Nov 12, 2012

එක්ස්කූස්මී ස(ර්) වී ආර් ලොන්චින්(ග්) අ නිව් ප්‍රඩක්ට් (Excuse me sir ,We are launching a new product )


"ආආඅහ් මල්ලියා හයර් එකක්..ටුක් ගාල ගිහින් එන්නම් අරි"
හන්දියේ ත්‍රීවිල් පද්මෙ අයියා ස්වකීය ලැම්බොගිනී රථය මහ පාරට ගෙන ඇන්ජිමට බර දමා පිටව ගියේ ජනේලයෙන් අතක් එළියට දමා මටද ආචාර වෙඩිමුරයක් පත්තු කිරීමෙන් පසුවය.රථය පිටුපස ලොකුවට නිල් පාටින් ගසා තුබුණු
"අත හිත නැන්දම්මාගෙන් " 
වචන පේළිය මත ඇස් අලවාගෙන සිටි මට පිටුපසින්
"එක්ස්කූස්මී මිස්ට(ර්) "
 යනුවෙන් හඬක් ඇසුනද ,එය කනට හරිහැටි වට්ටා නොගත්තේ කාරය දෙසටම අවධානය යොමුව තිබූ නිසා නොව මා මිස්ට(ර්) නොවන නිසාය.මා ගැටයාය.
නැවතත් එයම ඇසිණ,නමුත් ඉදිරිපසිනි.
"එක්ස්කූස්මී ස(ර්)

අරෝහ පරිණාහ සම්පන්න,මනාසේ වැඩුණු අග පසඟැති කඩවසම් කෙල්ලෙකි.ටිකිරිලියාගේ ළිඳ වටකළ කබරගොයා මෙන් කෙල්ල වට කරගෙන උන් කොල්ලෙකි.
"එක්ස්කූස්මී මිස්ටර් ,වී ආර් ෆ්‍රොම් අපරබාග කන්සුයුමබල් හර්බල් මල්ටි විටමින් මල්ටි බැරල් ප්‍රොඩක්ට්ස් ප්‍රයිවෙට් ලිමිටඩ්..කැන් වී හැව් අ මිනිට් "
අහස් කුස හරහා ඈතට ජෙට් යානාවක දුම් පාරක් වැටී තිබුණි,ගොලුබෙල්ලෝත් එසේමය.යන පාරේ උන් සාරු දම දම යති.ගොලුබෙල්ලක් වගාවකට හානි කර සත්ව විශේෂයක්  බව බොහෝ පරිසරවේදී.......
"සර් ,කැන් වී..? කැන් වී හෑව්"
ගැස්සී නැවතත් පහළ බැලූ කල්හී මා ඉදිරිපිටම සිටියේ අරෝහ පරිණාහ සම්පන්න,මනාසේ වැඩුණු අග පසඟැති කඩවසම් කෙල්ලෙකි.ටිකිරිලි.....
"සර් ,අපේ කම්පනි එකෙන් නෙක්ස්ට් ඉයර් එකට ප්‍රොඩක්ට් රේන්ජ් හඳුන්වලා දීලා ශ්‍රී ලංකා ඉකොනොමි එක අපේ ග්‍රහණයට අරගෙන නිවාස අඩස්සියේ තියාගන්ඩ අපි බලාපොරොත්තු වෙනවා "
"සූරසේන? " ඈ ඉන්පසුව ළඟින්ම උන් කොල්ලාට තවත් ඉංග්‍රීසි වචන කිහිපයක් උච්ඡාරණද සහිතව හඳුන්වාදීමට අවස්ථාව ලබා දුන්නාය.
"තෑන්ක් යූ  විමලාවතී" ඕනෑවට වඩා ආචාර සම්පන්න වූ සූරසේන කරේ දමාගෙන උන් බෑගය තුළින් ලැප්ටොප් එකක් ගෙන එය ෂට් අප් කළේය. (සාමන්‍යයෙන් පරිගණකයක් පණ ගැන්වීම ඉංග්‍රීසියෙහි ෂට් අප් -shut up-ලෙස හැඳින්වෙන අතර ,පණ නැසීම ෂට් ඩවුන් -shut down- වේ )

තවත් බෑගයක් තුළින් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයක් එළියට ගත් ඔහු එයද කරකවා ඔන් කර ( ට(ර්)න් ඔන් )පරිගණක තිරය එහා පැත්තේ කඩේ බිත්තියට ප්‍රොජෙක්ට් කර සිය දේශනය ආරම්භ කළේය.
"ඇත්තටම  නව නිශ්පාදනයක් වෙළද පොළට නිකුත් කිරීම නැමැති ප්‍රස්තුතය සළකා බැලීමට ,එම ප්‍රපංචය දෙස විශ්ලේෂණාත්මකව බැලීමේදී....."
මම ඔහුට ආදරය කිරීමට පටන් ගත්තෙමි.රට දැය සමය නගනු වස් ලක් මවුනට අවැසි මෙවැනි නහර වැලක් වැලක් පාසා ගලන සෑම රුධිර බිඳුවකම සිහළකම මුසු වුනු සිහළ.....
"ඉන් දැට් කේස් වී කැන් කන්සිඩර් දිස් ඈස් අ සයිකල්..විච් වී කෝල් ද ප්‍රඩක්ට් ඩිවෙලොප්මන්ට් ලයිෆ් සයිකල් ..."ඔහු නැවත කතා කළේය.
සිහළුන් නසනු වස් මේ මොහොතේත් ක්‍රියාත්මක වන විජාතික බලවේග අමතක කිරීම නොමනාය.
(image-http://www.exant.co.in/Product-Development.aspx)

