Caution: හිනා යන එකක් නොවේ .
මං ඉඳන් හිටියෙ එක්දාස් නවසිය හැට ගනන්වල විතර අනලා,අතුරලා ,හොඳට වේලපු කොන්ක්‍රීට් තලපයක් උඩ.තලපෙ කළු පාටට පේන්න මහ රෑ කළුවරත් හේතු වෙන්න ඇති ,ඒත් මේක දවල්ටත් කළු පාටයි.
හොඳම කළු නෙවේ..ඒත් කළු
පරිසර විපරියාස හින්දා වගේම උඩින් තැන්පත් කරන නානාප්රකාරයේ පස්සවල් හින්දයි කළු පාට ලැබෙන්න ඇත්තෙ.මේ නානප්‍රකාර පස්සවල් ලිස්ට් එකේ රිලා පස්සවල් විශේෂයි.උන් කොන්ක්‍රීට් තලපෙ උඩ බෙටි ගහනවා.
ඒත් ඒ ලිස්ට් එකේ වැඩිහරියක්ම තියෙන්නෙ අවුරුදු ගානක් තිස්සෙ දුක,සැප,සතුට ,වේදනාව,කෙටියෙන් අටලෝ දහම,බූට්,සයිකෝ,කඳුලු ,කෙළ ,හොටු බෙදාගත්ත කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ පස්සවල්.
ඔව් මේ අක්බාර් පාලම
පේරාදෙණිය කැම්පස් එකේ.....
අක්බාර් පාලම ලයිට් තියෙන වෙලාවක
ඒත් මේ මහ රෑ තනිපංගලමේ කොන්ක්‍රීට් තලප කළු කරන්නේ මොන කෙහෙල්මලකටද කියලා මම දන්නෙ නෑ.මොන මඟුලක් බෙදා ගන්නද කියලා මම දන්නේ නෑ..දැනගත්තත් කියන්න බෑ.
හැබැයි බලන්න අහන්න දේවල්නම් අනන්තයි
පස්ස යටින් ගලනවා ඇහෙන මහවැලි ගඟේ සද්දෙ..
කළු ඡායාවල් විදියට විතරක් පේන හන්තාන කඳුවැටිය..
එහෙන් මෙහෙන් පේන ගස්වැල් එහෙමත්
අනන්තයි කියලා කිව්වට අනන්තත් නැ වග්..
අහ්...
හඳ
හන්තාන ඡායාවට පොඩ්ඩක් එහාට වෙන්න
හන්තානට පායන හඳ
සින්දුවකුත් තියෙන්නෙ
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න? අහන්නේ අමරසිරි පීරිස්
හලෝ
අමරසිරි පීරිස් මහත්තයා ඉන්නවද?
ආහ් නැද්ද? මේ පොඩි පණිවිඩයක් දෙනවද? එයාට කියන්න හන්තානට පායන හඳ කියන්න තරම් අවුලක් නෑ කියලා..
මට හිනා ගියා.හිනාව මැද්දෙන්ම ඉඳන් හිටපු බැම්මෙන් බිමට බැහැල පාරෙ ඉඳගත්තා බැම්මටම ඔළුව තියාගෙන.හීනි ගඳක් ආවා.පුස් ගඳකට හුරු..වඳුරු බෙටිද දන්නෙ නෑ.දරාගන්න පුළුවන් වගේ .මං ආපහු හඳ දිහා බැලුවා.මේ පාරනම් බෙල්ල හරවන්න ඕනෙ ටිකක් විතර.එතකොටම වගේ අර අනන්ත ශබ්ද ,රූප ලිස්ට් එකට තව දෙක තුනක් එකතු උනා..
හෝන් සද්දයක්
මිඩ්ල් ලෙවල් කුණුහරප ටිකක්
බයික් එන්ජින් එකක සද්දයක්..
"මොකද යකෝ මේ පාර මැද්දෙ කකුල් දෙකත් දිග ඇරගෙන ..මාත් ළඟට එනකල් දැක්කෙ නෑ.."
