Skip to main content

Posts

Showing posts from November, 2011

උසාවියේ ඊළඟ දවස (ලංකාණ්ඩුව මූණුපොත නඩු භාන්ඩයක් බවට පිළිගත් පසු )

මෙන්න උසාවියේ දෙවෙනි දවස.ඉස්සෙල්ලා මුලින් උනේ මොකෑ කියල බලන එක හොඳ නිසා මෙතනට ගිහින් එන්න. පැමිණිල්ලේ නීතීංඥයා වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ කරුමයකටද මං ලෝය(ර්) කෙනෙක් උනේ ඉඩං කඩං පවුල් ප්‍රශ්න තොග  ගණනේ  බේරනු බෑ මගෙ ඩොන්ගල් එක ස්ලෝනේ නඩුකාරයා නවතාලා දැන් ඔය මල  ඇඬියාව පෙන්නනු හොදයි දැන් ඔබලගෙ කෙරුවාව පැමිණිල්ලේ නීතීංඥයා මූණුපොත වගේ උන්  පීටර් ,    අගුණවතී වලිවල පැටලිලා දැන් විරසක වීල ඇති මූණ ඤොරොක් , පොතෙනුත් දැන් පිටු කැඩෙති කාටර් තමා වයිරස් එක සැම  දනිති නඩුකාරයා සැකය නොහොබි මෙලෙසින් ඔබ අනිවරතේ නරක කලදි හොඳ එකවුන්ට් ෆේක් වෙතේ සල්ලි මිටි ගනන් ලෝයර්ලට මාරු වෙතේ පූල් ගසන්නත් හිඟා කන්න වෙයි මහිතේ විත්තියේ නීතීංඥයා අගුණවතී , කාටර්  මගෙ  දායකයෝ ප්‍රශ්නය හොඳින් විසදන්නට සිත් ඇතියෝ දරඳඩු පීටරය හා මොකවත් බැරියෝ එඩිට් කරල ස්ටේටස් බලාපියෝ පැමිණිල්ලේ නීතීංඥයා ආහා  ඔබත් දැන් සයිලන්ස් වෙනව හොඳයි කාටර් ගැන කීමට මට කරුණු ගොඩයි තිබේ සාක්කිත් ජී.බී (GB) විසි හතරයි මෙන්න එකක් ඇස් ඇරලා බලනු හොඳයි පීටර

මගේ නිවන මට දුන්නේ මූණුපොතයි

වැවයි දාගැබයි තව පංසලයි             ගමයි මොනිටර් කී බෝඩ් එක්කල          මූෂිකයයි ෆොටෝ ටැගයි ස්ටේටස් සමඟ          චැටුයි මගේ නිවන මට දුන්නේ           මූණුපොතයි                                                     ආදර ගඟේ   පැද හබලක් නැති                   පාරූ " ලොවෙත් " කෙල්ලො චැට් එකේදි        කයිවාරූ දැකලත් නැති එවුං සැට් කර එකතු            කෙරූ   " මාක් සූකර් " ද කවුද උඹනං               මරේ මරූ                                                                                                     ඇඟ පත තලා වැඩ කෙරුවට වාගෙ          කඩී තේරුමක්ම නෑ , බෝරින් ( ග් ) ෆීල්ඩ්         පැඩී වෙන වියදමට ලාබය හෙම බොහොම     වැඩී මඩේ නොලැග වගා කොරමු         " බාන් බඩී "                                                             කැවුම් මූණ ගැන සංකා ඇති        නොකොට  මූණුපොතේ ගිණුමක් ගෙන මේ          ලෙසට                                     

ආයෙමත් හෝම්ස් (හත ) -ඔහු මම සහ දොස්තර වීරක්කොඩි

මම sms එකක් යැවීමටවත් සත 5ක් නැති දුරකතනය සාක්කුවෙන් එළියට ගත්තෙමි.දැන් එහි බට්ටි කරදර නොකරන නිසා වෙලාව බලා ගැනීමට බාධාවක් නැත.හත්තිලවුවය ! 11.30 "හරියටම 10.30 ට විනාඩියක් අඩුවෙනුත් නෙවේ , වැඩියෙනුත් නෙවේ " එවේලේම සිහියට නැඟුනු දොස්තර වීරක්කොඩිගේ මධුර ස්වරයෙන් කර්ණ ශංඛය කිළිපොලා ගියේය ඔව්.මම මගේ ව්‍යාපෘතියට "බකප් " එකක් ලබාගැනීම සඳහා දොස්තර වීරක්කොඩි මුණගැසීමට දැරූ දෙවන උත්සාහය සාර්ථක විය . (සටහන : මෙම කතාව උපන්තේකට කියවා නැති පිරිස අතරේ  ඔබත් සිටීනම් , මේ වනවිටත් ක්ලෝස් බටනය ක්ලික් කිරීමට ඔබ සිත පහදාගෙන සිටිනවා විය හැක .එසේ කිරීම ඔබට හොඳය.නැත්නම් පරණ එපිසෝඩ් 6ම කියවීමට සිදුවේ ) උදේ පාන්දරම දොස්තර මහතාගේ ගෘහස්ත දුරකථනයට (මනුස්ස බාසාවෙන් , ලෑන්ඩ් ෆෝන් එකට ) කරදර කළෙමි."අනිත් පැත්තෙන් ඇසුනු සිංහල හාෂාවේ ජනප්‍රියම වචනය වන "හලෝ" එකට වෙලාවේ හැටියට උපරිම සම්පත් පරිභෝජනය කරමින් හොඳම ප්‍රශ්නයක් ඇසීමි "සර් , සර් දැන් ගෙදරද ඉන්නේ ?" පිළිතුරක් නැත .. "නිශ්ශබ්දතාවය යනු හොඳම කෑගැසීම " බව කවුද හාදයෙක් කියනවා මට ඇසී තිබේ .මම ඒ කෑග