අපිට මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ඩිවලොප් කරන්න යූෂුවලි රික්වයාමන්ට් එකක් තියෙන්ඩ ඕනෙ..ඒ කියන්නේ සමාජයේ ඒ ප්‍රොඩක්ට් එකට අවශ්‍යතාවයක් තියෙන්න ඕනෙ.Requirement gathering  එකෙන් කරන්නේ ඒ අවශ්‍යතා හොයන එක.
උදාහරණයක් විදියට මිනිස්සුන්ට පයින් යන්න අමාරු නිසා අපි කාර් කියන ප්‍රොඩක්ට් එක ඩිවලොප් කරනවා.ඒ වගේ  ප්‍රොඩක්ට්ස් වලින් එකෙන් මිනිස්සුන්ට තියෙන අවශ්‍යතා උවමනා පිරිමැහෙන්ඩ ඕනෑ.දැන් බලන්ඩ මිනිස්සුන්ට බඩගිනිනම්?
"ලොකුවට පාරවල් හදන්න ඕනෙ" මම වහා පිළිතුරු දුන්නේ ඕලෙවල් සමාජ අධ්‍යයනය ෆේල් වුවත් සමාජය ගැන දන්නා නිසාය.
"හරියට හරි එතකොට පුලුවන් රූරල් ගොවියන්ට තමන්ගෙ බෝග ඉක්මනට ටවුන් ගේන්න"
"එතකොට මිනිස්සුන්ගේ කරදර,ස්ට්‍රෙස් ඔක්කොම නැති වෙන්න ඒ අයට සන්තෝසයක් ,හෝප් එකක් ගෙනල්ල දෙන්න ඕන නිසා හැදුවා "
'ඔව් කියන්න බලන්න ..." ඒ කෙල්ලය
"හරි ලේසියි..."
"අනේ කියන්නකෝ...ඒක බොක්ස් එකක් වගේ එකක්" කෙල්ල තොඳොල් වූවාය.
"ම්ම්ම්ම්ම් චන්ද පෙට්ටිය?"
"ඇහ් වට්? මම කිවුවෙ ටෙලිවිෂන් එක ගැන"
"ඉතින් අපි අපේ ප්‍රොඩක්ට් එකක් රිලීස් කරන්න කලින් මිනිස්සුන්ට ඕනෙ මොනවද කියලා හොයල බලන්ඩ ජුන්ඩි මාකට් ස(ර්)වේ එකක් කරනවා .ඒකට තමා අපිට මිස්ට(ර්) ගේ හෙල්ප් එක ඕනෙ..
දැන් මෙය දුර දිග ගියා වැඩිය..පේන හැටියටනම් බෙල්ල ගහල යන වැඩකි.නැත...මට කාරණය සිහි විය.වහා කොල්ලාගේ කර උඩින් එබී පාරේ අනිත් පැත්ත බැලීමි.රතු පාට ෆෙරාරි රථයක් ඩිකියෙහි සෝ කේස් එකක් තබාගෙන ඉස්පන්චි,කිඹුලා බනිස්,ලැවරියා විකුණමින් සිටි මිනිහා සැකකරු අංක එකය..මම වහා ෆෙරාරිය ළඟට ගොස් ඇතුළට එබී බැලුවෙමි.බනිස් මුදලාලි කිඹුලා බනිස් එකක් පෙන්නමින්  මට අතවර කිරීමට තැත් කළේය..මම අමාරුවෙන් කෝප මුහුණක් ලබා ගත්තෙමි.
"කෝ කැමරාව?"
"මොන කැමරාවද?" මුදලාලි වයර් විය.
"ඇයි දැන් මේක ඇතුළෙ හංගලා තිබ්බ කැමරාව?..මම එච්චර නරක නෑ..ඒත් නරක මිනිහා නොකර කියපිය"  
"මොන කැමරාවක්ද ඩෝව්...කැමරා ගන්න සල්ලි කොහෙන්ද..මොකෝ බදු බැස්සුවයැ?මෙහෙ නිකන් සද්ද බද්ද දැම්මොත් තෝවත්  කෑලි කරලා මාළු බනිස් එක ඇතුලට දාල විකුණනවා අරි?"මට ඔහුත් සමඟ සටන් විරාම ගිවිසුමකට අත්සන් කිරීමට හැකිවූයේ කිඹුලා බනිස් 8ක් ,සීනි බනිස් 4ක් සහ ලැවරියා 11ක් ගැනීමෙන් පසුවය
මම ලැවරියා එකක් කමින්ම පාර පැන ,කිඹුලා බනිස් එකක් අර කෙල්ලට දික් කළෙමි.
"ඔයාලා හිනා ඉනා එකෙන් නෙවේද?"