(කුණුහරුප ෆිල්ටරය යොදන ලද දෙබස )
මම ටග් ගාලා කකුල් දෙක ළං කරගත්තා
මිනිහා බයික් එකෙන් බැහැලා ළඟට ඇවිත් කුණුහරප ෆිල්ටරය දාන්න ඕන නැති වාක්‍යයකුත් කිවූවා
"තමුසෙ බීලද?මං ගිහින් දාන්නම්.මොකක්ද හෝල් එක? "
"නෑ නෑ. මම බොන්නෙ නෑ.තෑන්කූ"
පොරට ඒපාර ටිකක් කුතුහලේ වගේ
"මොකෝ බං එහෙනම් මේ කළුවරේ තනියම?"
"නිකන් ඉතින්..මට මේ අර සින්දුව මතක් උනා"
"හන්තානට පායන හඳ?"
මගේ මූණට විශ්මයාර්දී ලකුණක් එන්න ඇති ( !)
"උඹ කොහොමද දන්නෙ?"
"නිකන් හිතුණේ.උඹ හෙණ මනෝ පාරක් ගහගෙන වගේ ඉන්න ඇත්තෙ.සොරි ඒක කැඩුව"
මිනිහ ඇත්තටම සොරි උනානම් කරන්න ඕනෙ බයික් එකත් අරන් තොලොංචි වෙලා යන එක උනත් ඒක උනේ නෑ.පොර පාලමේ අනිත් පැත්තෙ බැම්මට පිට දීල ඉඳගත්තා මූණට මූණ දාගෙන.
"හරි මහන්සියි බන්"පොර කියනවා
"ඔච්චර මහන්සි වෙන්න මොකෝ කළේ?"
"කෑල්ල එක්ක පොඩි රවුමක් දැම්ම බන්..පට්ට ආතල්" වාක්‍යය කියවෙන අතරෙ ඇහැකුත් වැහුණෙ මොකටද කියලා මට යාන්තමට වගේ වැටහුණා.
"කොහෙ එක්කෙනෙක්ද?"
"අද ගිය එකී නම් නුවර" ඒක කියපු විදියෙන්ම මට හිතුනෙ අනිත් කෑලි ගැනත් අහන්න ගියොත් ලංකාවේ එකොළහ වසර සිතියම් අධ්‍යයනය මතක් වෙන ගානට නගරවල නම් ඇහෙයි කියලා.
"උඹට නැද්ද කෑල්ලක්?"
"නැහ්"
"ඒ මොකෝ"
"කවුද දන්නෙ"
"දන්නෙ තොගෙ" (කුණුහරුප ෆිල්ටරය )
"හන්තානට පායන හඳත් මළ ඇඬියාවක් නේද බන්? දිගු දෑස තරම්මත් නෑ හැබැයි" බයික්කාරයා මාතෘකාව මාරු කළා.
"ඇයි?"
"ඇයි යකෝ මිනිහා මොකටද හන්තානෙම පායන හඳක් මත්තෙ නැහෙන්න?"
"එහෙම දෙයක් නෙවේ නේද මචන්?එයා ඒ කෙල්ලට යන්න ඉඩ දෙනවනෙ"
"රෙද්ද..පොරට හිනමානෙ බන්,මිනිහට ෂුවර් නෑ කෙල්ල කැම්පස් ගිහින් මොනවා කරගනීද කියලා.නැද්ද?..හැබැයි "අනේ කෙල්ලේ පලයන්" කිවුවත් ඒක දරාගන්න බෑ"
මම මුකුත් කිවුවෙ නැති පාර මිනිහා ආයෙත් මාතෘකාව වෙනස් කළා..
"ඇත්ත කියපන් උඹත් ඔය හන්තානේ හඳක් ගැන නේද කල්පනා කරන්නෙ?"
