මතු කොන්පියුස් වීම වළකනු පිණිස ප්‍රථමයෙන්
උඹ නටද්දී පපුවේ කරකැවෙන ගිනිබෝල
උඹයි,මායි,පාට බෝට්ටුවයි, ලොකු හැඳි දෙකයි ,ගෝවා පැළයිකියවන්න
එදා සිකුරාදා උදේ පාන්දරම ආච්චි සිල් රෙද්දකුත් පොරෝගෙන පන්සල් යන්ඩ ලැහැස්ති වෙනවා දැක්කේ නැත්තං මං මේ ලෝක විනාසයක් ගැන හාංකවිස්සියක්වත් දැන නොගන්ඩ තිබ්බ නංගියේ.උන්දැ ලෝකෙ විනාසෙ වෙද්දි පංසලේ බුදු හිමි සෙවනේ ඉන්ඩ හිතද්දි මං ඉන්ඩ පැතුවෙ කවුරු එක්කලාදැයි කියන්ඩනම් පුලුවන්,ඒත් උඹ පිළිගන්න එකක් නෑ බාගවිට.හිත ඇතුලෙන් උප්පාදනය වෙන සිතුවිලි මොන හැඩේද,පාටද,සුවඳද කියලා පෙන්නන්ඩ විදියක් තිබ්බනම් ඒත්තු ගන්නන්ඩ තිබ්බ.
ගමේ ගොඩේ ඈයො උන හිංදම වෙන්ඩැ ලෝක විනාසෙ ගැන ආරංචිය එන්ඩ මෙච්චර ප්‍රමාද උනත් ,උඹට ඇත්තම කියන්නම් නංගියේ මට අමුතු කලබලයක්වත්,දුකක්වත් ආවෙ නැත්තෙ නැති වෙන්ඩ දෙයක් නැති හින්ද වෙන්ඩැ.නැති වෙන්ඩ බූදලයක් ,නැති වෙන්ඩ පවුලක් ,නැති වෙන්ඩ ජීවිතයක් නැති හින්ද වෙන්ඩැ.ඒත් නැති වෙන්ඩ අකමැති එකම දේ අන්තිම වතාවට හරි බලාගන්ඩ ඕනැ හින්ද වෙන්ඩැ ආච්චි පන්සලට ගියා විතරයි මාත් ලක ලැහැස්ති උනා.
බාගෙටත් වඩා ඉතුරු වෙලා තිබිච්චි සැන් බෝතලේ සම්පූර්නෙන්ම ඇගට හලා ගත්තෙ ආයෙ ඒකෙන් වැඩක් නැති හින්දා මිසක්ක ගඳ ටිකක් හරි අඩුවෙන්ඩ හිතාන නෙවේ වෙන්ඩැ.එකම සරමක් නොහෝද හතර ආකාරයකට අදින්ඩ පුලුවන් උනත් * ඒ ආකාර ඔක්කොම පාවිච්චි කරල ඉවර හින්ද ආපහු පළවෙනි ක්‍රමේටම සරමත් ඇන්දා.රෙදි වැල ටිකක් උඩහට වෙන්ඩ ගැටගැහුව හින්දා වෙන්ඩැ එහා ගෙදර බල්ලට අහු නොවී කමිසෙ වැලේම තිබ්බ දෙයියන්ගෙ පිහිටෙන්.
පාර දිගටම එකම ගාලගෝට්ටියක් වගේ .සෙනහ පුරෝලා.අජූතවංශ මහත්තේලෑ ගෙදෙට්ට කොන්ටේනර් තුනක් බාලලු ලොකෙ විනාසෙ වෙලාවෙ ඇතුලට වෙලා ඉන්ඩ.වෙරි මරගාතෙ වගේ වැනි වැනි ඇවිද ඇවිද හිටියෙ කසිප්පු ගහපු උන් නෙවේ,අන්තිම මොහොතෙ හරි පින් රැස් කරන්ඩයි කියලා හෝ ගාල දෙන බලු කපුටු දාන වලින් ඇති වෙන්ඩ ගිලලා දිරෝගන්ඩ බැරුව දගලන දඩාවතේ යන බල්ලො.ඒ අස්සෙ 4.11 ට යෙදී තිබෙන ලෝක විනාස නැකතට පත්තු කරන්ඩෙයි කියලා කොල්ලො කුරුට්ටො රතිඤ්ඤා පවා ගෙනියනව.
