Feb 13, 2013

මයි නේම් ඊස් "ශ්‍රී ලංකන්",අයි හැව් අ ෂෝර්ට් ට(ර්)ම් මෙමරි ලොස් | My name is Sri Lankan ,I have a short term memory loss


නම?

නම "ශ්‍රී ලාංකිකයා" කෙටියෙන්  "ලාංකිකයා"


ඉන්නෙ?

ලංකාවේ

අහල පුරුදු රටක් නම් නෙවේ

ඔව්, මහිතෙ ලෝකෙන් සීයට හැත්තෑ පහක්වත් ඇති ලංකාව ගැන නොදන්න..හැබැයි මේක දැනගන්න වටින රටක්.ලෝකෙ කිසිම රටකට නොදෙවෙනි ස්වාභාවික සම්පත් තියෙන,ස්වාභාවික අනතුරු බොහෝම අඩු ,ගොඩක් සුන්දර රටක්.කෙටි හැඳින්වීමක් විදියට මට දෙන්න පුලුවන් ඔය කාරණා ටික


ඒ කියන්නේ ඕනම මිනිහෙක්ට ජීවත්වෙන්න ,අඩුම ගානෙ ඇවිල්ල යන්න හරි වටින රටක්?

අනිවාර්යයෙන්ම..ඒ අතින් අපි හරි වාසනාවන්තයි..ඉපදිච්ච දවසෙ ඉඳලම ඉන්නෙ මේ මහ පොළොවෙ...
(ඩිං ඩිං) 
සමාවෙන්න ඕනෙ මැසේජ් එකක් ආවා....නිවුස් ඇලර්ට් එකක් ..නෙද්දකින් මේ පාර ඒ ලෙවල් රිසාල්ට්ස් වරද්දලා කියන්නේ..ඒක කමක් නෑ කියමුකෝ මේ ඇමතිය කියන කාලකන්නි කතා...හෙණ ගහනවා මුන්ට .මිනිස්සුන්ගෙ සල්ලි වලින්ම කාල බීලා තෙල වැඩිවෙලා රට කන අපතයෝ....


ඒ කියන්නේ කොච්චර හොඳ රටක් උනත් ප්‍රශ්න නැතුවාම නෙවේ?

මොකක්ද ඒ කතාව ? මට තේරුන් නෑ

මං කිවුවෙ ඔයාගේ රට ලංකාව

ඔව් මම ලංකාවේ තමා..ඒත් ඔයා කවුද? අපි කතා කළාද ?

නැතුව 

වෙන්ඩ බෑ

කතා කළා නේන්නම් ..අපි කතා කළේ ඔයාගෙ රට ගැනයි වැඩිපුරම

ඔව් මම ලංකාවේ..මහිතෙ ලෝකෙන් සීයට හැත්තෑ පහක්වත් ඇති ලංකාව ගැන නොදන්න..හැබැයි මේක දැනගන්න වටින රටක්.ලෝකෙ කිසිම රටකට නොදෙවෙනි ස්වාභාවික සම්පත් තියෙන,ස්වාභාවික අනතුරු බොහෝම අඩු ,ගොඩක් සුන්දර රටක්.කෙටි හැඳින්වීමක් විදියට මට දෙන්න පුලුවන් ඔය කාරණා ටික


රටේ පාලනය එහෙම?

එහෙම කියන්න තරම් විශේෂයක් නෑ ඉතින්..හොඳකුත් නෑ..නරකකුත් නෑ..මේ ළඟදි විවෘත කළානේ හයිවේ එක..දැන් ඉතින් අපේ ගමනුත් උඩින් තමා...කාර් බාර්..කාර් බාර්




(ඩිං ඩිං) 
සමාවෙන්න ඕනෙ මැසේජ් එකක් ආවා....නිවුස් ඇලර්ට් එකක්
ඔය ඉතින් හොඳක් කිවුව විතරයි..බලන්ඩකෝ බලතල තියෙන ලොකු ලොකු හාල්පාරුවෝ ඕනම කුපාඩි වැඩක් කරලා රාජ්‍ය ආරක්ෂාව යටතේ ඉන්නවා..පොඩි මිනිහට තමා හැම ගූ බාල්දියක්ම..කාලකන්නි...මේව ගැන කතා කරන්න ගිහිල්ලා රිදෙන්න අපේ කටවල්...රත්වෙන්නෙ අපේ ලේ


ඒ කියන්නේ කොච්චර හොඳ රටක් උනත් ප්‍රශ්න නැතුවාම නෙවේ?

