(කලකට ඉහතදී පින්තාරු වූ යන්තර යෙහි පළකරන ලද්දකි)
අභාවප්‍රාප්ත අහවලාගෙ අහවල්....
උත්තරය ලැබීමට තත්පර කිහිපයක් පමා විය.
''දැන් නම් ඉතින් ඉස්සර වගේ නෑ මහත්තයෝ..ඒ කාලේ නම් මේ පළාතටම මෙව්වා ඇන්දේ මමයි''
ඔහුගේ මුහුණේ යම් සාඩම්බරයක සේයාවක් මතු විය.
''ඒත් දැන් නෑනේ නේද''එය සමහර විට ඔහුට ලැබෙන උපහාසයක් විය හැක.
නැත, ඔහු එය උපේක්ෂාවෙන් පිළිගත්තේය.
''ඒකනම් එහෙම තමයි.ඒත් තාම අපිව ඕන අය ඉන්නවා''
''ඒත් අලුත් පරම්පරාවේ කවුරුත් නැතුව ඇති?අච්චර ලේසියෙන් ,ඉක්මනට. ලස්සනට ඩිජිටල් ප්‍රින්ටින් තියෙන එකේ මේවා ඇඳ ඇඳ මොකට නහිනවද කියලා හිතෙන්නේ නැද්ද ලොකු උන්නැහේට?
''හ්ම්ම් හ්ම් තාක්සනේනම් දැන් දියුණුයි තමා''
නිශ්ශබ්දතාවයකි
තවත් විනාඩි කිහිපයක් ගත විය.
"තාක්සනේනම් දියුණු වග ඇත්ත මහත්තයෝ.ලෝකෙත් ඉස්සරහට ගිහින්.දියුණුයි දැන්..මොන විදියට බැනර් එක ඇන්දත් මහත්තයෝ අපි
තාමත් ඒකෙ ලියන්නේ මේ ටිකම නේද?"
ඔහු බැනරයේ අන්තිම අකුරත් පින්තාරු කර වාක්‍යය සම්පූර්ණ කළේය.
ඔහු මුහුණ මා දෙසට හරවා හෙලුවේ කිසිසේත්ම ප්‍රියමනාප බැල්මක් නම් නොවේ. ඔරවා බැලීමක් නොවුවත් යම්කිසි නියෝගාත්මක ස්වරුපයක් එහි විය.හේතුව වහා අවබෝධ වූ හෙයින් මම වහාම ඇගිලි තුඩු අතර දැවටෙමින් තුබුණු, අඩක් දැවි ගිය දුම් වැටිය වහා එලියට විසි කළෙමි.ඒ මුහුණේ සිනා රැල්ලක් මතු විය.
නැවතත් පින්සල තීන්ත භාජනයේ ඔබමින් ඔහු කතා කළේය.
''නිකං බොරුවට අඩු වයසෙන් මැරෙන්නයැ මහත්තයා ?''
''පුරුද්දට ගිහිල්ලා, දැන් පරක්කු වැඩියි නවත්තන්න''
පිළිතුරක් නැත.
ඔහු සිය රාජකාරියෙහිම ඇලෙන්නට විය.බිම එලා තිබුණු සුදු රෙද්ද මත තාලයකට තීන්ත තැවරෙන්නට විය .
''අ''
කෙසේනම් අමතක කළ හැකි අකුරක්ද මේ ? ජීවිතය ඇරඹුන අකුර නොවැ!.
ඊලග අකුරට පින්සල ලක ලෑස්ති කිරීමට ඔහුට මද වෙලාවක් ගත විය.මද යයි කීවද මෙසේ කුඩා කුඩා පමාවන් එකතු වූ විට එය සැළකිය යුතු තරම් වේලාවක් විය යුතුය.
"කොච්චර වෙලා යයිද ඕක ඉවර වෙන්න ලොකු උන්නැහේ ?''
මට අවැසි වූයේ මට පිටත් වීමට නියමිත බසය පැමිණීමට ප්‍රථම මෙය අවසන් වේවිදැයි දැනගැනීමටය. මේ බැනර් අඳින රටාව ,තාලය සිත් ඇදගන්නා සුළුය .රස්සාවක් හැටියට කිරීමට නැතත් නිවී හැනහිල්ලේ බලා සිටීමට වටිනා දෙයකි.
මට අවැසි වූයේ මට පිටත් වීමට නියමිත බසය පැමිණීමට ප්‍රථම මෙය අවසන් වේවිදැයි දැනගැනීමටය. මේ බැනර් අඳින රටාව ,තාලය සිත් ඇදගන්නා සුළුය .රස්සාවක් හැටියට කිරීමට නැතත් නිවී හැනහිල්ලේ බලා සිටීමට වටිනා දෙයකි.
''හිතන තරං ඉක්මනටනම් අමාරුයි මහත්තයෝ ..මොකෝ හීන් සීරුවේ කරන්න එපෑ.වැරදුනොත් මකන්න කියලය ?''
''ඔව් නේන්නම් ''
හිතනවාට වඩා වැඩේ අමාරු විය යුතුය.
හිතනවාට වඩා වැඩේ අමාරු විය යුතුය.
''නි''
තවත් අකුරක් හමාරය.අකුරෙන් අකුර වචනයක් ,වචන ගොඩකින් වාක්‍යයක් !!
මම ඔහු සිටි කුටියෙන් එළියට අඩි කිහිපයක් ඇවිද ගියෙමි.කලින් විසිකළ සිගරැට් කොටය ඇස ගැටිණ.දැන් එය සිදුවී හමාරය .පසුතැවීම නොහොබී.
එක් වරක් පාර දෙසද බැලුවෙමි .බසය දැන්ම එන පාටක්නම් නැත.
කාන්සියට ඇස් එහෙ මෙහෙ හරවද්දී, ලණු වල ආධාරයෙන් පාර හරහා එල්ලා තිබුණු දැවැන්ත බැනරයක් දුටිමි.
''අනිච්චාවත සංඛාරා''
අභාවප්‍රාප්ත අහවලාගෙ අහවල්....
දන්නා කියන කෙනෙක් නොවේ.
''ගමට ඇවිල්ලත් මාසයයි.කොහොමද හැම මිනිහම දැනගන්නේ ''
මම මටම සිනාසුනෙමි.
මම මටම සිනාසුනෙමි.
ඒහාත් සමගම සිනාසිය හැකි තවත් කාරණයක් සිහියට නැගුණි.
''බැනරය'!!'
''ඩිජිටල් ප්‍රින්ටින්''
මගේ හිතේ අර මිනිසා ගැන අනුකම්පාවක් ඇති විය.අමුතුම කලාවක්,රටාවක් ,තාලයක් ඇති බව සැබෑය.නමුත් මෙතරම් වෙලාවක් නාස්ති කර අඳින පරණ තාලේ බැනරයත් ,මේ ඩිජිටල් බැනරයත් අතර වෙනස!!!
මට නැවතත් ඔහුව බැලීමට වුවමනා විය.
''තාම මිනිස්සු මෙතනින් බැනර් ඇඳගන්න එනවද ලොකු උන්නැහේ?''
උත්තරය ලැබීමට තත්පර කිහිපයක් පමා විය.
''දැන් නම් ඉතින් ඉස්සර වගේ නෑ මහත්තයෝ..ඒ කාලේ නම් මේ පළාතටම මෙව්වා ඇන්දේ මමයි''
ඔහුගේ මුහුණේ යම් සාඩම්බරයක සේයාවක් මතු විය.
''ඒත් දැන් නෑනේ නේද''එය සමහර විට ඔහුට ලැබෙන උපහාසයක් විය හැක.
නැත, ඔහු එය උපේක්ෂාවෙන් පිළිගත්තේය.
''ඒකනම් එහෙම තමයි.ඒත් තාම අපිව ඕන අය ඉන්නවා''
''ඒත් අලුත් පරම්පරාවේ කවුරුත් නැතුව ඇති?අච්චර ලේසියෙන් ,ඉක්මනට. ලස්සනට ඩිජිටල් ප්‍රින්ටින් තියෙන එකේ මේවා ඇඳ ඇඳ මොකට නහිනවද කියලා හිතෙන්නේ නැද්ද ලොකු උන්නැහේට?
''හ්ම්ම් හ්ම් තාක්සනේනම් දැන් දියුණුයි තමා''
නිශ්ශබ්දතාවයකි
මා බලාපොරොත්තු වූයේ මීට වඩා දිග පිළිතුරකි.නමුත් ඔහු කතා කරන පාටක් නැත.මිනිහගේ හිත රිදුනද දන්නෙත් නෑ.
මද වේලාවක් ගත විය.මම ඔහුට පිටුපා සිටගත්තෙමි.මෙවර මගේ කාන්සිය දුරු කළේ ජංගම දුරකතනයයි.
තවත් විනාඩි කිහිපයක් ගත විය.
මගේ පිටුපසින් නැවතත් පුරුදු කටහඬ ඇසුණි.
"තාක්සනේනම් දියුණු වග ඇත්ත මහත්තයෝ.ලෝකෙත් ඉස්සරහට ගිහින්.දියුණුයි දැන්..මොන විදියට බැනර් එක ඇන්දත් මහත්තයෝ අපි
තාමත් ඒකෙ ලියන්නේ මේ ටිකම නේද?"
ඔහු බැනරයේ අන්තිම අකුරත් පින්තාරු කර වාක්‍යය සම්පූර්ණ කළේය.
අනිච්ඡාවත සංඛාරා!!!
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්
Deleteඑදත් අදත්
අනිච්ඡාවත සංඛාරා!!!
ජයවේවා !
හිකිස්.. එකම ටෙම්ප්ලේට් එක නොවැ !
ReplyDeleteහික්
Deleteනැතුං නැතුං
ජයවේවා!
ගැටයා මේ කතාව තුළ ඇති හරය අනර්ඝයි කොල්ලෝ... මෙන්න මේව තමා නිර්මාණ කියන්නේ....
ReplyDelete//.මොන විදියට බැනර් එක ඇන්දත් මහත්තයෝ අපි
තාමත් ඒකෙ ලියන්නේ මේ ටිකම නේද?"//
බලන්න මේ වදන් පෙළෙන් මොන දෙයක් කැයැවෙනවද කියන එක.... නියමයි
ගැටයා කවදත් නිර්මාණශීලියි නලින්... මම හිතන්නෙ සිංහල බ්ලොග් අවකාශෙ ඉන්න නිර්මාණශීලිම බ්ලොග් කරුවා ගැටයා වෙන්න ඕනා.. මුගෙ හැම පෝස්ට් එකකම, එකකට එකක් වෙනස් අමුතුම නිර්මාණශීලිත්වයක් තියනවා...
Deleteගැටයෝ මේ උඹව බොරුවට වනන්න නේමේ මට අවංකවම හිතුන අදහස..
නලින් අයියා
Deleteඅගය කිරීමට ගොඩක් ස්තූතියි
අටුව ටීකා ටිප්පනී හෑල්ලක් ලියනවට වඩා චුට්ටන් වාක්‍යයකින් ඕන ටික ඔක්කොම කියල දාන එක හොඳයි කියලා හිතුනා
ස්තූතියි ආයෙමත්
ජයවේවා
සෙන්නා
Delete:ඕ වට් යූ ජස්ට් සෙඩ්?
හැම එකක්ම එකකට එකක් වෙනස්නම් සන්තෝසයි මචන් ඒත් ඒක හිතල කරන දෙයක් නම් නෙවේ..කියන්න ඕන දේ ගැළපෙයි ,හොඳයි කියල හිතෙන විදියකට ලියනවා (ලියවෙනවා )
හ හ මම හිතනවා උඹ බොරුකාරයෙක් නෙවේ කියලා
ඒත් මේ කතාව හැකයි බන්
කොහොම උනත් බොහොම ස්තූතියි අගය කිරීමට.ගොඩක් වටිනවා
ජයවේවා !
බොක්කෙන්ම කියපු කතාව හැකයි කියපු එක ගැන දුකයි බන්.. :-(
Deleteඅවුල් ගන්න එපා බන් :(
Deleteඑච්චර අගය කිරීමක් විශ්වාස කරන්න බෑ බෑ වගේ හින්දනෙ එහෙම කිවුවෙ
උඹ හොඳ එකා..මාත් බොක්කෙන්ම කියන්නේ :)
This comment has been removed by the author.
ReplyDeleteara anthima wachana tika apuuruy.
ReplyDeleteස්තූතියි රතු,
Deleteඒ විදිය හොඳයි කියලා හිතුනා
ජයවේවා!
නැවත එන්න!
සෑය ළඟ තවම ගහන්නේ ඉටිකොලේ නේද? කළු ලැකර් වලින්..
ReplyDeleteදැන් ඒවත් එහෙම්මම නෑ මහිතෙ අසර්
Deleteජයවේවා !!