මතු කොන්පියුස් වීම වළකනු පිණිස ප්‍රථමයෙන් උඹ නටද්දී පපුවේ කරකැවෙන ගිනිබෝල කියවන්න
අද තදට පායනවා කියා රේඩියෝ එකේ කාලගුණ මහත්තයා කිව්වෑයිං පස්සේ කුඩේකුත් අරන් එළියට බැස්ස මට ,මගදි අහු වෙච්චි මහ වැස්සේම අකුණක් වැදුනේ නැත්තේ ඇයි කියා හිතුනේ හන්දියෙදි කකුල් දෙක ළඟට ගහගෙන ආපු උඹගේ මල්ලිලාගෙ කඩදහි බෝට්ටුවක් අහුළගෙන ඒ මේ අත පෙරල පෙරල බලද්දියි.
උඹලෑ මල්ලිලා බෝට්ටු බඳේ TITANIC කියලා ලියලා තිබුන අකුරු ඇරුණාම තවත් අකුරු රාසියක් දැක්ක තැන ඒවා අමාරුවෙන් හරි කියවගත්ත හින්දායි ඒ.
උඹ කඩේ කැසියර් කූඩුවෙ ඉන්නකොට සනීප නැද්දැයි කියලවත් අහයි කියලා ගාමිනී ෆොන්සේකා මහත්තය මගේ දිව ඇදලා අරගෙන කඩේ වතුර රත් කරන සෝ කේස් එහෙක අඩුක් කරල තියෙන .TITANIC. මයෙ කාමරේ තියෙනවා
ඒ හැටි පෙනුමක් නැති,ඒ හැටි සල්ලි බාගෙත් නැති අර අවලං මන්තිරිය පස්සෙ යන්න ඕන නෑ එතකොට.
හිකි හිකියත් එක්ක කිචි බිච්චියත් එක්ක අර දුඹුරු පාට බලු තඩියා පෙරහැර බලලා ගහෙන් බැහැලා පැටලිලා වැටුන නංගියේ රුවිතෙට...
වතුරට පෙඟිලා තිබුණත් රටාවට නවාපු කොළේ කියෝගන්න වැඩි වෙලා ගියේ නෑ..
අනුමාන කරන්න ඒ හැටි දස්ස නොඋනත් මේ බෝට්ටුව ඇරුනාම තවත් බෝට්ටු දෙකක අහළ පහළක තියෙන්ඩ ඕනෙය කියා කරපු අනුමානය හරියටම හරිගියේ මම උඹට එවුව ලියුමේ කොළ තුනක් තිබ්බ බව සිහි උන නිසාය
මගේ අතින් ලියවිලා ,ලහිපිට අතිරේකය ඇතුළේ හැංගිලා උඹේ අතට ගිය මගේ ලියමන හත් අට වාරයක් නැවිලා මේ විදියට සැඩ පාරක ගහගෙන යනවා දකිද්දි මයෙ මෝඩ හිත ඇතුලෙන් පටං අරන් නහර වැල් දිගේ ඇඟ පුරාම ගහගෙන ගිය සැඩ පාරේ වේදනාව උඹ දන්නවානම් !
ටිකක් දුර ඉස්සරහට එද්දි පෙනිච්චි නගාලගෙ කඩේ ඉස්සරහ සෙනග පිරිලා උන්නා.ඒ වැස්සට කුඩයක් නැතිව එළියට බැහැලා දැන් යන එනමක් නැතුව ඉන්න ඈයො මිසක් බඩු ගන්න ආපු උදවිය නෙවේ.උන්ට කඩේ මතක් වෙන්නේ වැස්සක් වෙලාවට විතරක් උනත් මට එහෙම නොවෙන හින්දාද මන්දා කකුල් දෙක මගේ ශරීරයෙන් වෙන් වෙලා ඒ පැත්තටම ඇදිලා ගියා.කකුල් දෙකට ඌට ඕනෑ හැටියකට නටන්න දුන්නත් කටට ඒ අවස්ථාව ලබා නොදෙන්ඩ අධිස්ඨාන කරගත්තේ,කට වැරදීමකින් මී පාසානං නැත්නම් කඹයක්වත් ඉල්ලුවොත් උඹ ඒක දෙන්නත් හපනි කියලා මට හිතිච්චි නිසයි..
කැෂියර් කූඩුවේ නෙවෙයි උඹ හිටියේ කඩේ රාක්කයක් ගාව අනිත් පැත්තට හැරිලා.කිසිම හේතුවකුත් නැතුවම වගේ ආපහු මේ පැත්තටම හැරුණ.ඒත් උඹ මාව දැක්කේ නෑ.මම උඹව හොඳට බලාගත්තා.උඹේ ඇස් දෙක එහෙම්මමයි තාමත්,කොච්චර නපුරු පාටක් ගන්න හැදුවත් හංගන්න බැරි ගොඩක් දෙවල් එළියට පනින්න දඟලන.
අර පිටු තුන නැවිලා බෝට්ටු බවට පෙරලෙන්න කලින් උඹේ ඔළුව ඇතුළේ පෙරලියක් කරපු වග මම දන්නවා.ඒ වගේම බෝට්ටු හැදෙන්නත් උඹේ සම්බන්දයක් නැති වගත් මම දන්නවා
ඒත් දවසක අපි දෙන්නම් එකතු වෙලා ලොකු බෝට්ටුවක් හදමු හොඳට ඉඩ කඩ තියෙන ,බඳේ අකුරු වෙනුවට ලස්සන පාටවලින් පින්තාරු වෙච්ච.හබල් නැත්නම් අපි ගමු ලොකු හැඳි දෙකක්.මේ හෙණ ගහන ,ඇඟ කිළිපොලන කටුක වැස්ස ටිකකින් නවතියි..ඊට පස්සේ හොඳ කාලයක්,හොඳ අව්ව..ඩිංගෙන් ඩිංග බහින වතුරේ උඹයි ,මායි ,පාට ඔරුවයි...වතුර ගහගෙන යන පැත්තටම ගියත් ,යන්න ඕන පාරට දාගමු මහන්සියෙන් හරි ..යනින් ගමන් අපි නවත්තනවා ගොවි ජන සේවා මධ්‍යස්ථානය ළඟ..උඹව ඩිංගකට බෝට්ටුවේ තියලා මම ගිහින් ගේනවා ගෝවා පැළ තිහක් හතළිහක්..මළා..කඩේ ලෑලි ටික වැහුවෙ නෑ නේද?මම නගාව ඇරලවලා එන්නම්,හැබැයි මට ආපහු යන්න ඕනෙ බෝට්ටුවෙම
කොහාටද?
පුත්තලමට
ඒ මොකටද?
මේ ගෝවා පැළ ටික හිටවන්න
ගෝවා?පුත්තලමේ?
හ්ම්ම්ම් ..මේවා හොඳට පැළවෙනවා,සරුසාරෙට,උඹේ ගෙටත් වඩා උස ගෝවා ගෙඩි..ඒ මොකෝ දන්නවද?
නෑනේ
උඹ අහලා තියෙනවද කතාවක් "අස්ථීර ලෝකය තුළ ස්ථීර ප්‍රේමයක් සෙවිය හැකිනම් පුත්තලමේද ගෝවා වගා කළ හැකිය " කියලා?
මං ආපහු කුඩය ඉහලගෙන පාරට බැස්සා..

කඩේ හිටිය උන් මයෙ දිහා බැලුවේ හරියට විපක්ෂ නායකතුමා දිහා බලන්නා වගේ,මට පෙනිච්චි හැටිද මන්දා.ඒ උනාට උන් හිටියේ හරියට නගාගේ මල්ලිලා යවපු බෝට්ටු ගැන සූරියප්පෙරුම මහත්තයා දොරමඩලාවේ කතා කරනවා ටී වී එකෙන් බලපු ඈයින් ව්දියට
"බලන්ඩ හසන්ත මහත්තයෝ,දැන් කොම්පියුටර් ඇතුළේ හිරවෙච්චි ළමා මොළ ඒ කාලේ ගෙවුනේ මේ වගේ සරල දෙවල් එක්ක.(එක බෝට්ටුවක් කැමරාවට පෙන්නයි ) මේක මට අහුලගන්ඩ ලැබුණේ පාරක් අයිනේ තිබිලා.බලන්ඩ මේකේ උඩ ලියලා තියෙන දෙවල්
" අර දුඹුරු පාට බලු තඩියා පෙරහැර බලලා ගහෙන් බැහැලා පැටලිලා වැටුන නංගියේ රුවිතෙට..."
කොච්චර සුන්දර ළමා මනෝභාවයන්ද?බලන්න දුඹුරු පාට බල්ලෙක් එනවා කොහෙ ඉඳන්ද ,ගහෙන් බැහැලා..අපේ බණ පොත්වලත් තියනවා ගස් වලින් බැහැලා ආපු දෙවතාවෝ ගැන ..බලන්න නංගියේ ඌ පැටලිලා වැටුණා"