Jul 17, 2012

ආච්චිට " Z අකුර" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක්

"ආං...උක්කුං පුතේ..දැන් උඹටත් අපිව වෙනදට වඩා මතක් වෙනවා නේහ්?"
මේකනම් පුදුමාකාර වැඩකි.අමතක උනත් වැරදිය.මතක් උනත් වැරදිය.සනත් ජයසූරිය මහතා ජලක් දික්ලා ජරා එකෙහි නර්තනයේ යෙදෙනු දුටු විට ඇති උනාට වඩා ස්වල්පයක් අඩු විලි ලැජ්ජාවක් හිතට ඇතුල් වුවත් එය වැඩිය හිත ඇතුළට නොගෙන ආච්චිගේ ගෙට ඇතුල් වුනෙමි.


ඒහාත් සමඟම නාස් පූට තුළින් ඇතුළට ආවේ ඔලුව හාරාගෙන යන හඳුන් කූරු, සම්බ්‍රානි,කට්ටකුමන්ජල් සුවඳක් පුළුටු ගඳක් සමඟ 3:2 අනුපාතයට මිශ්‍ර වූ නමක් කියා ගත නොහැකි ගන්ධයකි."කඳුලු ගෑස් වලට ඇති හුරුකම" ඇක්ස්ට්‍රා කරික්‍යුලර් ඇක්ටිවිටි එකක් වීම නිසාම හුස්ම හිර කර නොගෙන ඉදිරියටම දිව ගියත් එක්වරම ඒ ගමනද නැවතුනේ  පොලිසියෙන් වතුර ගැසූ නිසා නොවේය.එක්වරම ඇස් ඉදිරිපිටම දර්ශනය වූ තොරණක් නිසාමය.ඒය අමුතු ආකාරයේ තොරණකි.කෙහෙල් පට්ටා,ඇන්තූරියම් ,බෝගන්විලා,ඇඹරැල්ලා කොළ වලින් සරසා පොල්තෙල් පහන් වලින් ආළෝකමත් කර තිබුණද මීට තිබුනේ අමුතුම හැඩයකි.එය ඉංගිරීසි හෝඩියේ "Z" අකුරට සමාන වග තේරුම් ගැනීමට බ්‍රිටිස් කවුන්සිල් යෑමට වුවමනා නැත.පහන් ටික Z අකුරේ හැඩයටම තබා තිබුණි.
"මොකක්ද ආච්චියේ මේ හදලා තියෙන්නේ"
"හානේ..ඔය්ය අපේ දර්පණා කෙල්ලගෙ වැඩ නොවැ"
දර්පණා ප්‍රතිබිම්බා!!! මගේ එක කුසින් නොව වෙන කුසකින් උපන් නෑනන්ඩිය !
"ෂහ්..දර්පණා නංගි ගෙදර ආවද?මාත් එහෙනම් හොඳ වෙලාව්...."
"ඔව් ඔව්.. මටත් හිතුනා උඹ මේ කවදාවත් නැතුව මෙහාට රිංගනකොට" ආච්චි අවංඥා සම්පන්න බැල්මකින් මට සංග්‍රහ කළේ, තේකකින් සංග්‍රහ කිරීමට සීනි බෝතලය හොයන ගමන්මය.


"දැන් මොකද දන්නෑ නේහ් කරන්නේ"මම ඈ දකිනු රිසියෙන් විපරම් කළෙමි.ඈ කාමරයක විය යුතුය.අනුන්ගේ කාමරවලට එබීම වැනි කැත පුරුදු නැති නිසා,හුළඟක් හමා විත් අහළ පහළ කාමර වල දොර රෙදි එහා මෙහා යන තෙක් බලා සිටියෙමි.
"උසස් පෙළනම් කොළානෙ.ප්‍රතිඵල අපු දවසේනම් අඬ අඬා හිටියේ" ඒ දිනවල ප්‍රතිඵලයන් දුටු විට ගැලූ කඳුලු හමා ගිය සුසුම් දෙවෙනි වන්නේ ලංකාවට සුනාමි ආ කාලයේ අඳෝනා වලට පමණි.
"ඉතිං ආච්චි?"
"ඔය මොකක්දෝ මන්දා අකුරක් වෙනස් වෙනවය කියන්නේ කොච්චරවත්.මං වැඩිය අහන්ඩ ගියෙ නෑ.තරුණ ළමයිනෙ"
"එහෙම දෙයක් නෙවේ ආච්චි .ඒක Z අකුර"


මම "සෝරෝ මහතා" සිය කඩුවෙන්, අවකාශයේ අඳින Z අකුරම ඇඳීමට හොඳි වළඳක තිබූ හැන්දක් භාවිතා කළෙමි.පෙරළුනු වළඳ නැවත පිළිසකර කරන අතරතුරේ ආච්චී සිය මතය ප්‍රකාශ කළාය.
"අනේහ් මන්දා.ඔය වැලහින්න වගේ අඬ අඬා හිටියා.මං හිතුවෙ කළු කුමාර දිස්ටියවත්ද කියලා.ඒකත් නෙවීලු.අපේ අගුණවංස කට්ටඩිය තමා කිවුවෙ විසෙන්ම විස නසන්ඩ ආං වර වගේ පහන් පැළක් ගේ ඇතුළේම හදලා චාරිත්‍ර කොරමුය කියලා.හැබෑටම පුතේ මොකක්ද ඔය අක්ෂරේ?"


'හප්පච්චියේ බොහොම බලගතු අකුරක්...පෙර රජ දවස කැරළි කෝලහාල,ලේ හැලුම්,මිනී මැරුම්,බැණ ගැනුම්,අඩත්තේට්ටම්,විකට රංග අනන්තවත් වෙලා තියෙනවා.හැබැයි කාටවත් හරි තේරුමක්නම් නෑ..අද තියෙන එක නෙවේ හෙට..හෙට එක නෙවේ ලබන සතියෙ.."
එක්වරම එහා පැත්තේ තිබුණ කාමරයක් තුළින් කබරගොයෙක් මෙන් එළියට ඇදී ආවේ දර්පණාය!!


"කොයි වෙලෙත් වෙනස් වෙනවා..හරියට ගෑණු ළමයින්ගෙ හිත වගේ"


දර්පණා ගස්සාගෙන නැවතත් කාමරගත වූවාය.


"ගෑනු ළමයින්ගෙ හිත වගේ වෙනස් වෙනවය කියන්නේ පුතේ,ඒක එක විදියකට ඇත්තෙම නැතුව ඇති"
එයට පිළිතුරක් මෙන් ගෙය පිටිපස්සෙන් ඇසුණු "හොක් හොක් " හිනා හඬ, අතීතාවර්ජනයේ යෙදෙන සීයාගේ විය යුතුය.


"නැත්තන් ආච්චි Z අකුර ලියන විදියම බලන්නකො" මට පරීක්ෂණයක් පවත්වා නිරීක්ෂනයක් ඔස්සේ නිගමනයකට එළඹීමට වුවමනා විය.නමුත් දැන් හැන්ද ගත නොහැක.බිත්තියක ගසා තිබුණ ඇණයක් ගලවා ගත්තෙමි..ඊට වාරු  කර තිබුණු පිඟන් රාක්කයක් "දරාස්" හඬින් බිම ඇද වැටුණි.
"දැන් බලන්න ආච්චි..මේක ලියද්දි මුලින්ම එක පැත්තකට යනවා..ඒක එපා වෙලා ආපහු ආපස්සටම යනවා...ඊට පස්සෙ ආයෙත් එනවා..පේනවනෙ?"