මතු සම්බන්ධයි !

ප්‍රශ්නය -සූරසේන මහ පාරේ ප්‍රොජෙක්ටරය පණ ගැන්නුවේ කෙසේද?
Share:

26 comments:

  1. එල එල උබත් මෙගා එකක් පටන් අරන්..

    උත්තරේ ඇස් එම් ඇස් කරන්නද?

    ReplyDelete
    Replies
    1. මෙගා එකක් නොවේය බන්.
      මැක්ස් එපිසෝඩ් දෙකයි
      ජයවේවා !

      Delete
  2. Replies
    1. මරුවා සමඟ වාසේ
      ජයවේවා !

      Delete
  3. "ඔහු එයද කරකවා ඔන් කර"
    ප්‍රශ්නය -සූරසේන මහ පාරේ ප්‍රොජෙක්ටරය පණ ගැන්නුවේ කෙසේද? කරකවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ ඉතා ආසන්නයට පැමිණියා
      ඒත් කරකවා ඔන් කරන්න කරන්ට් එක කොහෙන්ද :)
      ජයවේවා

      Delete
  4. එල එල. ඔක්කොම හොඳයි නම් දෙක තමයි බං දිරෙව්වෙ නැත්තේ! ආශ්චර්යට ගැලපෙන නමක් දාපන්කෝ අද කාලේ!

    ReplyDelete
    Replies
    1. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් මචන්
      සූරසේන පට්ට නම
      ජයවේවා !

      Delete
  5. //කිඹුලා බනිස් එකක් අර කෙල්ලට දික් කළෙමි//.

    නියමයි.. ඔහොම යන්..

    ජය..

    ReplyDelete
    Replies
    1. හෙහේ
      අනිවාය
      මෙහෙම හෝ හොඳ විදියකට යමි
      ජයවේවා බණ්ඩෝ

      Delete
  6. හිකිස් උබම කියපන් අපි දන්නේ නැහැ කොහොම ඔන් කොලාද කියලා ...

    එළ

    ReplyDelete
    Replies
    1. හෙහේ
      ඉස්සරහට කියමි
      ජයවේවා !

      Delete
  7. හැබෑට.. කාර් වල බදු බැස්සුවට කැමරා වල බදු බැස්සුවේ නෑ නේ... හි හි

    ReplyDelete
    Replies
    1. ඒකනේ
      තව කීයක්නම් කියලා ජාති ඉතුරුද
      ජයවේවා !

      Delete
  8. ප්‍රොජෙක්ටර් 1 තිබ්බේ කෙල්ලගේ මූනේ හා නැද්ද කියපන්

    ReplyDelete
    Replies
    1. නෑ
      (ඔන්න නෑ කිවුවා )
      :)
      ජයවේවා !

      Delete
  9. හික්ස්... ප්‍රශ්නෙට උත්තරේ තාම හිතනවා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද නේද?
      තියෙන වැඩ මදිවට
      ජයවේවා !

      Delete
  10. ප්‍රීතියි ප්‍රීතියි ගැටයානනී ප්‍රීතියි.. අපගේ ශ්‍රී ලක්මැණියැන්දෑ .. ලැම්බෝගිනී, ෆෙරාරි ඇතුලු එකී නොකී සියලු වර්ගයේ රථ වලින් පීරී ඉතිරී ඇති සෙයකි. බලන් ආස්චර්යයක මහත !

    ReplyDelete
    Replies
    1. එසේය එසේය සෙන්නානෙනි. (හරිද?)
      ආශ්චර්ය සැම කල්හී සැම තැන්ක් හිම උතුරා පිටාර ගලත් .අපි යටවී ගිලෙත්
      ජයවේවා

      Delete
  11. කාල වරෙන්කො.. බොන්න ඕනි පස්නයක් .. මේ පොජෙක්ටරේ වගේ වෙන මොකක් හරි අහවල් එකක් දැක්කද දන්නේ නා

    ReplyDelete
    Replies
    1. ඈක්කා කියන කතා
      ඇත්තම ප්‍රොජෙක්ටෝර් එකකි
      ජයවේවා !

      Delete
  12. අදයි ආවෙ.ඔක්කොම කියෙව්වා.කවි ටිකට තමා වැඩිපුරම කැමති.අනික්වත් ලස්සනට ලියල තියනවා.සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්වන් (මුලින් දැක්කෙ රාවන් වගේ )
      කවි ගැන ඔහොම දෙයක් ඇහිච්ච එක සතුටක්
      දිගටම එන්න
      ජයවේවා !!

      Delete
  13. කරකවා ඔන් කර ( ට(ර්)න් ඔන් )

    ReplyDelete
    Replies
    1. කණගාටුයි
      උත්තරය වැරදියි
      කමක් නැත
      ජයවේවා
      ආවාට තුති

      Delete