මම උත්තරයක් දුන්නෙ නෑ...නිශ්ශබ්දවම හිටියා
පොර ඒ පාර නැගිටලා බයික් එක ළඟට ගියා
"හන්තානට විතරද බන් හඳ පායන්නෙ? ඔය හඳම තමා කොළඹ තියෙන්නෙත් ,අම්පාරෙ තියෙන්නෙත් ,යාපනේ තියෙන්නෙත්, අනුරාධපුරේ තියෙන්නෙත්, නිවුයෝර්ක් ,සිඩ්නි, ඩුබායි...ආයෙමත් සිතියම් අධ්‍යනය මතක් කළාට පස්සෙ බයික් එක යන්න ගියා.
ආයෙමත් පුරුදු හුදකලාව..
මිනිහගේ අන්තිම වචන ආයෙත් කන් දෙක ඇතුළෙ දෝංකාර දුන්නා..
ඇත්තට
"හන්තානට විතරද හඳ පායන්නෙ? මා ගැන මතකය ගුලි කර මහවැලියට දානවට වඩා ලෙසි නැද්ද,හන්තානට පායන හඳ මහවැලියට දාන එක?..ඒක මහවැලි ගඟ දිගේ ගිහින් යන්න ඕන තැනට යන්නෙ නැතෑ.සෝමාලියාවේ මුහුඳු කොල්ලකාරයො ළඟට හරි."
සිද්ධි මනඃකල්පිතයි.මනස්ගාතයි
සිද්ධි මනඃකල්පිතයි.මනස්ගාතයි
හැම තැනටම පායන්නේ එකම හද උනාට.හද දිහා බලාගෙන හිතන දේවල් වෙනස්නේ.දැන් ගැටයට හිතුනේ ඕක මහවැලියට දන්න.මට හිතෙන්නෙම කළු ගගට දන්න
ReplyDeleteඒකනම් එහෙම තමා ,
Deleteඒත් හඳ හඳමනෙ
කළු ගඟට? ඒ මොකෝ? හරි හරි තේරුණා
ජයවේවා!!
ඒ මනෝ පාර අපිවත් මනෝ ලෝකයකට ගෙනියන්න සමත් නිර්මාණයක් වෙලා අපුරුයි.
ReplyDeleteස්තූතියි නලින් අයියා
Deleteසෙට් වෙලා කල්ලි ගැහිලා මනෝ ගහනවා කියන්නෙත් ලේසි නෑ නේද?
ජයවේවා !
මමත් මහවැලියට මතකයන් දැම්ම කෙනෙක් ඕං...:D
ReplyDeleteහැබැයි ගුලි කරලා නෙවෙයි.
දැනුත් ඔය ලයිට් තිබුණා නම් අක්බාර් පාලම මරු..
දැන් ඒවට මක්වෙලාද?
Deleteආපහු උඩට ඇවිල්ලද ගිලෙන්නෙ නැතුව?
ගිලිලද?
ගහගෙන ගිහිල්ලද?
ඔව් ඔව් ඔය ලයිට් කාලෙකට තියෙනවා කාලෙකට නෑ
ජයවේවා !!
monava kiyannada danne naha mama nam... :)
ReplyDeleteමුකුත් නොකියා ඉන්නකෝ එහෙනම් :)
Deleteජයවේවා !!
මල්ලී මොකෝ ටැබ්ලට් මිස් වුනාද ? ඔන්න ඔය හඳට තියෙන්න අැරලා ගෙදර පලයන් බන්. :D
ReplyDeleteහික්
Deleteටැබ්ලට් වලින්නම් මේ ලෙඩ ගොඩ දාන්න අමාරුයි සෙන්නෝ
ඒකත් හොඳයි එක අතකට ,ඒත් අමාරුයි
ජයවේවා!
ටික දුරක් කියෝගන යද්දි උඹේ පෝස්ට් එක කියවන්ඩ අමතක උනා බන්. මං දුවගන ගියා අක්බාර් පාලම උඩට. ඒ දවස්වල හවසට ඔතන ඉඳගන මනෝ පාරක් ගහනවා කියන්නේ කොච්චර ආතල් වැඩක්ද? හිතට පට්ටම රිලැක්ස් වෙන තැනක්. අවුරුදු හතර හමාරකම මතක ඔය කොන්ක්‍රීට් තට්ටු උඩ.
ReplyDeleteඒක නෙමේ, මතක් උනා අක්බාර් පාලමේ වවුල්ලු ගැන කතාවක්. අපේ බැචෙක්ව මුල් දවස්වල (අර දවස්වල් ) ජේස්ඨ මහත්තයෙක් අරන් ගිහින් තියනවා හවසක අක්බාර් පාලම උඩින්. වවුල්ලු යන වෙලාවනේ. අර ලොකු අයියා ඇහුවලු කියපන් බලන්ඩ උඩ ඉගිලෙන වවුල්ලු ගාන ගනන් කරන්ඩ විදිහක්. අපේ බැචා මීටරේ දාලා කිව්වලු එක වවුලෙක් ගනන් කරලා ඉන්න ගානෙන් වැඩි කරනවා කියලා. :ඩී
ඔය කියපු බැචා (අපේ ජේශ්ඨෝත්තමයා ) කෑගල්ලේ කෙනෙක් එහෙම නෙවේ වෙන්ඩැ?මගෙනුත් දවසක් ඇහුවා මේ මහවැලි ගඟේ වතුර ගලන රේට් එක හොයන්න ක්‍රමයක් කියපන් කියලා.මොකක් කිවුවද මන්ද
Deleteහ්ම්ම් හ්ම්ම් අක්බාර් පාලම එක්ක බැඳිච්ච දේවල් ගැනනම් අමුතුවෙන් ඔබතුමාලට විස්තර කරල දෙන්න ඕනෙ නෑ මහිතෙ
ජයවේවා !!
කව්ද බං ඔය ජේශ්ඨෝත්තමයා ? අපි දන්න කෙනෙක්ද?
Deleteදැන් මේ කතාවට ජේශ්ඨතුමන්ලා දෙකක් සම්බන්ධයි
Deleteමොන එකා ගැනද අහන්නෙ?
හරිම අමුතු අදහසක්. හිතට දැනුනා. ඇත්තටම හන්තානට විතරද හද පායන්නේ. ඒත් සමහර තැන්වල මතකයන් ජීවිත කාලෙම අපේ හිත රිද්දනවා. ආපස්සට අදිනවා. මතකය ගුලි කරලා මහවැලියට දානවට වඩා හඳ දාන එකනම් ලේසි තමා.
ReplyDeleteපේරාදෙනිය, හන්තාන, හිත රිදෙන මතකයන් ගොඩක් අයට..
ඔව් ඔව්
Deleteහැදිලා තියෙන සින්දු ගානම ඇති ඔය කියපු දේට සාක්ෂි සපයන්න.හොඳම දේ නොවුනත් ලේසි ක්‍රමයක් හොයාගන්න එපායැ නේද
ස්තූතියි පුංචි
ජයවේවා !!
පට්ටයි , පජාතයි ...
ReplyDeleteඋබට ආවේනික විදියට මේ ලියන සිද්දි වල අමුතුම ගතියක් තියෙනවා බං.. එල ,
මං ඒත් බැලුවා මොකෝ උඹ පරක්කු කියලා
Deleteමේ ඇවිල්ල ඉන්නෙ :)
ස්තූතියි මචන්
ජයවේවා !
ඇත්තනේ බන් හන්තානට විතරද හඳ පායන්නේ! :)
ReplyDeleteඕක තේරුම් ගන්න බැරුවනෙ මෙච්චර කල් හිටියෙ
Deleteජයවේවා !!
අඩෝ අක්බාර් කියන්නේ අර මැද කණු නැති පාලම නේද..? මතකයි සාහිත්‍ය උත්සවේකට ගිහින් එහෙ ගියා..
ReplyDeleteඋඹේ කතා ගැන ඉතින් අහන්නත් දෙයක් තියනවායෑ........... හිනා යන එකක් නොවේ කිව්වට හිනා යන ගතියකුත් තිබුනා
ආආආන්න ඒක තමා.
Deleteඋඹ කොයි අවුරුද්දෙද ගියේ?
2008-2012 අතර කාලයේ?
ජයවේවා
ඔය කෙහෙල්මල් හද මහවැලියට දාල මදි...
ReplyDelete