Oct 22, 2011

උසාවියේ දවසක් 1 (ලංකාණ්ඩුව මූණුපොත නඩු භාණ්ඩයක් බවට පිළිගත් පසු )

පැමිණිල්ලේ නීතීංඥයා

උතුමාණෙනි මේකයි දැන් සීන්      එක
පවසන්නෙමි හැම දේ මම එකින්   එක

මෙතන ඉන්න අගුණවතී හා          පීටර්
කසාද බැඳ කලක ඉඳන් වෙයි     චාටර්
කාටර් තමා මේ දෙන්නට ඇති   නේබර්
වාසය කළේ දුරකිනි හතරක්        මීටර්

පීටර් නැති අතර කාටර් හෙමි   හෙමිහිට
සැට් වෙනවලු අගුණවතී හා බජනෙ....

විත්තියේ නීතීංඥයා

මයි ඔබ්ජෙක්ෂන් හිය(ර්)      යුවරෝන
අගුණවතිට අපහාසය නැත           ඕන

                                  
නඩුකාරයා

ඔබ්ජෙක්ෂන් ඔබෙ මල්ලට    දාගඤ්ඤ
කතාව එළ දිගටම යං                නීතිංඥ 

(පැමිණිල්ලේ නීතීංඥ කින්ඩි හිනාවක් සබා සම්මත කරයි )

විත්තියේ නීතීංඥයා

ඔහොම කතා මෙතනට ගැළපෙන්නෙ  නැත
සාක්කි දැන් පෙන්නාපන් නොවී           ලත

පැමිණිල්ලේ නීතීංඥයා
 
අහා හහා මාළුව දැන් ඇම                   කෑවා
මෙන්න ලින්ක් එක මේ දැන් මම        එවුවා



දුක් විඳ විඳ කරද්දි පීටර්            ඕටී
ගෙවල් පැත්තෙ කාටරයට රජ  පාටී

කාටර්  (විත්තිකරු 1 )

අහෝ අහෝ මම දැම්මේ නොමැත ලයික්
හැක් කරලා ගිණුම මගේ කවුද     බුවෙක්

පීටර් (පැමිණිලිකරු )

සුවාමිනි අල්ලගත්ත කටින්                මුගේ
හැක් කරාලු අවලම ,ගෑනියට             මගේ

ඇයි බං අගුණෙ මගේ මොනවද     අඩුපාඩූ
හැක් කෙරුමට තරම්, මේ මිනිහා කුඩුකේඩූ

විත්තියේ නීතීංඥයා 

පීටර් මෙතන හැදුවට වෙන්නට          සුදනා
මිනිහගෙ වෝල් එක උඩ මෙහෙමත් තිබුණා 




 අගුණවතී (විත්තිකරු 2 )

කැත්තක් අරං කපනව මං උඹේ      බාව 
ළමයි තුනයි මට ඉන්නේ තොට      දාව

සද්ද නැතුව  හිටියේ හින්දයි           ඕටී
ඉහි ඉහි දෙයියනේ අයි ෆීලින්(ග්) ගිල්ටී

මටයි දරුවොටයි යන කල    දවස
නොහිතා ගිහින් ...ඉහි ඉහි හී......

මෙහෙම ඉඳන් කවි හදන්ට බෑය     මට
යන්නේ කවදාද මවුපියො     දකින්නට
ඉහි ඉහි ..

(අගුණවතී හඬයි.විනිසුරුතුමාද කඳුළු පිසගනු පෙනේ )

කාටර් 

මම දැන ගතිමි ...මම සැක කළෙමි

නඩුකාරයා

ඕඩ ඕඩ ස්ටොප් නවු යුවර්           ෂවුට් 
වෙලාව හරි වෙන්නට දැන් සයින් අවුට්

මෙය විසඳන්න හදලා වන්     කුවෙස්චන්
ජූරියෙ මහතුන්ට යවන්න මූණු පොතෙන්


 ජූරියේ මහත්තුරු ඡන්දය ප්‍රකාශ කිරීමට මෙතනට යන්න .
නඩුවේ ඉතිරි කොටස බලන්න මෙතනින් යන්න
මෙය වාර්තා කිරීමට දුන් ගේමට සැළකීමක් වශයෙන් මොනවහරි කියලම යන්න

Share:

Oct 7, 2011

ආයෙමත් හෝම්ස් (හය ) මම ,ඔහු සහ අර පොත

"මිටින් ගත නොහැකි " ඉඟ සොළවා,ගස්සාගෙන ගෙතුළට ගියාය.නිකන්ම නොව පවිත්‍රගේ ආත්ම ගරුත්වයද සොළවා ගස්සා දමාය.
"හැහ් මේක මාර සිද්දියක්නෙ මච...අහ් නෑ ,මේක විශ්මයජනක සිද්දියක්නේ මිත්‍රයා "පවිත්‍ර  වනවිටත් "මෙගා ස්ටාර්" බැලීමට මෙන් අහළ පහළ රැස් කමින් සිටී ජනතාවගේ ඇලුම් බැලුම් නොතකා තම අප්රසාදය පිට කළේය."දවසේ හයර්" එක ගැන පවා නොතකා කට ඇරගෙන "සටන් ජවනිකාව "නරඹමින් සිටි තුන් රෝද රථ අයියාද ටූ ස්ටෝක් ඇන්ජිමට බර දී පිටව ගියේ අවසාන ගීතයත් සභා සම්මත  කරමිනි "උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩම් "
මම මේ ජීවිතයේ  අයස, නින්දා ආදී වශයෙන් තිබෙන අටලෝ දහමේ නරකම හතර විඳ ඇත්තෙමි.ඒත් මෙහෙමත් ලැජ්ජාවක් ?"ග්රීස් යක්කු " මීට වඩා අභිමානයෙන් ජනතාව ඉදිරියේ පෙනී සිටිනු මම දැක ඇත්තෙමි .
  "ප්‍රධාන  නළුවා" වහ වහා ගෙතුළට පලා ගියේය."සහය නළුවා "වන මට ඔහු අනුගමනය කොට නික්මෙනවා විනා "දී එන්ඩ් " වැටෙන තුරු රඟපෑමට වුවමනාවක් නොතිබිණි
සුළු මොහොතකින් අප දෙදෙනාම එක "කාමරයක්" තුළය .එය කාමරයක් බව මට පහදා දීමට පවිත්රට සෑහෙන්න වෙහෙසක් දරන්නට සිදුවිය ."එය" තරමටම කාමරයක ලක්ෂණ වලින් පරිපූර්ණය.
"කාමරයට "ඇතුල් වූ වහාම ඉදිරියෙන් දැක ගත හැක්කේ දැවැන්ත "කටවුට්" එකකි.මම කුමන ඇමතිතුමාද යන්න සිහිපත් කිරීමට වෙහෙස වීමි.නැත !ඇමතිවරයෙකු වීමට නොහැක .මේ හාදයා බුද්ධිමත් පාටය !.අහ්
                ෂර්ලොක් හෝම්ස් !
පවිත්‍ර  මහත් වූ භක්තියකින් එම රූපය දෙස බලා මේසය යටට රිංගා යමක් සෙවුවේය .මා සිතුවේ "කටවුට් " එකට දුම් ඇල්ලීමට සූදානම් වෙනවා කියාය .නැතමේ දුම ඇල්ලීමට නොවේ .මේසය යට තිබුණු දුම් පයිප්පය අතට ගත් පවිත් ජනේලය අසල තිබුණු හාන්සි පුටුවක් යයි අනුමාන කළ හැකි ගෘහ භාණ්ඩය මත දිගා වූයේය. දුම් ඉරීමේ "සෝබන කාර්යය " ඇරඹුවේය
"හ්ම් එකත් ඉවරයි මිත්රයා "
"ඒක නෙවේ මොකක්ද අර ගෙදරින් අයින් වෙලා මෙහාට වෙලා තනියෙන් ඉන්නවාය කියන කතාව ?"
"...මිසිස් හඩ්සන් කියපු කතාවද?"
"ම්ම්ම් මිසිස් හඩ් ..ඔව් ඔව් හඩ්සන් තමා "
"මේ ජීවිතය නිදහස් මිත්රයා.බාධාවට කිසිවෙක් නෑ .ඔබටත් හොඳ කල්පනා ශක්තියක් වුවමනානම් තනි වෙන්න!"
"ගෙදරින් කැමති උනාද?"
"කැමත්ත අකමැත්ත කෙසේ වුවත් මට අයින් වෙන්න සිදු වුනා. කැමතිද වෙනත් දෙයක් ගැන කතා කරන්න. ඔබ කුමක් සඳහා කොලඹ පැමිණියා කියලාද කිවුවේ ?"
"ප්‍රොජෙක්ට් එකනේ .ඒකට ඩොකෙක් හම්බවෙන්න .මගෙ යාලුවෙක් තමා සැට් කළේ.අද එයා හිටියෙ නෑ"
"අහා මොකක්ද ඔහුගේ නම?"
"ඩොක්ටර් වීරක්කොඩි "

" ම්ම්ම් වීරක්කොඩි .අහල පුරුදු නමක් නොවැ මිත්‍රයා  කරුණාකරලා අර පොත් රාක්කයේ පුද්ගල නාමාවලියේ "W" යටතේ "වීරක්කොඩි " කියන නම මා වෙනුවෙන් හොයලා දෙන්න වොට්ස........අහ්. නෑ..ම්.. වොට් 100 විදුලි පහනත් දල්වන්න ඔබට කළුවරයිනම්".
"මම පොත් රාක්කය අසලට ගියෙමි.පත්තර වලින් සහ නොයෙකුත් ක්රම වලින් සොයාගත් ලිපි අලවා "පුද්ගල නාමාවලිය" නමින් සෑදූ දැවැන්ත පොතක් ,පොත් රාක්කය මත තිබිණි.මම මගේ අතේ පයේ ශක්තිය ගැන සතුටු වෙමින් එම පොත අතට ගෙන පිටු දිගහැරියෙමි.

