Jun 29, 2013

යතුරත් විසිකළ මරු ජේලර් උඹ.....

ගොතලා ඔතලා තාලෙට එක එක 
නැත්නම් දිගඇර කපලා අමුණා 
ෂැම්පුඃ ග්‍රයින්ඩින් ෆර්මින් සමගින්
සොඳුරිය, මම වෙමි නුඹගේ බාබර්

ඇඹරැල්ලා කොළ ගස්ලබු පදමට
එක්කොට දමලා අලිගැට  ලාවට
තබමින පිපිඤ්ඤ මතුපිට දෙනයන
බියුටිස් මම වෙමි කරමින ෆේෂල

මහරගමින් ගෙන රෙදි පොදි සුදු පැහැ
දේදුනු වර්ණද පොවලා වේලා
සිරුරට සරිලන අයුරට සකසන
මම වෙමි ඔබගේ ටේලර්, හන්දියෙ

යා යුතු තැන සොඳුරිය යා යුතු නැත
ක්‍රම සහ විදි ඇත ඔබ ගෙන යාමට 
හයර්ද නොව මීටරයද ඕනෑ නැත
රියදුරු මම වෙමි පදවන තුන් සක


චමරිද ඇනෙක්ස කුලියට බෝඩින්
නොම දෙමි නුඹ හට නව් අයි ප්‍රොමිසින්(ග්)
බඳිමින් එක්කොට ගඩොලට ගඩොලක්  
සදනෙමි නිවහන මම වී මේසන්

නිවහන හැදු පලියට මට ඒ මදි
අවසන් වන තුරු නොම එයි, මත නිදි
පිරවෙන අයුරට කාමර සාලද
සදනෙමි ලී බඩු කාපෙන්ටර් වී

නිරතුරු බලමින් නාඩිද සීනිද   (බ්ලඩ් ප්‍රේශර්ද,කොලස්ටරෝල්ද,ඊ.සී.ජී ද )
අරගෙන එක්ස්‍රේ කැඩුමට පෙර ඇට
කරනා සමනය වා පිත් සහ සෙම්
දොස්තර මම වෙමි ඇත එම්.බී.බී.ඇස්

කටහඬ හොඳ මදි වූවද නොසැලී
වැල්මී සමඟින් සූකිරි බුදිමින
ගිටාරයද ගෙන ටියුනින් පදමැති 
නුඹ ළඟ මම වෙමි සිංගර් අරුමැති 

බණ්ඩල් තොග පිට ගෙනැවිත් ඒ-ෆෝ
ඇට්ලස් චූටිය ගෙන වැල් අකුරුන්
ලියමින් කවි පද ටයිපින් සිංග්ලිශ්
සදනෙමි බ්ලොගයක් මම රයිටර් වී

කෙනෙකුන් ඔබහට කළහොත් අවමන්
පොලිසියෙ ඔපිසර වී උට නෙළනෙමි
මස් කඩයක් ගෙන බද්දට වසරක්
මස් කොට විකුණමි එහි මුදලාලිද වී

සිනහව මිස කඳුලට නැති වුව ඉඩ
කඳුලක් ආවොත් නොහිතන අයුරට
හැඬුමට උරහිස සමඟින් නිබඳව
ලේන්සුවක් දෙමි රෙදි මුදලාලියද වී 

කොපමණ ජොබ් මා කෙරුවද උඹනම්
එකම ජොබක්වත් නොකරයි හරියට
දමලා හිරගෙයි  මාගේ හදවත
යතුරත් විසිකළ මරු ජේලර් උඹ..... 

සෝ රොමෑන්ටික් ඒහ්?
ෆලෝව් ද සීරීස්

වින්දනීය ගැට පද 
ඇන්ඩ්
කෙල්ලේ උඹ ගැන







Share:

20 comments:

  1. ඔහොම තමයි කොලුවෝ..... වයසේ වැරැද්දනේ. තව ඩිංගක් ඉවසලා හිටහන්. :ඩී

    ReplyDelete
    Replies
    1. වයස නෙවේ කෙනාගෙ වැරැද්ද නේහ්
      ජයවේවා පරා :)

      Delete
  2. වරදක් දුටු තැන ගන්නට නිසි මග..
    නුඹ දණ ගස්වමි සාලේ මැද්දෙම..

    මෙහෙම කියන්න අපේ උන්ට හයියක් නැද්ද බං ?

    ගැටේට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. අඩේ එච්චර දරුණු වෙන්න බෑනේ
      උඹ?
      ජයවේවා !!

      Delete
  3. නිර්මාණශීලීයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදීක
      කාලෙකින්
      ජයවේවා !!

      Delete
  4. වින්දනිය ගැට පදයක් නේද , එල

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔය ලොකුවට ෆොටෝ කෑල්ලකත් දාල තියෙන්නෙ

      Delete
  5. පට්ට රහයි...

    දන්න වචන මදි අගය කරන්න....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන්
      ඇත්තටම සතුටුයි මෙහෙම කමෙන්ට් එකක් දැක්කාමත්
      ජයවේවා !

      Delete
  6. කියන්න වවන නැහැ ඉටමට් ඉහලයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි
      සහ
      වෙල්කම් ටු අනීවාරතේ
      ජයවේවා !

      Delete
  7. උඹට ගැලපෙන එක ඉක්මනින් ලැබේවි.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බන් ගැළපෙන එක?
      දැනටනම් හිරේ
      ජයවේවා අසර්

      Delete
  8. මොකා වුනත් මිනීමරුවෙක් නම් වෙන්ඩ එපා ගොයියෝ... අන්තිමට කවියාට ජේලර් කෙනෙක්ට තමයි ලව් කරන්න වෙන්නේ ඈ

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මචන්
      ඔය මස් කඩේ විකුණන ඒවා එහෙම හිතේ ආවේගෙට කියන කතානෙ
      මේක නොමැරෙන සහ නොමරන ආදරයක්
      ජයවේවා !

      Delete
  9. හොඳ වැඩේ තොට... දැන් ඉතින් හිටපන් ඇතුලට වෙලා..

    වැඩේ නියමයි ඈ...

    ReplyDelete
    Replies
    1. මං ඒත් බැලුවා මොකෝ පරක්කු කියලා
      ඔව් බන් ජීවිතාන්තය දක්වා හිරේ
      මරණ දණ්ඩනේ දුන්නනම් එකක්
      ජයවේවා !

      Delete