මීට කලින් දරන ලද සොඳුරු උත්සාහයන්
ආච්චිට " Z අකුර" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක්
ආච්චිට අළුත් අවුරුද්ද ගැන කියාදීමට සොඳුරු උත්සාහයක් !
ආචිචිට කැම්පස් එක ගැන කියාදීමට සොඳුරු උත්සාහයක්
"අනේ ආච්චියේ....ඔක්කොම හරි ආච්චියේ ..අනේ යන්න දෙන්න ආච්චියේ"දර්පණා ප්‍රතිබිම්බා කොළ කැබැල්ලක් ආච්චිට පෙන්වමින් විරූපාකාර නැටුමක් පෑවාය.
දර්පණාගේ අතින් උදුරා ගත් කොළය ඉදිරියෙන් අල්ලාගෙන ඇසේ නාභි දුර සීරුමාරු කිරීමට උත්සහ කර එය අසාර්ථක වී අපේක්ෂා භංගත්වයට පත්වූ ආච්චි,
''හනේද කියන්නෙ ඇහැකට වැදිල තියෙන හෙනේක හැටි..මේ උක්කුං පුතේ මේං මේකෙ ලියලා තියෙන්නේ මොකක්ද කියලා මටත් ඇහෙන්ඩ කියෝපංකො''යි කියමින් මට වැඩේ බාර දුන්නාය
"කුමක් හෝ හේතුවකට ආච්චි බැලීමට යාම" යන ක්‍රියාවේ ප්‍රතික්‍රියාව "ආච්චි මා ලවා කුමක් හෝ වැඩක් කරවාගැනීමය."
පොල් ගස් යෑම,ලැට් වලවල් කැපීම,බිත්තිවල හුණු ගෑම වැනි ක්‍රියාවන්ගෙන් ප්‍රතිපත්තිමය තීරණයක් නිසාවෙන් වැළකී සිටින නිසාත් (බැරි නිසා නොවේය ) මෙවැනි සුළු වැඩක් හෝ කරදීම යුතුකමක් වන නිසාත්,ආච්චි අතේ තිබුණු කොළ කැබැල්ල මා අතට ගත්තේ කුලපතිතුමා[1] අතින් උපාධි සහතිකය[2] ගත්තාටත් වඩා ආඩම්බරයෙනි.
"තුම්සේ ප්යාර් කර්තා සාලේ කුත්තේ ..ඕ ඩී සී විනෝද බද්ද වෙනත් අය කිරීම් හා බදු ඇතුළුව නිකුත් කළ දර්ශනයට පමණක් වළංගුය.රුපියල් දෙසීය පණහයි...1088 අවිචාර සිනමා,මලපැන්න .......අබලන් ප්‍රින්ටර්ස්...."
මම මුල සිට අගටම අඛණ්ඩව කොළය කියවා ආච්චිගේ මුහුණ දෙස බැලුවෙමි.ඒ මුහුණේ කළකිරීමක් සහ මඳ කෝපයක් පින්තාරු වී තිබිණි.මට ඊට හේතුව වහා පැහැදිලි විය.අවුරුදු 25ක් ගෙවිලත් මට ඉංග්‍රීසි අකුරක් කියවා ගත නොහැකියැයි ඈ සිතමින් සිටී
."ඩිස් ටික්කෙට්
ඊස් වලිඩ් ඔන්ලි ෆොර් ද සෝ ඔෆ් ......"ආච්චි මගේ චතුර ඉංග්‍රීසි කථනය වසා
දැමුවේ අප අයි.ටී.එන් නිවුස් වහනවාටත් වඩා වේගයෙනි
"බොල මේ බයිස්කෝප් ටිකැට්
එකක් නේද ?ඇයි උඹ
ඉගෙනගෙන ඉවරද බයිස්කෝප් බලන්ඩ?"
''ඉගෙනගන්නවා කියන්නේ මොකක්ද ආච්චි"දර්පණාගේ මුහුණේ
විශ්මයාර්දී ලකුණක් (!) මතුවිය.
"මොකක් හරි ඔය දහ ජරාව බලන්ඩ යන්නනම් මම
දෙන්නෙ නෑ නෑමයි"
"මම විරුද්ධයි ස්වාමී..නෑ ආච්චි..."මම එකහෙළාම
කියා සිටියෙමි.
"හින්දි චිත්‍රපටිය
වනාහී හුදෙක් රසිකයා පිනවන මාධ්‍යයක් නොව එය ප්‍රේක්ෂක රසංඥතාවයන්හී හිනිපෙත්තෙහි වැජඹෙන්නා වූද,ආනන්දයෙන් ප්‍රර්ක්..."සාමාන්‍යයෙන්
තිබිය යුතු ස්ථානයෙන් වෙනත් ස්ථානයකට සංක්‍රමනය වූ හක්ක යථා තත්වයට පත් කිරීමට
දර්පණා මෙනෙවිය අත දිග හැර ගැසූ කම්මුල් පාරට ඈ වෙනුවෙන් කතා කිරීම නිසා හිතේ
ඇතිවූ ප්‍රීතියද කළවම් වී තිබිණි.
ගින්නෙන් නැගිටින පීනික්ස් පක්සියෙක් මෙන් මම
නැවත මගේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීම ආරම්භ කළේ පුපුරු ගහන කම්මුලද විහින්ම පිරිමැද
ගනිමිනි."ආච්චි,හින්දි චිත්‍රපටි
කියන්නේ හෙළ සභ්‍යත්වය ,සංස්කෘතියෙන්
අපගමනය වන්නා වූ ප්‍රපංචයක් නොව සමාජ සත්වයෙක් වශයෙන් මනුශ්‍යයාට ස්වකීය
පාරිශුද්ධීය පැවැත්ම රැකගනු වස් භාවිත කළ හැකි සාරධර්ම වගාවට එරෙහි වන්නා වූ
කෘමීන් එක තැන වනසා ලිය හැක්කා වූ...."
"හැක් හැක් ඒවා කොහෙද මාත් එක්ක..
අපේ වගාව වනසන කෘමීන්ට මෙදා පොටේ ගහන්නේ
"හුටාස් නයින් පොයින්ට් සෙවන්" ත්‍රිකෝණයකාර නාන ඇඳුමක් පැළඳගෙන ,උදැල්ලත් කරේ තබාගෙන
එතැනට පැමිණි සීයා අනුග්‍රාහක බවතාගේ කාරිය ඉෂ්ඨ කොට පිටව ගියේය.
"ඉතින් පුතේ
ඔය ඔක්කොම ඔවෑන් කරන්නෙ කොහොමද?"
"අන්න ඒකනෙ ආච්චි කියන්නේ..විස්වකර්ම...විස්වකර්ම...නෝමල්
හින්දි පිල්ම් එකක ඉන්නවා... හීනියට පොද ගහන වැස්සේ හීතල හුළඟෙන් පෙඟි පෙඟි,
ලස්සන ලස්සන නිල් පාට ,රතු පාට සෝස පාට මල්
ගහක් යට ......."දර්පණාගේ මුහුණේ මේකප් එක පසාරු කරගෙන ප්‍රේමය ගලන්නට
විය.
"මල් ගහක් යට එකට තුරුළු වෙලා "......ෂාආආආ
"එක පොදියට නළියන
හැකැරැල්ලො දෙන්නෙක් වගේ....."...චටාස්....ඒ කම්මුල් පාර
ආච්චිගෙනි.
"හරි...ඔහොම කපල් එකක් ඉන්නවා..ඒ ඇරුණාම දුස්ටයොත් ඉන්නවා.ඒගොල්ලො
කරන්නෙ නරක වැඩ.හොරෙන් කුරුම්බ කඩනවා,සල්ලිවලට බූරුව ගහනවා ඒ වගේ..."
දර්පණා මයික්‍රෆෝනය
අතට ගත්තාය."අර ගෑනු ළමයයි පිරිමි ළමයයි ප්‍රේමයෙන් වෙළි වෙළි ඉන්නවා.දුස්ට
එක්කෙනා ඒගොල්ලො සන්තෝසෙන් ඉන්නව දකින්න කැමති නෑ.කොච්චරවාත් වලි දානවා..ඩිසුම්
ඩිසුම් ..ගාලා වෙඩි තියනවා..දඩස් බඩස් ගාලා ගෙවල් කුඩු කරනවා..චටස් පටස් ගාලා ගුටි
බැට දීගන්නවා" දර්පණා ඇගේ කතාවට යතාර්ථය මුසු කරනු පිණිස "චටාස්"
හඬින් තුන්වෙනි කම්මුල් පාරත් මට පරිත්‍යාග කළාය.
"ඉතින් පුතේ අර
ජෝඩුවට සැනසිල්ලක් නැතුව ඇතිනෙ?"
"ඒක නේන්නං..ජෝඩුවට විතරක්යැ ආච්චි හැමෝටම
එකයි.කුඩු විකුණනවා,ගෑණු අනාත
කරනවා..ලොක්කොත් හොඳට සපෝට්...හැමතැනම බීසනය""මේ ඔක්කොම සුන්නදූලි කරලා
දාන්න කොල්ලා තමයි ඉස්සරහට එන්නේ"
"ඕන්න එකෙක් නැති වෙන්න සුන් කරල
දැම්මා'' එවිටම සීයා
ගෙට ඇතුල් වූයේය.
"ඊට පස්සෙ දුස්ටයා කොල්ලා ඉවර කරන්න තමා ට්‍රයි එක...කෙල්ලව
උස්සනවා.බ්ලැක්මේල් කරනවා...රී සයිකල් කරනවා..හැම තිස්සෙම කොල්ල නවත්තන්න
හදන්නෙ"
"කිරි අප්පුච්චියේ පුතේ ඉතින් ඉතින්?"සීයාට කතාවේ අගක් මුලක්
නොතේරුනත් ප්‍රශ්නයක් ඇසීමට සිත් වී ඇත."ඔය අපේ සාගතසිංහගේ කෙල්ල ගැන නේද
කියන්නේ?"
"කොච්චර බයානක
දේවල් තිබ්බත් අතරමඟ හොඳට ජෝකුත් තියෙනවා..ඒ ජෝක් තියෙන හින්දා තමා බලන ඈයින්ට
දුස්ටයගෙ දුස්ටකං අමතක වෙලා යන්නේ" දර්පණා කතාව නැවැත්තුවේ නැත.
ඉන්පසු මම ඩියුටිය බාර ගතිමි.
"දුස්ටයගෙ දුස්ටකං දරා ගන්න බැරි තැන කොල්ලා ගේමට බැස්සනේ..ඊට පස්සෙ ආයෙත් වලි.කොල්ලා ගුටි කන විදියට හිතෙන්නෙ ඌ ඉතුරු වෙන එකක් නෑ කියලා.ඒත් ආයෙ නැගිටල දුස්ටයට නෙළනවා..නෙළලා නෙළලා පැත්තකින් අඩුක් කරල එහෙම කිඩ්නැප් කරපු කෙල්ලවත් ගලවගෙන ඒකි ළඟට හීන් සීරුවෙ ළං වෙනවා.කෙල්ලගෙ ඇස් බාගෙට පියවෙනවා..කොල්ලගෙ කකුල් දෙක වෙවුලන්න ගන්නවා.."මම දර්පණාට ළං වුනෙමි.
"ඒ පාර මොකද උඹල දෙන්නා"
"ආආආන්න එතකොට"මම ජය ඝෝෂාවක් නැගුවෙමි.
"බිම වැටිල හිටපු දුස්ටයා නැගිටිනවා..ඉස්සරහට පනිද්දිම දුස්ටයාට කුඩු වෙන්ඩ වෙඩි තියනවා"
"කොල්ලා?" ඒ ආච්චිය.
"කෙල්ල?" සීයා
"නෑ ..නෑ මුලින් මේ ප්‍රේම සම්බන්ධෙට විරුද්ද වෙච්ච කෙල්ලගේ අයියා.."දර්පණා
"කොහෙනද බොල අයියෙක් ගැවුනේ ඒ පාර?"
"අන්න ඒක තමා ආච්චි හින්දි පිල්ම් වල තියෙන විසේසත්වෙ..ඊළඟට මොකක් වෙන්වද දන්නේ නෑ.කුතුහලය"
ආච්චි කතා කළාය."අනේ මන්ද මගේ ඔළුවත් විකාර වෙලා..බීසනයයි,දුස්ටයයි,කුතුහලයයි,කොල්ලයි" ඉන්පසු ටික වෙලාවක් කල්පනා කළාය.ආච්චිගේ මෙවැනි නිශ්ශබ්දතා ඉතා භයානකය.
"ඒක නෙවේ අපරාදෙනෙ දර්පණා දුවේ උඹ ඔච්චර ගෙවලා ටිකැට් එකක් ගත්තෙ..හවසට ටී.වී එකේ ප්‍රවුර්ති බැලුවනම් ඉවරනෙ"
නැත කතාව භයානක නැත.මෝඩ කතාවකි.
"ලංකාවම හින්දි චිත්තරපටියක් වගේ තමා බන්...ඔක්කෝම ඉන්නවා.කොල්ලා තමා හොයාගන්න නැත්තේ"
~නිමි~
[1] කුලපතිතුමා -"විශ්ව විද්‍යාල" නමින් පෙර දවස හැඳින්වූ ආයතනවල මුල තනතුර හෙබවූ පුද්ගලයායි.
[2] උපාධි සහතිකය"විශ්ව විද්‍යාල" නමින් පෙර දවස හැඳින්වූ ආයතනයක් මඟින් ,යම් විෂයය ක්ෂෙත්‍රයක පරිසාදනයෙහිලා,යම් ශිෂ්‍යයෙකු වෙත පිරිනමනු ලබන ලියවිල්ලකි.
නියමයි ගැටයො.. උඹේ නිර්මාණශීලිත්වය හරි ඉහලයි..
