අද තදට පායනවා කියා රේඩියෝ එකේ කාලගුණ මහත්තයා කිව්වෑයිං පස්සේ කුඩේකුත් අරන් එළියට බැස්ස මට ,මගදි අහු වෙච්චි මහ වැස්සේම අකුණක් වැදුනේ නැත්තේ ඇයි කියා හිතුනේ හන්දියෙදි කකුල් දෙක ළඟට ගහගෙන ආපු උඹගේ මල්ලිලාගෙ කඩදහි බෝට්ටුවක් අහුළගෙන ඒ මේ අත පෙරල පෙරල බලද්දියි.
උඹලෑ මල්ලිලා බෝට්ටු බඳේ TITANIC කියලා ලියලා තිබුන අකුරු ඇරුණාම තවත් අකුරු රාසියක් දැක්ක තැන ඒවා අමාරුවෙන් හරි කියවගත්ත හින්දායි ඒ.
උඹ කඩේ කැසියර් කූඩුවෙ ඉන්නකොට සනීප නැද්දැයි කියලවත් අහයි කියලා ගාමිනී ෆොන්සේකා මහත්තය මගේ දිව ඇදලා අරගෙන කඩේ වතුර රත් කරන සෝ කේස් එහෙක අඩුක් කරල තියෙන .TITANIC. මයෙ කාමරේ තියෙනවා
ඒ හැටි පෙනුමක් නැති,ඒ හැටි සල්ලි බාගෙත් නැති අර අවලං මන්තිරිය පස්සෙ යන්න ඕන නෑ එතකොට.
හිකි හිකියත් එක්ක කිචි බිච්චියත් එක්ක අර දුඹුරු පාට බලු තඩියා පෙරහැර බලලා ගහෙන් බැහැලා පැටලිලා වැටුන නංගියේ රුවිතෙට...
වතුරට පෙඟිලා තිබුණත් රටාවට නවාපු කොළේ කියෝගන්න වැඩි වෙලා ගියේ නෑ..
අනුමාන කරන්න ඒ හැටි දස්ස නොඋනත් මේ බෝට්ටුව ඇරුනාම තවත් බෝට්ටු දෙකක අහළ පහළක තියෙන්ඩ ඕනෙය කියා කරපු අනුමානය හරියටම හරිගියේ මම උඹට එවුව ලියුමේ කොළ තුනක් තිබ්බ බව සිහි උන නිසාය
මගේ අතින් ලියවිලා ,ලහිපිට අතිරේකය ඇතුළේ හැංගිලා උඹේ අතට ගිය මගේ ලියමන හත් අට වාරයක් නැවිලා මේ විදියට සැඩ පාරක ගහගෙන යනවා දකිද්දි මයෙ මෝඩ හිත ඇතුලෙන් පටං අරන් නහර වැල් දිගේ ඇඟ පුරාම ගහගෙන ගිය සැඩ පාරේ වේදනාව උඹ දන්නවානම් !
ටිකක් දුර ඉස්සරහට එද්දි පෙනිච්චි නගාලගෙ කඩේ ඉස්සරහ සෙනග පිරිලා උන්නා.ඒ වැස්සට කුඩයක් නැතිව එළියට බැහැලා දැන් යන එනමක් නැතුව ඉන්න ඈයො මිසක් බඩු ගන්න ආපු උදවිය නෙවේ.උන්ට කඩේ මතක් වෙන්නේ වැස්සක් වෙලාවට විතරක් උනත් මට එහෙම නොවෙන හින්දාද මන්දා කකුල් දෙක මගේ ශරීරයෙන් වෙන් වෙලා ඒ පැත්තටම ඇදිලා ගියා.කකුල් දෙකට ඌට ඕනෑ හැටියකට නටන්න දුන්නත් කටට ඒ අවස්ථාව ලබා නොදෙන්ඩ අධිස්ඨාන කරගත්තේ,කට වැරදීමකින් මී පාසානං නැත්නම් කඹයක්වත් ඉල්ලුවොත් උඹ ඒක දෙන්නත් හපනි කියලා මට හිතිච්චි නිසයි..
කඩේ හිටිය උන් මයෙ දිහා බැලුවේ හරියට විපක්ෂ නායකතුමා දිහා බලන්නා වගේ,මට පෙනිච්චි හැටිද මන්දා.ඒ උනාට උන් හිටියේ හරියට නගාගේ මල්ලිලා යවපු බෝට්ටු ගැන සූරියප්පෙරුම මහත්තයා දොරමඩලාවේ කතා කරනවා ටී වී එකෙන් බලපු ඈයින් ව්දියට
"බලන්ඩ හසන්ත මහත්තයෝ,දැන් කොම්පියුටර් ඇතුළේ හිරවෙච්චි ළමා මොළ ඒ කාලේ ගෙවුනේ මේ වගේ සරල දෙවල් එක්ක.(එක බෝට්ටුවක් කැමරාවට පෙන්නයි ) මේක මට අහුලගන්ඩ ලැබුණේ පාරක් අයිනේ තිබිලා.බලන්ඩ මේකේ උඩ ලියලා තියෙන දෙවල්
" අර දුඹුරු පාට බලු තඩියා පෙරහැර බලලා ගහෙන් බැහැලා පැටලිලා වැටුන නංගියේ රුවිතෙට..."
කොච්චර සුන්දර ළමා මනෝභාවයන්ද?බලන්න දුඹුරු පාට බල්ලෙක් එනවා කොහෙ ඉඳන්ද ,ගහෙන් බැහැලා..අපේ බණ පොත්වලත් තියනවා ගස් වලින් බැහැලා ආපු දෙවතාවෝ ගැන ..බලන්න නංගියේ ඌ පැටලිලා වැටුණා"
කැෂියර් කූඩුවේ නෙවෙයි උඹ හිටියේ කඩේ රාක්කයක් ගාව අනිත් පැත්තට හැරිලා.කිසිම හේතුවකුත් නැතුවම වගේ ආපහු මේ පැත්තටම හැරුණ.ඒත් උඹ මාව දැක්කේ නෑ.මම උඹව හොඳට බලාගත්තා.උඹේ ඇස් දෙක එහෙම්මමයි තාමත්,කොච්චර නපුරු පාටක් ගන්න හැදුවත් හංගන්න බැරි ගොඩක් දෙවල් එළියට පනින්න දඟලන.
අර පිටු තුන නැවිලා බෝට්ටු බවට පෙරලෙන්න කලින් උඹේ ඔළුව ඇතුළේ පෙරලියක් කරපු වග මම දන්නවා.ඒ වගේම බෝට්ටු හැදෙන්නත් උඹේ සම්බන්දයක් නැති වගත් මම දන්නවා
ඒත් දවසක අපි දෙන්නම් එකතු වෙලා ලොකු බෝට්ටුවක් හදමු හොඳට ඉඩ කඩ තියෙන ,බඳේ අකුරු වෙනුවට ලස්සන පාටවලින් පින්තාරු වෙච්ච.හබල් නැත්නම් අපි ගමු ලොකු හැඳි දෙකක්.මේ හෙණ ගහන ,ඇඟ කිළිපොලන කටුක වැස්ස ටිකකින් නවතියි..ඊට පස්සේ හොඳ කාලයක්,හොඳ අව්ව..ඩිංගෙන් ඩිංග බහින වතුරේ උඹයි ,මායි ,පාට ඔරුවයි...වතුර ගහගෙන යන පැත්තටම ගියත් ,යන්න ඕන පාරට දාගමු මහන්සියෙන් හරි ..යනින් ගමන් අපි නවත්තනවා ගොවි ජන සේවා මධ්‍යස්ථානය ළඟ..උඹව ඩිංගකට බෝට්ටුවේ තියලා මම ගිහින් ගේනවා ගෝවා පැළ තිහක් හතළිහක්..මළා..කඩේ ලෑලි ටික වැහුවෙ නෑ නේද?මම නගාව ඇරලවලා එන්නම්,හැබැයි මට ආපහු යන්න ඕනෙ බෝට්ටුවෙම
කොහාටද?
පුත්තලමට
ඒ මොකටද?
මේ ගෝවා පැළ ටික හිටවන්න
ගෝවා?පුත්තලමේ?
හ්ම්ම්ම් ..මේවා හොඳට පැළවෙනවා,සරුසාරෙට,උඹේ ගෙටත් වඩා උස ගෝවා ගෙඩි..ඒ මොකෝ දන්නවද?
නෑනේ
උඹ අහලා තියෙනවද කතාවක් "අස්ථීර ලෝකය තුළ ස්ථීර ප්‍රේමයක් සෙවිය හැකිනම් පුත්තලමේද ගෝවා වගා කළ හැකිය " කියලා?
මං ආපහු කුඩය ඉහලගෙන පාරට බැස්සා..
ලස්සන ලියමනක් මචන්.
ReplyDeleteදිගටම ලියපන් මට හිතෙන විදිහට අදමද කොහෙද මම මුලින්ම කොමෙන්ටුවක් කොටන්නේ මේකේ.
බොහොම ස්තූතියි මචෝ
Deleteම්ම්ම් මුල්ම වතාව තමා..
ජයවේවා !!
නියම කතා ශෛලියක් නෙව...ආයෙමත් එනවා ඕං..
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
බොහොම ස්තූතියි
Deleteආයේ එනකල් බලා සිටිමි
නිරෝගී වේවා.... දීර්ඝායු වේවා.... සැප වේවා... චිරං ජයතු
ජයවේවා !!
අඩේ පට්ටම පට්ට,,උදේ පාන්දරම හොදට හිනහ උනා.... ගැටයාට ජයවේවා!!!
ReplyDeleteහික්
Deleteඋදේ පාන්දරම මේක? :OOO
අහන්නත් සන්තෝසයි
ජයවේවා !
උබ මහා රැ දැම්මට මම කියෙව්වේ උදේ බොල...:P
Deleteඑළ අෆ්ෆා! තවත් කොටසක් තියේද මේකේ?
ReplyDeleteස්තූතියි
Deleteආආඅන්න ඒකනම් කියන්න අමාරුයි හරියටම
ජය
හිකි හිකි හිකි :D
ReplyDeleteඋඹේ හිකි හිකියයි කිචි බිචි යයි මේ බොලොග් එකම පිරෙවුවා
Deleteජයවේවා ප්‍රමුදි
නියමයි ගැටයෝ,උඹ ලියන ශෛලියට මම හරි ආසයි
ReplyDeleteඅහන්න ලැබිච්ච එකටත් සතුටුයි
Deleteදිගටම එන්න හැලප කඩේ ඉඳන්
ජයවේවා !
" ගෝවා?පුත්තලමේ?
ReplyDeleteහ්ම්ම්ම් ..මේවා හොඳට පැළවෙනවා,සරුසාරෙට,උඹේ ගෙටත් වඩා උස ගෝවා ගෙඩි..ඒ මොකෝ දන්නවද?
නෑනේ
උඹ අහලා තියෙනවද කතාවක් "අස්ථීර ලෝකය තුළ ස්ථීර ප්‍රේමයක් සෙවිය හැකිනම් පුත්තලමේද ගෝවා වගා කළ හැකිය " කියලා?
මං ආපහු කුඩය ඉහලගෙන පාරට බැස්සා."
එල එල ගැටයෝ .....
ටෑන්කෝ බට්ටෝ
Deleteජයවේවා !!
මචෝ, උඹේ සයිලිය ටික ටික වෙනස් වෙනවා වගේ පෙනී යනවා. මේක කියෝලා හිනාවෙන්ඩද අඬන්ඩද කියලා හිතා ගන්ඩ අමාරුයි වගේ. මොනා උනත් ගිය පෝස්ට් එකයි මේකයි දෙකම එකට නැගලා යනවා. දවසක උඹ බෝට්ටු පදින කොට මතක් කොරලා මටත් ලියුම් කරදහියක් එවපන් හොඳේ..........
ReplyDeleteඒක තමයි බොලන්
Deleteමොකක් හරි අමුතු දෙයක් වේගන එනවා..අනේ මන්ද
අනිවා බෝට්ටු පදින්න හම්බුනොත් ලියුමක් කෙසේ වෙතත් මිස් කෝල් එකක් හරි
ජයවේවා පරා බ්‍රෝ :)
කට වැරදීමකින් මී පාසානං නැත්නම් කඹයක්වත් ඉල්ලුවොත් උඹ ඒක දෙන්නත් හපනි කියලා මට හිතිච්චි නිසයි.. ????????
ReplyDeletecrack....
අපෝයි නෑ
Deleteබයට
සුවර් නෑනෙ
ජයවේවා !!
මරු ඕයි...... මම අදත් කියනවා උඹ හරිම නිර්මාණශීලියා...
ReplyDeleteමොකක්ද බන් අර ප්‍රොෆයිල් එකේ පින්තූරෙ.. කැතේ උපරිමය.. අර නහය හාරන එක හරි සිරියාවයි බන් මේකත් එක්ක බලපුවම..
මම අදත් කියනවා
Deleteබොහොම ස්තූතියි මචෝ
හික්
යථාර්තයට ආසන්න ෆොටෝ එකක් බන් හොයාගත්තේ..අපි ඇත්තට මූණ දෙන්න එපායැ
නියමයි බන්
ReplyDeleteතෑන්කූ මුදියන්සේ
Deleteජය වේවා !!
නියමයි අනිවාරතේ..පට්ටයි මාතෘකාව දාන හැටිනම්..හැම ලිපියේම මාතෘකාව නම් පට්ට...පෝස්ට් ටිකත් පට්ට..
ReplyDeleteස්තූතියි මචන්
Deleteහික්
ඔහොම එකක් ඇහුවමයි (මාතෘකා ගැන )
ජයවේවා
දිගටම එන්න
:)