මොකක්ද ඒ කතාව ? මට තේරුන් නෑ

මං කිවුවෙ ඔයාගේ රට ලංකාව

ඔව් මම ලංකාවේ තමා..ඒත් ඔයා කවුද? අපි කතා කළාද ?

නැතුව 

වෙන්ඩ බෑ

කතා කළා නේන්නම් ..අපි කතා කළේ ඔයාගෙ රට ගැනයි වැඩිපුරම

ඔව් මම ලංකාවේ..මහිතෙ ලෝකෙන් සීයට හැත්තෑ පහක්වත් ඇති ලංකාව ගැන නොදන්න..හැබැයි මේක දැනගන්න වටින රටක්.ලෝකෙ කිසිම රටකට නොදෙවෙනි ස්වාභාවික සම්පත් තියෙන,ස්වාභාවික අනතුරු බොහෝම අඩු ,ගොඩක් සුන්දර රටක්.කෙටි හැඳින්වීමක් විදියට මට දෙන්න පුලුවන් ඔය කාරණා ටික


කොහොමද රට යන අත ?

ම්ම්ම්ම් කියන්න තරම් වැරැද්දක් නෑ ඉතින්..ඒක නෙවේ අර බලනවකො ටී.වී එක
අප්පට සිරි අපේ කොල්ලො ටොස් එක අරන්..දැන් ඉතින් ග්‍රවුන්ඩ් එකේ පැළක් අටෝගෙන නෙලන්නයි තියෙන්නෙ..කවුද අර ෆස්ට් බැට් එන්නේ?
(ඩිං ඩිං) 
සමාවෙන්න ඕනෙ මැසේජ් එකක් ආවා....නිවුස් ඇලර්ට් එකක්
දැන් තමා හිතෙන්නේ මොන කරුමෙකට මේ රටේ ඉපදුනාද කියලා..ඇයි ඕයි..මෙහෙම රට අගාධෙට යනවා බල බල අපි ජීවත් වෙලා වැඩක් තියෙනවද මං කියන්නේ? එක්කො ඕකුන් එක්ක හැප්පිලා නහින්න ඕනෙ..නැත්නම් මේක දාලා යන දීපංකරයක යන්න ඕනෙ


ඒ කියන්නේ කොච්චර හොඳ රටක් උනත් ප්‍රශ්න නැතුවාම නෙවේ?

මොකක්ද ඒ කතාව ? මට තේරුන් නෑ

මං කිවුවෙ ඔයාගේ රට ලංකාව

ඔව් මම ලංකාවේ තමා..ඒත් ඔයා කවුද? අපි කතා කළාද ?

නැතුව 

වෙන්ඩ බෑ

කතා කළා නේන්නම් ..අපි කතා කළේ ඔයාගෙ රට ගැනයි වැඩිපුරම

ඔව් මම ලංකාවේ..මහිතෙ ලෝකෙන් සීයට හැත්තෑ පහක්වත් ඇති ලංකාව ගැන නොදන්න..හැබ
ආආහ් අම්මට හුඩු පුදනකොටම කාපි යකා කිවුවලු..ෆස්ට් බෝලෙටම වැනුවා නේද හයක් !!



මයි නේම් ඊස් "ශ්‍රී ලංකන්",අයි හැව් අ ෂෝර්ට් ට(ර්)ම් මෙමරි ලොස්


නෝට්:
මේ අනීවාරතකරණයේ පනස්වැන්නයි.
පෝස්ටු පනහක් පුරාවටම ළඟින් උන් ඔබ සැමට මගේ ශීර්ෂ ප්‍රණාමය


Share:

Feb 6, 2013

දෙපස වැනේ ගත්තු යතුරු පැදිය මගේ...


