Jan 2, 2012

ෆේක් ප්‍රොෆයිල් එකකට කතා කළෙමි!


හායි :) කොහොමද ඉතින්?
හායි, හොඳයි අනේ.. මොකද කරන්නේ දැන්?
ෆිල්ම් එකක් බලන්න ලෑස්තිය..ද රීඩර්
රීඩර්? ඒ වගේ ඒවට ගෑනු ළමයි කැමති නෑනෙ
: ම්ම්ම් මම වෙනස්
ෂඃ ඔයා මරුනෙ.. රීඩර් ඊස් වන් ඔෆ් මයි ෆේවරිට්ස් ..වෙන මොනවටද කැමති ඔයා?
ෆිල්ම්ස්ද?
නෑ නෑ..ජීවිතේ?
ඔහේ ඉන්න වෙලාවට ඉතින් මිස්ටර් ගිබ්සන් එක්ක කියෝ කියෝ ඉන්න එක තමයි :)
හ්ම්ම්ම්ම් ගිබ්සන්?BF
හයියෝ නෑ අනේ මගේ හොඳම යාලුවා..එහෙම කවුරුත් මේ ලෝකෙ නෑ.මමමයි මට ඕන විදියට හදාගත්තෙ
අහ්හ්හ් මනෝ යාලුවෙක්
යා කයින්ඩ් ඔෆ්
මටත් ඉන්නවනෙ එහෙම එක්කෙනෙක්.
හානේ එයා මොන වගේද?
ෆන් එකට බරයි..වෙලාවකට හෝ ගාලා කියවිල්ල ...අනිත් වෙලාවට තරහ වෙලා වගේ ඉන්නවා ඔහේ
:D ගිබ්සනුත් ඒ වගේමනේ
ඇත්තට?අපෙ හිත් වැඩකරන්නේ එකටම වගේ වෙන්ඩැති?
හෙහේ ...එහෙමද? ඒක නෙවේ සොරි..පෙරේදා ඔයාගේ බර්ත්ඩේ එකට විශ් කරන්නත් බැරිවුනා
අයියෝ කොච්චර හොඳද?මම විශ් කරනවට කැමතිම නෑ ..බර්ත්ඩේ කියන්නේ අමුතු දවසක් නෙවේ මට
මටත් එහෙමයි...අපි එදා ඉපදුනා..දැන් ජීවත් වෙනවා ....මොකටද පාටි ?මොකටද විශස්??
ඒකනෙවේ ..මම දැන් යනවා ...නාන්න ඕනෙ
මේ මහ රෑ?.මටත් එහෙම පුරුද්දක් තියෙනවා
ඔයා හරි ෂෝක් අනේ මං වගේමයි
එහෙනම් නාලා ඉවරවෙලා ඇවිල්ලා කතා කරමු?
මං ගාව ඔයාගේ ෆෝන් නම්බර් එක නෑනෙ.
අහ්..07********
තෑන්කූ මටනම් විනාඩි 10යි නාන්න යන්නෙ..
හෙහේ...ලොල්..මටත් එහෙමනේ,
ඒකනෙ මං කිවුවේ අපි දෙන්නම එක වගේ කියලා......................
ඕං අපි ගියෝ....
බායි J





බටන් දෙකක්ම එබුවෙමි




______________________________
ඔබට කවදාවත් ඔබ සිතන පතන ආකාරයේ අය ලැබෙන්නේ නැත.එහෙම අය ඕනෑමනම් ෆේක් ප්‍රොෆයිල් එකක් හදාගන්න

Share:

13 comments:

  1. අඩේ තේරෙන්නේ නැද්ද මචෝ?

    ReplyDelete
  2. 100% නිර්මාණාත්මකයි...

    ReplyDelete
  3. පට්ට පට පට.ඇත්ත කතාව.එලකිරි

    ReplyDelete
  4. අනේ කමෙන්ට් කරන්න අමාරුයි නේද...මමත් ආවා මේ පැත්තට..අනීවාරතේ..

    ReplyDelete
  5. @ Senna & Chooty Malli
    බොහොම ස්තූතියි දෙන්නටම මේ පැත්තෙ පාත් උනාට..ඊටත් වඩා ස්තූතියි කියපු කතාවට

    ReplyDelete
  6. අර මොකෑ කුමාරිහාමි අමාරුය කියන්නේ?...බයි ද වේ ස්තූතියි මේ පැත්තෙ ආවාට

    ReplyDelete
  7. ඕකට මානසික ලෙඩක් කියලා කට්ටිය කියයිද දන්නේ නෑ

    ReplyDelete
  8. @ නිකමා -සිරාවට එහෙම දේකුත් තිබේ නේද?හැබැයි එහෙම බැලුවොත්නම් අපිට තියෙන්නේ මානසික ලෙඩ විතරයි..ස්තූතියි අනීවාරතේ ආවාට :)

    ReplyDelete
  9. හ්ම්ම් හ්ම්ම්..
    කතාව ඇත්ත..
    මේ එක නෙවෙයි අයියේ...තාම පේරා ඉංජිනියරින් ෆැකල්ටියේ ඉන්නවද??

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. @ගිනි කුරුල්ලා--->ඔව් ඔව් මලයා ,ජූනි වෙනකොට එළියෙ මේ මල ජූලි නැති උනොත්

    ReplyDelete
  12. අනිවාරතේ.....
    සුපිරියි...!!!
    අද තමා ඉස්සෙල්ලාම මේ පැට්තට ගොඩ වැදුනෙ...

    ReplyDelete