මළ ගෙයක් වගේ වෙච්චි මඟුල් ගෙයක්
      ජයවේවා !

      Delete
  20. සිංහල පරිවර්තනයට හොඳටම හිනා.

    මෙතනින් මේක ඉවරද?




    D

    ReplyDelete
    Replies
    1. ඉවරයිනම් තමා :)
      ස්තූතියි!
      ජයවේවා !

      Delete
  21. ආයේ ඉතින් එලටම ලියල තියනවා. වෙඩින් කොන්සාලටන්සි නම් ඉතින් මෙන්න.

    ReplyDelete
    Replies
    1. හ හ කන්සාල්ටින් එක්ස්ක්ලූසිව්ලි ෆ්‍රොම් ගැටයා
      ස්තූතියි
      ජයවේවා !

      Delete
  22. Meka kiyawala mata **ka polawe gasagena merenta sithuni.. :P

    ReplyDelete
    Replies
    1. හිතුණා විතරනේ?
      ස්තූතියි
      ජයවේවා !

      Delete
  23. ආච්චි කිව්වෙ "උඹෙ මගුලත් මේ වගේම ගමු මයෙ පුතේ" කියලනේ..

    ReplyDelete
    Replies
    1. මට දැන්ම මගුලක් කරල දෙන්ඩ අදහසක් නෑ බන් :(
      ජයවේවා

      Delete
  24. පට්ට කථාව....
    එකෙන්ම Like.... (Y)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන් තනූජ
      වෙල් කම් ටු අනීවාරතේ
      ජයවේවා !!

      Delete