ගොසින් පයින්
කර ලීසින්
ගත් බයිකය
වේ මසුරන්


දෙහි ගෙඩි හා
මිරිස් කරල්
එහි අමුණා
දුම් අල්ලා


දෙවරක් වැඳ
ගෙන එළියට
පණ ගන්වා
එය පදවා

ටික වේලාවකට පසු


බයිකය ගොර ගොර ශබ්දය නිපැදිය
මවිතය මා හද පෙළමින් පැතිරීය
දෙපසට වැනෙමින් මවමින් කම්පන
යා යුතු මග නොව වෙනතක හැරවෙත

මතක් නොවුනු තැන සදනා අයුරක්
බයිකය නවතා තබලා එතැනම
අසුනක් පනවා අසබඩ ගස යට
වඩමා ආවෙමි මිකැනික් සකිසඳ

පුරවර දස්කම් පාමින සැමතැන
තෙදබල එඩි පා ඇන්ජින් පණගෙන
සක්වල ගල තෙක් නංවන කිතුගොස
මිකැනික් සකිසඳ පිළිගමි තුටියෙන
මිකැනික් සකිසඳ පිළිගමි තුටියෙන

දැහැනට සමවැදි මිකැනික් තෙම එහි
වතුරින් කිරි ටික වෙන් කරනා සොඳ
හංසය විලසට පිරිපුන් නුවනින්
බයිකය සකැසී,ප්‍රශ්නය විමසී


නැණැස විවර වී බයිකය පිළිබඳ
අසනෙමි පැනයක් පතමින් අවසර
සබඳ ගැටය මා ,පවසව පිළිතුර
පංචස්කන්දයෙ ඔබගේ,බර කිම?


මා ප්‍රිය ගුණ ඇති මිකැනික් පඬිතුම
කොතෙකුත් කෑවද ගුණයක් නොම දෙන
උසටම සරිලන බර මා සතු නොව
සතරක් සැට වෙයි, එය වේ පිළිතුර


ප්‍රීතී ප්‍රීතී හැන්සම් ගැට පුත
ඇත මෙහි පිළිතුර මාගේ දිව අග
බයිකය සොඳ ලෙස පාරේ යැවුමට
ඔබගේ සිරුරේ බර මදි ඇත


මෙලෙසින් මාවත පැද ගියහොත් මා
අනතුරු සිදුවෙයි ,ලැබදේ මරබිය
පිරිපුන් දැනුමැති මිකැනික් පඬිතුම
කුමක්ද බයිකය හසුරන පිළිවෙල?


බර අඩු වී නම් ඒකට පිළියම
බර මෙහි වැඩි කොට පැදවීමයි පුත
පනසට නොම වැඩි බරකුත් පිටුපස
ඇති විට බයිකය නොම දේ කම්පන






නැත නැත ගැට පුත නොම සිත එලෙසින
පණ නැති දෑ නොම දේ හරි පිළිතුර
විස්සට නොම අඩු විසි පහකට අඩු
සුදු පැහැ සම ඇති පණ ඇති විය යුත








නෙදකින් ගැට පුත නුඹ වේ සංකර
කෙලෙසද කොල්ලෙක් ආවේ මනසට
මුතුවන් දත් ඇති දිග කෙහෙරැල් ඇති
අඟනුන් කොපමණ වේදෝ මිහිතල


එනමුත් පඬිතුම මට මෙය පවසව
කෙලෙසද අඟනක් වන්නේ පිළිතුර?


නුඹගේ දිවි මග කැළඹී ඇති වෙද
එහෙයින් කම්පන ඇත යන මාවත
වළකා ඒ සැම සරි මඟ දක්වන
කෙනෙකුන් පසුපස හිඳුමෙන් වේ සැප !!


බයිකයේ ඇතිවන කම්පන හා අනවශ්‍ය විස්ථාපනවලට විසඳුමක් වශයෙන් බයිකයේ බර වැඩි කිරීම සඳහා පිටුපස තබාගෙන යාමට පෙර සඳහන් සුදුසුකම් ඇත්තියක් වුවමනා කර තිබේ.....


 images-cabservicesgampaha.blogspot.com ,www.stormfront.org




Posted under ගිනිබෝල (කෙල්ලේ උඹ ගැන ) and වින්දනීය ගැට පද
scroll up for more 






Share:

Feb 4, 2013

පොල් අතු බත් කඩේ, COLOMBO 7


වරිච්චි බිත්ති..
පොල් අතු වහලය....
මහ පාරටත් පේන කළු ගැහිච්ච මේසය
මහ නගරයක උසට උසේ ඇදෙන තරු පහේ ගොඩනැගිලි ගොඩක් මැද මේ,