මුලින්ම පෙරළුනේ "D"අකුරෙන් පටන් ගන්නා නම් වලටය ."දිසානායක!".මහා දුර්ගන්ධයක් නාසය කිතිකැවීය !!.
අහිංසක කැරපොත්තෙක් ගඳ වපුරමින් පොත මැදම චප්ප වී මැරී  සිටිනු දැක්කෙමි.පැන්සලකින් කැරපොත්තාගේ ඔලුව ඉවත් කළ විට S අකුරකුත් , ඉතුරු ටික ඉවත් කළ විට B අකුරකුත්  දැක්කෙමි.
මම තව පිටු පෙරලුවෙමි.
R අකුරේ ලැයිස්තුව ඉවරවෙන්නට බොහෝ වේලා ගත විය. W අකුර ඉංගිරීසි හොඩියේ මොන හරියේ ස්ථානගත වී ඇත්දැයි අමතක නිසා නැවත මුලට පෙරළුවෙමි. රීදී සීනුවක හඬකින් පටන් ගෙන ,කිසිම හාවක් හූවක් සද්දයක් නැතිවන තෙක් B අකුරෙන් තිබුණු ලැයිස්තුව පෙරළුවෙමි. අමාරුවෙන් W ,වීරක්කොඩිද සොයා ගතිමි.
පත්තර වලින් කපාගත් දැන්වීම් රාශියක් එහි අලවා තිබිණි.
සොයාදෙන්න.(අහවල්) වීරක්කොඩි වන මොහු ආගිය අතක් නැත.අවසාන වරට ඇඳ සිටියේ..............පවුලේ එකම පුතු ,කොළඹින් ඉඩමක් හිමි වරදට සමාව දෙන ............(අහවලා) ව ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කළ විනිසුරු (අහවල් ) වීරක්කොඩි නොදොස් කොට නිදහස්..........

කිසිම දොස්තරයෙක් නැත.මොළය අවුල් විය.
"හැබෑට මොකක්ද මේකෙ තේරුම?"
"හෝම්ස් ගාවත් මෙහෙම පොතක් තිබුණා මිත්‍රයා.ඒක බොහොම ප්‍රයෝජනවත් . මේ ලෝකේ සිද්ද වෙන බොහොමයක් සිද්ධීන් අතර බොහොම සමීප සම්බන්ධයක් තිබෙනවා.එකම මිනීමරුවෙක් ඝාතන ගණනාවක් එක දිගට සිදු කරනවායි සිතමු.අපිට එක ඝාතනයක තොරතුරු ලැබෙනවා.අපි මේ පොත පරීක්ෂා කරනවා.අපිට පෙනෙනවා මිත්‍රයා මීට පෙරත් එවැනිම දෙයක් සිදුවී තිබෙන වග.සාක්ෂි වැඩි වෙනවා.අපරාධකරුවා සොයා යාම පහසු වෙනවා"
නැවතත් මොළය අවුල් විය.යකෙක් බැඳගෙන ඌව හීලෑ කරගෙනම තියා ගැනීමටනම් දිගට හරහට වැඩ පැවරිය යුතුය.
මම කතා කළෙමි.
"හරි මෙහෙම හිතමු .පක්ෂය දෙකඩ වෙයි වගේ නිවුස් එකක් ආරංචි උනොත් මේ පොත යූස් කරන්නේ කොහොමද?"
"හහ් හහ් සුළු දෙයක්නේ මිත්‍රයා.මෙහෙම පොත ගන්නවා අතට"
පවිත්‍ර පොතේ මුල සිට වේගයෙන් පෙරළ පෙරළා ලිපි එකින් එක කියවන්නට පටන් ගත්තේය.
"ආ මේ තියෙන්නේ එකක්"
එච්චරද?"
"නෑ නෑ මෙන්න තව"
"ඔහෝ"
"ආ මේං ..තවත් ...මෙන්න තව එකක් ...අහ් මේ පක්ෂෙත් එහෙමයි.......මෙන්න තව එකක් ....මේක අවුරුදු ගානකට කලින්...අහ් තවත් එක්ක....තව ..තව...."
ඉර බැස යාමටද ආසන්නය.
"මචන්...තව වෙලා යයි නේද?රුපියල් 100 විතර තියෙයිද දන්නේ නෑ?හෙට දෙන්නම්"

 ඉවරයි .කොමෙන්ට් එකක් දැමුවාටත් ඡන්දය (මේ page එකේ උඩටම යන්න ) ප්‍රකාශ කළාටත් ස්තූතියි.

ප.ලි :ආයෙමත් හෝම්ස් සංරක්ෂිත ලේඛන
…    ආයෙමත් හෝම්ස් (එක )(දෙක )(තුන )(හතර )(පහ )

Share: