Apr 14, 2012

ආච්චිට අළුත් අවුරුද්ද ගැන කියාදීමට සොඳුරු උත්සාහයක් !

මීට කලින් දරන ලද සොඳුරු උත්සාහයක්-ආචිචිට කැම්පස් එක ගැන කියාදීමට සොඳුරු උත්සාහයක්


''උක්කුං පුතේ...හානේ එන්ඩ එන්ඩ ගෙට..''
මම කටපුරා හිනාවීමට උත්සහ කළෙමි.හිතන තරම් ලේසි නැතත් අඩු ගානේ උත්සහ කළ යුතුය.
''ඉතිං ඉතිං ..මතක් උනා නේද අපිවත්..''
'එන්න නෙවේ ආච්චි හිටියෙ..කට්ටියටම fb විශ් කරා''
''ඇස් බී?"ආච්චිගේ ඇස් මෙච්චර ලොකුයැයි මම කලින් දැනගෙන හිටියේ නැත
 ''උඹ මොන එහෙකටද ඌත් එක්ක බජනෙට ගියෙ? වයිරක්කාරයො නේද?''
''නෑ..නෑ ආච්චි පේස්බුක්.ෆොටෝ එකක් එහෙම දාලා ටැග් කරන්න යද්දි ආච්චි හිටියේ නෑ.ඒ නිසා එන්නම උනා..මොකෝ ප්‍රොෆයිල් එක ඩිඇක්ටිවේට් කලාද?''
''අනෙහ්..මටනම් ඕවයෙ ගානක් නෑ ළමයෝ''
''හ්ම්..හ්ම්..ඒ උනාට ආච්..''
''දැක්කනම් අරන් තියන්නවත් තිබ්බ.අර කුස්සියෙ රාක්කෙත් එකක් ඇති මහිතෙ,ඒක නෙවේ කමු මොනවහරි .බඩගිනිත් ඇතිනෙ? ''
ආ..කමු කමු..යාළුවෝ නම් වෝල් එකේ නම් කෑම පිඟන් පිටින් ශෙයා (ර් ) කරල තිබුනා..ඒත් තාම බඩගිනියි...
''හ: ඇත්ත ඇත්ත යාළුවො නම් කොහෙත් එකයි අපිටත් උදේ ඉඳන්ම  කෑම  පිඟන් අරන් එනවා ගනුදෙනු කරන්ඩ.ඒක නෙවේ උඹ කෑම පිඟන් වලට මක්ක කළා කියලද කිවුවෙ?
"ශෙයා (ර්)..ශෙයා (ර්)..''
''ආහ් ඒක මිසක් ...විසි කරනව එහෙම නෙවී කෑම ''
කෑම මේසය ළඟට ගිය ආච්චි ,ලංකාවේ ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්, සුද්දෙක්ට අටමස්ථානය පෙන්වන්නාක් මෙන් එක එකක් කෑම ගැන විශේෂ හැඳින්වීම බැගින් සිදු කළාය.උපන්තේකට දැක ඇති ඒවා නොවුනත් මා තුළ ආච්චි කෙරෙහි ඇති අචල විශ්වාසය ක්ෂය නොවී පවතින බැවින් ,කෑම එකින් එක ක්ෂ‍ය වන්නට විය.ඒ අතර කතාබහක්ද ඇති විය
''මෙදාපාර නොනගතෙත් මහ දවල්නෙ ,ගිය පාර වගේ නෙවී'' ඒ ආච්චිය
''හ...මටත් තව පොඩ්ඩෙන් අමතක වෙනවා වැඩ අතාරින්න ඕනේ කියලා.අන්තිම මොහොතෙ තමා ලොග් අවුට් උනේ ''

''අවුට්? හනේ හනේ උඹේ කිරිකට් පිස්සුවනම්...හෙහ් හේ..''
''ඒ අවුට් නෙවේ ආච්චි ලොග් අවුට්..හැබැයි නොනගතේ ඉවර වෙනකල් හිටියේ නෑ ලොග් ඉන් වෙන්න..බලන්නකො ආච්චි....තුප්..තුප්..තුහ්...'' මම කේක් කෑල්ලත් සමඟ කටට ආ තෙල් කඩදාසිය එළියට දමමින්ම කතා කළෙමි
''නව අවුරුදු උදාවත් නොනගතේ මැද්දට දාලනෙ මේ පාර..ඉතින් විශ් කරන්න ආපහු ලොග් ඉන් උනා''

''අප්පච්චියේ උක්කුං පුතා!!!'' ඒ නම් අනිවාර්යයෙන්ම මාමාය..මම බෙල්ල හරවා බැලුවෙමි.නැත ඒ සීයාය.
''ඉතින් ඉතින් කොහොමද අවුරුදු?'' සීයා අලුත ගත් සරමෙන් අත පිසදාගෙන කැවුං ගෙඩියක් අතට ගනිමින් ඇසුවේය.
''හොඳයි හොඳයි සීයේ..ෆොටෝස් 24ක ටැග් වෙලා තිබුණා.ලයික් ඔක්කොම 247යි''
''අවුරුදු උත්සහේකට ඒම ගියා?''
''නෑ නෑ අවුරුදු උත්සවේ ගෙදරට ආවා''මම හයියෙන් සිනාසුනෙමි..සිනාසෙන විට මගේ ඇස් පියවෙන නිසා ආච්චිගේ හා සීයාගේ මුහුණවල මතුවුනු පුදුමය තැවරුනු බැල්ම දුටුවේ ටික වෙලාවකට පසුය.
''මොකක්?''සාමාන්‍යයෙන් දෙදෙනෙක් එකවර එකම වචනයක් පිටකරන්නේ නාට්‍යය හෝ චිත්‍රපටිවල  පුහුණුවීම් මාලාවකින් පසුවය.මේ දෙන්නා එසේ නැත.
''නෑ නෑ මම කිවුවේ මම ඔන්ලයින් කනා මුට්ටි ගැහුවා''
''ඇහ්..ඒ කොහෙද?'' නැවතත් දෙදෙනා,එකවර
''පේස්බුක් එකේ ඇප් එකක්..... කාමරේ ගැහුවෙ ''
හිනාවෙන විට ආච්චිගේත් සීයාගෙත් ඇස් පියවෙන්නේ නැති නිසා,ඔවුන්ට මගෙන් මතුවූ අජ-මොංගල් බැල්ම හොඳින්ම දර්ශනය වන්නට ඇත.
''අනේ මන්දා..දැන් වත් ඔය පාඩම් වැඩ ඩිංගක් නතර කළොත් නරකද? යමන් පන්සල්, තෙල් ගාන නැකතත් ළඟයි.''
''හා..හා සීයේ යමු''
ලද මඳ වෙලාවෙන් ප්‍රයෝජන ගනිමින් මම ජංගම දුරකතනයේ පේස්බුක් පිටුවට ගියෙමි.උඩින්ම නොටිපිකේසන් එකට රතු පාටින් 10 ඉලක්කමක් වැටී තිබුණි.උඩින්ම තිබුණු එකට නෙත් යොමු විය.

හදවත ප්‍රීතියෙන් පිනා ගියේය
''සියේ නිකං පන්සල් යන්න පැට්‍රල් පුච්චගන්න ඕනෙ නෑ...එන්නකො මෙතෙන්ට''


ගැටයා
අනීවාරතගාමී ඔබ ඇතුළු සියලූම හෝමෝ සේපියන්ස්ලාට සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Share:

16 comments:

  1. ලිවිල්ලනම් පට්ට... හිනා සාගරයයි..

    මේවට අඩන්නද හිනාවෙන්නද කියලා තේරෙන්නෑ.. තව ටික කාලෙකින් අහවල් එකත් fb එකෙන්ම කරන්න පහසුකම් සපයයිද දන්නෑ..

    ඇයි දෙයියනේ අපේ ලෙමොන් පෆ් වීරයටවත් මේ අවනඩුව පේන්නැත්තේ...

    අනීවාරතේටත් සුබම සුබ නව වසරක් වේවා.. !!!!!

    ReplyDelete
  2. @Senna --අහවල් එකත් fbම නරක නැහ් :p ..කවුදෑ බං ලැමන් පෆ් වීරයා?
    හැමදාමත් වගේ උදේ පාන්දරම ඇවිල්ලා අදහසක් කියලා යනවට පිං ඈ :D

    ReplyDelete
  3. හෙහ් හෙහ්!!! ආච්චිටයි සීයටයි නරකද පේජ් එකක් හදලා දුන්නොත්....අපි ලයික් කොරඤ්ඤං.. :-)

    ReplyDelete
  4. අඩවි රජා --->ඒ අදහසත් නරක නෑ බං රජෝ..හැබැයි ඕවා කියන්න ගිහිං මට අහගන්න වෙයිද දන්නෑ ..තුති මේ පැත්තෙ ආවට

    ReplyDelete
  5. යාන්තම් හුස්ම අල්ලන් කියෙව්ව.....හයියෝ....

    ඒත් ඇයි අපි මේ තත්වෙට පත්වුනේ...??

    ReplyDelete
  6. අග්නි ධාරා... යන්තන් හුස්ම අල්ලන් ඒ මොකෑ?බොහොම ස්තූතියි අග්නිටත් මේ පැත්ත ගිනි තියන්න ආවට

    ReplyDelete
  7. සොඳුරු උත්සාහය ඵල දැරුවයි..

    සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  8. අසරණයා ---::::අපේ අවුරුද්ද ගැන ආච්චිට කියල දෙන එකනම් ලේසි පාසු ගේමක් නෙවේ බන්

    ReplyDelete
  9. ෆස්ටයි ඕයි.. පමා වුනා එන්ට.. ටැග් ඔක්කොම අන්-ටැග් කරලා.. කමෙන්ටුවක්/ලයික් එකක් දාලා අන්-ෆ‍ලෝ කරන්ට දවස් දෙකක් විතර ගියා නොවැ..

    සිරාම ලිවිල්ල..

    සුභම සුභ වේවා !

    ReplyDelete
  10. sAm--අඩේ..මො..මොකක් කළා?වයර් වගේ යකෝ මට..ආ..අවුරුදු සුබ පැතුම් ගැන වෙන්ඩැ කියනව ඇත්තෙ..තෑන්කූ මචෝ

    ReplyDelete
  11. සෑමාගේ බුකී වෝල් එකේ තිබ්බ ලින්කුවක් දැකලා ආවේ පට්ට පට පට බං හිනා කාලා මැරෙනවා

    ReplyDelete
  12. කනියා--->බුකියේ වෝල් එකේ?හෙහ් හේ ඔය එක එක ලින්ක් ක්ලික් කරනවට හොඳ වැඩේ..තුති මේ පැත්තට ආවට...

    ReplyDelete
  13. සෑමව උල තියන්න එපැයි මේකෙ ලින්ක් එක පෝස්ටුවකට දාන්න පරක්කු කලාට..

    මරු ගැටයො...

    ReplyDelete
  14. මාර ගති ලිවිල්ලක් ඈ.... උපරිමයි බොලේ..... සැමාව පතුරු ගහන්න එපැයි මේකෙ ලින්ක් එක දෙන්න පරක්කු කලාට...දිගටම එමි

    ReplyDelete
  15. අහ් කමෙන්ට් කරනකොට ටිකක විකාරයි වගේ ,., එල ඈ එලම එල පෝස්ට් එක

    ReplyDelete
  16. පරණ ඒවා ෂෙයාර් කොරන්නේ ... අලුතින් එකක් ලියපන්කො

    ReplyDelete