"හ්ම් හ්ම් ඉතින් මොන එහෙකටද අපේ කෙල්ල අර අඬන්නේ?"
"මේකනේ ආච්චි ඕකෙන් තමා සමස්ත සිස්යාගේ අනාගතය තීරණය වෙන්නෙ"
"කේන්දර කොපිය වගේ වෙන්ඩැ?"
"කේන්දරේ එක අතකට හොඳයි ආච්චි.ඉඳල හිටල හරි හොඳ ග්‍රහයෙක් එලියට එනව..."
දර්පණා නැවතත් එළියට ආවාය.අතේ ලොකු පොල්ගෙඩියක් විය.ටිකකින් එය ටයිල් පොළොව මත ගසා කුඩු කරන හඬ ඇසිණි.මම ටිකෙන් ටික එදෙසට ආකර්ශනය වීමි.නෑනන්ඩිය පොල් ගසා තිබුණේ අර අරගොල්ලන්ගේ පෝටෝ ඉස්සරහය.පොටෝ දුටු විට මගෙ හිතේද ඇති වූ කේන්තිය පිට කිරීමට කෑලි කෑලි වී තිබුණ පොල් කෑලි පවා නැවත නැවතත් පොළොවෙ ගැසුවෙමි.අහවල් කැබිනට් එකට ගසනවා කියා සිතා සාලයේ තිබුණ කැබිනට් එකටද පොල් කෑල්ලකින් ගසා වීදුරුවක්ද කුඩු කළෙමි.
ආච්චි සහ සීයා වහාම එතනට පැමිණි නිසා මට ආයුධ බිම හෙළන්නට සිදුවිය.එවිටම ළඟ සිටි දර්පණාට තවදුරටත් දරාගත නොහැකි වූ දුක් අඳෝනා වැස්ස කාලෙට පරාක්‍රම සමුද්‍රය මෙන් පිටාර ගලන්නට විය.
"අනේ අනේ අයියෝඕඕ ඕ..මම මොන වැරැද්දක් කරාද දෙයියනේ..ඕකුන්ට හෙණ හතම ගහපිය.මට කැම්පස් යන්නත් නැති කරා...අනේ...ඔයා කෝ මගෙ රත්තරන් Z කෝ ඔයා....."
තක්බීර් වී බලා සිටි සීයාගෙන් මට ප්‍රශ්නයක් යොමු විය.
"මොකක්ද පුතේ ඒ කැම්පස් යන්න නොදුන්නු කතාව"
"මේකනේ ......ඔය කැම්පස් යන කට්ටිය තෝරන්න ඔය Z කියන අකුර ඕනෑ.ඒක ඕන කරන ගානට වඩා අඩු උනොත් ගෙදර තමා"
"වැඩි උනොත් පුතේ?" ඒ ආච්චීය
"වැඩි උනොත් කැම්පස්"
"ඒ කියන්නේ පුතේ ආයෙත් ගෙදරනෙ?"






ප.ලි
ගරු පාලකවරුනි,
අපිට ටිකක් හරි මොළේ තිබෙන නිසා ඔබතුමන්ලාට මොළේ එච්චර නැති වග තේරේ.
එම නිසා "අඩු උනත් ගෙදර වැඩි උනත් ගෙදර" තත්වය දිගටම ඇදුනොත් ඔබතුමන්ලාත් ළඟදීම ගෙදරය.


මීට කලින් දරන ලද සොඳුරු උත්සාහයක්
ආච්චිට අළුත් අවුරුද්ද ගැන කියාදීමට සොඳුරු උත්සාහයක් !
ආචිචිට කැම්පස් එක ගැන කියාදීමට සොඳුරු උත්සාහයක්
Share:

27 comments:

  1. පට්ට කතාව මචං වෙනදා ඒවා වගේම අසාවෙන් කියෙව්වා..

    ReplyDelete
  2. // "ඒ කියන්නේ පුතේ ආයෙත් ගෙදරනෙ?" //

    ආච්චි තමා නියම කතාව කියල තියෙන්නේ. පට්ට

    ReplyDelete
  3. තෑන්කූ Prabodini අක්කා

    ReplyDelete
  4. තුති මචං Chami වෙනද වගේම ඇවිල්ලා ඇයි හොඳැයි කියලා ගියාට

    ReplyDelete
  5. ආච්චි එක්ක අපිට හැරෙන්න අමාරුයි Raj මචෝ.පරිණත බුද්ධියනෙ...
    තුති

    ReplyDelete
  6. පට්ට කතාව. අන්තිමටම කියපු දේ වෙන්ඩත් බැරි නෑ ඉස්සරහට

    ReplyDelete
  7. හි හි ..නියමයි!

    ReplyDelete
  8. ඔහොම ගියෝත්නම් අනිවාර්යෙන්ම "Z"අකුර පෙන්නන්න බැරුව යනවා තමා

    ReplyDelete
  9. බැරි නෑ නෙවේ මතන් පැතුම් ඇත්තටම වෙයි වගේ මෙහෙම්මම හියොත්

    ReplyDelete
  10. හිරු හිමාවිටත් තුති..හැබෑට දැනගන්න අහන්නෙ මොකක්ද ඔය නමේ තේරුම?

    ReplyDelete
  11. අනිවා ඉතින් රොබින්.Z අකුර විතරක්මත් නෙවේ හැබැයි :D

    ReplyDelete
  12. ඕකුන්ට හෙන හතක් නොව 21ක් ගැහුවත් මදි අපිත් එක්ක කරන මේ සෙල්ලම් වලට. ඕකුන්ට චන්දෙ දුන්න එවුට මොලේ නැති එකයි කාරනාව.

    ReplyDelete
  13. මම දැන් හෙන කේන්තියෙන් ඉන්නේ.

    ReplyDelete
  14. මරු ආච්චි සහ මුණුබුරා..

    ReplyDelete
  15. ඒකත් ඇත්තය Manoj.හැබැයි එහෙම බැලුවොත් ඡන්දයක් කියා එකක් දෙන්නට එකෙක් ඇත්තේම නැත

    ReplyDelete
  16. අසරණයා කේන්ති?හම්මේ අඩුකරගනින්..උඹටමයි හොඳ නැත්තෙ

    ReplyDelete
  17. හක හක..මරුවා සමඟ වාසේ පිණිබිඳු

    ReplyDelete
  18. ගැටයා. මං ගැටයාගෙ කතා කියවලා නෑ කලින්. නමුත් මේක නම් සුපිරි ලියවිල්ලක්. අනිත්වාත් මෙහෙම ක්වොලිටිද කියලා වෙලාවක කියවලා බලන්න ඕනෙ.
    මගෙ හිත් ගත් තැන් හුඟාක් තිබ්බ නිසා, පවුලේ සාමාජිකයෙකුට ලින්ක් එකත් යැව්වා.

    ම්ම්ම් මේකෙ පෙනුම ගැනනම්.. මට එච්චර හිතට ඇල්ලුවෙ නෑ. නිකම් පාලු හැඟීමක් සහ ආණ්ඩුවෙ ගැසට් එක කියවනවා වගෙ හැඟීමක් ආවෙ, පෙනුම ගැන. (ලිපිය ගැන නොවේ) විශිෂයෙන්ම කමෙන්ට්ස් පේන්නෙ හරිම කම්මැලි විදියකට කියලා හිතුනා. මේ මට හිතුන හැටි හරි?

    මමත් ලියලා තිබ්බ Z ගැන පෝස්ට් එකක්, නමුත් මේ පැත්ත නෙවෙයි. මෙන්න මෙතන.

    henryblogwalker the Dude

    ReplyDelete
  19. සොරි ගැටයා. නිවැරදි කිරීමක් කරන්න ඕනෙ. මම ගැටයගෙ පෝස්ට් කියවලා කමෙන්ට් කරලාත් තියෙනවා. අර බස් එකේ වින්දනීය මාර්ගය සහ ටෙලිෆෝන් ටවර් එක!!දැනුයි දැක්කෙ. එල, ඈ!
    henryblogwalker the Dude

    ReplyDelete
  20. ඩූඩ්:ආචාර ප්‍රතිචාර වලට බොහෝ තුතිය.ඒක්නෙහ් මම දැක්කා ඔබතුමා කලින් එකක (බස් එකේ ) කොමෙන්ටුවක් ඔබ්බලා තිබ්බා.බ්ලොගේ ඇඳුම මාරු වෙලා නිසා මීටර නොවෙන්ඩ ඇතිය.
    අලුත් ඇඳුම ගැන එක එක විචාර තිබේය.ඒ සඳහා සුදුසු පිළියමක් යොදමි.
    බයි ද වේ ඔබතුමාගේ Z එකත් බලමි.

    ReplyDelete
  21. ela mata meka maga arila thibbe onna hamadama enna follow ehekuth dagannam
    Jaya!

    ReplyDelete
  22. තුති වේවා!
    ෆලෝ කළද හැමදාම ඇවිත් බලන්න දෙයක් තිබේද කියානම් හැකය අවතාරයෝ

    ReplyDelete
  23. හයියෝ ඉසෙඩ් එක..!!!!
    ලස්සන පෝස්ට් එක...

    ReplyDelete
  24. චතුරංග කසුන්
    ලස්සන ඉසෙඩ් එක
    උනානම්
    හයියෝ පෝස්ට් එක කියලා කියන්න උනත් කමක් නැත :)
    ජය වේවා !

    ReplyDelete
  25. අන්තිම ටික තමා හොඳම.. වැඩි වුනත් ගෙදර..අඩු වුනත් ගෙදර..

    ReplyDelete
  26. Red ඒකනේ..යතාර්ථය එක වාක්‍යයකින් .තුති

    ReplyDelete