Skip to main content

Posts

Showing posts from June, 2013

යතුරත් විසිකළ මරු ජේලර් උඹ.....

ගොතලා ඔතලා තාලෙට එක එක  නැත්නම් දිගඇර කපලා අමුණා  ෂැම්පුඃ ග්‍රයින්ඩින් ෆර්මින් සමගින් සොඳුරිය, මම වෙමි නුඹගේ බාබර් ඇඹරැල්ලා කොළ ගස්ලබු පදමට එක්කොට දමලා අලි ගැට  ලාවට තබමින පිපිඤ්ඤ මතුපිට දෙනයන බියුටිස් මම වෙමි කරමින ෆේෂල මහරගමින් ගෙන රෙදි පොදි සුදු පැහැ දේදුනු වර්ණද පොවලා වේලා සිරුරට සරිලන අයුරට සකසන මම වෙමි ඔබගේ  ටේලර්,  හන්දියෙ යා යුතු තැන සොඳුරිය යා යුතු නැත ක්‍රම සහ විදි ඇත ඔබ ගෙන යාමට  හයර්ද නොව මීටරයද ඕනෑ නැත රියදුරු මම වෙමි පදවන තුන් සක චමරිද ඇනෙක්ස කුලියට බෝඩින් නොම දෙමි නුඹ හට නව් අයි ප්‍රොමිසින්(ග්) බඳිමින් එක්කොට  ගඩොලට   ගඩොලක්   සදනෙමි නිවහන මම වී මේසන් නිවහන හැදු පලියට මට ඒ මදි අවසන් වන තුරු නොම එයි, මත නිදි පිරවෙන අයුරට කාමර සාලද සදනෙමි ලී බඩු කාපෙන්ටර් වී නිරතුරු බලමින් නාඩිද සීනිද   (බ්ලඩ් ප්‍රේශර්ද,කොලස්ටරෝල්ද,ඊ.සී.ජී ද ) අරගෙන එක්ස්‍රේ කැඩුමට පෙර ඇට කරනා සමනය වා පිත් සහ සෙම් දොස්තර මම වෙමි ඇත එම්.බී.බී.ඇස් කටහඬ හොඳ මදි වූවද නොසැලී වැල්මී සමඟින් සූකිරි බුදිමින ගිටාරයද ගෙන ටියුනින් පදමැති  නුඹ ළඟ මම වෙමි සිංගර් අරුමැති  බණ්ඩල්

පේරාදෙණියේ පුදුම අට ( අණ්ඩ කඩා ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙනි ) දෙවැන්න

මුල් කොටසට දෙනෙත් දෙසවන් දෙනාස්පුටු වලින් උකහාගෙන ආත්මයටම කාවැදී සවිවුනු මතකයන් වලට නැවත නැවතත් උඩු හිත තෙරපන්නට අස්වැසිල්ලක් ලබා දෙනු පිණිස වූස් වලේ සිමෙන්ති පොළොවේ මඳක් හිදගෙන සිටිමු.නැවත අරඹන ගමනේ මඟ ඇදී ඇත්තේ ජවය,ශක්තිය,ජයඝෝෂා හරහාය. ~විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා පිටි~ රගර්,ක්‍රිකට් පිට්ටනි පසු කරමින් අපි අමුතු  නුහුරු ස්ථානයකට සමීප වෙමු.සාමාන්‍ය හැඩයේ ධාවන පථයක්.විශ්ව විද්‍යාලයේ පුදුම අටෙන් එකක් වීමට සුදුසුකම් ලෙස හැඩය,දුර ආදිය ඉදිරිපත් කළ නොහැකි වුවද මීළඟට කියන්නට යන කාරණය අනිවාර්යයෙන්ම එම අවශ්‍යතාවය සපුරනු ඇත.ධාවන පථය කලු පැහැතිය.ඒ එමත අතුරා ඇති ගල් අඟුරු නිසාය.ගල් අඟුරු මත දිවීමේදී සාමාන්‍ය ධාවන පථයකදී ඇති කරන ඝර්ෂණයට වඩා වැඩි ඝර්ෂණයක් කකුල් මත ඇති කරවන හෙයින් ධාවනය අපහසු විය හැක.ඒ අපහසුව දුවන විට පමණක් ඇති වුවද සපත්තු නැතුව දිවගියහොත් කාලාන්තරයක් පවතින අපහසුතාවයක් හිමි කරගැනීමේ වාසනාව ලැබෙනු ඇත. ධාවන පථයේ සිට පස් කන්දියකින් එතෙරව පාරට ගොඩවූ කල්හී ඉතා නුදුරින් පෙනෙන තවත් විශේෂ ස්ථානයකි,අල්විස් පොකුණ. පොකුණ අල්විස්ගේ වුවද,පොකුණ පමණක් නොව පේරාදෙණිය විශ්ව විද්‍යාල

පේරාදෙණියේ පුදුම අට ( අණ්ඩ කඩා ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙනි )

මාතෘකාවෙන්, අණ්ඩ කඩා ගැනීම හේතුවෙන් උත්පාදනය වූ ප්‍රීතියක් ගැන කියවුනද එය ඒ ආකාර "ප්‍රීතියක්" නොවේයයි සිතෙන්නේ ,කැඩී ගිය අණ්ඩ ඈඳී තිබුණු මහා පුරුෂ ශරීරය සිහි වන විටදීය.නුහුරු නුපුරුදු "පුරුෂ ශරීර වර්ණනාව"  කිරීමට දරන ප්‍රයත්නයක් නොවේ මෙය. හුදෙක් ,අණ්ඩ ගැලවී යාමත් සමඟ වෙන්වූ (හෝ ඈත් වූ ) මතකයන්,හැඟීම් සම්පිණ්ඩනය කොට දැක්වීමට උත්සහ කිරීමකි ඔව් මෙතෙක් පේරාදෙණියේ අණ්ඩග්‍රැජුවේට් (undergraduate) ව හුන් අපි අණ්ඩ කඩා ගත්තෙමු එතරම් වැදගත් නැති "අණ්ඩ කඩා ගැනීමේ මෙහෙයුම" (විභාග,කුප්පි,ctrl+c,ctrl+v) ගැන විස්තර පසෙක තිබියදී අපි අණ්ඩ තිබුණු කාලය සිහි කරමින් පෙර ගිය මංමාවත්වල ඇවිද යමු.දැඩි ග්‍රීස්ම කාලයෙහි වුව හමන සීත සුළං සිහි කැඳවමු/විඳිමු.අවුරුදු ගණනක සිට අණ්ඩ තිබුණ උන් මෙන්ම කඩා ගත් උන් දෙසද උපේක්ෂාවෙන් බලා ඉන්නා ගොඩනැගිලි ,ගල් කණු, ගහ කොළ ,පඩි පෙල් සිහි කැඳවමු/නරඹමු. කොටුව ස්ටේෂන් එකේ වේදිකාවේ එහා කොනේ සිට මෙහා කොන තෙක් ඇවිද "ෆ්‍රේෂ් පිට" එළියට ආවද ,ඇවිදීමෙන් පසුව එවැනි "ෆ්‍රේෂ්" එකක් ලබා ගැත නොහැකි තරමටම "ඒ කොන" සහ &q