මේ හැම එකක් මැද්දෙම මට මැවි මැවි පෙනුනෙ උඹේ මූණ..ඔව් උඹේ මූණ.හැමෝම තම තමන්ගේ ජීවිතවල කරගන්ඩ බැරි වෙච්චි දෙවල් අන්තිම මොහොතෙ හරි කරලා නැකතට වැඩ අතාරින්ඩ ලෑස්ති වෙලා ඉන්න වෙලාවක මටත් කරන්ඩ තියෙන ලොකුම වගේම එකම දේ කරන්ඩ ,හිත් පහල උනා.හිතේ තියෙන දේ කියන්ඩ හිත් පහල උනා.ආපිට ලැබෙන දේ අනුව තීරනය වේවි ලෝක විනාසෙ නැකත 4.11මද ඊට කලින්ද කියලා.
කල්පනා ලෝකෙක ඇලී ගැලී ඇවිද්ද හින්ද වෙන්ඩැ කඩේ ළගට එනකල්ම දැනුනෙ නෑ.කවුද හාදයෙක් කියලා තියෙනවලු මිනිහෙක් මැරෙන්ඩ කලින් ළමයෙක් හදන්ඩ ඕනෙලු,පොතක් ලියන්ඩ ඕනෙලු, ගහක් හිටවන්ඩ ඕනෙලු. පළවෙනි දෙක කෙසේ වෙතත් අර හිටවෙන්ඩ ඕනෙ ගහ "මම" උනානම් කොච්චර එකක්ද කියලා හිතුනේ කැසියර් කූඩුවෙ හිටපු උඹේ චායාව ඇස් දෙකේ ගැටිලා එච්චර වෙලා එක්කහු කරන් හිටපු සක්තිය බඩ සුද්ද වෙන්න බේත් දුන්නාම වගේ යන්න ගත්තට පස්සෙයි.අනේ ඒ ගහ මම වෙලා මුල් ඇදලා අඩියක්වත් ඉස්සරහට යන්ඩ බැරි වෙන්ඩ මෙතනම හිට උනානං,උඹට උදේට උදේට ඇවිල්ලා වතුර ටිකක් වක් කරලා යන්ඩ !!
ඒත් මුල් අදින්න නොදී ඉස්සරහට යන්න පුරුස සක්තිය ඩිංගක් එක්කහු කරගන්න පුලුවං උනා.ලෝක විනාසයක් ගැන හාංකවිස්සියක්වත් නැතුව හායි ගාලා කඩේ ඇරන් ඉන්නවා කියලා හිතුනත් ඒක එහෙම්මම නෙවේ කියලා තේරුණේ කඩේ ඉස්සරහ අලෝල තිබ්බ දැන්වීම් දැක්කාමයි.හැම එහෙකම ගනන් අඩු කරල තිවුන ඡන්ද පොරොන්දුවක් ඉස්ට කරල වගේ,කොටින්ම පාන් 3.50යි.
කඩේ එකෙක්වත් හිටියෙ නෑ වාසනාවට.උඹයි මායි විතරයි..
උඹ කැසියර් කූඩුව ඇතුලේ තිබ්බ බංකු කොටේ උඩ ඉඳගෙන
මං උගුර පෑදුව.ප්‍රතිචාරයක් නෑ.
හරස් ලෑල්ලට පුංචි තට්ටුවක් දැම්ම..ඩිංගක් විතර ඉස්සුනා ඔළුව.
"මොනවද? " උඹ ඇහුවා .කටහඩ බිඳිල වගේ
"මුකුත් ගන්ඩ නෙවී නංගි..."..අමාරුවෙන් වචන ගැටගැහුන
උඹේ ඔළුව ඉස්සුනා සම්පූර්නෙන්ම.ඇස්වල බැල්ම කියවගන්න අමාරුයි.
"ම..ම...මං..මේ "පැටලුනා.වචන නෑ.
අඩපනයි
එකම එක දෙයයි උනේ ගැලවිල්ලට මටත් නොදැනිම..කමිස සාක්කුවට අත ගියා.අතට ආව රුපියල් දහයක්.මං ඒකෙ කොකා අතින් වහගෙන මල ඉස්සරහට හිටින්න කැසියර් කූඩුව ඇතුලට තල්ලු කලා
"පාන් එකාමාරක්"
උඹ කොලේ අතට ගත්තා
"පරක්කු වැඩියි"
කියපු උඹ මල වහගෙන කොකා පෙන්නුව මට.
"පරක්කු වැඩියි"
උඹ මිමිනුව ආයෙත්.කලින්ඩ වඩා අඩු සරේකින්.තෙත පටලෙකින් වැහිච්ච ඇස් දෙක නළියනවා."අනේ යන්න" ඒ ඇස් වල ලියවිල තිබ්බද කොහෙද
"පරක්කු වැඩියි "
එතනින් එහා දරන් ඉන්ඩ බැරි වෙච්චි තැන ඉතුරු උනේ ගැලවිලා යන එක විතරයි.කඩෙන් එළියට ඇවිත් හැතැප්ම ගානක් එහා තිබ්බ බන්ට් එක උඩට එවුනෙ කොහොමද කියලා මම දන්නේ නෑ.කොටින්ම එතනින් එහා මුකුත් හිතුනෙම නෑ.හිතන්න ඕන උනෙත් නෑ.වෙලාව ගොඩක් ගත වෙන්ඩ ඇති එතනම.දැහැන බිදිලා ගියේ වේගෙන් වංගුව ගත්ත ත්‍රීවිල් පද්මෙ අයියගෙ ලබ්බෙගිනි කාරෙක ඇතුලෙන් ඇහිච්චි රේඩියෝ එකේ සද්දෙට..
"දැන් වේලාව පස්වරු හතරයි විනාඩි දෙකයි "
මට මොකක් උනාද කියලා හිතාගන්ඩ බැරිඋනා.බන්ට් එක ගාව ඉඳන් ලවක් දෙවක් නැතුව දුවන්ඩ ගත්තෙ ඊට පස්සෙ වෙන්ඩැ.හති වැටිලා වේගෙන් ගැහෙන පපුව එළියට එන්න දගලද්දිත් ,දණිස් පොල්කටු ගැලවිලා වෙන්වෙන තරමට වේදනා දෙද්දිත් ඒ දිවිල්ල නැවතුනේ නෑ.ජීවිතේ අන්තිම දිවිල්ලත් ජීවිතේ වටිනම දෙයක් වෙනුවෙන්.තප්පරෙන් පංගුවකටවත් හිත නොහැලුනා උනත් කකුල් දෙකට වාරු නැති වෙන්ඩ ගත්තේ කඩේ පේන මානයක තියෙද්දියි.බිම ඇදගෙන වැටුනෙ එතකොටයි.ඒ වැටිල්ලෙ වේදනාවත් නොතකා වෙවුලන ඇගිලි තුඩු තාර පොලොවට තද කරගෙන ආපහු නැගිටින්න හදන ගමන්ම මං කඩේ දිහා බැලුව.
උඹ කඩේ වහනවා.ලෑල්ලෙන් ලෑල්ල අහුරනවා.ඔක්කොම ලෑලි පහයි .අන්තිම ලෑල්ලත් වැහෙද්දින් කඩේ ඇතුලෙන් එලියට වැක්කෙරිල තිබ්බ කුප්පි ලාම්පුවෙ එළිය මැකිල ගියා.කඩේ ඇතුළෙ උඹත් ඒ එළිය එක්ක මැකිල ගියා.ඒත් එක්කම දරාගන්ඩ බැරි වේගෙකින් පොළොව හෙල්ලෙන්ඩ ගත්තා.ඉර වැහීගෙන එනවා කළු වලාකුලුවලින්.තාර පොලොවෙ අත තියගෙන උන්නු හරියෙන් පටන් අරන් පොලව දිගේ හීනියට ඉරි තැල්මක් එන්ඩ ගත්ත.මහා ගස් හිටන් අඹරවලා දාන්ඩ තරමට ආපු හුළි හුලගත් එක්ක මුරුගසන් වරුසාවක්.මේ කල්පාන්තික වරුසාව.අර ඉරිතැල්ම වැඩි උනා ඩිංග ඩිංග...පොළොව දෙබෑ වෙනවා.
යාන්තමින් පොලවට අල්ලලා උඩට නග්ගන පොඩි ගෙවල් මහ හුලි හුලගට එරෙහි වෙන්ඩ බැරුව යටත් වෙලා උඩින් ගහගෙන යනවා කැරකි කැරකි..මං අමාරුවෙන් ඔළුව උස්සලා උඹළෑ කඩේ දිහා බැලුවා.ඔක්කොම දේවල් මැද්දෙ පොඩි සතුටක් ..
තාම කඩේ එහෙම්මමයි.උඹත් ඒක ඇතුලේ හොඳින්..
කුණාටුව ,වැස්ස ,කළුවර එන්ඩ එන්ඩම චන්ඩ වෙන්ඩ ගත්තා.මහ රූස්ස ගස් ,ගෙවල් ,අජූතවංශ මහත්තේලෑ කොන්ටේනර් පෙට්ටි පවා උස්සපු හුලග මාව බිම තිබ්බෙ නෑ.කරකවලා ගත්තපාර ආයේ බිම තියන්ඩනම් අදහසක් නැතුව ඒක දිගටම උඩටම ඇදගෙන ගියා.විකල් වෙලා ගිය ඔළුවට කිසිම දෙයක් ආවේ නෑ.මුකුත්ම හිතුනෙ නෑ..කැරකෙන වේගෙටම ආපහු මහ පොළව දිහා බැලෙන්ඩ ඇති..

*උඩ,යට ,කනපිට හැරෙව්වායින් පස්සෙ උඩ යට
~නිමි
-සියළු පුද්ගල නාම, සිද්දි ,විස්තර අසත්‍ය වන අතර මනස්ගාත වේ.

එළ..එළ ..උබත් එහෙනම් ලෝක විනාසෙට අහුවුනා ඈ හික්..හික්..
ReplyDeleteලෝක විනාසෙට අහු වෙච්ච එකත් එළද බන් ? :)
Deleteජය වේවා !
එල එල බන් .පට්ට
ReplyDeleteතෑන්කූ ලකියා
Deleteජයවේවා !
පට්ට ඈ..අද තමයි පෝස්ට් තුනම කියෙව්වේ..
ReplyDeleteජය වේවා..
අද?
Deleteමීට කලිනුත් මේ පැත්තෙ හිටියා නේද බණ්ඩෝ?
ස්තූතියි
ජයවේවා !
Adara ewannada?
ReplyDeleteWandiyakuth dennam..
ඇහුවාට ස්තූතිය
Deleteහානිය පුරවාගැනීමට ආධාර දීලා මදිය :)
ජයවේවා !
හප්පේ...කාපියකෝ එහෙනම් දැන් බුල්ටොත් එක්ක පාන්!
ReplyDeleteහික්
Delete3.50ට දුන්නනම් බුල්ටො ගන්නත් සල්ලි ඉතුරුවෙයි පාන් එකාමරකුත් ගත්තට පස්සෙ
දැන් බෑ
ජය වේවා
:D :(
ReplyDeleteවර්ග දෙකක මූණු
Deleteජයවේවා !