ReplyDeleteඔබගේ කියුම් සිත් සතොසින් පිළිගතිමි සෙන්නා
Deleteජය හෝ
මරු අහ්.. හැමදාම ආච්චිට තේරුම් කර කර හිටු. අපිට නොතේරෙන දේවල් ඒ ඇත්තිට තේරෙයිද බං ?
ReplyDeleteමේ.. මට නම් නිවුස් තමා බං ආතල්ම !
ඒක තමා බොලන් කාලෙකින් නිවුස් "ඇහුණා" මටත්
Deleteආච්චිට එහෙම කියන්ඩ එපා බන්.ඒ ඇත්තිට අපිට වඩා ගොඩක් දේවල් තේරෙනවා.
නියමයි ගැටයො....
ReplyDeleteආවාට කීවාට තුති (අඩේ නරුමයා කියලා අත දිග ඇරලා ටයිප් කරන්න මොකක්ද වගේ ) නරු.
Deleteමේ ආච්චි ගැන තියන කතා සෙට් එක කියවන කොට මට මතක් වුනේ චන්ද්‍ර අනගිරත්න මහත්තයාගෙ නරලොව හොල්මන් පොතේ තියන ආච්චිට සිංහල උගන්නන්න ගියපු කතාව. හොඳ නිර්මාණ හැකියාවක්, දිගටම ලියන්න.
ReplyDeleteචන්ද්‍ර අනගිරත්න මහත්තයාගේ 'නරලොව හොල්මන් " කියවලා තියෙනවා. එතුමාගේ කතාවල ආභාෂයත් ලැබිලා තියෙනවා කියලා මටත් හිතෙනවා මේවා ලියද්දි..
Deleteතුති
සහෝ අපූරුයි ඔබේ නිර්මාණශිලිත්වය!
ReplyDeleteස්තූති වේවා අගය කිරීමට හිරුහිමාවි :)
Deleteඋබේ ඉතිං නිර්මාණශීලිත්වය උපරිමයිනේ ඒ ගැන ආයේ කියන්න දෙයක් නැහැ.. අනිත් හැම කතාවක්ම වගේම මේකත් උපරිමයි...
ReplyDeleteජය __
හැමදාම වගේ උදේ පාන්දරම වැටෙන උඹේ කොමෙන්ටුවත් ගොඩක් වටිනවා මචෝ
Deleteතුති
මාරයි... ඇත්තම කිව්වොත් බර වචන බාගයක්ම තේරුනේ නෑ..... ඔය බර වචන ටික ලියන්න දීලා තියෙන ට්‍රයි එකම මාරයිනේ........ හි හි...
ReplyDeleteඅපූරැ නිර්මාණශීලීත්වයක්........
මාත් ඇත්තම කියන්නද?
Deleteමාත් ඔය වචන දන්නේ නෑ..පිස්සු නේහ්
තුති වේවා!! ජය වේවා
නියමයි ගැටයා.. වෙනස් කතාවක් වෙනස්ම විදිහකට ඉදිරිපත් කරන්න පුළුවන් ඔයාට.. ජය වේවා..
ReplyDeleteහැමදාම වගේ එන අගය කිරීමට ගොඩක් ස්තූතියි රෙඩ් :)
Deleteජය වේවා!
නියමයි.මං ලිපිය කියවගෙන එද්දි කමෙන්ට් කරන්න කියලා හිතාගෙන හිටපු ඒවා කට්ටිය කමෙන්ට් කරලා.ඒ නිසා. ජය වේවා කියන්නම් !
ReplyDeleteහප්පා ඒ ටික හොඳටම ඇති ධම්මික මචෝ
Deleteතුති!
ජය වේවා!
සහෝදරයා ඔබේ පරිකල්පන හැකියාව, උත්ප්‍රාසය මතු කිරීම, උත්කෘෂ්ඨ උපමා කැහ් කැහ්.. මම මේ කියන්න හැදුවෙ පෝස්ට් එක නම් ටොපේ ටොප් කියලා. සේරටම හපන් අන්තිමට දාලා තියෙන සයිටේෂන් දෙක දැක්කම මට හිනාව ඉස්පොල්ලෙ ගියා.
ReplyDeleteඅනේ හක්කනම් පන්නගන්න එපා..
Deleteස්තූතියි
මොකක්?
ඒක දැක්කෙ අන්තිමටද?
ඉන්දියා ලොකු අයියගෙ පොඩි නංගිනෙ ලංකාව. උඹලා මේ ඉරිසියාවට කියන කතා!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඒකත් ඔව් නේද
Deleteහරි හුරතල් කෙළි පොඩ්ඩ
අයියගේ අඩි පාරෙ තමා වැරදි වැරදි හරි
අම්මෝ ඇති ඔයින් ගියා....
ReplyDeleteහික්
Deleteඇයි මෙතනින් එහාටත් මොනවහරි වෙන්න පුලුවන්දෑ?