"පොල් අතු බත් කඩයයි"

බෝඩ් කෑල්ලක ගසා නොතිබ්බත් ඒ යනෙන උන් කඩය හැඳින්නූ නමයි.."මෙලෝ ගුණයක්" නැති ඇඟේ තෙල පමණක් ගොඩ ගහන බටහිර පන්නයට ගිය කෑම ඇති වූ කල්හී බොහෝ මහත්වරු,නෝනාවරු පොල් අතු බත් කඩේ හොයාගෙන ආහ.කඩේ ඇතුළේදී සිදුවන්නේ හොඳ හුවමාරුවකි.හොඳ ආගන්තුක සත්කාරයක් සමඟ රසවත් කෑම වේලකට---> සුළු මුදලක්


උදේ වේල හා දවල් වේල පමණක් පිළිගැන්නූවද ,අතුරු සිදුරු නැති වෙන තරමට නොවුවත් ,බොහෝ අවස්ථාවල කඩයේ කිහිප දෙනෙක් හෝ සිටියහ.ඉස්තරම් පන්නයට ටයි කෝට් දමාගෙන පොල් අතු හෙවිළි කළ වහලයක් යට කුඩා බංකුවලට වී ආහාර බුදින ඈයින් මවන තරමක් අමුතු රූපයේ කොටස්කාරයෙක් වීම පිණිස මමද එක් දිනක් පොල් අතු බත් කඩයට ගොඩවීමි.ඒ වෙනස් ආකාරයක "භෝජන අද්දැකීමක්" උදෙසා මිස බඩගින්න නිසාම නොවේය.
ඇතුළද තරමක් අඳුරුය.ඇස් අඳුරට හුරු වූ කල්හී නෙත ගැටුණ පළමු මිනිසුන් දෙදෙනාට මම සුහදශීලී සිනහවක් පෑවෙමි.එතෙක් තොරතෝංචියක් නැතිව කියවමින් උන් ඒ අතුරින් එකෙක් මා හා සිනාසෙනු පිණිස ඉතා සුළු වේලාවකට පමණක් කතාව නැවැත්වීය.නැවත ඇරඹීය.

"දැන් බලනවා දැන් මේ රෙදි විස්සක් තිහක් පොරෝගෙන සුද්ද ගෙනල්ල අතෑරපු කෑම කකා උදේ ඉඳන් හවස් වෙනකල් අපි විඳින දුක.තමුසෙ ඔට්ටුවක් දාන්න කැමතිද?ටවුන් වලට ඉන්න ඕන එකෙක්ගෙන් අහල බලනවා ,ගමකට ගිහිල්ලා ඇළක දොළක නාලා කොස් ,බතල ,මංඤොක්කා ඔය ගෙඩි ජාතියක් කාලා ගහක් හෙවණට වෙලා පොඩ්ඩක් ඇල වෙලා ඉන්න කැමතිද කියලා? ඔන්න මම ඔට්ටුව දිනුම්..උන් කියනවා "ඔව් ඔව් නැතුව නැතුව" කියලා.හැබැයි ඕකුන් එකෙක්වත් යනවද? නෑ ඕයි නෑ..අපිව මේ නගරෙට තියලා ගැට ගහල ඉවරයි..ගැටේ ලිහාගන්න දඟලලා තවත් ඒක හිර කරගෙන"


එතෙක් හූමිටි තබමින් උන් අනෙකාද කතාවට සම්බන්ද වූයේ උත්තරයක් ලබා දීම පිණිස නොව සුළු දෙයක් හෝ නොපවසා සිටීම නොහොබී යයි සිතුණු නිස විය යුතුය.

"අපිට ආපහු හැරෙන්න බෑ මචන්"

"ඔව් අපිට හැරෙන්න බෑ.අපි ඇරෙන්න අනිත් ටික හරවන්න පුලුවන්නෙ..දැන් බලන්වා මේ කඩේ..අපිට ගමට යන්න බෑ..ඒ නිසා ගම ගෙනාවා නගරෙට.මේ අයිසෙ ගමේ තියෙන බත් කඩයක් කෙලින්ම කොපි පේස්ට් කරලනෙ.පොඩ්ඩක් ඔළුව හරවලා බලනවකො හයි පයි කාරයෝ කීයක් ඇවිත් කිසි ලැජ්ජාවක් නැතුව කන හැටි.මේක පටන් ගත්ත එකා මොකෙක් උනත් හෙණ මොළකාරයෙක්.ඌ දන්නවා විකුණන්න ඕන ජාතිය මිනිස්සුන්ට."සිංහල ගැමි කම" ඕයි සිංහල ගැමි කම..මේවා තමා මාකට් වෙන්න ඕනෙ.."


මෙවිටම මේ දේශකයා හා ශ්‍රාවකයා ළඟට පැමිණියේ තරමක් මහළු කාන්තාවකි.ඈගේ එක අතක හොදි වළඳකි.අනෙක් අතේ පොල් කටු හැන්දකි..

"මහත්තයො,තව කරෝල ටිකක් දාන්නෙයි?" ඈ ඇසුවේ දේශකයාගෙනි

"දාන්න දාන්න අම්මෙ" දේශකයාගේ වචනවලට මද සිනහ නැංවූ ඇය නැවත ඇතුළට ගියේ

"මම විජහට එන්නම් මහත්තයෝ" කියා මටද පවසමිනි.

"බලනවා කෑම බෙදන්න උනත් දාලා තියෙන්න .මේ කොහෙන් හරි හොයා ගත්ත ප්‍රොපෙසනල් වේටර් කොලු ගැටයෙක්ද? නෑ අන්න මාකටින්..අනික බුෆේ දාලද? නෑ බෙදලා ළඟටම ගෙනත් දෙනවා ..මේ ගැමි කම දැනෙන්නෙ..මාත් එකයි කට පුරා අම්මා කිවුවෙ ,මටත් මතක් උනා ගම"

කතාව මදකට නතර විය.දෙදෙනාම නැවද ගිජු ලෙස බුදින්නට වූහ.ඒ අතර මගේ රසවත් කෑම පිඟානද ලැබිණ..
ටිකකින් "මාකටින් මැනේජර්" හා ඔහුගේ සගයා පිටව ගියහ.


ඔවුන්ගෙන් මුදල් ලබා බත් අම්මා ඉන්පසු මා ළඟටද පැමිණියාය.

"තව මොනවහරි ඕනෙද මහත්තයා?"

"අනේ ඇති ,මේ වැඩිත් එක්ක" මම සුහදශීලී ලෙස සිනාසීමි.
මට තවදුරටත් කතා කිරීමට සිත් පහළ විය.

"මේ කඩේ කාගෙද?"

"අපේ මහත්තෙයෝ.මායි අපේ මනුස්සයයි."

"නෑ මං ඇහුවෙ අයිතිකාරයෝ...මේක හැදුව අය...අයිතිකාරයෝ"

"අපිම තමයි..ඉඩමනම් අපේ නෙවේ මහත්තයෝ.කාගෙද දන්නෙත් නෑ .කවදහරි අයිතිකාරයෙක් ආව දවසක් අපි එළියෙ"

මගේ නළලේ රැලි මාලාවක් නිපදවෙන්න ඇත.

අපි දැන් අවුරුදු ගානක ඉඳන් මේ ලඟ ඉන්න අපේ පුතාලෑ ගෙදර හිටියෙ..ඒත් ලේලිගෙන් වෙනස්කම් උනා.මටනම් දරාගෙන උන්නැහැකි.ඒත් අපේ මනුස්සයා කුකුල් කේන්ති කාරයා.

එයාගේ කීමටම පුතාගෙ ගෙදර ඉන්දැද්දිත් වැඩට යන කීප දෙනෙක්ටම බත් උයලා දුන්නා.ඒක ඩිංගෙන් ඩිංග වැඩි දියුණු වෙලා තමා මේක අටෝගත්තෙ.දැන් අපි පුතාලෑ ගෙදරත් නෙවේ මෙතන ඉන්නෙ"

ඈ දිගටම කියවාගෙන යයි.

"මේ වගේ අටමගලක් ටවුමක් මැද්දෙම අටෝගත්ත එකටනම් මගේ මනාපයක් නෑ මහත්තයෝ..ඒත් කුලී ගෙවන්නෙ පුළුවන්යැ අපිට හොඳ තැනකට?"








මාකටින්...මාකටින්....මාකටින්....මාකටින්




images-google maps

Share: